මචං පුලුවන්නම් උඹ ඔය ගත්තයි කියන ඉඩම විකුණලා ගෑණිගේ ගෙවල්වලටත් දුරින් තියෙන තැනකින් ඉඩමක් අරන් ගෙයක් හදාගන්න බලපන්. නැත්නම් වෙන්නේ එක ප්‍රශ්නයකින් මිදිලා තවත් ප්‍රශ්නයක් ඔලුවට දාගන්න එකයි. උඹ ඔය ඉඩමට ගියා කියලා හිතමුකෝ. ගෑණිගේ අම්මලා ගෑණිත් එක්ක එකතුවෙලා උඹගේ පවුලට අනවශ්‍ය විදිහට ඇගිලි ගහන්නයි උඹලව පාලනය කරන්නයි ආවොත් මොකද වෙන්නේ. හුගක් වෙලාවට එක ලග උනහම ඔය දේවල් වෙනවා. උයන්න කම්මැලි උනත් ගෑනි ගිහින් ගෑණිගේ ගෙදරින් කෑම ටික ගේන්න යනවා. ගෙදර ඉන්න කම්මැලි උනහම ගේ වහලා අම්මාලගේ ගෙදර යනවා. ඔළුව කැක්කුමක් හැදුනත් එහේ දුවනවා. ඊට පස්සේ උඹලට කියලා පෞද්ගලිකත්වයක් නැතිවෙන්න පුලුවන්. අනිත් අතට උඹලා ගෑණිගේ ගෙවල් කිට්ටුවෙන්ම ගෙයක් හදන් ගියාම උඹලගේ අම්මා තාත්තා උනත් උඹටම පස්සේ දොස් කියන්න පුලුවන් ගෑණිගේ කීම අහලා ගෑණිගේ කට්ටිය ඉන්න පැත්තට ගියා අපිව දාලා කියලා. ඒක නිසා කරන්න පුලුවන් හොදම දේ තමයි දෙපැත්තටම ළග නැති පැත්තකින් ඉඩමක් අරන් ගෙයක් හදන් යන එක.



