අපි දැනට කෝච්චියේ වැඩට යන්නේ එන්නේ නොවිඳිනා දුකක් විඳලා. දවසක් වැඩ කරලා මහන්සි වෙලා ඇවිත් කෝච්චියේ එන්න ඒ වගේ දහ ගුණයක දුකක් විඳින්න ඕනේ. වෙන කරන්නම දෙයක් නැති නිසා බන් හැමෝම ඒවායේ එන්නේ.
අපි කැමතියි දැන් තියෙන දුම්රිය ගාස්තුව මීට වඩා දහ ගුණයක් වැඩි කරලා හරි අපිට ටිකක් හරි පහසුවෙන් යන්න එන්න පුළුවන් ගානටවත් මේ සේවාව වැඩි දියණු කරනවා නම්. ඒකයි කියන්නේ. එහෙම නැතුව වෙනදා වගේම අපා දුක් විඳගෙන මේකේ යන ගමන් තව දුම්රිය ගාස්තුත් වැඩි කලාම කබලෙන් ලිපට වැටෙන එක තමයි වෙන්නේ.
ඔය මේකේ ඒ සී කාමරවල ඉඳන් ප්රස්තාර බලලා යෝජනා දෙන එවුන්ට දවසක් දෙකක්වත් ඔෆිස් වෙලාවට කෝච්චියේ ගිහින් බැලුවා නම් තේරෙයි අපි කියන්නේ මොකක්ද කියලා. අනික බන් ඔය දැන් වැඩි කරන්න හදන ගාන වැඩි කරත් පාඩුව අඩු වෙන එක විතරලුනේ වෙන්නේ. ඒ කියන්නේ කොහොමත් සේවයේ ගුණාත්මක භාවය මීට වඩා වැඩි වෙන්නේ නෑ කියන එකමයි.
ඒ කියන්නේ අපි ලබන අවුරුද්දේ යන්නේ වැඩිපුර සල්ලිත් දීල තවත් අවුරුද්දකින් පරණ වෙච්ච කොච්චි පෙට්ටිවලමයි.
ඔව් බන් අනිත් ප්රශ්නේ ගවර්මන්ට් පිං සීසන් කාරයෝ උන්ට මාස 3 ගාන සමානයි අපේ එකමාසෙක ගානට එක කමන්නැ කියමුකෝ අඩුතරමෙන් සෙකන්ඩ් ක්ලාස් වත් ඔය පිං සීසන් එක දෙන්නේ නැතිඋනොත් වැඩියෙන් ගීයත් අපිට ඉදගනවත් යන්න පුලුහන් ...මොකද දැන් සෙකන්ඩ් ක්ලාස් වලත් යන්නේ වැඩිහරියක් පිං සීසන් කාරයෝ මොකද නිකන් වගේ දෙනවනේ උන්ට ..මම කියන්නේ පිං සීසන් එක දෙන්න ඕනේ තර්ඩ් ක්ලාස් වීතරයි..







