A scenic hike to Wangedigala ,Bambarakanda and Lanka ella

tharindup

Well-known member
  • Sep 8, 2006
    548
    1,086
    93
    piliyandala
    හැමෝටම සුබ දවසක් කියන ගමන් කතාව පටන් ගන්නන්..මුලින්ම මේ ගමන ගිය උන් මට සමාව දීපල්ල මේක දාන්න පරක්කු උනාට.

    අපි මේ ගමන ගියේ මේ මාසේ 7, 8 දවස් වල.ගියේ වංගෙඩිගල .මෙතනට ගොඩක් අය ගිහින් ඇති.එත් ඉතින් අපි ගිහින් තිබ්බේ නැති නිසා ගියා..අනික හදිසියේ තමා set උනේ..එහෙට මෙහෙට කතා කරලා කට්ටියත් set කරගත්ත.මේ පාර අපේ set එකට අලුතෙන් එකතු උනා නංගි කෙනෙකුයි මල්ලි කෙනෙකුයි..

    කොළඹින් පටන් ගන්නකොටත් වහින්න පටන් අරන් තිබ්බ නිසා 5ක් set වෙලා එක car එකක ගියා ඇහැළියගොඩ වෙනකන්..මොකද එතනින් තමා අනික් වාහනේ එකතු වෙන්නෙ.අපිට උදේ කෑමයි දවල් කෑමයි ලෑස්ති කරලා තිබුනේ අපේ දිලීපලගේ wife ලගේ ගෙදර..ඉතින් අපි උදේට එහෙන් කාල දවල්ටත් බැඳගෙන පිටත් උනා වාහන දෙකෙන්.

    අපේ ගමන් මාර්ගය උනේ බදුලු පාර.කුරුවිට හරියෙන් තෙල් ටිකකුත් ගහගෙන ඇවිල්ල මුලින්ම නැවැත්තුවේ බලන්ගොඩ අඩු පාඩු ටිකක් ගන්න කියල..ඒවත් අරගෙන පිටත් උනා ඉතුරු ටිකට.බලන්ගොඩින් එහාට නං මාස ගානකින් වැහැල තිබුනේ නෑ..ඉතින් අපි හරි සතුටින් ගියාලු.

    Ji4SGnY.jpg


    හල්දුම්මුල්ල කිට්ටුවදි අපි නැවැත්තුව සරත් අයියගේ රොටි කඩේ..රොටියක් කාල තේ එකක් බීල යන්න..මෙතනට ගියාම දෙනව ලුණු මිරිසක් කන් වලින් දුම් පිට වෙන්න..

    මේ තියෙන්නෙ එතන..
    VG1N8pk.jpg


    RGBUnoU.jpg


    ඊට චුට්ටක් පහුවෙලා අපි පඬුරක් දාන්න නැවැත්තුව..
    BIoZxHb.jpg


    කොහොමහරි අපි දවල් වෙනකොට බඹරකන්ද දිය ඇල්ල කිට්ටුවට ආව.
    MQh6tW6.jpg


    ඒ කිට්ටුව තියෙන ගෙදරක වාහන දෙක දාල වංගෙඩි ගල නැගල රෑ උඩ නැවතිලා පහුවද බඹරකන්ද ඇල්ලයි ලංකා ඇල්ලයි බලල ගෙදර එන්න තමා අපේ plan එක උනේ.අපරාදේ කියන්න බෑ අපි ගෙයක් හොයාගෙන වාහන දාල බඩු pack කරන් ලෑස්ති වෙනකොටම වැස්ස පටන් ගත්තලු..සෑහෙන වෙලාවක් හිටිය පායයි කියල බලාගෙන .බැරිම තැන දවල්ටත් කෑවා ඒ ගෙදරදීම.
    mCBPwY2.jpg


    ටිකකින් වැස්ස ටිකක් අඩු උන නිසා පිටත් උනා ගමනට..
    PCAo1zp.jpg


    ඒ වෙනකොට උඩහට වැහැල දිය ඇල්ලෙන් එන වතුර පාර ටිකක් සැර වෙලා..එකෙන් එගොඩ වෙලා තමා අපිට යන්න තියෙන්නෙ..එහෙම නැත්තන් කම්බි පාලමුකුත් තියෙනව..

    වතුර පාරේ පාටත් වෙනස් වෙලා.
    6jjgvAz.jpg


    එතනින් එගොඩ වෙලා මඩ වගුරකත් ඇවිදලා කැලේට ඇතුල් වෙලා සැහෙන දුරක් අව..

    කැලේට ඇතුල් වෙන තැන.
    FwVSbbq.jpg


    දිගටම කන්ද තමා වගුරෙන් පස්සේ..ඒක පට්ට කන්දක්.ටිකකින් ආව පයිනස් කැලේට..ඊට පස්සේ ගමන දිගටම තියෙන්නෙ එක ඇතුලේ.එතනට එනකන් photo ගැහුවේ නෑ ලාවට වැස්ස තිබුන නිසා.

    ටිකක් ලොකු ගලක් උඩට ආව ටිකකින්.

    පොඩි rest එකක් ගත්ත..කූඩැල්ලෝ හොයනවා කට්ටිය.
    vQUGp24.jpg


    එතනට පේන බඹරකන්ද ඇල්ල.
    NwZq8pU.jpg


    එතනින් ගමන පටන් අරන් තව ටික දුරක් ඇවිල්ල නැවතුනා..photo ටිකක් ගහන්න කියල.කරපු හොඳම ගොන් වැඩේ තමා වතුර බෝතලයක් පුරවාගෙන එන්න බැරි උනා..ටිකකින් කැලේට මීදුම ආව..පට්ට ලස්සනයි..කොහොමත් මම පෞද්ගලිකව ගොඩක් කැමති දෙයක් තමා මීදුම.

    සජ්ජ නියම photo ටිකකුත් ගහල තිබුන.
    KF9GF11.jpg


    ඔතනින් උඩහට තමා යන්න තියෙන්නෙ..
    mWm4rQX.jpg

    පිටත් උනා.
    Ir1Zmbj.jpg


    ඊට පස්සෙ ටික වෙලාවකින් ආවෙ මාර ලස්සනට ඈත පේන තැනකට..එතනට පේනවා බඹරකන්ද ලංකා ඇල්ල යක්ෂයාගේ පියගැටපෙළ උඩවේරිය වගේ ගොඩක් තැන්.

    BADCVB2.jpg


    ඔය ඈත පෙන්නෙ උඩවේරිය තේ කම්හල..
    yIkX6zr.jpg


    MmH4e3W.jpg


    Zoom කරලා.
    8jnkQSy.jpg


    මේ තියෙන්නෙ බඹරකන්ද ඇල්ල
    76sOsyk.jpg


    Op567TV.jpg


    Zoom කරලා
    QAxWOrN.jpg


    පොඩි close up try එකක්.
    xDd1e93.jpg


    එතනින් පිටත් උනා.
    Shb4caO.jpg


    WBoENg6.jpg


    අන්තිම ටික..
    DjnyEXr.jpg


    ඔය උඩ photo එකේ දකුණු පත්තේ පේනවා පොඩි පාරක්.එක තමා brampton estate එකෙන් වංගෙඩි ගල එන පාර..එහෙන් එනව නං පොඩ්ඩයි hike කරන්න තියෙන්නෙ.එත් අවසර ගන්න ඕන කළමනාකාරීත්වයෙන්.

    තව චුට්ට වෙලාවකින් අපි වංගෙඩි ගල උඩ..ඇත්තටම මාරම ලස්සනට වටේ පේනවා..

    ඕකට වංගෙඩි ගල කියන්නෙ වංගෙඩියක් හැඩේට පේන නිසාලු..

    එතනින් පහල.
    x81baKF.jpg


    මීදුම ආපු නිසා අපි පිටත් උනා රෑට නවතින්න තැනක් හොයා ගන්න.අපි යනකොටත් වෙන team දෙකක් හිටිය උඩ..අපි ඇහුවම මල්ලි වැස්ස නේද කියල,අයියෙ අපි ඒ ගැන කතා නොකර ඉමු කිව්ව..අපරාදේ කියන්න බෑ අපිට වතුර තියෙන තැනට යන පාරත් පෙන්නල camp site එකකුත් පෙන්නුවා..බොහොම ස්තුතියි මචං..,මල්ලි..,bro..

    Alone in the paradise...!
    Lsvl9ho.jpg


    ඊට පස්සේ අර මල්ලිලා කියපු තැනට ගිහින් set උනා රෑට නවතින්න..රෑට ඉව්වේ නෑ.රොටි කන්න ලෑස්ති උනේ BBQ දාල පොඩ්ඩක් සප්පායම් වෙලා.අපි ටෙන්ට් ගෙනියන්නේ නැති නිසා හිටියේ ඉටි කොළ ගහල එක යටට poncho එක දාල sleeping bag එක උඩින් එල්ල..වැස්සොත් ටිකක් අව්ල් උනොත් ඇරෙන්න වෙන නං ප්‍රශ්නයක් නෑ ඒ setup එකේ..

    කට්ටියක් BBQ එකට ලෑස්ති වෙන අතරේ කට්ටියක් වහලේ ගහල කානුවක් කැපුවා ..වතුරත් අරන් අව bag දෙකටම..ගිනි අව්ලන්න බෑ මොන විදියකින්වත්..වේලිච්ච දර හොයාගන්න නෑ කොහෙවත්..එත් කොහොමහරි BBQ එක නං දාගත්ත..
    XpS4w50.jpg


    D3S1jfZ.jpg


    GIWUnaY.jpg


    9OPp0Qu.jpg


    රෑටත් පේනවා හරි ලස්සනට ඈත..වෙලාවට මීදුම ආවෙ නෑ සැරටම.
    0Mgjxwr.jpg


    බඹරකන්ද ඇල්ල උඩවේරිය පැත්ත.
    t3H8DZq.jpg


    ඔය කඳු වලින් එහා පත්තේ හෝර්ටන් තැන්න මම දන්නා විදියට.වැරදි නං හරි ගස්සපල්ලා..
    glI7Jah.jpg


    ඔය පේන පාර තමා A4 එක..ඒ කියන්නෙ බදුලු පාර..හපුතලේට යනකන් වගේ පේනවා..
    T8Dh2rc.jpg


    වැඩිය ඉන්න බෑ හීතල එනව හොඳට..ඉතින් ටිකකින් අපි නිදා ගත්ත..එත් සමහර වෙලාවට ඇහැරෙනවා හයියෙන් හුලන් ආවම..
    පහුවදා උදේ පාන්දර 5.30 ට වගේ ඇහැරුනා මට..ඉර පායනව බලන්න ඕන හින්ද අනික් උන්වත් ඇහැරෙව්වා..මාරම ලස්සනයි..

    DrxIbhi.jpg


    yWGTEmT.jpg


    චුට්ටක් ආව..
    j0XT6A5.jpg


    ELZ5f6O.jpg


    RzCLKOR.jpg


    1iFHw5g.jpg


    h3Y9tQd.jpg


    AZbPxAH.jpg


    අපි වගේම අනික් මල්ලිලා ටිකත් ඉර පායනව බලන්න ඇවිල්ල.
    Lik1baA.jpg


    මේ එයාලගේ camp site.
    BOc3FtZ.jpg


    මේක තමා අපේ එක..sleeping bag නං මාර වටිනවා..ඕන පොළවක නින්ද යනවා ඒවා නිසා.
    fm6j6r6.jpg


    වටේ පිටේ ලස්සනට පාට වැටෙනවා .
    W0wDeC7.jpg


    znweb4e.jpg


    උදේ පාන්දර photo ගහන්න හම්බෙන්නෙත් හරි කලාතුරකින් තමා අපිට.
    cphYIYC.jpg


    ලස්සන බලන අපේ set එක..
    aJqDiYL.jpg


    අනික් පැත්ත.
    hbKloWP.jpg


    FAI5qRb.jpg


    මෙයා තවම ඉන්නවා..
    xoOisXo.jpg


    මිටියාවත්..
    hz5kIlK.jpg


    TkGGhKI.jpg


    හපුතලේ පැත්ත.
    IJXI4aq.jpg


    A4
    AKcCf8f.jpg


    පොඩි close up එකක් ආපහු.
    2GhKdQs.jpg


    uFHU34t.jpg


    SydXnrr.jpg


    දැන් හොඳටම ඉර පායල..
    g6hS0C3.jpg


    මේ තියෙන්නෙ වංගෙඩි කන්ද.ඕකට නං අපි නැග්ගෙ නෑ.
    c4trzyR.jpg


    ඊට පස්සේ අපි හිටපු තැන අස් කරලා පිටත් උනා ආපහු එන්න..ඊට කලින් ගැහුව group photo එක..
    P9qTiol.jpg


    අපි..Team Jungle .!
    NQjgMBO.jpg


    මේ තියෙන්නෙ වංගෙඩි කන්ද ,බලතොඩුව සහ ගොම්මොල්ලි කියන කඳු මුදුන්..
    jwqaACn.jpg


    ඔය පැත්තට පෙන්නෙ රටේ දකුණු පැත්ත..
    t8dSrsa.jpg


    ඔය උඩ photo එකේ තියෙන කනුව මොකක්ද කියල කියහල්ලකෝ දන්න එකෙක්..

    යන ගමන්
    cSR8giI.jpg


    වංගෙඩි ගල උඩ හිටපු අපි..අපේ classic style එකෙන්..
    RXVf0gE.jpg


    මට හිතා ගන්න බෑ වංගෙඩි ගල කියන්නෙ මේ ඔක්කොටමද එහෙම නැත්තන් මේ පුංචි ගලටද කියල..
    9m0ZU3l.jpg


    දැන් නං පාර ලස්සනට පේනවා.
    0mmnmsV.jpg


    ඊට පස්සේ පිටත් උනා පහලට..
    FvroeDY.jpg


    5QG7wGM.jpg


    Iuautjm.jpg


    මේ කපල තියෙන්නෙ කිරි ගන්න නේද..?
    BmZt4ML.jpg


    කලින් දවසෙ නැවතුන ගල උඩම නැවතුනා පොඩ්ඩක්.. එනකොටත් වතුර ගෙනල්ල නෑලු.
    8lzYPd9.jpg


    ඊට පස්සේ ඇතුළු උනේ කැලේට.එදා නං ගැහුව photo.
    r5xQqgx.jpg


    3yiy6PE.jpg


    මේ තියෙන්නෙ වගුර කිට්ටුව..
    RPaL7yI.jpg


    මේ වගුරේදී
    ebLJ4XV.jpg


    මලක් මලක්..
    5gMSnKS.jpg


    මේ මොනවද ඕයි මේ..
    PA4e4P3.jpg


    RM9Ojoo.jpg


    ඊට පස්සේ ආවේ ඇල ළඟට..සජ්ජ පාලමෙන් ගියා
    26bKSOg.jpg


    Sm5TL0c.jpg


    ygoqyME.jpg


    අපි ඇලෙන් ගියා..
    uyq59Rp.jpg


    අපි කෙලින්ම ආවේ වාහන දාපු ගෙදරට..එත් අපි එහෙට එනකොට කව්රුත් හිටියේ නැති නිසා දොරට යටින් සල්ලි ටිකක් දාල අව වාහනත් අරගෙන දිය ඇලි දෙක බලන්න යන්න..

    මේ තියෙන්නෙ වංගෙඩි ගල..
    hIovnlS.jpg


    බඹරකන්ද ඇල්ල බලන්න නං ටිකට් එකක් ගන්න ඕන..
    vQNE5b6.jpg


    එත් එක අව්ලක් නෑ ගොඩක් පහසුකම් දීල තියෙනව..

    මේවත් මතක තියාගෙනම ගියොත් හොඳා යන දිහාක.
    DEJDojH.jpg


    wUfGrAi.jpg


    අපි මුලින්ම ගියේ ලංකා ඇල්ලට..

    යන ගමන්..
    UPkV36r.jpg


    ඕවයේ සෙල්ලන් දාන්න එහෙම යනවා නෙමෙයි ..ලිස්සල ගියොත් යයි සැහෙන වෙලාවක්.

    ඈත පේනවා සමහර එළිමහන් තැන්වලින් .
    Ulh0N4r.jpg


    අපි car දෙක දැම්මේ ඔය කිට්ටුව තමා
    V6UWNdu.jpg


    මෙතනින් තමා බඹරකන්ද ඇල්ල මුදුනට යන්නෙ..

    එලකිරියේත් set එකක් ගිහින් camping කරලා තිබුන මතකයි මට.
    fICdDWk.jpg


    අහස.
    SISDsKw.jpg


    ටිකකින් එන්නෙ මාන කැලේකට .
    gFN2fcl.jpg


    තවත් වතුර පාරක්.
    BWGD3kQ.jpg


    WOW..!
    PSJV34i.jpg


    Sr3ZH4B.jpg


    ලංකා ඇල්ල ඈතට
    FbmMM04.jpg


    urnS3Qp.jpg


    ටික වෙලාවකින් අපි එතන..

    මෙන්න මේක හින්ද තමා මේකට ලංකා ඇල්ල කියන්නෙ
    1stwBDu.jpg


    උඩට..
    yQ60UK7.jpg


    ඔතන නාන්න නං එච්චර සුදුසු නෑ මම හිතන්නේ..පට්ට ගැඹුරුයි..

    අපි
    zn8wmQa.jpg


    එන්න පිටත් උනා
    8cDRBgr.jpg


    ඊට පස්සේ ආවේ බඹරකන්ද ඇල්ල ළඟට..එතනින් හොඳට නා ගත්ත....නාල පිටත් උනා දවල්ට කන්න කඩේට..අපි කලින්ම order එක දීල ගියේ..
    Zb2U130.jpg


    දවල් කෑම
    AJrlIzE.jpg


    කාල පිටත් උනා ගම රටවල් වලට..

    මේ තමා ලංකාවේ උසම දිය ඇල්ල..

    good bye lady..!
    FLXySqL.jpg


    ඔන්න ඔහොමලු අපේ තවත් ට්‍රිප් එකක් ඉවර උනේ..

    ඉතින් වෙනද වගේම මම මේ ගමනට සහබාගි උන set එකට ගොඩක් ස්තුතිවන්ත වෙනවා.මොකද මේක හදිසියේ set උනේ.ඊට පස්සේ දිලීප සහෝදරයාගේ බිරිඳටත් ඒ ගෙදර අයටත් ගොඩක් ස්තුතියි..අපිට උදේටයි දවල්ටයි කෑම දීල එන ගමන් තේත් ලෑස්ති කරලා තිබුන.ඊට පස්සේ අපේ වාහන බලාගත්ත ඒ අයියටත් ගොඩක් ස්තුතියි..

    මොනවා හරි වැරද්දක් උනා නං සමාවෙන්න ඕන අපේ hiking club එක වෙනුවෙන්..විශේෂයෙන් අලුතෙන් ආපු නන්ගිගෙනුයි මල්ලිගෙනුයි..

    වෙන අයට මේක ගැන වැඩිදුර විස්තර ඕන නං අහපල්ලා..දන්නා හැමදේම කියල දෙනව..ඒ අපේ හැටි.

    ඉතින් මේක ඉවර කරන්න කලින් කියන්න තියෙන්නෙ අපි හිතනවට වඩා වේගෙන් අපේ රට අපිට නැති වේගෙන යනවා..පුළුවන් තරන් තමන්ගෙ ජාතිය ආගම රැක ගන්න වැඩ කරපල්ල.පුළුවන් තරන් බුදු දහමට ලං වෙයල්ලා..මට මේව කියල දුන්න කෙනාට ගොඩක් පින්...මම තවත් වෙනස් වෙයි ඉස්සරහට.

    අනික් එක තමා පුළුවන් තරන් රටේ ඇවිදපල්ලා..මේවා බලපල්ලා.. පරිසරය රැකපල්ල ..කවදාහරි අපේ ළමයින්ටත් මේක ඉතුරු වෙන්න ඕනා..

    ඉතින් තම ගමනක් බොහෝ දුරට යයි ඉක්මනටම..හැබැයි නකල්ස් නෙමෙයි.පුළුවන් අයට මම කතා කරනවා..

    එතකන් හැමෝටම තෙරුවන් සරණයි..!නමෝ බුද්ධාය..!

     
    Last edited:

    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    You have given out too much Reputation in the last 24 hours, try again later.:(

    rep +:)
     
    Last edited:
    • Like
    Reactions: tharindup

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    පට්ටම ෆොටෝ ටිකක් ගහලනෙ බං.. සුපිරිමයි..

    බකාඩියක්ද මන්ද ලාවට දැක්කා... :P
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    ලොග් උන ගමන්ම උබේ ත්‍රෙඩ් එකක් දැක්ක කියන්නේ නිධානයක් දැක්ක වගේ
    අපි ගිය අවුරුද්දේ අගෝස්තු වල බඹරකන්ද උඩ කැම්පින් කළා, වතුර නම් සැහෙන්න අඩුයි
    කොහොමහරි අපි ගිහින් ටික දවසකට පස්සේ ඔතන මොකක්හරි අවුලක් උනා, කොල්ලෙක් පහලට වැටුන ද කොහෙද
    ඊට පස්සේ උඩ කැම්පින් තහනම් කළා. පයින්ස් කොළ එක්ක යන්න අමාරුයි ලිස්සන නිසා. ගොඩක් ෆොටෝ ගන්න බැරි උන ට්‍රිප් එකක්, ඇත්තම කිව්වොත් කැමරා එකෙන් ගත්තේ ෆොටෝස් 20 කටත් අඩුවෙන්, ගමන අමාරු නිසා නෙමෙයි බන් කැමරා එකේ මොකක්හරි අවුලක් උනා. එන ගමන් ලංකා ඇල්ලට යන්න හිටියට අපිත් එක්ක හිටපු කොල්ලෙක්ගේ කකුලේ අමාරුවක් නිසා ඒ ගමන ගියේ නැහැ. අපි හිටපු දවසේ නම් උදේ ඉර පායන එක එච්චර ලස්සන නැහැ අහස වැහි වලාකුළු තිබ්බ නිසා. ගියපු ට්‍රිප් වලින් මම කැමතිම එකක්. තව යන්න හිතාගෙන ඉන්න තැන් කීපයක් තියනවා හැබැයි අන්තිමට ගිය ට්‍රිප් එකේ උන අවුලක් නිසා ටික දවසකට කැම්පින් කරන එක නතර කරන්න හිතුව. උබලගේ ෆොටෝස් නම් සුපිරි වෙනද වගේම. අර ලෝ ලයිට් ගහපු එව්වා බ්ලෙන්ඩ් කරලද මචං? යනවනම් නියම තැනක් තියනවා, මම හිතන්නේ එතන තාම ප්‍රසිද්ද නැහැ. උබට මම විස්තර එවන්නම්. එහෙනම්, ජයවේවා!
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    glI7Jah.jpg



    xoOisXo.jpg


    මේ photos දෙක මරු බන්. හඳ ඔච්චර zoom කළේ කොහොමද?

    You have given out too much Reputation in the last 24 hours, try again later.