මෙහෙමයි මචං.. insurance එකක් ගන්න ගියාම Policy Document එක ඔක්කොම කියවන එක ප්‍රැක්ටිකල් නෑ නේද? අවශ්‍ය ටික උඩින් බලලනෙ ඕන කෙනෙක් ගන්නෙ. එතන ඉන්න උන් ඕකෙ හැංගිච්ච Conditions කියන්නෙ නෑ. උන්ට කියන්න තේරෙන්නෙත් නෑ. මගේ තියෙන්නෙ janashakthi. මම policy doc එකේ සමහර දේවල් උන්ගෙන් ඇහුවම උඩින් පල්ලෙන් උත්තර දීල නිකන් ඉන්නව. හරියට පැහැදිලි කරන්න උන් දන්නෙත් නෑ.
මෙහෙමයි මචන් , මෙතනදී වැදගත් වෙන්නේ policy එක සම්පුර්ණයෙන්ම කියවලා insurance එකක් ගන්න කියන එක නෙවෙයි. අපි වාහනයක් insurance කරන්ඩ යනකොට, quotation slip එක අපිට අනිවාර්යෙන් ඉල්ල ගන්න පුළුවන්. ඒකේ තියෙනවා අපිට හම්බෙන benifits & exclusions (ගෙවන්නේ නැති ඒවා ) ගැන summary එකක්. ඒක base කරන් අදහසක් ගන්න පුළුවන් මේක අපිට ගැලපෙනවද නැද්ද කියලා . මොනවා හරි තේරෙන්නේ නැති තැනක් තියෙනවා නම් sale එක කරන කෙනා ගෙන් අහලා clarify කරගන්ඩ ඕනේ. හදිසියේ වත් sale එක කරන කෙනා ඒ ගැන පැහැදිලිකිරීමක් කරන්ඩ දන්නේ නැත්තම් හරි අදිමදි කරනවා නම් උගෙන් insurance එක ගන්ඩ එපා . Company එකට කෝච්චර reputation තිබ්බත් sale එක ගැන උඹ satis නැත්තම් ගන්න එපා.
insurance කියන්නේ tangible product එකක් නෙවේ මචන්. ඒක හින්ද ගන්න කලින් කාල බලල, අතගාල, මිරිකලා හොදද නරකද , ගැලපෙනවද කියල බලන්ඩ බෑ . ඒක දැනගන්ඩ ලැබෙන්නේ claim එකක් ආපුවම. ඒක හින්ද insurance එකක් ගන්න කොට හදිසිවෙලා ගන්නේ නැතුව හොදට හොයලා බලල ගන්න. දන්නේ නැත්තම් දන්නා කෙනෙක් ගෙන් අහන්ඩ.
අපි වාහනයක් ගන්ඩ යද්දී එකේ අලගිය තැන් මුලගිය තැන් කොච්චර හොයනවද. accident වෙලාද , දිරලද, කෑලි අඩුද , meter කරකවලද. ඔයවගේ දේවල් බලලා ගන්න වාහනේ ආරක්ෂාවට ගන්න insurance එක ගැන ටිකක් හොයලා බලලා ගන්ඩ වෙලාවක් නෑ කියන්නේ නම් විහිළුවක් මචන්. ඇත්තටම වෙන්නේ, අඩු ගානට තියෙන "ෆුල් ඉන්සුවරන්ස් " කියල ගහල තියෙන කොහෙන් හරි එකක් ගන්නවා ඇපෙන් බේරෙන්ඩ වගේ.
අන්තිමට අවුලක් උනාම නහයෙන් අඩනවා රටේ නැති ඒවා කිය කිය .
මේකයි ගොඩක් වෙලාවට වෙන්නේ.