ලර්නර්ස් එකේ ටවුන් ඒස් වෑන් එක පුරුදු වෙද්දී බොරැල්ල කනත්තට කිට්ටුව වමට සිග්නල් එකත් දාලා හරවනකොටම වම් පැත්තෙන්ම ත්රී වීල් කාරයෙක් දැම්මා කියහංකෝ..
ඌ කොහෙන් ආවද කියලා ඌවත් දන්නේ නැතුව ඇති..
බ්රේක් ගහලා දඩස් ගාලා දකුණට කපන ගමන්ම දකුණු පැත්තේ කන්නාඩියත් බැලුණා ඉබේටම වගේ.. මගේ රියැක්ෂන් එක නිසාද මන්දා ඌ බනින්න ගිහින් නිකන් හිටියා..
මම දකුණු පැත්තේ කන්නාඩිය බලලා ආයේ ලර්නර්ස් එකේ බුවාගේ මූණ දිහා බලනකොටම තේරුණා ඌ කියන්න ගිය මොකක් හරි ගිල ගත්තා කියලා..
මම දකුණට කැපුවේ නැත්තං ත්රී වීල් එකේ මඩ කවරේ වෑන් එකේ බෆර් එක වදිනවා..
මගේ දකුණු පැත්තෙන් මොකෙක් හරි ආවනම් ලර්නර්ස් එකේ බුවා මාව මරාගෙන කනවා..
තව සැරයක් අතුරු පාරක ඉඳන් ඇවිත් ප්රධාන පාරට දාන්න කිව්වා.. ප්රධාන පාරට දා ගන්න හෙන කන්දක් වගේ නගින්නත් ඕනේ..
ක්ලච් බැලන්ස් කරලා දාගන්න කිව්වා..කාලා වරෙන්කො ඉතින්.. නිකන් පාරෙත් ක්ලච් එක දෙන්නේ පට්ට බයෙන්.. ඒ මදිවට කන්දක් එක්ක ප්රධාන පාරට දාන්න කියනවා මූ.. අලි මදිවට කොටි කියලා පිටිපස්සෙන් කුණු ට්රැක්ටරයකුත් ගෙනත් පිටිපස්සටම හේත්තු කරලා නවත්තං ඉන්නවා මම පාරට දාගන්නකන්..
ඌ එක්ක ඔක්කොටම වැඩිය මළ පැන්නා.. ඇයි යකෝ මෙච්චර හතර වටේ එල්.බෝඩ් ගහලා තියෙන වෑන් එකක් කන්දක් නගින්න බලාගෙන ඉන්න අස්සේ මූත් අස්සේම රිංගන්න හදනවනේ කියලා.. අනිවා අඩියක් හරි පස්සට එනවනේ පුරුදු නැති නිසා..
ලර්නර්ස් එකේ එකා කියනවා පේනවනේ,පස්සට ගිහින් එකේ ගෑවෙන්නේ නැතුව දෙපැත්තේ වාහන නැති උන ගමන් කන්ද නැගලා පාරට දා ගන්න කියලා.. මට හොඳටම දාඩියත් දැම්මා...
වාහන අඩු උන ගමන් ක්ලච් එක ලාවට උස්සනවත් එක්කම ඇක්සලේටර් එකත් ටිකක් තදට පාගලා දුම දාගෙන පාරට දා ගත්තා.. ඒ දැම්ම වේගේ වැඩී.. ඌ ඒකටනම් මට බැන්නා හැබැයි.. 
පස්සට යයි කියලා බයයි, වාහනේ දඩස් ගාලා හිටියි කියලා බයයි දෙකම එක්කනේ ඇක්සේලේටර් එක පෑගුවේ.. ඉතින් ක්ලච් එක හරියට රිලීස් වෙලත් නැති නිසාද මන්ද හෙන කලු දුමක් දැම්මා පිටිපස්සෙන් අර ට්රැක්ටර් එක වැහෙන්නම..

ඒවුනාට ගානට දුන්නාම යනවා හිටින්නේ නැතුව...

policiyen alluvoth dada gahanava puthe