මේකේ බුද්ධිමත් මහත්වරු ඉන්න නිසා මේ ප්රශ්නෙට විසදුමක් කියනවද. අපේ ගෙදර මම පොඩිකාලෙ ඉදන් ගොඩාක් ගැටලු තියනවා. තාත්තා බීලා ඇවිත් අම්මට ගහනව අපිට ගහනවා. අපිව ගම වටේ පන්නනවා. මගේ අයියයි මමයි අක්කයි ගෙදර ඉන්නෙ. ඒත් අපි හුගක් හොදට ඉගනගත්තා. අපි කොච්චර හොද තැනකට ආවත් ගමේ මිනිස්සුන්ට පේන්න යන්න ලැජ්ජයි. තාත්තා බීලා ඇවිත් කුනුහරප කියලා අපිට නින්දා කරනවා. අම්මට අත උස්සද්දි අපිට බලන් ඉන්න බෑ. අපි මේ රන්ඩු බේරන්න යද්දි නොදැනුවත්වම අපිට පව් පිරෙනවා. පොඩි කාලෙ ඉදලම මේ සිද්දි අත්විදින නිසා මානසික සහනයක් නෑ. වෙලාවකට අධික කෝපයක් දැනෙනවා. මේ නිසාම මගේ ආදර සම්බන්දතාවත් බිද වැටුනා. මට මේ තත්ත්වයෙන් මිදෙන්න උපදෙසක් දෙන්න.






