මෙහෙම ලිපියක් ෆේස්බුක් එකේ දැක්කා. සාකච්ජාවට බඳුන් කිරීම පිණිස මෙතන පල කරන්න හිතුවා
උපුටා ගැනීම
"බුදු රජාණන් වහන්සේ දේශනා කලේ "අනිත්‍යද ? අනිච්චද ? " හරියටම බලා ගන්න.. සියල්ල අනිත්‍ය ද ? බුදු රජාණන් වහන්සේ දේශනා කලේ සියල්ලම අනිත්‍යයි,අනිත්‍ය නිසා දුකයි ,දුක නිසා අනාත්මයි කියලද?සියල්ල අනිත්‍ය නෑ..අනිත්‍ය සියල්ල දුකත් නෑ...අනිත්‍ය සියල්ල දුකයි කියල බුදුන් වහන්සේ දේශනා කලාද?එහෙම දේශනා කලෙත් නෑ..එහෙනම් කුමක් ද දේශනා කලේ යන්න හරියටම බලාගන්න ලිපිය අවසන් වෙනකන් කියවන්න..
නෑ එහෙම එකක් නෙමේ බුදුන් වහන්සේ දේශනා කලේ නෑ...අපි කීවට පිළිගන්න එපා...බැහැර කරන්නත් එපා..ඔබ ළඟ තියෙන්නේ දැනුම ඔබ අලුතෙන් හොයාගත් දෙයක් නෙමේ.අහලා ,කියවල උගත් දෙයක් (උගත් = උ+ගත් = උකහා+ ගත් ) ...ඒක නිසා ඔබ මේ කියන කතාව ඇත්තද බලන්න.
ඔබට ඕන දෙයක් හිතන්න අයිතිය තියෙනවා..නමුත් ඔබ මොනා උනත් මේ කතාවට බනින්න යන්න එපා මුලින් ම දැක්ක ගමන් ...දෙයක් කියන්න කලින් 10 පාරක් හිතන්න..මේක තමයි ලෝකේ තියෙන සත්‍යම දේ....ඒක නිසා. සත්‍ය දෙයකට නිකරුනේ දොස් කීව ගමන් කොපමණ උත්සාහ කලත් ආයේ අවබෝධ කල නොහැකි අවාසනාවන්ත තත්වයකට පත් වෙන්න පුළුවන් ඒකයි මුලින්ම කිවේ.
දැන් බලමු, මේ හැමෝම,හැමතැනම අනිත්‍ය කියන්නේ මොකද්ද?මේක හරිම එකද කියල බලමු..හැමෝම කියන්නේ අනිත්‍ය කියන්නේ මොකද්ද කියල ඇහුවොත් පහල තියෙන කතාව නේද?
අනිත්‍ය = නිත්‍ය නෑ , වෙනස් වෙනවා,ස්ථිර නෑ.... කියල.. ඔබගෙන් ඇහුවොත් ඔබ කියන්නේ කුමක්ද ???
දැන් බලමු සියල්ල කීවම මේ ලෝකේ සියලුම දේ අයිති වෙන්න ඕන නේද...සියල්ලම කිවොත් මේ ලෝකේ හැම දෙයක්ම,ඕනෑම දෙයක් අයිති වෙන්න ඕන නේද ? ඔයාල ඔයාලගේ උත්තරේ හිතෙන් දෙන්න..මෙමෙ ප්‍රශ්නේ කියවන ගමන්... උත්තරය, සියල්ලම කිවොත් හැමදේම අයිති වෙන්න ඕන...කතා දෙකක් නෑ නේද? සියල්ලම කිවොත් හැමදේම අයිති වෙන්නේ නැත්නම් සියල්ල කියල කියන්න බැරි බව ඕන පොඩි එකෙක්ට තේරෙනවනේ නේද?
ඔව්...සියල්ල කීවම මේ ලෝකේ ඕනෑම දෙයක් අයිති.
අපි පෙන්වන්නම් බුදුන් වහන්සේ දේශනා කල කොතෙක් තර්ක කලත් වෙනස් නොවන පිරිසිදු දහම වන අනිච්ච් යන්න අර්ථ විපරිතයට ලක් කර අනිත්‍ය ලෙස සමාජ ගත කර දුක නිවා ගැනීම සීමා කල අයුරු.
මරණය, ලෙඩ වීම,ඉපදීම,වයසට යන ඒවාත් සියල්ල කීවම සියල්ලට අයිති දේවල් නේද? ඔව් සියල්ල කිවම ඒ ටිකත් අයිති වෙන්න ඕනනේ...ඔව් ඒක එහෙමම තමයි.
මරණය නිත්‍යද අනිත්‍යද ?එහෙම නැත්නම් තව විදියකින් ඇහුවොත් මරණය ස්ථිරද? අස්තිරද?
මරණය ස්ථිරයි නේද ? ඉපදුනොත් මැරෙන එක මැරෙනවා....මරණය නිත්‍ය යයි..එහෙනම් මරණය අනිත්‍ය නෑ..
01. සියල්ල අනිත්‍ය යයි කීවට ඔබට එක තැනක් අහු උනා නේද සියල්ල අනිත්‍ය නැති තැනක්...තව බලමු.
ලෙඩ වෙන එක අනිවාර්යෙන්ම වෙන දෙයක් හැමෝටම..උණක් හෙම්බිරිසාවක් හැදුනේවත් නැති කෙනෙක් හොයාගන්න බෑ නේද?
එහෙනම් උපන් හැමෝම අනිවාර්යෙන් ලෙඩ වෙනවා නේද? ...ලෙඩ වීම අනිත්‍ය යයි කීවොත් එකෙන් කියවෙන්නේ ලෙඩ වෙන්නේ නෑ කියල . ලෙඩ වෙන එක ලෙඩ වෙනවා ලෙඩවීම නිත්‍යයි නේද?
02. තව තැනක් හමු උනා සියල්ල අනිත්‍යයි කියන එක බොරු බව දැක ගන්න..එහෙනම් හරි එක මොකද්ද තව කියවගෙන යන්න..
මහලු වෙන එක නැත්නම් ජාරවට පත් වෙන එක අනිත්‍ය ද? නිත්‍ය ද? හැමෝම මහලු වෙන එක වෙනවා...නිත්‍ය වශයෙන්ම මහලු වෙනවද නැද්ද? නිත්‍ය වශයෙන්ම මහලු වෙනවා...
03 එහෙනම් සියල්ලම අනිත්‍යයි කියන එක බොරු නේද ?
දැන් බලමු අනිත්‍ය සියල්ලම දුක නැති බවට සාක්ෂි...
වෙනස් වෙන නිසා නැත්නම් අනිත්‍ය නිසා දුකයි කියල හැමෝම හැමතැනම කියනවා...එම කතාව හරිද බලමු.???
කාට හරි පිළිකාවක් හැදෙනවා...දුකද සැපද ? දුකයි නේද ? ඔව් ළඟින් ඉන්න අයටත් දුකයි..පිළිකාව හැදුන කෙනාටත් දුකයි..
දැන් පිළිකාව ස්ථිර නැති අනිත්‍ය නිසා බේත් බිවම සනීප වෙනවා..පැහැදිලිව කිවොත් පිළිකාව අනිත්‍ය වෙලා සනීප වෙනවා..දැන් වටේ ඉන්න හිතවතුන්ට සතුටුයි..පිළිකාව සනීප උනාම පිළිකාව හැදුන කෙනාට පුදුම සැපයි නේද...
එහෙනම් අනිත්‍ය සියල්ල දුක නෑ නේද?පිළිකාව අනිත්‍ය වෙලා සනීප උනා..මොන තරම් සතුටුද?මැරෙන්න උන්න කෙනා පිළිකාව බේත් බොනකොට අනිත්‍ය වෙලා ගිහින් නැති උනා..අනිත්‍ය නිසා සතුට එන හැටිත් දැක්කද?
එහෙනම් සියල්ල අනිත්‍යත් නෑ...අනිත්‍ය සියල්ල දුකත් නෑ..
අපි දැන් බලමු බුදුන් වහන්සේ දේශනා කලේ මොකද්ද කියල.හරිම එක තමයි..
අනිච්ච්,දුක්ක,අනත්ත.....
බුදුන් වහන්සේ අනිච්ච්,දුක්ක,අනත්ත කියල දේශාන කලාට අනිත්‍ය ,දුක,අනාත්මයි කියල දේශනා කාලේ නෑ.
දැන් බලමු බුදුන් වහන්සේ දේශනා කල අනිච්ච්,දුක්ක,අනත්ත මොකද්ද කියල
මරණය අනිච්ච් යි..,ලෙඩ වීම අනිච්ච් යි, මහලු වීම අනිච්ච් යි...අනිච්ච හැදුන හැටි බලමු.
අනිච්ච්= අන්‍ය+ ඉච්ච කියන එක තමයි අනිච්ච් හැදුනා විදිය සාමජයේ තියෙන සිහල වචන අරගෙන..
ඕනෑම කෙනෙක් තමන්ගේ ආගමේ නොවන අය අන්‍ය ආගමිකයෝ ලෙස හඳුන්වනවා...අන්‍ය සතු දේවල් කියන්නේ තමාගේ නොවන දේවල්....එහෙනම් අන්‍ය කියන්නේ නොවන,නෑ,නෙමේ කියන එක.
ඉච්ච කියන්නේ කැමැත්ත....බොහොම අඩු කැමති දේවල් ටිකක් බාවිතා කරන කෙනෙක් කියනවා..මම හරි අල්ප ඉච්ච් කෙනෙක් වැඩි වැඩ මට ඕන නෑ කියල...එහෙනම් ඉච්ඡ කියන්නේ කැමැත්ත...
අනිච්ච කියන්නේ කැමති සේ නෑ කියන එක...දැන් බලමු..
මරණය අනිච්ච් යි = මරණය කැමති සේ නෑ...
ලෙඩ වීම අනිච්ච් යි= ලෙඩ වෙනවා කැමති සේ නෑ..
මහලු වීම අනිච්චයි =මහලු වෙන්නේ නැති කතාවක් නෙමේ....මහලු වීම කැමති සේ නෑ
මරණය රිය අනතුරකින් වෙන්න පුළුවන්,ගිනි අරගෙන වෙන්න පුළුවන්, කුඩා කාලේ වෙන්න පුළුවන්,තරුණ කාලේ වෙන්න පුළුවන්, එක තැන ඉදල අංශ භාගේ හැදිලා මල මුත්‍රා ගොඩේ මැරෙන්න පුළුවන්. එහෙම මැරෙන්න කව්රුත් කැමති නෑ....එත් එහෙම මැරෙනවද නැද්ද? එහෙම මැරෙනවා...එහෙනම් මරණය කැමති සේ නෑ..මරණය අනිත්‍ය කතාවක් කිවොත් මැරෙන්නේ නෑ කියල එකෙන් කියවෙන්නේ.නමුත් සියලු දෙනා මැරෙනවා.මරණය කැමති සේ නෑ..
මහලු වෙනකොට කෙස් පැහෙනවා,මූණ රැලි වැටෙනවා..දත් වැටෙනවා...ඔය සියල්ලට අපි කැමතිද? නෑ...එත් සියල්ල වෙනවා..එහෙනම් මහලු වීම කැමති සේ නෑ,පෙළෙනවා නේද?
සියල්ල කැමති සේ නෑ,පෙළෙනවා කිවම හරියට හරි නේද?ඒකට තමයි අනිච්ච් කියන්නේ..ඉච්ච සේ නෑ,කැමති සේ නෑ නේද කිසිම දෙයක්..කැමති සේ නැත්නම් දුකයි..
ජීවිතේ ගැන හිතන්න....
ඉගෙන ගන්නා වැඩේ කැමති සේ නෑ නේද? දුකයි
ආදරය කැමති සේ නෑ නේද? දුකයි
දරුවෝ කැමති සේ නෑ නේද? දුකයි
ඔයාගේ ලස්සන කැමති සේ නෑ නේද? දුකයි
ඔබේ යාළුවො ඔබට කැමති සේ නෑ නේද? දුකයි
රැකියාව කැමති සේ නෑ නේද ? දුකයි
සල්ලි බාගේ කැමති සේ නෑ නේද? දුකයි
විවාහ ජීවිතේ කැමති සේ නෑ නේද? දුකයි
වේදනාවෙන් පෙළෙනවා... දුකයි..
ආදරයෙන් පෙළෙනවා ...දුකයි....
බඩ ගින්නෙන් පෙළෙනවා ..දුකයි...
ඔහොම බලන්න මොනවද කැමති සේ තියෙන්නේ කියල...
අනිච්ච කියන්නේ කැමති සේ නෑ,පෙලනවා කියන එක....කැමති සේ නැති හැම දෙයක්ම දුකයි නේද,???
කැමති සේ නැත්නම් පෙලෙනවා නම් දුකයි.
ඔයාල දැන් හිතන්න සියල්ල අනිත්‍ය කියනකොටද,, සියල්ල කැමති සේ නෑ කියනකොටද දුක නිවෙන්නේ කියල..
දුක හිතෙනකොට බලන්න..මට දුක හිතෙන්නේ කැමති සේ නැති නිසානේ කියල..
ඔන්න හරි වැරැද්ද ,දකින්නෝ දකිත්වා...."