උගත් කම ප්‍රශ්නයක් කර ගන්න එපා බං. එකි උබව පහත් කරලත් නැ නෙ. උබත් උඹට ගැලපෙන පැත්තකින් දියුණු වෙන්න බලපන්. ඒකී එක්ක aussi පලයන්
දැන් උඹටම පේනවනේ ලංකාවේ හනමිටි කාරයෝ හිතන පතන විදිය. ඒ හින්දා කෙල්ලම කියනවානම් බැඳලා ඕස්ට්‍රේලියාවට යමු කියලා ඉතිං පලයං. එහේ නෑ මේ විදියට ගොත්‍රික විදයට හිතන උන්.


හැමෝම බලන් ඉන්නේ මෙහෙම chance එකක් හම්බුවෙන කම්. උබ එකට පයින් ගහන්න හදනවා . ගෙවල්වල සද්ද නම් පොඩි කාලයයි.
උබේ කෙල්ල එක්ක ඉන්න ඕනි නම් , ඒකිගේ මට්ටමට එන්න වැඩ කරපන් . උබලගෙ life එක දෙන්න එක්ක plan කරපන් .
AUSSIE settle වෙනවා නම් කොහොමත් ප්‍රශ්න නැ .


රත්තරං;22683972 said:මල්ලි උබට වඩා සෑහෙන දුරක් ඔය පැත්තෙන් ආව එකෙක් විදිහට කියන්නම්
කසාද ජීවිතේ උබල හිතනවට වඩා මාරම වෙනස් බං
ගෑනියෙක් එක්ක ජීවත් වෙන එක බං වෙනස්ම දෙයක්. ඔය බදින්න කලින් පෙන්නන කිසිම දෙයක් ඒක ඇතුලේ නෑ උබේවත් එයාගෙවත්
මල්ලි ගෑනිට වඩා වැඩිය එපා උසෙන් හරි උබ අඩුනම් ඒක පිටින් දාලා උබව පෑගෙනවා. උබ ඉහලින් ඉන්න තාක් කල් ගෑනිට උබෙන් තොර යැපීමක් නැති තාක් කල් උබ දිනුයුම්. උබේ පැත්ත පාත් උනොත් මොනම පැත්තකින් හරි අන්න එදාට උකලත් හමාරයි මල්ලි. ගෑනු කියන්නේ එහෙම ජාතියක්. ඊ නිසා උබට "ගෑනියෙක්ව" විදින්න ඕනනම් ආම්බාන් කරගන්න පුලුවන් එකක් බැදපන්. ඔය ආම්බාන් කිව්වේ ගෑනි වටේ යන එකක් වත් වෙන මගුලක් වත් නෙමේ, උබව පෑගෙන්නේ නැතුව ගෑනිගේ පදේට උබට නටන්න වෙන්නේ නැති, උබට නටවන්න පුලුවන් ගෑනියෙක් බැදපන්. අන්න එදාට උබ සතුටින් ඉදී, ඒකට උබ පෑගෙන්නේ නැතුව ඉන්න ඕන. එක දශමයක් එහා මෙහා උනොත් ගෑනි උබව පෑගුවේ නැතත් උබ කාලානුරූපීව පෑගෙනවා.
ලංකාවේ බැදලා අවෘදු 5කට වඩා එකට හිටපු කපල් වලින් 90%ක් එකට ඉන්නෙ එක්කො දරුවෝ නිසා එහෙම නැතම් විකල්පයක් නැති කමට. ඉතුරු 10%සතුටින් ඉන්නේ 90% පිරිමින්ගේ ඉවසීම සහ හැකියාවත් 10% ගැහැනියත් නිසා.

රත්තරං;22710695 said:හොද මුවහත තියෙන දිලිසෙන යකඩ කඩුවක් කුබුරක මාසයක් ඇනලා තිබ්බොත් කඩුවට මොනවා වෙයිද?

මට ලොකු වයසක් නෑ, මට කෙල්ලෙකුත් නෑ. නැත්තෙ මුකුත් නොදන්න නොතේරෙන නිසා නෙමෙයි. ඒක මම ලෝකය, සමාජය දැකල ගත්තු අත්දැකීම් වලින් මගෙම ක්‍රමේකට කරන්න ඕන නිසා.
හරි දන් උඹේ ප්‍රශ්නෙ ගැන හිතුවොත්, උඹ ඕක අහන්නෙ සාර්තක විවාහ ජීවිතයක් බලාපොරොත්තුවෙන්නෙ..... ඒ කිව්වෙ ලොකු ප්‍රශ්න නැතිව, උඹේ උගත්කම මදි එක නිසා ලැජ්ජ වෙන්නෙ නැතිව, ඒක නිසා කෙල්ල ලැජ්ජ නොවී සතුටින් සමාදානයෙන් ඉන්න තමා උඹේ වගේම ඕනම එකෙක්ගෙ බලාපොරුත්තුව.
පලවෙනි කාරනාව අපිට ජීවිතේ උත්සහයෙන් ලබාගන්න පුලුවන් දේවල් තියනව. බැරි දේවල් තියනව. සාර්තක විවාහය කියන්නෙත් අන්න ඒ වගේ උත්සහයෙන් ලබාගන්න බැරි දෙයක් කියන එක මුලින්ම ඔලුවට දාගන්න. සැකයි වගේනම් පොඩ්ඩක් සමාජෙ දිහා බලපන් රත්තරං කෙල්ලන්ට කාලකන්නි කොල්ලො හම්බෙලා තියනව. ඒකම අනිත් අතටත් වෙලා තියනව. පත්තර 5, 6ක් පෙරලුවාම ඔය වගේ කතා ඇති ඕනතරම්. සියල්ල ඇත්ත නොවුනත් ගතයුත්තක් ඇතිනෙ.
ඒනිසා උබට කවදාවත් බඳින්න කලින් කියන්න බෑ මේකි බැන්දාම ෆුල් ආතල්, කිසිම අවුලක් නෑ කියල. ඒත් උඹට ඒ වෙනුවෙන් යම් දෙයක් කරන්න පුලුවන්. ඒ තමා තමන්ගෙ රුචි අරුචිකම් අනුව ගැලපෙන කෙනෙක්, හිතන පතන විදිහ යම් විදිහකට සමාන කෙනෙක් හොයාගන්න. ඒ නිසා කොයි එක බැන්දත් කෙලවෙන්න පුලුවන් කියන එක දැනන් බැඳපං
මට උඹට කියන්න ඕන උනේ උඹ මේක අතෑරල වෙන එහෙකට ගියයි කියල අනිවා ආතල් ජීවිතයක් සුවර් කියල තත්වයක් නෑ කියන එක.
කෙල්ල කලුද සුදුද කියලවත් අපි දන්නෙ නෑනෙ. ඒකි ගැන දන්නෙ උඹ. උඹට ඒකිව සහ ඒකිට උඹව අදහස් අතින් ගැලපෙන නිසා වෙන්න ඇතිනෙ ඒකි ගෙවල් වලින් කේස් ආවත් උඹත් එක්ක ඉන්නෙ. ඒක උඹට වාසියක්. අනික ඒකි උඹව පහලට දාල කතා කරන්නෙ නැත්නම් ඒකි උඹට ගරු කරනව.
මේ සියල්ල එක්ක උඹ දැනගත යුතුම දේ තමා, උගතෙක් වෙන එකයි හොඳ සැමියෙක් වෙන එකයි දෙකක්. උගත්කම එක්ක මිනිහෙක්ට හික්මීමක්, අනිත් අයට ගරු කරන්න, වැදගත් හා ගෞරවනීය විදිහට හැසිරෙන්න වගේ ගොඩාක් දේවල් ලැබෙනව. (කාලකන්නි කොහෙත් ඉන්නව, මම කියන්නෙ බහුතරය) මිනිහෙක් පුටුවක් ඇදල ඉඳගන්න එකේ පවා ඒ දේ පේනව. මම දකින විදිහට ඔය ගති අනික් මිනිස්සුන්ට නැත්තෙ ලංකාවෙ ක්‍රමේ වරදක් නිසා. උඹට ඒ උසස් ගති නෑ කියමුකො. උඹට ඒ දේවල් එක්ක ප්‍රියමනාප මිනිහෙක් වෙන්න පුලුවන්නම් හා මම ඉගෙනගෙන මදිනෙ කියල උඹේ පෞර්ශත්වය වට්ටගන්නෙ නැතුව ඉන්න පුලුවන්නම් ඒ දේවල් ඇති උඹට හොඳ සැමියෙක්, පියෙක් වගේම වැදගත් මිනිහෙක් වෙන්න. උඹට ඒ දේවල් ලබාගෙන එයාට හොඳ සැමියෙක් වෙන්න පුලුවන් කියන විශ්වාසෙ තියනවනම් බැඳපන් බං. මොකද ඔය වගේ අද්‍යාපන මට්ටමේ දැනෙන ගැප් එකක් තියාන අවුලක් නැතුව ආදරෙන් ඉන්න පුලුවන්නම් ඒක බොහෝ විට ගැලපෙන බැඳීමක්.....
වැදගත් මිනිහෙක් හැම වෙලාවෙම ගැහැනියට ගරු කරනව, තමන්ගෙ බිරිඳට ඇහුම්කන් දෙනව, එයා එක්ක විහිලු කලාට කවදාවත් එයාව විහිලුවක් කරගන්නෙ නෑ, හැම වෙලේම එයාව ඉහලින් තියන්න, එයා ගැන ආඩම්බරයෙන් කතාකරන්න බලන් ඉන්නව. (ලෝකෙ ඉන්න පට්ටම ගෑනි මගෙ වගේ හැසිරෙන්න කියල නෙමෙයි මේ කියන්නෙ) ඒ වගේ දේවල් ජීවිතේට එකතු කරගනින්. එතකොට එයා හැමදාම හිතයි උඹත් එක්ක ජීවිතේ බෙදාගන්න ගත්තු තීරනේ හරි කියල.
මම හිතන්නෙ නෑ මේකෙ එක කසාදයක් බැඳල අවු. 60 ක් 70ක් පවුල් කාල, ඒ ගෑනි මැරිල, තව එකක් බැඳල තව අර වගේ කාලයක් ගිහිල්ල ඒම ඒම සාර්තක කසාද පහ හයක් බැඳපු අවු 400ක් විතර ඩයල් එකක් ඇති කියල. එහෙම එකෙක් ඉන්නවනම් අන්න උගෙන් තමා හොඳම අදහස ගන්න පුලුවන්. ඒම එවුන් නැති නිසා ගොඩක් එවුන් බැඳල ඇත්තෙ එකයි, දෙකයි උපරිම තුනයි. උං ඒකෙන් සමස්ත ස්ත්‍රී සංහතියම විවරනය කරල රට බයිල කියයි. ඒව අහල දෙයක් ගනින්, මෙහෙමත් දේවල් වෙලා තියනව කියල. හැබැයි දැනගනිං ඒ ගෑනිවත් ඒ මිනිහවත් නෙමෙයි, මේ උඹ සහ අනෙක් එවුන්ට වඩා උඹ දන්න උඹේ කෙල්ල කියන එක. ඒක ඔලුවෙ තියාගනින්.
බැඳල කාලයක් යද්දි ලව්කරන කාලෙ නැති ප්‍රශ්න එනව කියල කියන අය ගොඩක් ඉන්නව. එහෙම නැති අය කිහිප දෙනෙකුත් ඉන්නව. ලෝකෙ එහෙම වෙලා තියනවනම් "ඒ වෙන අයට වෙන්නැති අපිට ඒම නෑ" කියල හිතල බෑ. වෙන්න පුලුවං බව දැනං ඉන්න ඕනෙ. ඒම දෙයක් උනොත් එදාට කල්පනා කරපං ඉස්සර මේම ප්‍රශ්න නොතිබෙන්නයි, දැං තියෙන්නයි හේතුව මොකද්ද කියල. හේතුව හඳුනාගෙන ඉවත් කිරීම හෝ බලපෑම අඩු කරීම කරපං. ඕව කියන තරම් ලේසි නෑ. ඒත් වෙන විකල්ප නෑ, ඒක අතෑරල වෙන එකක් බැන්දත් ආයෙත් අවුල් එනව. මේ දේවල් කරන්න ගියාම තමයි අර කලින් කියපු ගැලපීම තියෙන්න ඕනෙ.
අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ,
- කිසිම මිනිහෙක්ට අගෞරව කරන්න එපා, විශේශයෙන් ඉගෙනගත්ත එවුන්ට. මොකද නූගත්කම ප්‍රදර්ශනය වෙන පලවෙනි තැන තමයි උඹල පොත විතරයි දන්නෙ, අපි ජීවිතේ දන්නව වගේ ගොං ටෝක්. ඇත්ත කතාව උං ජීවිතේ හරියට දන්නවනම් පොත හරියට බලාගන්නව.
- හැම වෙලේම එයාගෙ ගෞරවය රැකපන්, වැදගත් මිනිහෙක් වෙයන්, උඹ ගොඩාක් ඉගෙනගෙන නැති උනාට උඹ වැදගත් මනුස්සයෙක් කියන එක එයාට හා ලෝකෙට දැනෙන්න ඇරපං, ඒ වගේම ඇත්තටම ඒවගේ මිනිහෙක් වෙයන්.
- පුලුවන්නම් ඉස්සරහට් තව ඉගෙන ගනින්. ඒත් උඹට ඉගෙන ගැනීම දිරවන එකෙක් නෙමෙයිනම් අර කිව්ව ගතිගුන හදාගන්න බලපන්.
- බෞද්දයෙක්නම් අකැප ක්‍රම 5 හා නොකලයුතු දේවල් නොකර පුලුවන් තරම් සල්ලි හම්බ කරපන්. එතකොට ගොඩක් ප්‍රශ්න යට යයි. හැබැයි එයාට උඹව මගහැරෙන තරම් බිසීවෙන්න එපා. ජීවිතේ සියලු දේ සල්ලි නෙමෙයි, ඒත් බොහෝ දේ සල්ලි කියන එක ඔලුවෙ තියන් වැඩ කරපන්.
- උඹ කවදාවත් විහින් පහලට වැටෙන්න එපා මම ඉගෙනගෙන නෑ කියල. ඒකිට හොඳ සැමියෙක් වෙයන්. පස්සෙ උඹ ඉගෙන නොගත්තට උඹට ආත්ම ගෞරවයක්, පෞර්ශත්වයක් තියනව කියන එක ඒකිට දැනෙන්න ඇරපන්. ඒකෙ මූලිකම ලක්ශන්ය තමයි එයාට උපරිම නිදහස දෙන එක සහ උඹ කිසිම දේකදි පැනල පොරක් නොවී ඉන්න එක.
මම මේක ලිව්වෙ එකෙක්ගෙ වැදි බනක් දැකල. මේ මගෙ අදහස. වැරදි තියෙන්නෙ පුලුවන්, ප්‍රායෝගික නොවන තැන් තියෙන්න පුලුවන්. ඒව හිමීට කතාකරමු. අපි කවුරුත් සර්ව සම්පූර්න නෑනෙ.....
මමනම් කියන්නෙ අර දේවල් හදාගෙන බැන්දට ලොකු අවුලක් වෙන එකක් නෑ කියල...... ඒ මගෙ අදහස විතරයි. ජීවිතේ උඹේ, තීරනත් උඹ ගනිං.
උඹට මේක විකාරයක් වගේ දැනෙන්නත් පුලුවන්. ඒත් මේකෙ ගතයුත්තක් තියනව වගේ දැනුනොත් තව අපි කතාකරමු. මට PM එකක් දාපං. ජය වේවා....!!!
මචන් උගත් කියන එකයි බුද්ධිමත් කියන එකයි දෙකක්. උගත් කියන්නෙ පොත ගිරවා දාලා විභාග පාස් කරල ගන්න කොළ කෑල්ලට. බුද්ධිමත් කියල කියන්නෙ තැනට සුදුසු විදිහට ඇනේ ගහල ජීවත් වෙන එකට. උඹට ජීවිතේ ගොඩ දාගන්න නම් උගත් කම නෙවේ බුද්ධිමත් කම තමා තියෙන්න ඕනෙ.
දැන් උඹේ සිටුවේෂන් එක ගැන කතා කරමු. කෙල්ල උඹව බැදල රට යන්න කැමති නම්, මේ වෙනකන් ඒකිට උඹේ තත්ත්වය ප්‍රශ්නයක් නැත්නම් බැදල රට පලයන්. හැබැයි ගිහින් නිකන් ඉන්න නම් එපා ජීවිතේ ගොඩ දා ගනින්. ලංකාව වගේ නෙවේ බන් දියුනු රටවල් ජොබ් එකෙන් මිනිස්සු මනින්නෙ නෑ. පාර හොදන එකත් වාහනේක එන්නෙ.
මම නිවාඩුවට ඔසී ගිහින් හිටිය කසින් අයියලගෙ දිහා. ඌට ගහක් කපන්න ඕනෙ වෙලා කොල් එකක් දීලා ගස් කපන එකා ආවෙ ඩබල් කැබ් එකකින් ෆෝඩ්.
අනික් සීන් එක ඒ අයියත් උඹට වගේ තමා ඌ නෝමල් ජොබක් කලේ අක්කට කොළඹ කෙමිස්ට්‍රි ස්පෙෂල් ඩි්ග්‍රි එකක් තිබ්බා අක්ක අයියව බැදල මාස්ටර් එකක් කරන්න ගියා දෙන්නම. දැන් හොදට ඉන්නවා කිසි අවුලක් නෑ
කෙල්ල කොල්ලට වඩා උගත් වෙලා ප්‍රශ්න එන්නෙ කොල්ල හැමදාම එකම තැන ඉන්න කොට. ඒ හින්දා උඹෙ වගකීම තමා උඹ දියුණු වෙන එක. ඒකට ඩිග්‍රියක් ඔනෙ නෑ. අනික ඔසී වගේ රටක නම් ඩිග්‍රි කරන උන් ඔෆිස් වල වැඩ නොකර ඔය ගස් කපන ඒවා, පලම්බින් වලින් ජීවිතේ ගොඩ දාගන්නව ලෙසටම
මට පොරක් හම්බුනා, මෙකෙ ඉන්න ඔසී උන් දන්නව ඇති සෑම් කියල. පොර ඔසිී ගිහින් ක්ලීනින් සර්විස් එකක වැඩ කලේ. දැන් මෙල්බර්න් වල තියෙන ලොකුම ක්ලීනින් සර්විස් එකේ අයිති කාරයා. ලංකාවෙ හොටෙල් තියනවා. පොර මම දකිද්දි ලංකාවෙ, බි එම් 520 කින් බැස්සෙ. ඌ අපිත් එක්ක කිවුවා මුල් දවස් වල මැච් එකක් ඉවර වෙලා පොර තනියම මෙල්බර්න් ස්ටේඩියම් එක සුද්ද කරා කියල.
ජීවිතේ ගොඩ එන්න කට්ටක් කන්න වෙනවා හැබැයි ඒ වගේ රටවල් වල මිනිස්සුට දියුනු වෙන්න තියන ඉඩ වැඩී. මම උඹට පොඩි ප්ලෑනක් කියන්නම්
උඹට රට යන්න මාස 6ක් වගේ තියනවනම් ලංකාවෙ ටෙක් කෝස් එකක් කරපන්, පලම්බින්, ඒසී රෙපයාර් වගේ. ඕවාට මාර ඉල්ලුම. වෙන එකක් තියා ලංකාවෙ පයිප්පයක් හදා ගන්න එකෙක් හොයන්න ගියාම කොච්චර අමාරුද දැන් ?
ඊට පස්සෙ උඹ ගිහින් කෙල්ල අවුරුදු 2ක් මාස්ටර් එක කරනකන් පොඩියට උඹ ඉගෙන ගත්ත දෙයින් පටන් අරන් සෙටල් වෙයන්. ගෙයක් වාහනයක් ගනින් සල්ලිත් ඉතුරු කරගනින් (ඇයි කියල පස්සෙ කියන්නම්). අවුරුදු දෙකකට පස්සෙ කෙල්ල මාස්ටර් ඉවර කරල ජෝබක් සෙට් උනාම උඹ ඩිග්‍රිය කරපන් (උඹට ඕනෙ නම් විතරක් අර ඉතුරු කරපු ඒවයින්) ඒ කරද්දි හැම ගෝතයම කරන අයි ටී ෆිල්ඩ් නැතුව උඹ කර කර හිටපු ෆීල්ඩ් එකෙන් හරි වෙන ඉල්ලුමක් තියෙන හොටෙල් මැනේජ්මන්ට් ටුවරිසම් වගේ පැත්තක් කරපන්. කෙල්ල හම්බ කරන නිසා බරකුත් නෑ උඹට තියෙන්නෙ ඉගෙන ගන්න විතරයි
ජය වේවා!!



Kathawa aththa. eeth ugathkama girawa dala gannanam oya kiyana tharam lesi na. eeka ugaththu dannawa. oya ohoma kiyanne oyata igenaganna bari una nisa wenna athi.![]()
මචන් උඹ මගේ උගත් කම ගැන අහපු හින්දා කියන්නම් මේ කියන්නෙ ලොකු කමකට නෙවේ, මම ඒලෙවෙල් මැත්ස් කලේ එකෙන් මට කොළඹ කැම්පස් එකේ පරිඝනක විද්‍යාව අවුරුදු 4ක විශේෂ ගෞරව උපාධියක් තියනවා, කොළඹ වීශ්ව විද්‍යාලයෙම ස්ටැටිස්ටික් ඩිපාර්ට් මන්ට් එකේ අවුරුදු දෙකක පශ්චාත් උපාධියක් තියෙනවා එතකොට මම දැන් තව මාස්ටර්ස් එකක් කරනවා. මට අවුරුදු 6ක පළපුරුද්ක
තියනවා. ලංකාවෙ වැඩියෙන්ම ගෙවනවා කියල කස්ටිය කියන අයි ටී කම්පැනියක අවුරුදු 2ක රස්සාව දාලා මගේ ම බිස්නස් එකක් කරන්න කියල අර ආතල් සැප සහ ලක්ස දෙකකට ආසන්න මාසික පඩි ඔක්කොම දාලා එළියට බැහැපු එකෙක්. මම ඔය ටිකි කිවෙ උඹව පහත් කරන්න වත් මගේ ලොකු කම කියන්න වත් නෙවේ උඹ අහපු නිසා
රයටි දැන් උඹ කියල තියන දේ බලමු. උගත් කම කියන්නෙ පොතෙන් ගන්න දැනුම විතරයි කියන්න තියෙන හොදම උදාහරණය තමා උඹ දාලා තියෙන කමෙන්ට් එක. මම ඒ කමෙන්ට් එක දැම්ම නම් මම කතා කරන එකාගෙ බැක්ගරවුන්ඩ් එක එළකිරියෙන් හරි හොයල උගෙ පෝස්ට් බලල තමා ඔය වගේ දෙයක් කියන්නෙ.
අනික බන් වැඩිය ඔනෙ නෑ ලංකාවෙ අධ්‍යයාපන ක්‍රමය බලපන් හැම අම්මෙක්ටම තාත්තෙක්ටම ඔනෙ තමන්ගෙ එකා දොස්තර හරි ඉංජිනේරු හරි කරන්න. උන්ව 1 වසරෙ ඉදන් මරවනවා. ඒ උගත් කමෙන් තියන ඵලේ මොකද්ද කියපන්. අන්තිමට එළියට එනේ යන්නන් වාලෙ යන පොත ගිරව දා ගත්ත උන් ටිකක්. අපි ඒලෙවල් කරපු කාලෙ මොරටුවට ඉන්ජිනියරන් ගන්නෙ ඒලෙවල් කෙමිස්ට්‍රි පුලුවන් උන්. මැත්ස් පිසික්ස් වලට හොදම රිසල්ට් දාලා කෙමිස්ට්‍රි ගිරවා දාන්න බැරි එකේ එලියෙ. ඔන්න ඕකයි ලංකාවෙ පොතෙන් දෙන උගත්කම. ඒත් බලපන් ඔය එකක් වත් කරපු උන්ද ලංකාවෙ දැනට ගොඩ ගිහින් ඉන්නෙ ?
වෙගපිටිය ලාෆ් හොල්ඩිං අයිතිකරු නිකම් මැනේජ්මන්ට් ඩිග්‍රියක් තියන පොරක්. එයා යටතෙ ඉංජිනියර්ස් ලා කීයක් වැඩ කරනවද? එතකොට ධම්මික පෙරේරා කියන්නෙ එන් ඩී ටී කරන්න මොරටුවට ඇවිත් හැරිලා ගියපු පොරක්. හැරී ජයවර්ධන ට උපාධි නෑ. ඒත් ලංකාවෙ අයිස්ලන්ඩ් රෑන්කින් 10 අතර ඉන්න උන් කීදෙනෙක් මේ අයගෙ ආයතන වල මාස් පඩියට වැඩ කරනවාද? එතකොට මොකක්ද බන් උඹ ඔය අමාරුවෙන් ගන්න උගත් කමට තියන තැන? අපේ රටට ව්‍යවසායකයො බිහිවෙන් නැත්තෙ ගිරවා දාන අධ්‍යාපන ක්‍රමය නිසා. මිනිහෙක් අලුත් දෙයක් කරන්න බයයි. මොකද ඌ කැමති නෑ උගෙ කම්ෆර්ටබල් සෝන් එකෙන් අයින් වෙලා රිස්ක් එකක් ගන්න
මිනිහෙක් දියුන් වෙන්න නම් උගත් කමට වඩා තියෙන්න ඕනෙ බුද්ධිමත් කම. පොතෙන් කියන දේ උනත් ප්‍රායෝගිකව යොදගන්න පුලුවන් බුද්ධිමත් එකෙක්ට විතරයි අන්න ඒක තේරුම් ගනින්. ලංකාවෙ උගත් කම මත ගොඩ නැගිච්ච බොරු තරගකාරීත්වයක් තියන නිසා තමා මේ ත්‍රෙඩ් එක දාපු කොල්ලට උගෙ කෙල්ලව බදින්න ප්‍රශ්නයක් වෙලා තියෙන්නෙ තව ඒ වගේ දේවල් කොච්චර තියනවාද? රස්සා වල උස පහත් කියල දෙයක් නෑ. හැම රැකියාවක්ම එක වගේ වැදගත්. උඹට ඒක තෙරෙයි සමාජෙට ගිහින් රස්සාවක් කරල අවුරුදු 5ක් 10ක් ඒක්ස්පීරියන්ස් ගත්තාම.

හැබැයි මේ වෙනකම් මාව පහත් කරලවත් කතා කරලනම් නෑ
Is this statement true?
Then you need to tell her whats on your mind how you feel about her parents and whether you think you can trust her to handle her parents about the wedding if you give your consent or kematha to the wedding? To go to Australia she will need her parents financial help, yes??
If the parents decide to not support you and your girl by not providing financial assistance.? Then whats PLAN B, C, D and Z.
How are you going to support yourselves to have the wedding, how are you going to have the passports ready, where are you going to stay in Australia, does she have friends in Australia, can She and You trust her Aussie friends?
If you and your girl fall sick in Australia, who is going to help you take her or you to hospital who is going to cover the hospital charges??
VISA Application Form ek fill karan ek lessi wedak nemei!!! Aran balpan Form today balpan monad ahan questions eke? THEN YOU WILL UNDERSTAND IF ITS WORTH PUTTING YOUR LOVE and LIFE AT RISK to be with your WOMAN.
WHAT IF her parents blackmails her? WHAT THEN????
DUDE seriously you need to contribute some financial assistance to her well being too. Open a Joint Fixed Deposit together for 2 years with high interest and start contributing to that Deposit.
YOU REALLY NEED TO HAVE LONG LONG SERIOUS TALK WITH YOUR GIRLFRIEND. YOU NEED TO MAN UP ACCEPT YOUR MISTAKES HOW ARE YOU GOING TO SOLVE YOUR FINANCIAL STATUS WITH HER HELP. HOW FAR IS SHE WILLING TO HELP YOU. HAVE YOU ALREADY PREPARED A CV, Show it to her and ask her for advice on Job Opportunities?
BEST OF LUCK Man.

