එකක් නෙවෙයි දෙකම නිකන් දුන්නත් එපා LG නම්

අබාන්ස් කස්ටමර් සපෝර්ට් අන්තිමයි. දන්න එකෙක්ට ගන්න දෙන්න එපා. සිංගර් එකෙන් ගනින්. උන්ගේ after sale service එක පට්ට.

ඇයි මොකෝ අවුල?LG ෆෝන්ස් samsung වගේ පුපුරන්නේ නැහැ හැබැයි![]()
ai machan?
අපෝ බං මම LG V20 එකක් ගත්තා දැනට මාස 6 කට කලින්.දැන් ඒකෙ ලෙඩක් ඇවිත්.ඔටෝ touch වෙනවා ෆෝන් එක on කරහම.වෙන රටකින් ගත්ත නිසා දැන් වොරන්ටිත් නැහැ.මහ ජරා ෆෝන්ස් LG කාරයෝ හදන්නේ.මම නෙට් එකේ බැලුවා සමහරක් අයට මේ ලෙඩේ ඇවිත්.උන් කියන්නේ hardware අවුලක්ලු.factory reset කරාට වැඩක් නැහැ.මාත් දෙපාරක්ම කරා.තාම ලෙඩේ තියෙනවා.LG කාරයොන්ගේ G4,G5 වල bootloop ලෙඩේ.මිනිස්සු ඒකට නඩුත් දාලා තියෙන්නේ.G6 ෆෝන් එක මිනිස්සු ගන්න බයයි ඒ සීන් එක නිසා.ඒක නිසා උන් G6 එකේ ගාණත් අඩු කරලා $410 කට...මීට පස්සේ නම් මේ ජරා බ්‍රෑන්ඩ් එක ගන්නේ නැහැ.උබලත් කොච්චර අඩුවට දෙනවා කිව්වත් LG ජරාවනම් ගන්න එපා.අඩු ගානේ අවුරුද්දක්වත් use කරන්න බැරි ෆෝන් එකකින් ඇති වැඩේ මොකක්ද.මමත් මේක හදලා කාට හරි විකුනලා දානවා.මීට වඩා හොදයි චීන ෆෝන්ස්.
මේ තියෙන්නේ LG self touch mode feature එක.වොෂින් මැෂින්,ෆ්‍රිජ් හදන උන් ෆෝන් හදන්න ගත්තම ඔහොම තමා.
![]()





අබාන්ස් කස්ටමර් සපෝර්ට් අන්තිමයි. දන්න එකෙක්ට ගන්න දෙන්න එපා. සිංගර් එකෙන් ගනින්. උන්ගේ after sale service එක පට්ට.




LG වල අනිත් ලෙඩ නම් දන්නේ නැහැ
කැමරා කොලිටි එක නම් අප්සෙට්
8එම්පී සැම්සුන් එකකුයි 8එම්පී එල්ජී එකකුයි අතර ලොකු වෙනසක් තියෙනවා


