හෙළයෙක්;22420061 said:ඒක හරියට නිව්ටන් භෞතික විද්‍යාවෙ නියමයන් ක්වන්ටම් භෞතික විද්‍යාවෙ මූලධර්ම වලදි බොරු වෙනව. අනික් පැත්තටත් එහෙම තමා. ඔය කියන විද්‍යාත්මක ක්‍රමයත් එහෙම නන් එහෙම දේකින් කොහොමද වෙන අර්ථ දැක්වීම් වල තියෙන දෙයක් ගැන 100% හරි කියල සහතිකයක් දෙන්නෙ.
විද්‍යාත්මක ක්‍රමවේදයෙ අරගෙන බලන්නකො
- ගැටළුව හඳුනා ගැනීම.
- ගැටළුව විශ්ලේෂණය කිරීම.
- කල්පිතය ගොඩනැගීම.
- පරීක්ෂණය පැවැත්වීම.
- අවසාන නිගමනයකට එලඹීම.
කල්පිතය වැරදියි කියන්නෙ අපි පවත්වන පරික්ෂණය පවත්වන්න පුළුවන් උනොත් විතරයි. උදාහරණයක් විදියට ඔය දෙවිවරු ඉන්නවද නැද්ද කියන එක ඔය විදියට විද්‍යාත්මක ක්‍රමයට පරීක්ෂණය කරගෙන ආවොත් ඔය කියන විද්‍යාත්මක ක්‍රමවේදය ඇතුලෙ පරීක්ෂණයක් කරන්න අවශ්‍ය දැනුම නෑ අපි දැනට දන්න ක්‍රම වේදයන් ඇතුලෙ. නිව්ටන්ගෙන් පස්සෙ අයින්ස්ටයින් විසින් හොයාගත්ත සමහර තියරිවලට හරි උත්තර ඒ දවස්වල දැනුම ඇතුලෙ නැති නිසා තමයි ක්වන්ටම් භෞතික විද්‍යාවෙ මූලධර්ම එළියට එන්නෙ.
ක්වන්ටෝම් යාන්තික විද්‍යාව හරහා නිව්ටන් ගේ මුල ධර්ම බොරු වෙනව කිව්වොත් එක බොරුවක්. ක්වන්ටම් විද්‍යාව හරහා ඉතා සියුම්ව වැඩි නිරවද්‍යතාවයකින් අපේ ලෝකය ගැන තේරුම් ගන්නවා. ක්වන්ටම් යාන්තික විද්‍යාව තුල උනත් යමක් ඔප්පු කරනකල් එක theory එකක් විතරයි.
උස building එකක ඉඳල වස්තුවක් බිමට වැටෙන්න යන කාලය අපිට නිවටන්ගේ ගුරුවත්වාකර්ශ්නය පාවිච්චි කරලා මනින්න පුළුවන් . එත් අපිට ආලෝක වර්ෂ ගණනාවක් ඇතට රොකට්ටුවක් යවන්නට උනොත් ඇල්බර්ට් අයින්සට්යින්ගේ ගුරුත්වාකර්ෂණ නියමය පාවිච්චි කරන්න වෙනවා.
දෙවියන් ඉන්නවද නැද්ද , වෙන dimensions තියනවද නැද්ද කියල පරීක්ෂණ කරන්න අපට quantum or Newtonian physics ම ඕනේ නැහැ. ඕනෑම කෙනෙකුට ආගම් වල උගන්නන ක්‍රම වලට අනුව තමාටම පරීක්ෂණ කරලා බලන්න පුලුවන්.
හෙළයෙක්;22420061 said:
දැනට ඔය කියන විද්‍යාත්මක ක්‍රම වේදය ඇතුලෙ ධර්ම කරුණු ගොඩක් නැවතිල තියෙන්නෙ ඔය කියන හතරවෙනි ස්ටෙප් එක ඇතුලෙ. හැබැයි ධර්මය පිළිගන්න අය ධර්මය පිළිගන්නෙ හේතු කිහිපයක් නිසා.
1. ධර්මය මගින් එළිදක්වා ඇති කිසිදු කරුණක් ඔය කියන විද්‍යත්මක ක්‍රමය ඇතුලෙ ප්‍රතික්ෂේප වෙලා නැති නිසා.
2. ශාස්තෘන්වහන්සේ කෙරෙහි ඇති අචල විශ්වාසය නිසා. ( බෞද්ධයන් පිළිගන්නෙ මේ දේ සිද්ද වෙන්නෙ සංසාරය පුරාම කරගෙන ආපු පිළිවෙත් නිසා කියල )
තෙරුවන් සරණ ගිය අය කියන්නෙ ධර්මය සරණ ගිය අය කියන එකයි.
සරණ ගියා කියන්නෙ ධර්මය පිළිබදව සියල්ල දන්නවා කියන එක නෙවෙයි. ධර්මය ඉගෙන ගන්න ලෑස්තියි කියන එක.
1. මට කියන්න පුළුවන් Superman කියල කෙනෙක් වෙන ග්‍රහ ලෝකයක ඉන්නවා කියල. DC Comic ල ගේ කතා කියවල බැලුවම . එහෙම කෙනෙක් නැහැ කියල කොහෙවත් කියල නැහැ . ඒ වගේම Superman නැහැ කියල විද්‍යාව ඇතුලේ කොහෙවත් ප්‍රතික්ෂේප වෙලා නැහැ.
2.බුදු දහම ඇතුලේ අන්ධ භක්තියට ඉඩක් නැහැ .
හෙළයෙක්;22420061 said:
කෙනෙක් විශ්වාස කරන්නෙ නැත්තන් පරමාණුව කියන්නෙ මෙන්න මේ වගේ දෙයක් කියල එයාට කවදාවත් පරමාණුව මොනවගේද කියල ප්රත්යක්ෂ කරගන්න වෙන්නෙ නෑ. ඒ ඔප්පු කරගත්තත් ඒ ගැන සැකයෙන් බලන නිසා තමා ඩෝල්ටන්ගෙ පුඩිමෙ ආකෘතියෙ ඉදල මේ දක්ව පරමාණුව මෙන්න මේ වගේ කියන තැන දක්වා ගෙනාවෙ සහ ඉදිරියට ගෙනියන්නෙ.
[ ඔබ ගණිතය උසස් විදියටම ඉගෙන ගෙන නැත්තන් බින්දුව, ශුන්‍ය, සරල රේඛාව, ලක්ෂය කියන්නෙ විශ්වාසයන් විතරයි. ඔය කියන දේවල් ප්රත්යක්ෂ වෙන දෙයක් නෙවෙයි කාටවත්ම ගණිතයෙන් ඔප්පු කරගන්නකන්. හැබැයි ඒක ප්රත්යක්ෂ වෙන්නෙ නෑ කියල ඉස්සරහට ඉගෙන ගියෙ නැත්තන් ඔප්පු කරගන්නත් බෑ.
ගොඩක් වෙලාවට අපි අයිති වෙන මානෙ ඇතුලෙ තියෙන දේවල් විතරයි අපිට ගෝචර වෙන්නෙ විශේෂ ක්‍රම විදි නැත්තන්. ]
නැවතත් කියන්නේ විද්‍යාවේ අන්ධ විශ්වාසය කියල දෙයක් නැහැ. පරමාණුවේ හැඩය තීරණය කරන්නේ සාක්ෂි මත එහෙම නැත්නම් සංකීර්ණ ගණිත ක්‍රියාවලි හරහා.
බින්දුව , ලක්ෂය , සරල රේඛාව , ශුන්‍ය මේවා විද්‍යාත්මකව ඔප්පු කරන්න පුළුවන් නිසා තමයි ගණිතය දැනට භාවිතා වෙන්නේ.
උදාහරණයක් වශයෙන් දැනට විදුලිය කියල දෙයක් හොයාගෙන , ඒ ගැන පරීක්ෂණ කරලා තියනව විදුලිය එක්ක වැඩකරන්න මට විදුලිය ගැන ගැඹුරටම හොයන්න ඕනේ නැහැ . එත් මට සැකයක් අවොත් ඕනෑම මොහොතක විදුලිය ගැන ගැඹුරින් කරලා තියන පරීක්ෂණ බලල ඒවා තහවුරු කරගන්න පුළුවන්. එහෙම නැතුව මට අන්ධ විශ්වාසයක් තියාගන්න ඕනේ නැහැ . මේක මෙහෙම වෙන්න ඇති කියල
හෙළයෙක්;22420061 said:
ධර්මයෙ සහ විද්‍යාවෙ තියෙන වෙනස තමා ඕක. විද්‍යාවෙන් කොච්චර දෙයක් හොයාගත්තත් ශුවර් නෑ හෙට එළි වෙනකොට වෙනසක් වෙලා තියෙයිද කියල. ධර්මය එහෙම නෑ අද ඉගෙන ගත්තත් හෙට ඉගෙන ගත්තත් තව අවුරුදු 1000කින් ඉගෙන ගත්තත් වෙනසක් නෑ. එතන තියෙන්නෙ නිරපේක්ෂ සත්‍ය නිසා. හැබැයි ප්රත්යක්ෂ අවබෝධය එක එකනාට ලැබෙන ප්‍රමාණය වෙනස් වෙනව.
විද්‍යාවෙදිත් එහෙම ප්රත්යක්ෂ අවබෝධය වැඩි වෙන්න වෙන එක එක පට්ටම් ලැබෙනව මාස්ටර්, පීච්ඩී. ධර්මයත් එහෙමයි සොවාන්, රහත් ඔය විදියට.
ධර්මය ගැන පරික්ෂණ කරන්න විද්‍යාත්මක ක්‍රම වේද ඇතුලෙ දැනට ක්‍රමයක් නෑ. ශක්තිය පදාර්ථ වීම ගැන තියෙන පරීක්ෂණ වල නිරික්ෂණ ගැන එහෙම යම් යම් ඉගි නන් බුද්ධ දේශනාවල අඩංගු වෙලා තියෙනව.
විද්‍යාත්මක නෑ කියන්නෙ විද්‍යාත්මක ක්‍රමය ගැනවත් නොදන්න නිසයි.විද්‍යාත්මක ක්‍රමය දන්නව නන් ඒක පාවිච්චි කරන්න පුළුවන් ත්ත්ව ගැනත් දැනගන්න ඕනි.
දේවවාදී ආගම වල තියෙන්නෙ ඔය විදිය නෙවෙයි දෙවියො මෙහෙමලු කරල තියෙන්නෙ කියල පටන් ගන්නෙ එතන අර විදියෙ ක්‍රම වේදයක් නෑ.
දේවවාදී ආගම් වලට බැන බැන උඹල කරන්නෙත් ඒ වැඩේම තමයි. දෙවියන් ප්රත්යක්ෂයෙන් කියපු කරුණු හරි කියල ඒගොල්ලොත් තර්ක කරයි. විද්‍යාව ෂුවර් නැහැ කියල ඒගොල්ලොත් කියයි.
එත් බුද්ධ දර්ශනය ඇතුලේ පරීක්ෂණ කරලා තර්ක කරලා හොයල බලන්න කියල ඉඩක් දීල තියනවා. එත් උඹල කරන්නේ නැත්තෙත් එකම තමයි



). බොහොම ස්වල්ප දෙනයි ඒ මාර්ගයේ ගමන් කරන අය ඉන්නේ. එක ධර්මයේ ගැටළුවක් නෙමෙයි, මිනිස්සුන්ගේ/සමාජයේ අවුලක්. මොකද තමාගේ ගැලවීම තියෙන්නේ තමාගේ අතේම නිසා, කිසියම් දෙවි කෙනෙක් ගාව නොවන නිසා. 

ඕකට මචං හොඳ සුත්‍ර දේශනාවක් තිබ්බා කාළාම සුත්‍රය කියලා. කාළාම කියන ගමේ මිනිස්සු බුදු හාමුදුරුවන්ගෙන් අහනවා, එක එක ආගමික නායකයෝ ඇවිත් කියනවා මේක තමයි සත්‍ය මේක පිළිපදින්න, අපි කොහොමද සත්‍ය තොර බේරා ගන්නේ කියලා. එතකොට ඇත්ත මොකක්ද කියල තේරුම් බේරුම් කර ගන්න හැටි ගැන වදාළ සුත්‍රය තමයි ඒක.