Learners කතන්දරේ

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ලර්නර්ස් එකේ ටවුන් ඒස් වෑන් එක පුරුදු වෙද්දී බොරැල්ල කනත්තට කිට්ටුව වමට සිග්නල් එකත් දාලා හරවනකොටම වම් පැත්තෙන්ම ත්‍රී වීල් කාරයෙක් දැම්මා කියහංකෝ..:angry: ඌ කොහෙන් ආවද කියලා ඌවත් දන්නේ නැතුව ඇති..:baffled: බ්‍රේක් ගහලා දඩස් ගාලා දකුණට කපන ගමන්ම දකුණු පැත්තේ කන්නාඩියත් බැලුණා ඉබේටම වගේ.. මගේ රියැක්ෂන් එක නිසාද මන්දා ඌ බනින්න ගිහින් නිකන් හිටියා..:P මම දකුණු පැත්තේ කන්නාඩිය බලලා ආයේ ලර්නර්ස් එකේ බුවාගේ මූණ දිහා බලනකොටම තේරුණා ඌ කියන්න ගිය මොකක් හරි ගිල ගත්තා කියලා..:rofl: මම දකුණට කැපුවේ නැත්තං ත්‍රී වීල් එකේ මඩ කවරේ වෑන් එකේ බෆර් එක වදිනවා..:frown: මගේ දකුණු පැත්තෙන් මොකෙක් හරි ආවනම් ලර්නර්ස් එකේ බුවා මාව මරාගෙන කනවා..:baffled:

    තව සැරයක් අතුරු පාරක ඉඳන් ඇවිත් ප්‍රධාන පාරට දාන්න කිව්වා.. ප්‍රධාන පාරට දා ගන්න හෙන කන්දක් වගේ නගින්නත් ඕනේ..:baffled: ක්ලච් බැලන්ස් කරලා දාගන්න කිව්වා..කාලා වරෙන්කො ඉතින්.. නිකන් පාරෙත් ක්ලච් එක දෙන්නේ පට්ට බයෙන්.. ඒ මදිවට කන්දක් එක්ක ප්‍රධාන පාරට දාන්න කියනවා මූ.. අලි මදිවට කොටි කියලා පිටිපස්සෙන් කුණු ට්‍රැක්ටරයකුත් ගෙනත් පිටිපස්සටම හේත්තු කරලා නවත්තං ඉන්නවා මම පාරට දාගන්නකන්..:angry: ඌ එක්ක ඔක්කොටම වැඩිය මළ පැන්නා.. ඇයි යකෝ මෙච්චර හතර වටේ එල්.බෝඩ් ගහලා තියෙන වෑන් එකක් කන්දක් නගින්න බලාගෙන ඉන්න අස්සේ මූත් අස්සේම රිංගන්න හදනවනේ කියලා.. අනිවා අඩියක් හරි පස්සට එනවනේ පුරුදු නැති නිසා..:sorry:
    ලර්නර්ස් එකේ එකා කියනවා පේනවනේ,පස්සට ගිහින් එකේ ගෑවෙන්නේ නැතුව දෙපැත්තේ වාහන නැති උන ගමන් කන්ද නැගලා පාරට දා ගන්න කියලා.. මට හොඳටම දාඩියත් දැම්මා...:confused: වාහන අඩු උන ගමන් ක්ලච් එක ලාවට උස්සනවත් එක්කම ඇක්සලේටර් එකත් ටිකක් තදට පාගලා දුම දාගෙන පාරට දා ගත්තා.. ඒ දැම්ම වේගේ වැඩී.. ඌ ඒකටනම් මට බැන්නා හැබැයි.. :angry:
    පස්සට යයි කියලා බයයි, වාහනේ දඩස් ගාලා හිටියි කියලා බයයි දෙකම එක්කනේ ඇක්සේලේටර් එක පෑගුවේ.. ඉතින් ක්ලච් එක හරියට රිලීස් වෙලත් නැති නිසාද මන්ද හෙන කලු දුමක් දැම්මා පිටිපස්සෙන් අර ට්‍රැක්ටර් එක වැහෙන්නම.. :rofl:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    පෙට්‍රල් වාහන ක්ලච් අන්බලන්ස් වෙච්ච ගමන් දඩස් ගාල නවතිනවා නේද බන්
    මම ඩීසල් වීල් එකක පදිනවා එකේනම් එහෙම න්වතින්නෙම නැති තරම්
    ක්ලච් එක අත්රුනත් දඩ දඩ ගාලා ඉස්සරහට යනවා :P:P
    ඒ හැටිද බන්
    මටත් ලයිසන් ගන්න ඕනේ බන්
    අහුවුනොත් 25000 ක්ද කොහෙද දඩ :rofl::rofl:

    තව ලොකු ගියර් එකක් ඇවිල්ලා සේනික වේගේ අඩු කරන්න වුනොත් එහෙම ගානට rev matching කරලා අඩු ගියර් එකකට දාගන්න ඕනේ නේද බන්
    මට එක තමා බැරි තවම

    ක්ලච් පෙට් යනවා එක හරියට බැරිවුනාම දිගටම එහෙම වැරදියට ක්රාම

    • Like
    Reactions: richlife

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    පෙට්‍රල් වාහන ක්ලච් අන්බලන්ස් වෙච්ච ගමන් දඩස් ගාල නවතිනවා නේද බන්
    මම ඩීසල් වීල් එකක පදිනවා එකේනම් එහෙම න්වතින්නෙම නැති තරම්
    ක්ලච් එක අත්රුනත් දඩ දඩ ගාලා ඉස්සරහට යනවා :P:P
    ඒ හැටිද බන්
    මටත් ලයිසන් ගන්න ඕනේ බන්
    අහුවුනොත් 25000 ක්ද කොහෙද දඩ :rofl::rofl:

    තව ලොකු ගියර් එකක් ඇවිල්ලා සේනික වේගේ අඩු කරන්න වුනොත් එහෙම ගානට rev matching කරලා අඩු ගියර් එකකට දාගන්න ඕනේ නේද බන්
    මට එක තමා බැරි තවම

    ක්ලච් පෙට් යනවා එක හරියට බැරිවුනාම දිගටම එහෙම වැරදියට ක්රාම

    ඔව්.. ඩීසල් ඒවා මළාට හිටින්නේ නෑ පේට්‍රල් ඒවා වගේ.. එක සැරයක් ලර්නස් එකේ වෑන් එකේම තර්ඩ් එකේ ඇවිත් ගැට්ටක් ලඟ ස්ලෝ කරලා මම ෆස්ට් එකට දාන්න හැදුවාම ලර්නස් එකේ එකා කෑ ගැහුවා කිහහංකෝ හා..හා..හා.. ගියර් මාරු කරන්න ඕනෙ නෑ.. හිමීට ක්ලච් එක උස්සලා යන්න දෙන්න කියලා ගස්සන්නේ නැතුව..:baffled: ඌ එහෙම කියද්දිත් මට හෙන බය හිතුනා වාහනේ හිටියි කියලා.. ඒ යකා මට සෙකන්ඩ් එකටවත් දාන්න දුන්නේ නෑ..:dull: ඒවුනාට ගානට දුන්නාම යනවා හිටින්නේ නැතුව...:rolleyes:
    ටික දුරක් යද්දි තමයි කිව්වේ නවත්තලා තියලා යද්දී ඇරෙන්න යන ගමන් ෆස්ට් එකට දාන්නම එපා කියලා..:yes:
    හුරු උනාට පස්සේ පස්සෙනම් නවත්තලා තියලත් සෙකන්ඩ් එකේම යන්න පුලුවන්..:yes: පෙට්‍රල් කාර් එකක් උනත් හුරු උනාම සෙක්න්ඩ් එකේම යන්න පුලුවන් වැඩිය රිද්දන්නේ නැතුව..:P

    • Like
    Reactions: Thoppi_Chaminda

    :cool::cool:
    එල
    ඔය ගැස්සෙන්නේ හරියට ක්ලච් එක බයිටින් පොයින්ට් එකට අහුවෙන්න කලින් අක්ස්ලෙටර්ය දෙන හින්ද නේද
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    Ai machan uba L board gahanne naththe? mokakda license eka hambenakan L board gahanna bari wenna tharam loku hethuwa machan? Mokada eka neethiyath ekkane, learners permit eken drive karanawanam aniwa Permit ekai, L board gahala, license thiyena ekek ekka thama yanna one. nathnam nithi wirodee.

    Anith eka L board gahanne anith ayata meke drive karanne student driver kenek kiyala danawanna. ethakota unta tikak wadi gap ekak thiyala drive karanna puluwan & un wadiyen kalpanakari wenawa ubata pitipassen enawanm hari overtake karanawanam wage.

    l board එක ගහන්නේ නැත්තේ...

    ඕක පුරුදු කරන්න දවස් හතරක් විතර මගේ තාත්තගේ යාලුවෙක් ඇවිත් තමයි වාහනේ ගැන කියල දුන්නේ...එදායින් පස්සේ තනියම තමයි යන්නේ...learners එකේ වාහනයක licence තියෙන කෙනෙක් දාගෙන ගියාට ප්‍රයෝගිකව ගෙදර තියෙන වාහනයක ඕක ප්‍රයෝගික නැ මචන්...

    එක නිසා මගේ වැඩ වලට ..සමහර වෙලාවට ගෙදරට මොනවා හරි ගෙන්න...ගෙදර අයත් එක්ක town එකට බඩු මුට්ටු මොනවා හරි ගෙන්න...යනවා....

    l board එක ගැහුවම නිකම් බොරුවට attention එක එනවා විතරයි....L එක ගහගෙන තනියම දෙවැනි line එකේ 80 ට විතර යනකොට අනිවා නවත්තනවා...

    එක නිසා L එක ගහගෙන යනවා කියන්නේ ඉල්ලගෙන කෑමක් ...(අර පුරුදු කරපු තාත්තගේ යාලුව ම මට කිව්වා පලවෙනි දවසෙම..."ශා පුතාට හොදට driving පුළුවන්නේ..බොහොම හොදයි පරිස්සමින් drive කරන්න...පුතා හොදට ගියාට පාරේ පිස්සෝ යනවා කියලත් හිතාගන්න .." ඔන්න ඔහොම තමයි මට පලවෙනි දවසෙම ....මට දුන්න comment එක මට පුරුදු කරපු කෙනා...learners එකට ගියානම්...බල්ලා බුරුව ..මී හරක..සංසාරේ එපා වෙලා තමයි එන්න වෙන්නේ... )

    :yes::yes::yes:
     
    • Like
    Reactions: Indika Buddika

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835

    ekanam aththa bn. Learners yanawa kiyanne wenama kattak. Wahanath epa wenawa unge kunu katha ahanna giyama.
     
    • Like
    Reactions: KingCM

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    ekanam aththa bn. Learners yanawa kiyanne wenama kattak. Wahanath epa wenawa unge kunu katha ahanna giyama.

    දැන් බලපන් මේ ත්රෙඅඩ් එක පටන් ගත්ත තැනෙ ඉදන් learners එකට බනපුව තියෙන්නේ..එක්කෙවත් හොදක් කියන්නේ නැ...

    වාහන පදින්න පුලුවන්නම් උන්ගෙන් ඉගෙන ගන්න එන්නේ නැනේ...

    ඔකේ තියෙන බයානක කාම තියෙන්නේ...පදින්න පුළුවන් කියල හිතෙන එකගේත් confidence යනවා අර මුසලයෝ කෑගහන විදියට...

    එක නිසා මට recommend කරන්න පුළුවන් හොදම විදිය තමයි දවස් දෙකකට car එකක් රෙන්ට් එකට අරගන්න කියන එක...

    :yes::yes:

    රේප් +11​
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    ඇයි උබට කනට ගැහුවද?...:rofl::rofl:
    නැ බන්.මන් පිටි පස්සේ ඉන්නකොට එලවපු එකටා නෙලනවා මන් දැක්කා :D
    මට එක දවසක් බාන්න එකෙක්.උ මට reverse කරන්න කිව්වා.මන් reverse කරලා අපහු පාරට දාන්න හැදුවා.මු හිතුවේ මන් වාහන එනවද නැද්ද බලන්නේ නැතුව දායි කියලා :D
     
    eladakolla

    Well-known member
  • Mar 20, 2012
    1,215
    189
    63
    ahanne ennada hoyagena
    මේ මචන්ලා l පර්මිට් එක එන්න කොච්චර කල් යනවද ? මට ඉස්සෙල්ල බයික් ලයිසන් තිබ්බා , දැන් මම ආයේ වාහන ලයිසෙන් දැම්ම දැන් l පර්මිට් එක එන්න කොච්චර කල් යයිද බන් :sorry::sorry::sorry:
     
    Dinesh_AG

    Member
    Aug 8, 2016
    356
    37
    0
    mama lerners giye angulane CTB ekata. unge nam loku seen na. hodatama kiyala denawa. theory dawasak tiyanawa. ita passe okkoma dawaswala practical.
    habai bus wala learners nam hariyatama balanawa. weredduwoth kanata gahanne.
     
    rohan117560

    Well-known member
  • Feb 10, 2013
    960
    62
    48
    මටත් බැන්නා. මාත් බැන්නා. පාර මැද්දේම නවත්තලා බැහැලා, ගියාආපහු උන්ගේ ඔෆිස් එකට, මම කිව්වා දන්නේ නැති නිසා තමයි පුරුදු වෙන්න ආවේ කියලා. මම සල්ලි ගෙවලා පුරුදු වෙන්නේ, බැරි නම් කියන්න මම වෙන තැනකට යන්නම් කිව්වා. ඊට පස්සෙන්දා ඉදලා වෙන එකෙක් දාලා ශේප් එකෙ ඉගැන්නුවා. ඇයි අපි සල්ලි දීලා බැනුම් අහන්නේ පොන්නයෝ වගේ ?
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,731
    12,645
    113
    127.0.0.1:8080/Kandy
    Oya benum ahana ewa ganan ganna epa ban. Mama oita wada benum ahala tiyenawa.

    Gedara wahane tibba nisa awrudu 15 idan horen hitan elewwa issara pare mechchara policiyen hitiyeth na ne.

    License ganna gedarin elawala thama giye awrudu 20di witara learners ekak haraha denme learners eke pora aduranawa rs5000i gatte.

    Driving purudu karanne uncle kenek. Mama dawasak giya 5ta witara. Pudanakotama kapi yaka yakku gas nagina welawata enne kiyala ara uncle benna.

    Itapasse benna steering eka karakawana widiha weradi kiyala ath patalanne nethuwa hemin karakawanna one ekakin adina gaman aniken thallu karanna one kiyala. Itapassr man giyeth na.

    Trial dena dawase re 6.30 witara trial denakota eda examiner issaraha ape un dim full kare wath na. Ewa ugannanne na. Ath dana ewa ehema thama ugannanne. AC dagena kawda ban den ath danne.