ජේසුස් වහන්සේ මිථ්‍යා දෘෂ්ටික දෙවියෙක් ල

tharakato

Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    හෙළයෙක්;22420061 said:
    ඒක හරියට නිව්ටන් භෞතික විද්‍යාවෙ නියමයන් ක්වන්ටම් භෞතික විද්‍යාවෙ මූලධර්ම වලදි බොරු වෙනව. අනික් පැත්තටත් එහෙම තමා. ඔය කියන විද්‍යාත්මක ක්‍රමයත් එහෙම නන් එහෙම දේකින් කොහොමද වෙන අර්ථ දැක්වීම් වල තියෙන දෙයක් ගැන 100% හරි කියල සහතිකයක් දෙන්නෙ.

    විද්‍යාත්මක ක්‍රමවේදයෙ අරගෙන බලන්නකො

    1. ගැටළුව හඳුනා ගැනීම.
    2. ගැටළුව විශ්ලේෂණය කිරීම.
    3. කල්පිතය ගොඩනැගීම.
    4. පරීක්ෂණය පැවැත්වීම.
    5. අවසාන නිගමනයකට එලඹීම.

    කල්පිතය වැරදියි කියන්නෙ අපි පවත්වන පරික්ෂණය පවත්වන්න පුළුවන් උනොත් විතරයි. උදාහරණයක් විදියට ඔය දෙවිවරු ඉන්නවද නැද්ද කියන එක ඔය විදියට විද්‍යාත්මක ක්‍රමයට පරීක්ෂණය කරගෙන ආවොත් ඔය කියන විද්‍යාත්මක ක්‍රමවේදය ඇතුලෙ පරීක්ෂණයක් කරන්න අවශ්‍ය දැනුම නෑ අපි දැනට දන්න ක්‍රම වේදයන් ඇතුලෙ. නිව්ටන්ගෙන් පස්සෙ අයින්ස්ටයින් විසින් හොයාගත්ත සමහර තියරිවලට හරි උත්තර ඒ දවස්වල දැනුම ඇතුලෙ නැති නිසා තමයි ක්වන්ටම් භෞතික විද්‍යාවෙ මූලධර්ම එළියට එන්නෙ.

    ක්වන්ටෝම් යාන්තික විද්‍යාව හරහා නිව්ටන් ගේ මුල ධර්ම බොරු වෙනව කිව්වොත් එක බොරුවක්. ක්වන්ටම් විද්‍යාව හරහා ඉතා සියුම්ව වැඩි නිරවද්‍යතාවයකින් අපේ ලෝකය ගැන තේරුම් ගන්නවා. ක්වන්ටම් යාන්තික විද්‍යාව තුල උනත් යමක් ඔප්පු කරනකල් එක theory එකක් විතරයි.

    උස building එකක ඉඳල වස්තුවක් බිමට වැටෙන්න යන කාලය අපිට නිවටන්ගේ ගුරුවත්වාකර්ශ්නය පාවිච්චි කරලා මනින්න පුළුවන් . එත් අපිට ආලෝක වර්ෂ ගණනාවක් ඇතට රොකට්ටුවක් යවන්නට උනොත් ඇල්බර්ට් අයින්සට්යින්ගේ ගුරුත්වාකර්ෂණ නියමය පාවිච්චි කරන්න වෙනවා.

    දෙවියන් ඉන්නවද නැද්ද , වෙන dimensions තියනවද නැද්ද කියල පරීක්ෂණ කරන්න අපට quantum or Newtonian physics ම ඕනේ නැහැ. ඕනෑම කෙනෙකුට ආගම් වල උගන්නන ක්‍රම වලට අනුව තමාටම පරීක්ෂණ කරලා බලන්න පුලුවන්.

    හෙළයෙක්;22420061 said:

    දැනට ඔය කියන විද්‍යාත්මක ක්‍රම වේදය ඇතුලෙ ධර්ම කරුණු ගොඩක් නැවතිල තියෙන්නෙ ඔය කියන හතරවෙනි ස්ටෙප් එක ඇතුලෙ. හැබැයි ධර්මය පිළිගන්න අය ධර්මය පිළිගන්නෙ හේතු කිහිපයක් නිසා.

    1. ධර්මය මගින් එළිදක්වා ඇති කිසිදු කරුණක් ඔය කියන විද්‍යත්මක ක්‍රමය ඇතුලෙ ප්‍රතික්ෂේප වෙලා නැති නිසා.

    2. ශාස්තෘන්වහන්සේ කෙරෙහි ඇති අචල විශ්වාසය නිසා. ( බෞද්ධයන් පිළිගන්නෙ මේ දේ සිද්ද වෙන්නෙ සංසාරය පුරාම කරගෙන ආපු පිළිවෙත් නිසා කියල )

    තෙරුවන් සරණ ගිය අය කියන්නෙ ධර්මය සරණ ගිය අය කියන එකයි.
    සරණ ගියා කියන්නෙ ධර්මය පිළිබදව සියල්ල දන්නවා කියන එක නෙවෙයි. ධර්මය ඉගෙන ගන්න ලෑස්තියි කියන එක.

    1. මට කියන්න පුළුවන් Superman කියල කෙනෙක් වෙන ග්‍රහ ලෝකයක ඉන්නවා කියල. DC Comic ල ගේ කතා කියවල බැලුවම . එහෙම කෙනෙක් නැහැ කියල කොහෙවත් කියල නැහැ . ඒ වගේම Superman නැහැ කියල විද්‍යාව ඇතුලේ කොහෙවත් ප්‍රතික්ෂේප වෙලා නැහැ.

    2.බුදු දහම ඇතුලේ අන්ධ භක්තියට ඉඩක් නැහැ .

    හෙළයෙක්;22420061 said:

    කෙනෙක් විශ්වාස කරන්නෙ නැත්තන් පරමාණුව කියන්නෙ මෙන්න මේ වගේ දෙයක් කියල එයාට කවදාවත් පරමාණුව මොනවගේද කියල ප්‍රත්‍යක්ෂ කරගන්න වෙන්නෙ නෑ. ඒ ඔප්පු කරගත්තත් ඒ ගැන සැකයෙන් බලන නිසා තමා ඩෝල්ටන්ගෙ පුඩිමෙ ආකෘතියෙ ඉදල මේ දක්ව පරමාණුව මෙන්න මේ වගේ කියන තැන දක්වා ගෙනාවෙ සහ ඉදිරියට ගෙනියන්නෙ.
    [ ඔබ ගණිතය උසස් විදියටම ඉගෙන ගෙන නැත්තන් බින්දුව, ශුන්‍ය, සරල රේඛාව, ලක්ෂය කියන්නෙ විශ්වාසයන් විතරයි. ඔය කියන දේවල් ප්‍රත්‍යක්ෂ වෙන දෙයක් නෙවෙයි කාටවත්ම ගණිතයෙන් ඔප්පු කරගන්නකන්. හැබැයි ඒක ප්‍රත්‍යක්ෂ වෙන්නෙ නෑ කියල ඉස්සරහට ඉගෙන ගියෙ නැත්තන් ඔප්පු කරගන්නත් බෑ.

    ගොඩක් වෙලාවට අපි අයිති වෙන මානෙ ඇතුලෙ තියෙන දේවල් විතරයි අපිට ගෝචර වෙන්නෙ විශේෂ ක්‍රම විදි නැත්තන්. ]

    නැවතත් කියන්නේ විද්‍යාවේ අන්ධ විශ්වාසය කියල දෙයක් නැහැ. පරමාණුවේ හැඩය තීරණය කරන්නේ සාක්ෂි මත එහෙම නැත්නම් සංකීර්ණ ගණිත ක්‍රියාවලි හරහා.

    බින්දුව , ලක්ෂය , සරල රේඛාව , ශුන්‍ය මේවා විද්‍යාත්මකව ඔප්පු කරන්න පුළුවන් නිසා තමයි ගණිතය දැනට භාවිතා වෙන්නේ.

    උදාහරණයක් වශයෙන් දැනට විදුලිය කියල දෙයක් හොයාගෙන , ඒ ගැන පරීක්ෂණ කරලා තියනව විදුලිය එක්ක වැඩකරන්න මට විදුලිය ගැන ගැඹුරටම හොයන්න ඕනේ නැහැ . එත් මට සැකයක් අවොත් ඕනෑම මොහොතක විදුලිය ගැන ගැඹුරින් කරලා තියන පරීක්ෂණ බලල ඒවා තහවුරු කරගන්න පුළුවන්. එහෙම නැතුව මට අන්ධ විශ්වාසයක් තියාගන්න ඕනේ නැහැ . මේක මෙහෙම වෙන්න ඇති කියල

    හෙළයෙක්;22420061 said:

    ධර්මයෙ සහ විද්‍යාවෙ තියෙන වෙනස තමා ඕක. විද්‍යාවෙන් කොච්චර දෙයක් හොයාගත්තත් ශුවර් නෑ හෙට එළි වෙනකොට වෙනසක් වෙලා තියෙයිද කියල. ධර්මය එහෙම නෑ අද ඉගෙන ගත්තත් හෙට ඉගෙන ගත්තත් තව අවුරුදු 1000කින් ඉගෙන ගත්තත් වෙනසක් නෑ. එතන තියෙන්නෙ නිරපේක්ෂ සත්‍ය නිසා. හැබැයි ප්‍රත්‍යක්ෂ අවබෝධය එක එකනාට ලැබෙන ප්‍රමාණය වෙනස් වෙනව.
    විද්‍යාවෙදිත් එහෙම ප්‍රත්‍යක්ෂ අවබෝධය වැඩි වෙන්න වෙන එක එක පට්ටම් ලැබෙනව මාස්ටර්, පීච්ඩී. ධර්මයත් එහෙමයි සොවාන්, රහත් ඔය විදියට.

    ධර්මය ගැන පරික්ෂණ කරන්න විද්‍යාත්මක ක්‍රම වේද ඇතුලෙ දැනට ක්‍රමයක් නෑ. ශක්තිය පදාර්ථ වීම ගැන තියෙන පරීක්ෂණ වල නිරික්ෂණ ගැන එහෙම යම් යම් ඉගි නන් බුද්ධ දේශනාවල අඩංගු වෙලා තියෙනව.
    විද්‍යාත්මක නෑ කියන්නෙ විද්‍යාත්මක ක්‍රමය ගැනවත් නොදන්න නිසයි.විද්‍යාත්මක ක්‍රමය දන්නව නන් ඒක පාවිච්චි කරන්න පුළුවන් ත්ත්ව ගැනත් දැනගන්න ඕනි.

    දේවවාදී ආගම වල තියෙන්නෙ ඔය විදිය නෙවෙයි දෙවියො මෙහෙමලු කරල තියෙන්නෙ කියල පටන් ගන්නෙ එතන අර විදියෙ ක්‍රම වේදයක් නෑ.

    දේවවාදී ආගම් වලට බැන බැන උඹල කරන්නෙත් ඒ වැඩේම තමයි. දෙවියන් ප්‍රත්‍යක්ෂයෙන් කියපු කරුණු හරි කියල ඒගොල්ලොත් තර්ක කරයි. විද්‍යාව ෂුවර් නැහැ කියල ඒගොල්ලොත් කියයි.

    එත් බුද්ධ දර්ශනය ඇතුලේ පරීක්ෂණ කරලා තර්ක කරලා හොයල බලන්න කියල ඉඩක් දීල තියනවා. එත් උඹල කරන්නේ නැත්තෙත් එකම තමයි
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,511
    100,683
    113
    දැන් එහෙම දිවිය ලෝකයක් නැහැ කියල ඔයා කියනවද ? ඉස්ස්සර දන්නේ නැති දේවල් තමයි කොහොමත් දැන් දන්නේ , එක දන්නෙත් විද්‍යාව නිසා ,නැතුව ආගමෙන් කියල දීපු දෙයක් නැහැනේ ?ඔයා බුදුහාමුදුරුවෝ ඉපදුන ගමන් ඇවිද්ද එතකොට නෙලුම් මල් පිපුන කියල පිළිගන්නවද ? නැත්තම් මේවා ඔක්කොම කතුවරයෝ දාන ඒවාද ...ඔයා දන්නා විදිහට කතුවරයෝ දාල තියන ටික වෙන් කරලා පිරිසිදුම බුද්ධ ධර්මය කියල ඒවා කොහේ හරි පොත්වල තියනවද ? ඒවගේ විදිහට මෙහෙම දෙවිවරු නැද්ද ? මෙහෙම දිවිය ලෝක නැද්ද "පරික්ෂා කර නොහැකි " ඒවා ..ඇයි ඒවා පරික්ෂ කරන්න බැරි ඔය පරික්ෂ කරන්න තියා ඉස්සර මිනිහෙක්ට හිතාගන්නවත් බැරි පෙන්නේ නැති දේවලින් අපි වැඩ ගන්නවද ? කොහොමද පරික්ෂ කරන්න බැරි මානයක් කියල හරියටම කියන්නේ ... දැන් එහෙම ලෝකෙක දවස් 2 වත් ජිවත් වෙලා නැති මනුස්සයෙක් කොහොමද විශ්වයේ ඇත්ත ඒ ජීවින් වර්ගයාට කියල දෙන්නේ ? අපි විශ්වය දිහා අවරුදු 100 බලාගෙන ඉන්න ඇති එක්කෙනක් වැඩිම උනොත් ,එක එක දවසක් වෙන ජීවියා අපිට වැඩිය කොච්චර දේවල් දන්නවා ඇතිද මේ විශ්වය ගැන ..ඔන්න එහෙ බුදු වෙලා මෙහෙ ඇවිත් කියල දුන්නොත් අපිට හරි ඔයාල ඉක්මනට මැරෙනවා අපි දවසකට දකින දේවල්වත් ඔයාල දකින්නේ නැ කියල එක වෙනම දෙයක්

    ඇයි බන් ත්‍රිපිටකය එතන තියෙන කාරණා තමා ධර්ම කාරණා.

    මම කොහෙවත් කිව්වෙ නෑ පරීකෂණ කරන්න බැරි මානයක් කියල මම කියල තියෙන්නෙ ඒක පරීක්ෂණ කරන්න අවශ්‍ය දැනුම අපි ලග දැනට නෑ කියල.

    විද්‍යාවෙ එහෙම පරීක්ෂණ තියෙනව විශේෂ තත්ව යටතෙ විශේෂ දැනුම යටතෙ කල යුතු ඒව අපිට ගෙදර නෙට් එකෙන් බලාගෙන කරන්න බෑ.

    //දැන් එහෙම ලෝකෙක දවස් 2 වත් ජිවත් වෙලා නැති මනුස්සයෙක් කොහොමද විශ්වයේ ඇත්ත ඒ ජීවින් වර්ගයාට කියල දෙන්නේ ?

    මේක නන් සිරා කතාවක් බන් උබ හිතන විදියට පට්ටම උදාහරණයක්. උබ ලග උනත් විද්‍යාත්මක පරීක්ෂණ ගැන තියෙන්නෙ හරිම අදහසක් නෙවෙයි කියන්න පට්ටම එක්සම්පල් එකක් දීල තියෙන්නෙ.

    උබ දැන් ටිකක කලින් කිව්ව ප්‍රති අංශු එහෙම ඇති කියල හිතල පරීක්ෂණ කරේ මුලින්ම ඒක විශ්වාසයක් විතරයි අර කලින්ම කියපු විද්‍යාත්මක පරීක්ෂණවල තියෙන පියවර 5 ඉවර වෙනකන්. හැබැයි එහෙම ඔප්පු උනත් ඒ දේවල් අත්දැකපු කෙනෙක් නන් මේ වෙනකන් ලෝකෙ නෑ. ඒත් ඒව උබ පිළිගන්නව. හරි නන් උඩ ඔය කියල තියෙන කොටසට අනුව නන් ඒ අංශු ගැනත් උබට පිළිගන්න බෑ.

    ආයෙ පාරක් පුළුවන් නන් මම ඔය විද්‍යත්මක පරීක්ෂණයක් කියන දේ ගැන දාපු කොටස කියවල බලපන්.

    කොහොමත් විද්‍යාත්මක දැනුම සහ බුද්ධ ධර්මය වෙනස්ම ක්ෂෙත්‍ර දෙකක්. ඒ ක්ෂෙත්‍ර දෙකම ගැන අවබෝධයක් නැති අය උත්සාහ කරනව ඔය දෙක සමපාත කරන්න.

    සිංහල බුද්ධාගම සහ බුද්ධ ධර්මය කියන්නෙ දෙකක් ඒ දෙක එකට ගන්න එපා. සිංහල බුද්ධාගම සංස්කෘතියක් එක්ක බැදුන දෙයක් ඒක ඇතුලෙ බුද්ධ ධර්මය තියෙනව ආරක්ෂා වෙලා. හරියට වතුර ටිකක් භාජනයක දාල තියෙනව වගේ. හැඩය භාජනයේ හැඩය උනාට වතුර වලට තියෙන්නෙ භාජනයෙ ගති ගුණ නෙවෙයි.

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,511
    100,683
    113
    ඉතින් බන් ඔය කියන විදියට ක්වන්ටම් පිස්ක්ස්වලටත් වඩා තියරි සෙට් එකක් තියෙන්න පුළුවන්නෙ ඉස්සරහට.
    මම නන් දන්න විදියට නිව්ටන්ගෙ තුන්වෙනි නියමෙ එහෙම නන් වැඩ කරන්න පුළුවන් රාමුවෙන් ගොඩක් එහා තියෙන්නෙ ක්වන්ටම් වල තියරි. ඒවට වෙනම සමීකරණ තියෙන්නෙ.

    නැවතත් කියන්නේ විද්‍යාවේ අන්ධ විශ්වාසය කියල දෙයක් නැහැ. පරමාණුවේ හැඩය තීරණය කරන්නේ සාක්ෂි මත එහෙම නැත්නම් සංකීර්ණ ගණිත ක්‍රියාවලි හරහා.

    බින්දුව , ලක්ෂය , සරල රේඛාව , ශුන්‍ය මේවා විද්‍යාත්මකව ඔප්පු කරන්න පුළුවන් නිසා තමයි ගණිතය දැනට භාවිතා වෙන්නේ.

    මගේ අදහස වෙනස් විදියකට ඔය තේරුම් අරන් ඉන්නෙ.

    ඔබ ගණිතය උසස් විදියටම ඉගෙන ගෙන නැත්තන් බින්දුව, ශුන්‍ය, සරල රේඛාව, ලක්ෂය කියන්නෙ
    ප්‍රත්‍යක්ෂන් විතරයි. ඔය කියන දේවල් ඔප්පු වෙන දෙයක් නෙවෙයි කාටවත්ම ගණිතයෙන් ඔප්පු කරගන්නකන්. හැබැයි ඒක ඔප්පු වෙන්නෙ නෑ කියල ඉස්සරහට ඉගෙන ගියෙ නැත්තන් ඔප්පු කරගන්නත් බෑ.

    ඔබ ගණිතය ඉගෙන ගෙන නැත්තන් උසස් විදියට ඒක ඔප්පු කරල පෙන්නන කිව්වොත් ඇයි එහෙම වෙන්නෙ ඇහුවොත් දෙන්න තියෙන සරල උත්තරය තමා ඔයා දීල තියෙන්නෙ ඒක ඔප්පු කරල තියෙනව නමුත් ඒක ඔප්පු කරන්න ඔයාට බෑ ඒක ඔයාට සාපේක්ෂව විශ්වාසයක් විතරයි ප්‍රත්‍යක්ෂයක්වත් නෙවෙයි.

    වෙන ඒ සම්බන්ධව දැනුම තියෙන කෙනෙක් ඔප්පු කරල තියෙනව ඒක නිසා ඒක සත්‍යයයි.

    ගණිතය 8 වසරට ඉගෙන ගත්ත කෙනෙක්ගෙ ඇහුවොත් 1+1=2 ද කියල ඔව් කියනව ඇයි එහෙම වෙන්නෙ කියල ඇහුවොත් පෙන්නන්න පුළුවන් විදිය තමා ගල් කෑලි දෙකක් අරගෙන දැන් දෙකයි කියල පෙන්නන් එක. ඒක ගණිතමය ආකාරයකට පෙන්නන්න පුළුවන් වෙනකන් අපි ලියන්නෙ අන්තිම උත්තරේට ප්‍රත්‍යක්ෂ‍යයි කියල. සාධනය කරල පෙන්නන් කිව්වොත් බෑනෙ කරන්න. හැබැයි එයාම තව ටික දවසක් මහන්සි වෙලා තව ඉස්සරහට ඉගෙන ගත්තොත් 1+1=2 කියල සාධනය කරල පෙන්නන පුළුවන් තියරියක් ඉගෙන ගන්නව තාත්වික ගණිතය කියන කොටසෙදි. හැබැයි ඒක ඉගෙන ගන්න එනකන් එයා 1+1=2 කියල දන්නෙ සාධනය කරල බලල නෙවෙයි තව කෙනෙක් කරපු දෙයක් හරි කියල හිතන නිසා.

    ඔය දේම වෙන දැනුම පද්ධතියකත් කරන්න බැ කියල කියන්නෙ කොහොමද?

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    හෙළයෙක්;22424057 said:
    ඉතින් බන් ඔය කියන විදියට ක්වන්ටම් පිස්ක්ස්වලටත් වඩා තියරි සෙට් එකක් තියෙන්න පුළුවන්නෙ ඉස්සරහට.
    මම නන් දන්න විදියට නිව්ටන්ගෙ තුන්වෙනි නියමෙ එහෙම නන් වැඩ කරන්න පුළුවන් රාමුවෙන් ගොඩක් එහා තියෙන්නෙ ක්වන්ටම් වල තියරි. ඒවට වෙනම සමීකරණ තියෙන්නෙ.

    ක්වන්ටන් භෞතිකය කියන්නෙ සරලව අනියතතා මූලධර්මය මත්තෙ පදනම් වෙච්ච එකක්. ඒකට අනුව කිසිම දෙයක් ගැන 100% නිවැරදිව උත්තර දෙන්න බැහැ. මම හිතන්නෙ බුදු හාමුදුරැවො පවා කතා කරන්නෙ එහෙම දෙයක් ගැන.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,511
    100,683
    113
    1. මට කියන්න පුළුවන් Superman කියල කෙනෙක් වෙන ග්‍රහ ලෝකයක ඉන්නවා කියල. DC Comic ල ගේ කතා කියවල බැලුවම . එහෙම කෙනෙක් නැහැ කියල කොහෙවත් කියල නැහැ . ඒ වගේම Superman නැහැ කියල විද්‍යාව ඇතුලේ කොහෙවත් ප්‍රතික්ෂේප වෙලා නැහැ.

    2.බුදු දහම ඇතුලේ අන්ධ භක්තියට ඉඩක් නැහැ .

    දේවවාදී ආගම් වලට බැන බැන උඹල කරන්නෙත් ඒ වැඩේම තමයි. දෙවියන් ප්‍රත්‍යක්ෂයෙන් කියපු කරුණු හරි කියල ඒගොල්ලොත් තර්ක කරයි. විද්‍යාව ෂුවර් නැහැ කියල ඒගොල්ලොත් කියයි.

    එත් බුද්ධ දර්ශනය ඇතුලේ පරීක්ෂණ කරලා තර්ක කරලා හොයල බලන්න කියල ඉඩක් දීල තියනවා. එත් උඹල කරන්නේ නැත්තෙත් එකම තමයි

    ඔව් පුළුවන් සුපර් මෑන් නෑ කියල කවුරුවත් පිළිගන්නවද නැද්ද කියන එක මත ඒකෙ සත්‍ය අසත්‍ය තාව තීරණය වෙනෙ නන් නෑ. හැබැයි සුපර්මෑන් නිර්මාණය කරපු කෙනාම කියනව නන් මේක මගෙ නිර්මාණයක් කියල ඒක ඒත් කවුරුහරි හිතනව නන් සුපර්මෑන් ඉන්නව කියල එතන නන් පොඩ්ඩක් මොළේ චෙක් කරන්න වෙනව ඒ මනුස්සයගෙ.

    අන්ධ භක්තියක් ගැන නෙවෙයි අදහස් කරල තියෙන්නෙ ශ්‍රද්ධාව කියන දේ ගැන.

    විද්‍යාව ශුවර් නෑ කියල මම කොහෙකවත් කිව්වෙ නෑ. විද්‍යාව සහ බුද්ධ ධර්මය කියන්නෙ සම්පූර්ණයෙන්ම වෙනස් දැනුම පද්ධති දෙකක් ඔය දෙක ගලපන එක කොහොමටවත් කරන්න බෑ.

    ඔව් ඉඩක් දීල තියෙනව දැන්නවද ඒ දැනුම පරීක්ෂා කරන්න තියෙන දැනුම පද්ධතිය මොකද්ද කියල.

    සම්පූර්ණයෙන්ම වෙනස් විෂයන් දෙකක් සමාන කරගෙන පරීක්ෂණ කරන්න තරම් නොමේරූ ළදරුකමක් බහුතර බෞද්ධයන්ට නැති එක ගැන නන් මම සතුටු වෙනව.

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,511
    100,683
    113
    ක්වන්ටන් භෞතිකය කියන්නෙ සරලව අනියතතා මූලධර්මය මත්තෙ පදනම් වෙච්ච එකක්. ඒකට අනුව කිසිම දෙයක් ගැන 100% නිවැරදිව උත්තර දෙන්න බැහැ. මම හිතන්නෙ බුදු හාමුදුරැවො පවා කතා කරන්නෙ එහෙම දෙයක් ගැන.
    තාම කල් වැඩි හරියටම කියන්න ක්ලැසික් පිසික්ස් එක්ක ගත්තම තාම අතදරු මට්ටමෙ තියෙන්නෙ ඔය සබ්ජෙක්ට් එක.

    කොහොම මොන පාරෙ මොන වාහනේ ගියත් කතරගම යනව නන් අන්තිමට නතර වෙන්න ඕනි කතරගමනෙ.

    සත්‍යතා දෙකක් තියෙන්න විදියක් නෑනෙ එකයි නෙ ඇත්තෙ. විද්‍යාවත් ටික ටික අලුත් වෙවී යන්න ඔනෙ ඔය කියන සත්‍යම දේ හොයාගන්න නිසා කොහොමත් අන්තිමට එක තැනකට එයි කියල තමා හිතෙන්නෙ.

    බටහිර අය නහය අල්ලන්නෙ ඔළුව වටේ අතදාල උනාට පෙරදිග අය නිකම්ම නහය ඇල්ලුවද දන්නෙ නෑනෙ.
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,203
    2,102
    113
    උඹ අවුරුදු 2500 කට කලින් කියල තිබුන දෙයක් ඇත්ත කියල පිළිගන්නේ කුමක් පදනම් කරගෙනද ?

    P. S Earlier I have not placed my following reply at hs question.

    ඒකායනණ් මග්ගෝ අයන්භික්ඛවේ, සත්තානන් විසුද්ධියා දුක්ඛදෝමනස්ස සමතික්ඛමාය ඥායස්ස අධිගමාය නිබාන සච්චකිරියාය,යදිධන් චත්තාරෝ සතිපට්ඨානෝ..

    බුදුරදුන් වදාලේ නිවන පිනිස ඇත්තේ එකම මාර්ගයයි. ඒනම් සතර සතිපට්ඨානයයි.... එනම් මාර්ගයිමාර්ග්යයි
    එනම් චතුරාර්‍ය සත්ත්‍යයේ හතරවන සත්‍යයයි.මෙය වඩන කෙනෙක්ට ධර්මයේ ඇති සන්දිට්ඨික (තමන්ටම මෙය ප්‍රත්‍යක්ෂ කරගැනීම ) ගුණය දැකිය හැකියි.

    මෙය කායේකායනුපස්සනාව, චිත්තේචිත්තනුපස්සනාව , ධම්මේ.. ,වේදනාසුවේදනනුපස්සනාව ලෙස කොටස් 4කි.
    (පැහැදිලි කිරීම ටයිප් කිරීමට අපහසුය )

    චිත්තනුපස්සනාවේ මෙහෙම කියනවා..
    අපතුල පහලවෙන සිත්වර්ග 9කට කැටගරයිස් කරන්න පුලුවන්.
    රාග සිත, වීතරාග සිත.1
    දෝස සිත වීත දෝස සිත.2
    මෝහ සිහ සමෝහ සිත..3
    ..
    ..

    සාමන්‍ය අවස්තාවේදී සත්වයාට වැඩිවශයෙන් පහලවෙන්නේ ඉහත , වම්පසඇති සිත්.තව විදියකට කෙටිකර කිව්වොත් ඇලීම,ගැටීම් වලින් සම්ප්‍රයුක්ත සිත්.කෙලෙස්වකින් බරිත සිත්.එක්කෝ කැමැත්තක් එක්කෝ අකමැත්තක්.එනම් කැමැත්ත්හ මුල්කරගන සිත්පහල වීමයි.ඒකෙන් සත්ත්වයෑ මේභවයෙන් ගමන කෙලවරවෙන්නේ නැතිබව උගන්නනවා.ඒසදහා මේ කැමැත්ත මුල්කරන් සිත්පහලවීම , අරමුනක් හේතුවෙන් පහල වීමක් මිස මම නෝවන බව දකින්න කියනවා.අරමුන නිසා පහල උන, ඒ තැනම නිරුද්ධ උනා.එය ආසාකරන,කැමති අරමුනක්නම් අයේ අරමුන ඇතුලට ගත්ත සිතපහල කරගත්ත.ඒත් ඒසිතත් ඒ ඒතැනම් තත්පරයෙන් නිරුද්ධ උනා.මේකට පටිච්ච සමුප්පද ක්‍රියාවලියකියලා කියනවා.(විස්තර කරන්න බෑ, මෙතන ).
    දැන් මෙය නැවැත්වීමට ක්‍රමවේදය කියලාදෙනවා,ඒ කොහෙද..උඩ

    දැන් ආරාන්‍යගතව වාසය කරන යෝගාවචරයාට කියනවා.

    සමෝහන්වා චිත්තන් සමෝහන් චිත්තන්ය්හි පජානාති කියලා.
    මෝහ සිතක් ආවිට ඒපිලිබද සිහියෙන් සිට එබහව දකින්න කියලා.

    රාගන්වා චිත්තන් රාගන් චිත්තන්ති පජානති..
    (රාග සිතක් ආවිට ඒබව දැනගන්න කියලා..)

    එවිට ප්‍රතිඵලය කිමක්ද.. කරලා බලන්න පුදුමයි

    රාගය අදුරගත්සැනින්, අයේ රාග සිත පහලවෙන්නේ නෑ, රාගය අරමුනු කරන සිතක් .වෙනදා නැවත නැවතත් රාග සිත් ඔස්සේ රෝන්දගහන කෙනාට, දැන් පහලවෙන්නේ වීතරාගී සිතක්

    මේ විදියට සිහියෙන් සිත් දකිමින් ( සම්පජානෝ, පජානාති ) වාසයකරනවා.. [extend to vpssna]
    නිවන නෙවෙයි, ඕක ප්‍රායෝගිය ජීවිතයේදී යොදල බලන්න

    මේ ඔය පොඩි ස්ටෙප් එකක් පමනයි.

    මේ ලෙස චිත්තධාරාව ඇලීම් හා ගැටීම් ඔස්සේ ගලායම ( අනුසෝතගාමී වැඩපිලිවෙල ) , නවත්තන වැඩපිලිවෙල ඇරඹෙයි.වසර 2500කට කලින් කී වැඩපිලිවෙල තහවුරුකරන්න මෙය විතරක්ම වුව මට ප්‍රමාණවත්.

    Last edited:

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    හෙළයෙක්;22420061 said:
    කල්පිතය වැරදියි කියන්නෙ අපි පවත්වන පරික්ෂණය පවත්වන්න පුළුවන් උනොත් විතරයි. උදාහරණයක් විදියට ඔය දෙවිවරු ඉන්නවද නැද්ද කියන එක ඔය විදියට විද්‍යාත්මක ක්‍රමයට පරීක්ෂණය කරගෙන ආවොත් ඔය කියන විද්‍යාත්මක ක්‍රමවේදය ඇතුලෙ පරීක්ෂණයක් කරන්න අවශ්‍ය දැනුම නෑ අපි දැනට දන්න ක්‍රම වේදයන් ඇතුලෙ.

    ඔයත් වටෙන් ගිහිල්ල ඇවිත් නතර වෙන්නේ මං ගේන තර්කයේම එක් ලක්ෂ්‍යයක තමයි... මම දිගින් දිගටම කියන්නේ ලෝකයේ සියලූම ආගම් සංකල්පනාවක් මත පදනම් වූ දර්ශනයන්... ඔයා කියනවා ආගමක අවසන් ඵලය නැමති කල්පිතය නිවැරදිද කියා සෙවීමට තරම් දැනුමක් මිනිසා තවම ළගාකරගෙන නෑ කියලා... ඒ කියන්නේ කල්පිතය සත්‍ය අසත්‍ය වීමට තියෙන සම්භාවිතාව 50% ක්.... ඇතැම් විට ඒ කල්පිතයට යමක් ඌණ පූරණය කොට යම් කොටසක් නිශේධ කර හෝ මේක තමයි සත්‍ය කියල කියන්න පුලූවන් වේවි... දැන් මේ ත්‍රෙඞ් ගණනාවක සාකච්ඡුා කරන්නේ බුද්ධාගම පරම සත්‍යය වේ කියන තර්කය වටායි... (මම බුද්ධාගම විතරක් නෙවෙයි අනෙක් සියලූම ආගම් සම්පූර්ණයෙන් ම හෝ ඉන් එක් ආගමක් හැර අනෙක් ආගම් සියල්ලම අසත්‍ය වීමට හැක කියන මතයේ ඉන්නේ....) ඔයාම කියනවා නම් අසත්‍ය බව ඔප්පු කර නැත කියා ඒ තුළම තියෙනවා සත්‍ය බව ද ඔප්පු කර නැත කියලා....

    මම බුද්ධාගමම උදාහරණයකට ගන්නේ වෙනත් ආගම් සම්බන්ධ අය සංවාදයට එන්නේ නැති නිසා.. ඒ හින්ද කවුරු හරි කියනවා නම් මම බුද්ධාගමට පහර ගහන්නේ වෙන ආගමක් ප‍්‍රමෝට් කරන්න කියල නං ඒක සම්පූර්ණයෙන්ම බොරුවක්.... මෙතන බෞද්ධයින් වැඩිපුර සිටින නිසාත්, ඔවුන් සෑම විටම බුද්ධාගම පරම සත්‍ය යැයි කියන නිසාත් බුද්ධාගම නිදසුන් කර ගන්නවා....

    බුද්ධාගමේ අවසන් ඵලය නිවන... නිවන සත්‍ය අසත්‍ය බව දැනට විද්‍යාත්මක ක‍්‍රමවේදයකට ඔප්පු කරල නෑ... ඒක පසෙකින් තබමු... බුද්ධාගම සම්බන්ධව කරුණු ගෙන හැර දැක්වීමට බෞද්ධයින් භාවිතා කරන්නේ බුද්ධ භාෂිතය යැයි කියා ගන්නා මූලාශ‍්‍රයන්... ඒ හින්ද බුදු දහම සත්‍ය යැයි කීමට බුදු දහමේ මූලාශ‍්‍රයන් උපයෝගි කරගතොත් කවදාවත් බුදු දහම අසත්‍ය වෙන්නේ නෑ.. මොකද ඒ මූලාශ‍්‍රයන් සැකසී ඇත්තේම බුදු දහම සත්‍ය යැයි හේත්තු ගැන්වීමටය...

    ඒ අනුව බුද්ධාගම නිවැරදි යැයි කියන මූලාශ‍්‍ර කෙතරම් දුරට විශ්වසනීයත්වයක් දක්වනවා දැයි සොයා බැලීමෙන් මේ සදහා උත්තරයක් ගැනීම ඉතාම පහසුයි... අවශ්‍ය නම් මෙතනින් එහාට කරුණු දැක්වීමට මම ලෑස්තියි....
     
    අපි ඔය වගේ දේවල් ගොඩක් ඉගෙන ගනිමින් ඉන්නව මේ වෙනකොට ඒ ඒ විශයන් වල ඉගෙනීම ආරම්භයේදීම සමහර සරල දේවල් ඔප්පු කරන්නෙ නැතුව ප්‍රත්‍යක්ෂ්‍යයෙන් හරි විශ්වාසයෙන් හරි. ඊට පස්සෙ තමා අපි ඒ දේවල් හරියටම තියරි විදියට ඔප්පු කරගන්නෙ.

    යම් විශයක මූලාශවල අඩුපාඩුවක් තියෙනව කියල හිතෙනව නන් අපි කරන්නෙ ඔනි ඒ මූලාශ ටික හොයාගන්න එක.

    හැම විශයකම දර්ශනයක්මත් එහෙම තමා. ඒ විශය සම්බන්ධයෙන් තියෙන සියලුම මුලාශ සකස් වෙන්නෙ ඒ විශය හරි දර්ශනය හරි හරි කියන්නම තමා.

    අපි ගණිතයෙන් ඉගෙන ගන්න දෙයක් බොරු හරි වැරදි හරි කියන්න පාචිච්චි කරන්නෙත් ගණිතකර්මයක්ම මිස සාහිත්‍ය පාඨයක් නෙවෙයි නෙ.

    සරලවම මම කියන්නෙ බුද්ධ ධර්මය, විද්‍යාව, ගණිතය කියන්නෙ වෙනම විශයන් ඕව්ව එකමත එක යන අවස්ථා තිබ්බේ නමුත් වෙන වෙනම තියෙන විශයන් සහ දැනුම පද්ධති එකමත එක සමපාත කරන්න යෑම මෝඩ වැඩක්.

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,203
    2,102
    113
    හෙළයෙක්;22424622 said:

    හරියට යම්දිගක් ලීටර් වලින් මනින්න යනවාවගේ.
    . Very logical
    :cool::cool:
     
    ඔයා මට එකගව නැති තර්කයට ආවාට ඔයත් ඉන්නේ මගේ මතයේම තමයි....
    ඔයාගෙයි මගෙයි වෙනස තමයි ඔයා ඔයා බෞද්ධයෙක් නිසා බුද්ධාගම සත්‍යයැයි කීමට මූලාශ‍්‍ර සොයනවා...
    මම සත්‍ය ද අසත්‍ය ද යැයි සෙවීමට උත්සහා කරනවා... ඔයා එක් අන්තයක් බලං ඉන්නවා මම පැත්තකට ගැති නොවී ඉන්නවා....

    ගණිතය, විද්‍යාව වගේ විෂයන් හා දර්ශනය අතර ලොකු වෙනසක් තියෙනවා... විද්‍යාව, ගණිතය වගේ නියමයන් ප‍්‍රමේයන් නිසියාකාරව සාධනය කරල ඔප්පු කරල තියෙනවා... ඒකට රට අනුව උත්තර දෙකක් ලැබෙන්නේ නෑ... හැබැයි දර්ශනයක දී ඒක වෙනස් වෙනවා... දර්ශනයක් සඳහා අර්ථකථන ගොඩක් තියෙනවා....

    මේ විෂයන් සියල්ලම අරගෙන මාතෘකාවට බහින්නේ ඔයා මිසක මම නෙවෙයි....

    අනෙක් අතට මම කිව්වේ අඩු පාඩු මූලාශ‍්‍ර නෙවෙයි දැනට තියෙන මූලාශ‍්‍රවල විශ්වසනීයත්වය පිළිබඳව ප‍්‍රශ්නාර්ථයක් පැන නැගෙනවා කියලයි.. ඒ ගැන පැහැදිලි නැත්තං මම පැහැදිලි කරන්න සූදානම්.... :)
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83

    Pathfinder ඇත්ත කරණය මේකයි සාමාන්‍ය පුද්ගලයෙක්ට වඩා ටිකක් හෝ චින්තන ශක්තිය වැඩි පුද්ගලයින්ට පුළුවන් ආගම් වල බොහොමයක් තියෙන්නේ අතිශෝක්තියෙන් සහ ආගම වෙත් රදවා තබා ගැනීම උදෙසා ක්‍රියාත්මක වන වැඩ පිළිවෙලක් කියලා තේරුම් ගන්න . නමුත් ඒක කියන්න තරම් ආත්ම ශක්තියක් තියෙන්නේ කලාතුරකින් කෙනෙක්ට අනිත් දේ එහෙම දැනගත්තත් ප්‍රකාශ කරන්න යන්නේ නෑ . එමගින් තමන්ට සමාජයෙන් එකතු වන චෝදනා දන්නවා

    කිසියම් ආගමකින් වෙනත් ආගමකට සම්බන්ද උනොත් ඒ පුද්ගලයාට ගැටළුවක් නෑ
    නමුත් මධ්‍යස්ථ ප්‍රතිපදාවක් අනුගමනය කරොත් මිත්‍යාදෘෂ්ටික යෙක් ලෙස හැම ආගමකින්ම ඔහුට පහර ගහනවා . උදාහරණයක් විදිහට රජයක් පෙරලන්න ඕනේ නම් විරුද්ධ පක්ෂේ මිනිස්සු බල්ලෝ බලල්ලොත් එක්ක හරි වැඩ කරනවා වගේ .
     
    ප්‍රමේයක් සාධනයයි, ප්‍රැක්ටිකලි ප්‍රෝව් කිරීමයි දෙකක්.සාධනය කල පමනින් ඒක හරිම කියන්න බෑ.අනික තවත් දෙයක් සාධනයේදී උපකල්පන පාදක කරගන්නව.
    සමහර ඒවා තියනවා සාධනය පුලුවන්. ඒත් පැක්ටිකලි ප්‍රෝව් කරන්න සීමවාන් තියන.
     
    මොහොමඞ් කෙනෙක් ඉස්ලාම් යැයි කීමට ඔහුට අනන්‍ය වූ සහලක්ෂණ තියෙනවා... (සාතශිය බහුතරය)

    01. ඔහු හැම සිකුරාදාම සියලූම කටයුතු පසෙකලා එකම වෙලාවකට පල්ලියට රැුස්වෙනවා.
    02. දවසට අදාල නැමදීම ගණන නිවැරදිව කරනවා.
    03. වසරකට සැරයක් උපවාසයක් තමන්ට තමන්ම අවංක වෙලා කරනවා.
    04. අඩුම කලිසම ගලවල බැලූවොත් සුන්නත් කරල කියලත් පේනවා...

    දැන් අපි බලමු මේ බෞද්ධ යැයි කියාගන්නා අයගේ අනන්‍යතාවය කුමක් ද කියලා.... ඉතාමත් කණගාටුවට කරුණ බෞද්ධයාගෙන් බෞද්ධකමට අනන්‍ය ලක්ෂණ විද්‍යමාන වෙන්නේ නෑ.... සාතිශය බහුතරයට බෞද්ධ කියන නමට මුවහ වුණු කසිකබල් බෞද්ධයෝ... ඔවුන් අදහන්නේ තමන්ටම ආවේණික ආගමක්.... ඇතැම් බෞද්ධයෝ මාලිගාවට ගියේ නැතත් කතරගම දේවාලයට ගොඩවෙනවා.... තමන් අදන ගේ ඉස්සරහින් මෙම නිවසට බුදු සරණයි කියල ගහල මිනිස්සුන්ගේ සිතිවිල්ලක් විදියට කියවීමට උප්පරවැට්ටියක් දානවා... හැබැයි ඇස් වහ කටවහ වදියි කියල පැත්තකින් පඹයෙක් හෝ යකෙක්ගේ රූපයක් ගහනවා... වැඩියෙන්ම හදි හූණියම් අන වින කොඩි වින පස්සේ දුවන්නේ බෞද්ධයෝ... ලග්න පලාපල, තරුවල පිහිටීමෙන් තමන්ගේ කල්කි‍්‍රයාව කොහෙම වෙයිද කියල බලන්නේ බෞද්ධයෝ... තමන්ගේ ශාස්තෘවරයා විශ්වාස නැති නිසාද තවත් බලවේග පස්සේ පන්නන්නේ... සියදිවි නසා ගත්තොත් බෞද්ධයෙක්... දුෂනයක් සිදු වුණොත් බෞද්ධයෙක්... කරටි ගහල පාරේ වැටිල ඉන්නේ බෞද්ධයෙක්... කුඩු ගහල, ගංජ ගහල නන්නත්තාර වෙන්නේ බෞද්ධයෙක්.... එතකොට බෞද්ධයාට කියන අනන්‍ය ලක්ෂණය වෙන්නේ බුදු දහමට සම්පූර්ණයෙන්ම පිටින් සිටීමද... දැන් කෙනෙක් කියයි ලංකාවේ අතිශය බහුතරය බෞද්ධයෝ ඒ හින්ද වරදක් වෙන කොට බෞද්ධයෙක් වීමේ සම්භාවිතාව වැඩියි කියලා... පට්ටපල් බොරුවක්... බෞද්ධයෝ බහුතරයක් ඉන්නවා නම් ඒ බෞද්ධකම සමාජයේ සෑම පැත්තකින්ම විද්‍යමාන වෙන්න ඕන.. ඒක බෝගස්වලින් බුදු පිළිමවලින් විතරක් විද්‍යමාන වෙනවා නම් ඒක බුදු දහමට කරන නිගාවක්....

    ඒ හින්ද බහුතර බෞද්ධයෝ බෞද්ධ ලේබලය ගහගත්ත තමන්ටම වෙනත් අනන්‍ය වූ ආගමක් හදාගත්ත අවස්ථාවාදියෝ... සැබෑ මිථ්‍යාදෘෂ්ටිකයන් වෙන්නේ ඔවුන්...

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ප්‍රමේයක් සාධනයයි, ප්‍රැක්ටිකලි ප්‍රෝව් කිරීමයි දෙකක්.සාධනය කල පමනින් ඒක හරිම කියන්න බෑ.අනික තවත් දෙයක් සාධනයේදී උපකල්පන පාදක කරගන්නව.
    සමහර ඒවා තියනවා සාධනය පුලුවන්. ඒත් පැක්ටිකලි ප්‍රෝව් කරන්න සීමවාන් තියන.

    ගොඩක් දුර්වල තර්කයක්.... ප‍්‍රමේයක් සාධනය කරනවා කියන්නෙම ප‍්‍රායෝගිකව ඔප්පු කරනවා කියන එකනේ බං... උදාහරණයක් විදියට ලෝකයේ ඉදිවන සියලූම විශාල ඉදිකිරිම් සඳහා යොදාගන්නේ සාධනය මගින් ප‍්‍රායෝගිකයි කියල ඔප්පු කරපු දේවල්.... පුංචි උදාහරණයක් කියන්නම්...

    සීල් කරපු වීදුරු පෙට්ටියක් තුළ මිනිහෙක් දාලා ක‍්‍රමයෙන් වාතය ඉවත් කරලා ශුන්‍ය ගුරුත්වයක් නිර්මාණය කරන කොට මිනිසා පාවෙන්න ගන්නවා.... ඒක එහෙම වෙන්නේ කොහොමද කියල අද ඉන්නේ 5 පංතියේ ළමයෙක්ගෙන් ඇහුවත් කියනවා... ගුරුත්වකාර්ෂණය පිළිබඳ දැනුම ඒකටෙ ප‍්‍රමාණවත්... හැබැයි ඔය දේම දැනට අවුරුදු 2500 කට පෙර කවුරු හරි කලා නම් ඒක බලන මිනිස්සු පුදුම වෙනවා විතරක් නෙවෙයි බයෙන් තැති ගන්නවා... ඔවුන්ට ඒක හාස්කමක්... ඔවුන්ට ඒක හාස්කමක් වෙලා තියෙන්නේ බුද්ධියේ පරිචය පිළිබද ගැටලූවක් නිසා... ඔබ අද මාත් එක්ක මේ සංවාදයේ යෙදෙන්නෙත් පරික්ෂණ නිරීක්ෂණ නිගමනවලින් සත්‍යයැයි කියල ඔප්පු කළ දෙයක් නිසා... ඒ සාධනය කවදාවත් බොරු වෙන්නේ නැත්තේ මේ වෙන කොටත් ඒක අප ප‍්‍රායෝගිකව භාවිතා කරන නිසයි... හැබැයි දවසක ඒ දෙයටම තවත් නවාංග එකතු වී මිට වඩා කාරයක්ෂමවත්, පහසුවත් කරගන්න අවස්ථාවක් උදාවෙනවා.... මචං තර්කයකට උදාහරණයක් ගන්න කොට ඒ ගන්න උදාහරණේවත් ප‍්‍රායෝගික වෙන්න ගන්න බලපං....

    උඹ ඔය අන්තිම පේළියේ කියන දේවල් නම් මට තේරෙන්නේ නෑ... උඹ කියන්න හදන දේ පැහැදිලිව ලියාගන්න බැරිවෙලා වගේ.... :(
     
    ForgottenSand

    Well-known member
  • Jun 5, 2017
    1,244
    164
    63

    දැන් අපි බලමු මේ බෞද්ධ යැයි කියාගන්නා අයගේ අනන්‍යතාවය කුමක් ද කියලා.... ඉතාමත් කණගාටුවට කරුණ බෞද්ධයාගෙන් බෞද්ධකමට අනන්‍ය ලක්ෂණ විද්‍යමාන වෙන්නේ නෑ.... සාතිශය බහුතරයට බෞද්ධ කියන නමට මුවහ වුණු කසිකබල් බෞද්ධයෝ... ඔවුන් අදහන්නේ තමන්ටම ආවේණික ආගමක්.... ඇතැම් බෞද්ධයෝ මාලිගාවට ගියේ නැතත් කතරගම දේවාලයට ගොඩවෙනවා.... තමන් අදන ගේ ඉස්සරහින් මෙම නිවසට බුදු සරණයි කියල ගහල මිනිස්සුන්ගේ සිතිවිල්ලක් විදියට කියවීමට උප්පරවැට්ටියක් දානවා... හැබැයි ඇස් වහ කටවහ වදියි කියල පැත්තකින් පඹයෙක් හෝ යකෙක්ගේ රූපයක් ගහනවා... වැඩියෙන්ම හදි හූණියම් අන වින කොඩි වින පස්සේ දුවන්නේ බෞද්ධයෝ... ලග්න පලාපල, තරුවල පිහිටීමෙන් තමන්ගේ කල්කි‍්‍රයාව කොහෙම වෙයිද කියල බලන්නේ බෞද්ධයෝ... තමන්ගේ ශාස්තෘවරයා විශ්වාස නැති නිසාද තවත් බලවේග පස්සේ පන්නන්නේ... සියදිවි නසා ගත්තොත් බෞද්ධයෙක්... දුෂනයක් සිදු වුණොත් බෞද්ධයෙක්... කරටි ගහල පාරේ වැටිල ඉන්නේ බෞද්ධයෙක්... කුඩු ගහල, ගංජ ගහල නන්නත්තාර වෙන්නේ බෞද්ධයෙක්.... එතකොට බෞද්ධයාට කියන අනන්‍ය ලක්ෂණය වෙන්නේ බුදු දහමට සම්පූර්ණයෙන්ම පිටින් සිටීමද... දැන් කෙනෙක් කියයි ලංකාවේ අතිශය බහුතරය බෞද්ධයෝ ඒ හින්ද වරදක් වෙන කොට බෞද්ධයෙක් වීමේ සම්භාවිතාව වැඩියි කියලා... පට්ටපල් බොරුවක්... බෞද්ධයෝ බහුතරයක් ඉන්නවා නම් ඒ බෞද්ධකම සමාජයේ සෑම පැත්තකින්ම විද්‍යමාන වෙන්න ඕන.. ඒක බෝගස්වලින් බුදු පිළිමවලින් විතරක් විද්‍යමාන වෙනවා නම් ඒක බුදු දහමට කරන නිගාවක්....

    ඒ හින්ද බහුතර බෞද්ධයෝ බෞද්ධ ලේබලය ගහගත්ත තමන්ටම වෙනත් අනන්‍ය වූ ආගමක් හදාගත්ත අවස්ථාවාදියෝ... සැබෑ මිථ්‍යාදෘෂ්ටිකයන් වෙන්නේ ඔවුන්...

    ඇත්ත මචං, අද සමාජයේ බොහෝදෙනා නාම මාත්‍රික බෞද්ධයෝ, සමහර අයට යම්කිසි දැනුමක් තිබ්බත් හරියට දහමේ හැසිරෙන්නේ නෑ(මම වගේ:sorry:). බොහොම ස්වල්ප දෙනයි ඒ මාර්ගයේ ගමන් කරන අය ඉන්නේ. එක ධර්මයේ ගැටළුවක් නෙමෙයි, මිනිස්සුන්ගේ/සමාජයේ අවුලක්. මොකද තමාගේ ගැලවීම තියෙන්නේ තමාගේ අතේම නිසා, කිසියම් දෙවි කෙනෙක් ගාව නොවන නිසා.
    මිනිස්සු හරි කැමතියි තමාගේ ගැලවීම වෙන කෙනෙක්ට භාර දෙන්න.

    ත්‍රිපිටකයේ සුත්‍ර දේශනා 84000 ආසන්න ප්‍රමාණයක් තියෙනවා. මම එකෙන් 84 ක් වත් තාම හරියට ඉගෙන ගෙන නෑ. ධර්මය හරියට හදාරන්නේ නැතුව, අනිත් මිනිස්සු කරන දේ දිහා බලලා මේක සත්‍යද අසත්‍යද කියල නිගමනයකට එක එක හරි නෑ.
    ධර්ම මාර්ගයේ ගමන් කරන අයට ශ්‍රද්ධාව තියෙන්න ඕනේ(ත්‍රීවිධ රත්නය පිළිබඳව නොසෙල්වෙන පැහැදීම). වැරදි හොයන අදහසින් ධර්මය අහන අයට කවදාවත් අවබෝධ වෙන්නේ නැ. එක උපමා කරලා තියෙනවා සර්පයාගේ ඔලුවෙන් නැතුව සර්පයාගේ නැට්ටෙන් අල්ලන්න යන එකට. සැක ඇතිවෙන තැන් තියෙනවනම් ඒවා පැත්තකින් තියලා දිගටම ධර්මය හදාරන්න ඕනේ. එතකොට සැක තියෙන තැන් නැති වෙනවා.

    1+1=2 කියන එක ගැන සැක කර කර හිටියොත් කවදාවත් ගණන් පුළුවන් වෙන්නේ නෑ. එත් ගණන් ඉගෙන ගෙන යනකොට 1+1=2 කියල වැටහෙනවා.

    ධර්ම කාරණා ගැන වැඩියෙන්ම කතාකරන්න සුදුසු ධර්මධර ස්වාමීන් වහන්සේලා වගේ කල්‍යාණ මිත්‍රයෙක් එක්කයි. මොකද බොහෝ අයට අල්ප ධර්ම දැනුමක් තියෙන්නේ.:sorry:
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    ඇත්ත මචං, අද සමාජයේ බොහෝදෙනා නාම මාත්‍රික බෞද්ධයෝ, සමහර අයට යම්කිසි දැනුමක් තිබ්බත් හරියට දහමේ හැසිරෙන්නේ නෑ(මම වගේ:sorry:). බොහොම ස්වල්ප දෙනයි ඒ මාර්ගයේ ගමන් කරන අය ඉන්නේ. එක ධර්මයේ ගැටළුවක් නෙමෙයි, මිනිස්සුන්ගේ/සමාජයේ අවුලක්.

    ත්‍රිපිටකයේ සුත්‍ර දේශනා 84000 ආසන්න ප්‍රමාණයක් තියෙනවා. මම එකෙන් 84 ක් වත් තාම හරියට ඉගෙන ගෙන නෑ. ධර්මය හරියට හදාරන්නේ නැතුව, අනිත් මිනිස්සු කරන දේ දිහා බලලා මේක සත්‍යද අසත්‍යද කියල නිගමනයකට එක එක හරි නෑ.
    ධර්ම මාර්ගයේ ගමන් කරන අයට ශ්‍රද්ධාව තියෙන්න ඕනේ(ත්‍රීවිධ රත්නය පිළිබඳව නොසෙල්වෙන පැහැදීම). වැරදි හොයන අදහසින් ධර්මය අහන අයට කවදාවත් අවබෝධ වෙන්නේ නැ. එක උපමා කරලා තියෙනවා සර්පයාගේ ඔලුවෙන් නැතුව සර්පයාගේ නැට්ටෙන් අල්ලන්න යන එකට. සැක ඇතිවෙන තැන් තියෙනවනම් ඒවා පැත්තකින් තියලා දිගටම ධර්මය හදාරන්න ඕනේ. එතකොට සැක තියෙන තැන් නැති වෙනවා.

    1+1=2 කියන එක ගැන සැක කර කර හිටියොත් කවදාවත් ගණන් පුළුවන් වෙන්නේ නෑ. එත් ගණන් ඉගෙන ගෙන යනකොට 1+1=2 කියල වැටහෙනවා.

    ධර්ම කාරණා ගැන වැඩියෙන්ම කතාකරන්න සුදුසු ධර්මධර ස්වාමීන් වහන්සේලා වගේ කල්‍යාණ මිත්‍රයෙක් එක්කයි. මොකද බොහෝ අයට අල්ප ධර්ම දැනුමක් තියෙන්නේ.:sorry:

    thats what abrahamic religions teach too.. :lol:
    u first have to believe , only then u realize..:rolleyes:
    such a clever bait... :lol:
     
    Last edited:

    ForgottenSand

    Well-known member
  • Jun 5, 2017
    1,244
    164
    63

    whats what abrahamic religions teach too.. :lol:
    u first have to believe , only then u realize..:rolleyes:
    such a clever bait... :lol:

    :D ඕකට මචං හොඳ සුත්‍ර දේශනාවක් තිබ්බා කාළාම සුත්‍රය කියලා. කාළාම කියන ගමේ මිනිස්සු බුදු හාමුදුරුවන්ගෙන් අහනවා, එක එක ආගමික නායකයෝ ඇවිත් කියනවා මේක තමයි සත්‍ය මේක පිළිපදින්න, අපි කොහොමද සත්‍ය තොර බේරා ගන්නේ කියලා. එතකොට ඇත්ත මොකක්ද කියල තේරුම් බේරුම් කර ගන්න හැටි ගැන වදාළ සුත්‍රය තමයි ඒක.
    එක කියවලා බලන්න.