ගුරු සේවයේ රස මුසු තැන්
ගුරු සේවයේ රස මුසු තැන්....................
අද මෙන් ගමන් පහසුවක්, දුරකතන නොතිබුනු යුගයක, ගුරුවරු තම දිවිය දෙවෙනිකොට කැපවී සෙවය කර ඇත.ඇතැම් පාසල් වල ලොග් සටහන් පොත ද සාහිත්‍යමය රසයෙන් අනූනය.
දුර බැහැර පළාතක සේවයට පැමිණි ගුරුවරයෙක් , ඔහුගෙ ගමේ, ඔහුට අයිති ඉඩම් වෙනත් අය බලෙන් අල්ලාගන්නා බවට ලැබුනු තොරතුරකින් පසු මෙසේ ලොග් සටහනක් තබා ගොස් ඇත
,,,,,, .මා රජයේ සේවය සඳහා පොළොන්නරුවට පැමිණ, රජයේ සේවයේ යෙදෙනවිට මාගේ සතුරෝ මාගේ හිමිකම් ,ඉඩකඩම් බලහත්කාරයෙන් භුක්තිවිඳින බව මට සැලවී ඇත.මගේ අයිතිවාසිකම් රැකගන්නට ගමට යන්ට යෙදුනා ඇත.ආපසු පැමිණෙනතුරු පාසලේ කටයුතු උපගුරු වීරසූරිය මහතාට පවරමි,,,,,,,
.දින තුන හතරකට පසු උපගුරු වීරසූරිය මහතා මෙසේ ලොග් සටහනක් තබා ඇත,,,,,,,,.විදුහල්පති තුමා හදිසි අනතුරකට ලක්වී ඇති බවත්,මහරෝහලේ 46 වන වාට්ටුවේ ප්‍රතිකාර ලබන බවත් ,තත්වය බරපතල බවත් දැනගන්නට ලැබී ඇත.,,,,,,,
මාස තුනකට පසු විදුහල්පති තුමාගෙ ලොග් සටහනේ මෙසේ කියයි.,,,,,හදිසි අනතුරකට ගොදුරුව ඔත්පලව සිට ,නැවත සේවයට පැමිණියෙමි,මෙතැන්සිට පෙරපරිදි පාසැලේ කටයුතු කරගෙන යමි,,,,,,,
මේ තවත් සටහනකි.
ජෝර්ජ් රජතුමා පරලෝසැපත් වූ බව දැනගැනීමෙන් පසු,ඉහල පන්තිවල ළමයින්ට අඬන්න සලස්වා පාසල කලින් වසා දැමුවෙමි,,,,,,,.
මේ තවත් පාසලක ලොග් සටහනකි
මහරැජිනගේ උපන්දිනය වෙනුවෙන් උත්සවයක් පවත්වන ලදී.තරඟ වලින් දිනූ ශිශ්‍යාවන්ට කම්බායන් සහ පිරිමි ළමයින්ට සරොම් තෑගි වශයෙන් දුන්නෙමු,,,,,
.--------ගුරුතුමියට දරුවා ලැබෙන්න ආසන්න නිසා පාසල වසාදමා ඇය රඹුක්කන පිහිටි නිවසට ගෙනවිත් ඇරලීමට ගියෙමි,,,,,,,,,
.සතියකින් පසු මෙසේ ලොග් සටහනක් තබා තිබුනි,,,,,,,,,,,,.ගුරුතුමියට පිරිමි දරුවෙක් ලැබිණි,ඒ කටයුතු අවසන් වීමෙන් පසු නැවත පැමිණ පාසල ආරම්භ කලෙමි.,,,,,,,
මෙය අන්තර්ජාලයෙන් උපුටාගෙන 80 දශකයෙන් එහා සමූහයේ පලකල ලිපියකි.
https://www.facebook.com/groups/133646999994993/about/

Last edited: