JBL T110 Headset Review

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    social_media.jpg


    JBL කිව්වාම නොදන්න කෙනෙක් නැති තරම්.
    සවුන්ඩ්ස් ගැන දන්න හැමෝම JBL කියන නමට ගරු කරනවා මොකද කිව්වොත් JBL ප්‍රඩක්ට්ස් වල කොලිටිය ගැන කියන්න දෙයක් නැති නිසා , කොලිටිය සුපිරියටම තියන නිසා.
    ඒ නිසා පොඩි ආසාවක් ආව නිසා මාත් ගත්තා JBL හෙඩ්සෙට් එකක්.
    මේක මියුසික් හෙඩ්සෙට් එකක්.
    පාර තොටේ යන එනකොට , බස් එකේ යන එනකොට , කනට වදයක් නැතුව සැනසිල්ලේ සින්දු අහන්න පුලුවන්.

    මේ තියෙන්නේ මම ගත්තු මෙව්වා එක.
    ෆොටෝස් ගත්තේ මයික්‍රොසොෆ්ට් ලුමියා 950 එක්ස් එල් එකෙන්.
    JBL T110.

    DwfLQfG.jpg


    අපේ රටේ JBL තිබ්බට ඒ ගොඩක් ඒවා රෙප්ලිකා , ෆේක් ඒවා.
    ඔරිජිනල් ඒවා නෙවෙයි.
    මේක ඔරිජිනල් එකක් JBL.

    මේකත් එක්ක ආව දේවල් තමා මේ තියෙන්නේ පෙට්ටිය ඇතුලේ.

    HRgPp1y.jpg


    මේකේ ඉයර් බඩ් එක ඩිසයින් කරලා තියෙන්නේ කන ඇතුලටම වදින විදියට.
    ඒ නිසා බේස් එක එහෙම හොදට තියනවා ප්‍රශ්ණයක් නැතුව.
    අනිත් එක තමා ගොඩක් වෙලා සින්දු අහනකොට කන රිදෙන්නේ නෑ මේකේ ඉයර් බඩ් එක ඩිසයින් කරලා තියන විදියට.
    ප්‍රමාණ තුනකින් ඉයර් බඩ්ස් ලැබෙන නිසා තමන්ගේ කනට සෙට් වෙන එක තෝරගෙන පාවිච්චි කරාම කිසිම අව්ලක් නෑ.
    මේ හෙඩ්සෙට් එකේ මම දැක්ක හොදම දේ තමා 3.5 ජැක් එක ඩිසයින් කරලා තියෙන්නේ පොඩි කර්ව් එකක් එක්ක.
    හෙඩ්සෙට් එක කනේ ගහලා , ෆෝන් එක සාක්කුවේ දාගෙන ඉද්දි ජැක් එක ඩැමේජ් වෙන , කඩලා යන සම්භාවිතාව ඉතාමත් අඩුයි.
    මයික් එකකුත් එන නිසා සින්දු අහන ගමන් කෝල් එකක් ආවත් කරදරයක් නැතුව කතා කරන්න පුලුවන්.

    MGURLx7.jpg


    මේක ගත්තේ අවුරුද්දක් වොරන්ටි එක්ක ඊ ග්ලෝබ් එකෙන් රු.4000.00
    ඒ නිසා ගෙවන ගානට හොදටම වටිනවා , කැමති කෙනෙක් ඉන්නවානම් ඊ ග්ලෝබ් එකෙන් ගන්න පුලුවන්.

    http://www.eglobe.lk/

    රු.4000 බජට් එකේ හෙඩ්සෙට් වලින් ගන්න පුලුවන් හොදම එකක් මේ හෙඩ්සෙට් එක.
    ඕන කෙනෙක්ට රෙකමන්ඩ් කරන්න පුලුවන් JBL ආසයි නම් මේකක් ගන්න කියලා.

    එහෙනම් ජයවේවා.
    ප්‍රශ්න තියනවානම් අහන්න , කමෙන්ට් එකක් කොටාගෙන යන්න.



     
    Last edited:

    Haritha97

    Active member
  • Jan 1, 2018
    216
    47
    28

    මේ හෙඩ්සෙට් එකේ මම දැක්ක හොදම දේ තමා 3.5 ජැක් එක ඩිසයින් කරලා තියෙන්නේ පොඩි කර්ව් එකක් එක්ක.
    හෙඩ්සෙට් එක කනේ ගහලා , ෆෝන් එක සාක්කුවේ දාගෙන ඉද්දි ජැක් එක ඩැමේජ් වෙන , කඩලා යන සම්භාවිතාව ඉතාමත් අඩුයි.


    මං හිතුවෙ එක කැඩිලා කියලා:sorry:
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,155
    4,056
    113
    invoke db "Injected Memory"
    ලන්කාවෙ Originals ගන්න පුලුවන් තැන් ටිකකුත් දාගෙන යමුකො මචන්ලා, JBL, BOSE, AKG, Audio Technica, SkullCandy,
    Dollar එකයි, Custom එකෙන් බඩු පරක්කු කරන එකයි නිසා ලංකාවෙන් නම් ගන්න හිතෙන්නෙ නැ, වැඩියෙන් ගානක් දීලා හරි ලන්කාවෙන් ගනන් තියෙනවා නම් හොදයි.
     

    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    man gawath tiyenawa oya model ekema 1k sounds qaulitynam thama eth afer 5 months wage eka side ekaka sounds aehenne nathua yanawa. kalin tibba jbl ekatath eka awa dan tiyena eketh tiyenawa. badu orginal abans eken gatte.