Mahamevnawa Asapuwa

SahanJ123

Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    :yes::yes::yes::yes:

    මේක තමයි ඇත්ත. නමුත් මමත් දහම් මගට යොමු වුනේ මහමෙවුනාව නිසා. නමුත් එයාලා දන්නෙ නැහැ එයාලා යම්‍ තරමක මිත්‍යාවක ඉන්න බව.. ඒ වුනත් කෙනෙක්ට දහම් මගට ඇතුල් වෙන්න හොද ඉනිමගක් මහ මෙවුනාව. නමුත් පිට බණ අහන්න එපා කියලා අපිව හිර කරනවා. අනික තමයි දෙපිටක සංකල්පය. අභිධර්ම පිටකය නොතේරෙන නිසා එය බැහැර කරනවා.
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    අභිධර්මය දෙවියන්ට දේශනා කලා කියලා අභිධර්ම පිටකයේ තියෙනවද? මම නම් දැකලා නැහැ.

    මෙතන බලන්න.. මෙසස්නෙහි මහණ කියන්නේ දෙවිවරුද?

    9. ඍද්ධිපාද විභඞ්ගය

    509. ඍද්ධිපාදයෝ සතර දෙනෙකි: මෙ සස්නෙහි මහණ කත්තුකම්‍යතා ඡන්දය අධිපති කොට ඇති සමාධියෙන් හා සම්‍යක්ප්‍රධානවීර්‍ය්‍යයෙන් යුක්ත වූ ඍද්ධිපාදය වඩයි. වීර්‍ය්‍යය අධිපති කොට ඇති සමාධියෙන් හා සම්‍යක්ප්‍රධානවීර්‍ය්‍යයෙන් යුක්ත වූ ඍද්ධිපාදය වඩයි. චිත්තය අධිපති කොට ඇති සමාධියෙන් හා සම්‍යක්ප්‍රධා‍න වීර්‍ය්‍යයෙන් යුක්ත වූ ඍද්ධිපාදය වඩයි. වීමංසාව අධිපති කොට ඇති සමාධියෙන් හා සම්‍යක්ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුක්ත වූ ඍද්ධිපාදය වඩයි.

    හැබැයි කවුරැ මොනවා කිව්වත් මෙවුනාවෙ අය නමට බෞද්ධ නෙවෙයි. අඩුම තරමෙ මේ දහමට බොක්කෙන්ම නැඹුරු වෙලා තියෙනවා. ඒකට හේතුව ලොකු ස්වාමින්වහන්සේගෙ වැඩ පිලිවෙල හිත හොදින් කරන එකක් මිස කාටවත් කෙලවන්න කරන එකක් නොවන නිසා.

    නමුත් ඔතන අපි බලා පොරොත්තුවන දෙය නම් නැහැ. පදපරම අයට නම් හොදයි සුගතිගාමි වෙන්න.

    අභිධර්මය දේශනා කලේ වස් කාලයකදී දෙවි වරුන්ට නෙවෙයි නං, කාටද?
    ඒ ගැන සඳහන් වෙන්නේ කොහෙද?

    බුදු රජාණන් වහන්සේ ධර්ම චාරිකාවේ වදිද්දී අභිධර්මය දේශනා කල බවක් ත්‍රිපිටකයේ කොහේ හරි සඳහන් වෙනවද?

    අනිත් ප්‍රශ්නේ අභිධර්මය නැතුව ප්‍රථම මාර්ගපල ලාභියා විදිහට කොන්ඩඤඤ රහතන් වහන්සේ ප්‍රථම ධර්ම දේශනා වෙච්චි දම්සක් පැවතුම් සුත්‍රයෙන් රහත් උනේ කොහොමද?

    ----------------------------------------------------------------

    රහතන් වහන්සේලා රහත් වුනු දේශනා සුත්‍ර පිටකයේ තියෙද්දී,
    ඒ සුත්‍ර දේශනා අවසානයේ රහත් වුනු බවට බුදු රජාණන් වහන්සේම සහතික කල බව ඒවයින් සමහර සුත්‍ර වල තියෙද්දී,
    ඒ සුත්‍ර දේශනා ම, මහමෙව්නාවෙන් මිනිසුන්ගේ අතටත් දීලා තියෙද්දී,

    ඔයා කියනවා නං, ඔයා හොයන එක මහමෙව්නාවේ නෑ කියලා,

    වෙනත් විදිහකට කියනවා නං,
    සුත්‍ර පිටකයේ බුද්ධ දේශනා මිනිස්සුන්ට දෙද්දී,
    ඒවායින්, නිර්වාණය සාක්ෂාත් කරන theory එක මහමෙව්නාවෙන් දෙන එක සුත්‍ර දේශනාවක (සුත්‍ර පිටකයේ පරිවර්තන පමණක්) පවා පැහැදිලිව සඳහන් වෙද්දී, ඔයා කියනවා නං ඔයා හොයන එක මහමෙව්නාවේ නෑ කියලා,

    ඔයා මොකද්ද මහමෙව්නාවේ හෙවුවේ?

    මොකද සුත්‍ර පිටකයේ බුද්ධ දේශනා,
    මහමෙව්නාවෙන් දුන්නත්,
    නා උයනේ අරියධම්ම හාමුදුරුවෝ දුන්නත්,
    රේරුකානේ චන්දවිමල හාමුදුරුවෝ දුන්නත්,
    සමන්ත භද්‍ර හාමුදුරුවෝ දුන්නත්,
    බොදුබලසේනාවෙන් දුන්නත්

    වෙනස් වෙන්න බෑ නේ? නේ?

    වෙනස ඒ ඒ හාමුදුරුවරු ඒවා පැහැදිලි කරන විදිහ විතරනේ?
    පාලි පාඨයක් ගත්තොත් එකට තේරුම් ගොඩක් තියෙන්න විදිහක් නෑ නේ?
    එහෙම උනා නං බුදු රජාණන් වහන්සේ දේශනා කරද්දී එක එක්කෙනාට එක එක විදිහට තේරුම් යන්න එපැයි? (ත්රුමයි අවබෝධෙයි වචන දෙකක්)

    එතකොට ඔයා මහමෙව්නාවෙන් හෙවුවේ මොකද්ද?
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH

    සරලවම අහන්නම්. පටිච්ච සමුප්පාද විභංගය නැතිව පටිච්ච සමුප්පාදය තේරුම් කරලා දෙන්න සුත්‍ර පිටකයෙන් පුළුවන්ද?
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    පුද්ගලයො වර්ග 4ක් ඉන්නවා.

    උග්ගටිතඥ්ඥ
    විපටිතඥ්ඥ
    නෛය්‍යි
    පදපරම කියලා.

    ඉහලම ඥානය තිබුන දැහැන් උපරිම වඩා තිබු බාහිය දාරුචීය, සන්තථි අඅමති, කොණ්ඩඤ්ඤ වැනි අසු මහා ශාවක පිරිසේ සිටි උතුමන්ට නිස්සරණය දෙසු පමනින් අරිහත්වය සාක්ෂාත් කලා. නිස්සරණය දෙසන්නේ උග්ගටිතඤ්ඤ අයට.

    ඉන්පසු අරිහත් වු උතුමන් ආදීනව සහ නිස්සරණය දෙසු පමනින් අරිහත් උනා.ඒ අයත් හොද ඥානයක් ඇති උතුමන්.

    දැන් ඉතිරි නෛය්‍ය අයට අස්සාද ආදීනව සහ නිස්සරණය තුනම දෙසිය යුතුයි. ඉතින් එයට අභිධර්ම පිටකය අත්‍යාවශ්‍යයි. එය දන්න නිසයි අරිහතුන් වහසේලා පිටක තුනම ග්‍රන්‍තාරූඩ කලේ.

    ඉතින් ඔයා දුන්න ඒ කාලෙ උදාහරනෙ දැන් වලංගු නැහැ. දැන් ඉන්න අය නෛය්‍ය පදපරම අයයි.

    3.1.1. දේසනාහාරවිභඞ්ගය
    ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » ඛුද්‌දක නිකාය » නෙත්තිප්පකරණ » 3. පටිනිද්දේසවාරය » විභඞ්ග

    එහි භාග්‍යවතුන් වහන්සේ උද්ඝටිතඥ (උද්දිෂ්ටමාත්‍රයෙන් අවබෝධ කරන) පුද්ගලහට නිස්සරණ දේශනාව දෙසනසේක. විපඤ්චිතඥ (විස්තරයෙන් නිර්දිෂට කල්හි අවබෝධ කරන) පුද්ගලහට ආදීනවය ද නිස්සරණය ද දෙසනසේක. ප්‍ර‍තිනිර්දේශයෙන් අවබෝධ කරවියයුතු නෙයපුද්ගලහට අස්සාදය ද ආදීනවය ද නිස්සරණය ද දෙසනසේකි.
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH

    කල්ට් එකක් වුනාට මහමෙවුනාවෙන් කරනා හොද වැඩ කෝටියක් තියෙනවා බන්.

    අද කාල‍ෙ ඉන්න නිකමුන්ට වඩා ශ්‍රද්ධාව උපරිිමෙන් තියෙනවා.
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    සරලවම අහන්නම්. පටිච්ච සමුප්පාද විභංගය නැතිව පටිච්ච සමුප්පාදය තේරුම් කරලා දෙන්න සුත්‍ර පිටකයෙන් පුළුවන්ද?

    පුළුවන් නිසා නේ සුත්‍ර පිටකයේ දේශනාව් වලින් මිනිස්සු ධර්මය අවබෝද කලේ?

    ඔයා කියන්නේ සුත්‍ර පිටකයේ බුද්ධ දේශනා අවබෝද කරන්න ඕන විදිහට නෙවේ තියෙන්නේ කියලා?
    කොහොමද එහෙම වෙන්නේ?

    ඔයා එක කියපු එක පැහැදිලි කරන්න. මොකද්ද පටිච්ච සමුප්පාද විභංගය? මම දන්නේ නෑ. ඔයා විස්තර පැහැදිලි කරන්න.

    පුද්ගලයො වර්ග 4ක් ඉන්නවා.

    උග්ගටිතඥ්ඥ
    විපටිතඥ්ඥ
    නෛය්‍යි
    පදපරම කියලා.

    ඉහලම ඥානය තිබුන දැහැන් උපරිම වඩා තිබු බාහිය දාරුචීය, සන්තථි අඅමති, කොණ්ඩඤ්ඤ වැනි අසු මහා ශාවක පිරිසේ සිටි උතුමන්ට නිස්සරණය දෙසු පමනින් අරිහත්වය සාක්ෂාත් කලා. නිස්සරණය දෙසන්නේ උග්ගටිතඤ්ඤ අයට.

    ඉන්පසු අරිහත් වු උතුමන් ආදීනව සහ නිස්සරණය දෙසු පමනින් අරිහත් උනා.ඒ අයත් හොද ඥානයක් ඇති උතුමන්.

    දැන් ඉතිරි නෛය්‍ය අයට අස්සාද ආදීනව සහ නිස්සරණය තුනම දෙසිය යුතුයි. ඉතින් එයට අභිධර්ම පිටකය අත්‍යාවශ්‍යයි. එය දන්න නිසයි අරිහතුන් වහසේලා පිටක තුනම ග්‍රන්‍තාරූඩ කලේ.

    ඉතින් ඔයා දුන්න ඒ කාලෙ උදාහරනෙ දැන් වලංගු නැහැ. දැන් ඉන්න අය නෛය්‍ය පදපරම අයයි.

    3.1.1. දේසනාහාරවිභඞ්ගය
    ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » ඛුද්‌දක නිකාය » නෙත්තිප්පකරණ » 3. පටිනිද්දේසවාරය » විභඞ්ග

    එහි භාග්‍යවතුන් වහන්සේ උද්ඝටිතඥ (උද්දිෂ්ටමාත්‍රයෙන් අවබෝධ කරන) පුද්ගලහට නිස්සරණ දේශනාව දෙසනසේක. විපඤ්චිතඥ (විස්තරයෙන් නිර්දිෂට කල්හි අවබෝධ කරන) පුද්ගලහට ආදීනවය ද නිස්සරණය ද දෙසනසේක. ප්‍ර‍තිනිර්දේශයෙන් අවබෝධ කරවියයුතු නෙයපුද්ගලහට අස්සාදය ද ආදීනවය ද නිස්සරණය ද දෙසනසේකි.

    ග්‍රන්‍තාරූඩ නොකරන්න හේතුවක් නෑ මොකද බුදු රජාණන් වහන්සේ දේශනා කල ධර්මය නිසා. ඒ නිසා අනිවාර්යෙන්ම කරනවා.
    ප්‍රශ්නය අත්‍යවශ්‍යද? නැද්ද? කියන එක.

    මම දැනුවත් ව මහමෙව්නාවෙන් කියලා නෑ අභිධර්මය ඉගන ගන්න එපා කියලා. අභිධර්මය ප්‍රතික්ෂේප කරලාත් නෑ.
    කියලා තියෙන්නේ මහමෙව්නාවෙන් අභිධර්මය කියන්නේ / උගන්නන්නේ නෑ කියලා විතරයි.
    කාටවත් හොයාගෙන ඉගන ගන්න කිසි භාදාවක් නෑ.
    මම දැනුවත්ව එහෙමයි. ඒ නිසා එහෙම එපා කියපු තැනක් තියනවා නං, ප්‍රතික්ෂේප කල තැනක් තියනවා නං පොඩ්ඩක් ඒ ගැන පෙන්නන්න. මොකද මම ඔය කතාව හාමුදුරුවෝ ඒ විදිහට කියනවා අහලා තියන නිසා.

    නමුත් තාම ඔයා කිවුවේ නෑ අභිධර්මය දේශනා කලේ කාටද කියලා?
    මම මේක මේ සංවාදය පටන් ගත්තට පස්සේ දැක්කේ ඔයා මොකද කියන්නේ?

    දිවය ලෝකයේ දේශනා කළා කියලා කියන තැන මෙතන.
    මෙතන ත්‍රිපිටකයේ සඳහන් වෙන තැන කියන්නෙත් නෑ තමයි ඒත් මම අභිධර්මය ඉගනගන්නේ නැති නිසා ඒ ගැන වැඩිය හොයන්න කරදර උනේ නෑ!
    https://youtu.be/ZHCKyJdxBBw?list=PLOcKGijDjByubtzQlgAik1MDeVqRiEZTu&t=265

    දැන් ඔයා කියන්නේ මේ කතාව බොරු කියලාද?

    එහෙනං පෙන්නන්න කොහේදී කාටද අභිධර්මය දේශනා කලේ කියලා.
    ත්‍රිපිටකයේ තියෙන්න එපැයි කාටද කොහෙදිද දේශනා කලේ කියලා නේ?

    ---------------------------------

    මහමෙව්නාව පැත්තකට දාන්න වෙන්නේ! ඔයා දැන් සුත්‍ර පිටකයේ සුත්‍ර දේශනාත් හෑල්ලුවට ලක් කරලා, ඒ සුත්‍ර දේශනා දේශනා කල බුදු රජාණන් වහන්සේ නිකම්ම හෑල්ලුවට ලක් වෙන තැනට ඇවිලා තියෙන්නේ!

    "අකාලිකෝ භගවතා ධම්මෝ"

    "භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මය අතීත-අනාගත-වර්තමාන භේදයකින් තොරව ඕනෑම කාලයකදී ඒ ආකාරයෙන්ම අවබෝධ කල හැකි වන සේක!"

    කියන එක ධර්මයේ ගුණයක්! අහන කෙනාගේ බුද්ධිය මොලේ පරිමාව එකට අදාළ නෑ! ඒවා තම තමන්ගේ පෞද්ගලික ප්‍රශ්න.

    මට මෙතන ප්‍රශ්න කීපයක් තියනවා. පටිච්ච සමුප්පාදය ම ගන්න.

    1. ඔයාට පුළුවන් ද උදාහරණයකින් මේක පැහැදිලි කරන්න?
    ඔප්පු වෙන්න ඕන දේ,
    "සුත්‍ර පිටකයේ සඳහන් බුද්ධ දේශනාව අසම්පුර්නයි. සුත්‍ර පිටකයේ දේශනා වල අදාළ වැදගත් කරනු සඳහන් නැත. අභිධර්මය නැතුව සුත්‍ර පිටකයේ බුද්ධ දේශනාව තේරුම් ගත නොහැක."

    • ඔයා පෙන්නන කරුණු සුත්‍ර පිටකයේ වෙනත් සුත්‍ර වලින් හොයා ගන්න බැරි වෙන්න ඕන.
    • අභිධර්මයේ පමණක් තියෙන්න ඕන.
    • මහමෙව්නාවෙන් ඉදිරිපත් නොවිච්ච දෙයක් වෙන්න ඕන. (දැන් නං මේක optional)

    ඊළඟ එක

    2. බුදු රජාණන් වහන්සේ මම දැනුවත්ව අභිධර්මය ධර්මය චාරිකාවේ වඩිද්දී දේශනා කරපු බවක් මම කියවලා අහලා නෑ. එතකොට ඒ ධර්මය අහපු හැමෝම එකම බුද්ධි මට්ටමේ හිටියේ නෑ නේ? අඩු අයත් හිටියානේ? ඔයා ඔය කියලා තියන විදිහට. ඒ කිසි තැනක අභිධර්ම කරුණු අරගෙන ධර්මය පැහැදිලි කරපු අවස්ථාවක් තියනවද? තියනවා නං ඒ අවස්ථාවක් පෙන්නන්න.

    ඉතා වැදගත්: ඔයා සුත්‍ර පිටකයේ සුත්‍ර දේශනා වලට බරපතල චෝදනාවක් එල්ල කරන්නේ! ඒ නිසා, ඔයා පෙන්නන කරුණු ත්‍රිපිටකයේ සඳහන් විය යුතුම බව කරුණාවෙන් සලකන්න!

    අර හාමුදුරුවෝ බණට කිවුවා! අහවල් හමුරුදුවෝ ලියපු පොතේ තිබ්බා!, මට තනියම තේරුම් ගියා! ඒවා බෑ!

    මම සුත්‍ර පිටකයේ තියන, මහමෙව්නාවෙන් පරිවර්තනය කරපු දර්මදෙශනා විතරයි සාමාන්යෙන් කියවන්නේ අහන්නේ, සහ ඒවා මම නිතර නිතර කියවන්නේ නැති නිසා මට 100% ක් ධර්ම කරුණු මතක නෑ. නමුත් වෙලාව තියන වෙලාවට හොයාගෙන කියවන්න පුළුවන්. ධර්ම කරුණු වල දැනුමේ අඩුවක් තිබ්බට මට logic පුළුවන් කියලා මම හිතනවා. ඒ නිසා නැට්ට පාග නොගන්නා බවට විතරක් සහතික වෙන්නම්.

    ඒ නිසා ඔයා හරියට පොයින්ට් එකට පැහැදිලි කරන්න. නැත්තන් අමතර ප්‍රශ්න ගොඩක් මම අහන්න ඉඩ තියනවා. අදාළ නැති කරුණු මම නොසලකා හරිනවා. එනිසා වැඩක් නැති මාතෘකාවෙන් පිට ඒවා කියන්න කාලය ගත කරන්න එපා.

    මම මේ වෙනකම් හිතාගෙන ඉන්නේ, "ධර්මය අවබෝධ කිරීමට උවමනා හැමදේම" සුත්‍ර පිටකයේ සහ අභිධර්ම පිටකයේ දෙකේම සඳහන් කියලා. ඒ මතේ වැරදි / නිවැරදි බවත් මේකෙන් හොයා ගන්න පුලුවන්.
     
    • Like
    Reactions: S_M_S

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    කෝ බන් මහමෙවනාවෙ සෙට් එක

    මට thread load කරලා බලන්න වෙලාව තිබ්බට ඉක්මනට reply දන්න හැමවෙලේම බෑ.
    ඒ නිසා ඔයා කියන එකක් කියලා තියන්න මම බලලා reply දාන්නම්.
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    පුළුවන් නිසා නේ සුත්‍ර පිටකයේ දේශනා වලින් මිනිස්සු ධර්මය අවබෝද කලේ? අභිධර්මය දෙවියන්ට දේශණා කලා කියලා මම දැකල අහලා නැහැ. නමුත් එහි මිනිසුන් ගැන නම් සදහන් වෙනවා දකලා තියෙනවා.

    ඔයා කියන්නේ සුත්‍ර පිටකයේ බුද්ධ දේශනා අවබෝද කරන්න ඕන විදිහට නෙවේ තියෙන්නේ කියලා?
    කොහොමද එහෙම වෙන්නේ?

    ඔයා එක කියපු එක පැහැදිලි කරන්න. මොකද්ද පටිච්ච සමුප්පාද විභංගය? :confused::confused: මම දන්නේ නෑ. ඔයා විස්තර පැහැදිලි කරන්න.

    අභිධර්මය නොබලන කෙනාට පටිච්චසමුප්පාද විභංගය පෙනෙන්න විදිහක් නැහැ තමයි.

    6. ප්‍රතීත්‍යසමුත්පාද විභඞ්ගය
    ත්‍රිපිටකය » අභිධර්ම පිටකය » විභඞ්ගප්‍රකරණය 1 » 6. පටිච්‌චසමුප්‌පාදවිභඞ්ගය

    350. එහි විඥානප්‍රත්‍යයෙන් උපදනා නාමරූප කවරෙ යත්: නාමයෙක් ඇත, රූපයෙක් ඇති.
    එහි නාම කවරෙ යත්: වේදනාස්කන්ධ ය, සංඥාස්කන්ධ ය, සංස්කාරස්කන්ධ යි. මේ ‘නාම’ යි කියනු ලැබේ.

    එහි රූප කවරෙ යත්: සතර මහාභූතයෝ ද සතර මහාභූතයන් නිසා උපන් රූපය දැ යි මේ ‘රූප’ යි කියනු ලැබේ. මෙසේ මේ නාමය ද මේ රූපය දැ යි මේ විඥානප්‍රත්‍යයෙන් උපදනා ‘නාමරූප’ යි කියනු ලැබේ.

    මේක සුත්‍ර පිටකයෛ් තියෙනවද?
    මේකෙ වටිනාකම දන්නවද?

    අවිද්‍යාව නැතිව හට ගන්න පටිච්චමුප්පාදයක් ගැන අහලා තියෙනවද? :eek::eek::eek:

    404. අව්‍යාකෘතධර්මයෝ කවරහ යත්: යම් කලෙක කාමාවචරකුශලකර්මය කළ බැවින් රැස් කළ බැවින් උපේක්ෂා සහගත වූ රූපාලම්බන වූ විපාකචක්ෂුර්විඥානය උපදනේ වේ ද, එසමයෙහි සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය වෙයි, විඥානප්‍රත්‍යයෙන් නාමය වෙයි, නාමප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනය වෙයි, ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ස්පර්ශය වෙයි, ස්පර්ශප්‍රත්‍යයෙන් වේදනාව වෙයි, වේදනාප්‍රත්‍යයෙන් භවය වෙයි, භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි, ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වේ. මෙසේ මේ සියලු දුඃඛරාශිහුගේ සමුදය වේ.

    මේක සුත්‍ර පිටකයෛ් තියෙනවද?
    මේකෙ වටිනාකම දන්නවද?

    "අකාලිකෝ භගවතා ධම්මෝ"

    "භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මය අතීත-අනාගත-වර්තමාන භේදයකින් තොරව ඕනෑම කාලයකදී ඒ ආකාරයෙන්ම අවබෝධ කල හැකි වන සේක!"

    අවාසනාවකට මේක දන්න අයම නිවන් අවබෝද කරන්න දිව්‍යලෝකෙ යන්න යාත්‍රාවකුත් හදාගෙන. තාවතිංස යාත්‍රාවෙ සුත්‍ර පිටකය විතරක් ඇතිි කියනව නම් ඇයි දිව්‍යලෝක සවාරි යන්න දගලන්නෙ?

    මම සුත්‍ර පිටකයේ තියන, මහමෙව්නාවෙන් පරිවර්තනය කරපු දර්මදෙශනා විතරයි සාමාන්යෙන් කියවන්නේ අහන්නේ,

    කොහොමත් අපිට පිට බණ දේශණා අහන්න එපා කියලා මහමෙවුනාවෙන්ම කියනවා.

    සහ ඒවා මම නිතර නිතර කියවන්නේ නැති නිසා මට 100% ක් ධර්ම කරුණු මතක නෑ. මට logic පුළුවන් කියලා මම හිතනවා. ඒ නිසා නැට්ට පාග නොගන්නා බවට විතරක් සහතික වෙන්නම්. .

    මතක තියාගන්න අවශ්‍ය නැහැ. ධර්මය කියන්නේ කොපි කරලා තියාගන්න දෙයක් නෙවෙයි ඉන්ස්ටෝල් කර ගන්න දෙයක්.

    මොනව කිව්වත් මහමෙවුනාවෙන් කරන දේවල් කරන්නේ කාටවත් අහිතක් වෙන්න නෙවෙයි කියලා දන්නවා? නමුත් logically දෙයක් තේරුම් ගන්න පුළුවන් ඔබ වැනි අය තවදුරටත් කෝම්පිට්ටු ගගහ ඉන්න එක ලොකු අපරාධයක් කියලා අනේක වාරයක් හිතෙන නිසයි මම මෙහෙම පෝස්ට් දාන්නෙ.

    [/COLOR][/SIZE]

    මේ දහමේ මුලික හරය වන ආශ්වාදයේ ආදිනව සහ නිස්සරණය ගැන හදාරන්න. සිරාවටම කියන්නේ කොපි කරන්න අවශ්‍ය නැහැ ඉන්ස්ටෝල් කරගන්න.
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,865
    6,737
    113
    38
    Galle
    කල්ට් එකක් වුනාට මහමෙවුනාවෙන් කරනා හොද වැඩ කෝටියක් තියෙනවා බන්.

    අද කාල‍ෙ ඉන්න නිකමුන්ට වඩා ශ්‍රද්ධාව උපරිිමෙන් තියෙනවා.

    මම කිව්වේ එක cult එකක් කියල විතරයි. හොඳ නරකක් කිව්වේ නෑ. cult එකක් වෙච්ච පලියට යමක් නරකයි කියන්නේ මෝඩයෝ.

    cult එකක් අවුල තියෙන්නේ cult එකේ ඉන්නකොට මනස වැහෙනවා. තමන්ගේ මතේ පමණක් හරි කියන තත්වෙකට එනවා. වෙනත් ය කියන සියල්ල බොරු, තමන් හරි වගේ දෙයක් වීමේ සම්භාවිතාව සැහෙන්න වැඩි.

    cult එකකදී හුගක් වෙලාවට brain wash වීමක් වෙනවා (හොඳට හෝ නරකට) එක තමන්ට නොදැනීමයි වෙන්නේ. හුගක් ය තමන්ගේ brain wash වෙලා කියල දන්නේ නෑ.
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    මම කිව්වේ එක cult එකක් කියල විතරයි. හොඳ නරකක් කිව්වේ නෑ. cult එකක් වෙච්ච පලියට යමක් නරකයි කියන්නේ මෝඩයෝ.

    cult එකක් අවුල තියෙන්නේ cult එකේ ඉන්නකොට මනස වැහෙනවා. තමන්ගේ මතේ පමණක් හරි කියන තත්වෙකට එනවා. වෙනත් ය කියන සියල්ල බොරු, තමන් හරි වගේ දෙයක් වීමේ සම්භාවිතාව සැහෙන්න වැඩි.

    cult එකකදී හුගක් වෙලාවට brain wash වීමක් වෙනවා (හොඳට හෝ නරකට) එක තමන්ට නොදැනීමයි වෙන්නේ. හුගක් ය තමන්ගේ brain wash වෙලා කියල දන්නේ නෑ.

    ඒක නම් ඇත්ත
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    මේ දහමේ මුලික හරය වන ආශ්වාදයේ ආදිනව සහ නිස්සරණය ගැන හදාරන්න. සිරාවටම කියන්නේ කොපි කරන්න අවශ්‍ය නැහැ ඉන්ස්ටෝල් කරගන්න.

    ඉතින් ඒ නිසා තමයි මම ඔයාට උදාහරණයකින් පැහැදිලි කරන්න කිවුවේ....
    මම ආශ්වාදයේ ආදිනව, නිස්සරණය කියලා section බෙදලා ඉගනගෙන නෑ. මන් අදහස් කලේ අහලා නෑ.
    සුත්‍ර පිටකයේ යම් දේශනාවක් ගත්තම එකේ තියන කරුණු කාරනා මම කියවනවා.
    තේරෙන්නේ නැති ධර්ම කරුණු වෙනත් සුත්‍ර දේශනා වලින් හොයා ගන්නවා.
    ඊට අමතරව සමතය වඩලා ධ්‍යාන මත විදර්ශනාව වඩන විදිහ හාමුදුරුවෝ උගන්වලා තියනවා.
    ඔයා මහමෙව්නාවට ගියා නං, ඔයා ඒක හොඳටම දන්නවා නේ? මම දන්නේ එච්චරයි.

    අභිධර්මය නැතුව ධර්මය අවබෝද කරන්න බෑ කියලා ඔයයි කියන්නේ! මම නෙවේ.

    මං අවබෝධ කරලා නෑ. නමුත් ඒ සුත්‍ර දේශනා වලින් අවබෝධ කල අය හිටි නිසා මම හිතනවා ධර්මය අකාලික නිසා උත්සාහය වීර්ය තියන හැමෝටම පුළුවන් කියලා.

    එතකොට මම දරන මතයට මෙතන සාක්ෂි තියානවා හැමදේම ගැලපෙනවා.

    මෙතන නොගැලපෙන කතාවක් ඔයයි කියලා තියෙන්නේ. එකයි මම ඔයාට කියන්නේ ඔයා කියන කතාව පැහැදිලි කරන්න කියලා.

    (හරි මම ඒ අතර කාලයේ හොයලා බලන්නම් ඔයා කියන දේ ගැන.)
     
    • Like
    Reactions: S_M_S

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    අභිධර්මය දෙවියන්ට දේශණා කලා කියලා මම දැකල අහලා නැහැ. නමුත් එහි මිනිසුන් ගැන නම් සදහන් වෙනවා දකලා තියෙනවා.

    අහලා නැත්තන් වෙන්න බැරි දෙයක්. අනික ප්‍රශ්නයට උත්තරේ නැහැ නේ? කාටද දේශනා කලේ?

    අභිධර්මය නොබලන කෙනාට පටිච්චසමුප්පාද විභංගය පෙනෙන්න විදිහක් නැහැ තමයි.

    ඒ නිසා තමයි එකේ වැදගත් කම පැහැදිලි කරන්න කිවුවේ.

    අනිත් ප්‍රශ්නේ
    ඔහොම කොටසක් සුත්‍ර දේශනාවේ missing උනේ ඇයි?
    ඇයි බුදු රජාණන් වහන්සේ එහෙම කොටසක් ගැන ඒ අදාළ මනුස්සයට දේශනා කලේ නැත්තේ?
    ඒ කෙනා කොහොමද ඒ කොටස නැතිව අවබෝධ කලේ?
    ඒ කොටසේ ඇති කරුණු සුත්‍ර පිටකයේ නැති බවට ඔයා සහතික වෙනවද?

    6. ප්‍රතීත්‍යසමුත්පාද විභඞ්ගය
    ත්‍රිපිටකය » අභිධර්ම පිටකය » විභඞ්ගප්‍රකරණය 1 » 6. පටිච්‌චසමුප්‌පාදවිභඞ්ගය

    350. එහි විඥානප්‍රත්‍යයෙන් උපදනා නාමරූප කවරෙ යත්: නාමයෙක් ඇත, රූපයෙක් ඇති.
    එහි නාම කවරෙ යත්: වේදනාස්කන්ධ ය, සංඥාස්කන්ධ ය, සංස්කාරස්කන්ධ යි. මේ ‘නාම’ යි කියනු ලැබේ.

    එහි රූප කවරෙ යත්: සතර මහාභූතයෝ ද සතර මහාභූතයන් නිසා උපන් රූපය දැ යි මේ ‘රූප’ යි කියනු ලැබේ. මෙසේ මේ නාමය ද මේ රූපය දැ යි මේ විඥානප්‍රත්‍යයෙන් උපදනා ‘නාමරූප’ යි කියනු ලැබේ.

    මේක සුත්‍ර පිටකයෛ් තියෙනවද?
    මේකෙ වටිනාකම දන්නවද?

    වටිනාකම හරියටම 100% ත්රුම්ගන්න තරම් මම ඔය කරුණු ඔස්සේ මම විදර්ශනාව වඩලා නැහැ.

    "විඥාන පච්චයා නමරුප" කියලා විස්තර වෙන්නේ ඕක නේද?

    මම දැක්කා මට මතකයි මම කියවපු පොතක (මහමෙව්නාවේ) ඔය ගැන විස්තර ඇතිව තියනවා.

    ඔයා සහතික වෙනවද ඔය විස්තයර සුත්‍ර පිටකයේ නැහැ කියලා?

    අවිද්‍යාව නැතිව හට ගන්න පටිච්චමුප්පාදයක් ගැන අහලා තියෙනවද?

    දැනට නැහැ. අහලා තිබ්බත් මහකත් නැහැ.

    මට තේරෙන විදිහට,
    අවිද්‍යාව හට ගන්නත් ජාති තියෙන්න ඕන නේද? පටිච්ච සමුපාදය හට ගන්නේ කොතනින්ද?
    පටිච්ච සමුපදය නතර කරන්න මේ චක්‍රය බිඳින්න ඕන තැන අවිද්‍යාව නිරෝධය කිරීම බව පේනවා.

    අවිද්‍යාව නිරෝධය වීමෙන් සංඛාර ආදී විදිහට ජාති ජරා මරණ ඔක්කොම නිරෝධය වෙලා පටිච්ච සමුප්පාදය නතර වෙනවා නං,

    අවිද්‍යාව නිරෝධය උනාට පස්සේ පටිච්ච සමුප්පාදය අපහු පටන් ගන්නේ කොහොමද?

    404. අව්‍යාකෘතධර්මයෝ කවරහ යත්: යම් කලෙක කාමාවචරකුශලකර්මය කළ බැවින් රැස් කළ බැවින් උපේක්ෂා සහගත වූ රූපාලම්බන වූ විපාකචක්ෂුර්විඥානය උපදනේ වේ ද, එසමයෙහි සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය වෙයි, විඥානප්‍රත්‍යයෙන් නාමය වෙයි, නාමප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනය වෙයි, ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ස්පර්ශය වෙයි, ස්පර්ශප්‍රත්‍යයෙන් වේදනාව වෙයි, වේදනාප්‍රත්‍යයෙන් භවය වෙයි, භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි, ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වේ. මෙසේ මේ සියලු දුඃඛරාශිහුගේ සමුදය වේ.

    මේක සුත්‍ර පිටකයෛ් තියෙනවද?
    මේකෙ වටිනාකම දන්නවද?

    සුත්‍ර පිටකයේ තියනවද නැද්ද කියන්න සහතික කරන්න නම් මම සුත්‍ර පිටකයේ සියලු සුත්‍ර කියවලා තියෙන්න එපයි!
    මම එහෙම අහලකටවත් ලං වෙලා නෑ. ඕන නං සුත්‍ර දේශනා 30 - 50 අතර ගණනක් කියවලා ඇති.
    මුළු සුත්‍ර පිටකයම කියවන්න අවශ්‍ය නැහැ කාටවත්.

    ඔය ඔය කරුණ ඔයිට වඩා සරල සිංහලෙන් පැහැදිලි කරන්න.
    මොකද බර වචන දැම්මා කියලා වැඩක් නැහැ. වෙන භාෂාවක් වගේ නේ.
    ඔයා ඔය කියන විදිහට තේරුම් අරගෙන නං ඉන්නේ, පුළුවන් වෙන්න ඕන පැහැදිලි කරන්න.

    බලමු. මම අහලා තියනවා නං කියන්නං.

    ඒ නැතත් ඔයා පැහැදිලිව පෙන්නන්න ඕන සුත්‍ර පිටකයේ නැති බව. අභිධර්මයේ පමණක් ඇති බව. සහ නැතුව බැරි බව. (පෙර පරිදි)

    අවාසනාවකට මේක දන්න අයම නිවන් අවබෝද කරන්න දිව්‍යලෝකෙ යන්න යාත්‍රාවකුත් හදාගෙන. තාවතිංස යාත්‍රාවෙ සුත්‍ර පිටකය විතරක් ඇතිි කියනව නම් ඇයි දිව්‍යලෝක සවාරි යන්න දගලන්නෙ?

    එහෙම කතාවක් නැහැ. ලොකු හමුරුරුවෝ පැහැදිලිව බණට කියලා තියනවා,
    ඊට අමතරව බුද්ධ දේශනාවක සඳහන් වෙනවා,
    "ශ්‍රද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඤඤා බහුල ලෙස පුරුදු කල අයෙකුට පමණක් කැමති සුගතියක හිත පිහිටුවා ගන්න පුළුවන් ය, එහෙම කරන්නෙකුට පමණක් සුගතියක ඉපදීමට හැකියාවක් පවතින්නේය" කියලා.

    ඉතින් එක එහෙම නං, එක නොකර ජිවිතේ විවිධ පින්කම් වලට සහභාගී උණු පලියට මරණයෙන් මතු සුගතියක ඉපදෙන බවට සහතික වෙන්න පුළුවන් ද?

    කවුද එහෙම කියන්නේ?

    දිවය ලෝකෙට සවාරි යන්න දඟලන්නේ, ඒක නිරයේ යනවට වඩා බිලියන ගුනෙකින් හොඳ නිසා.
    ලංකාවේ උප්පැන්නෙට බෞද්ධ වෙච්චි 99% කටම තිසරණේ වත් නෑ. පන්චශිලයත් නෑ.
    අනිවාර්යෙන් ප්‍රේත ලෝකෙයි නිරයයි තමයි මරණෙන් මතු උරුම.

    ඒ නිසා ඒ මිනිස්සුට පොඩි හරි යහපතක් කරන්න තමයි මහමෙව්නාව මේ ලඟදි මෑතක ඉඳලා වැඩිපුර පින්කම් වල focus වෙලා තියෙන්නේ.
    නැත්තන් ඔය 1999 - 2006 වගේ කාලවල සුත්‍ර දේශනා, සමතය විදර්ශනාව වඩන බන විතරයි වැඩිපුර ඉදිරිපත් කලේ.
    ඔය කතාව හාමුදුරුවෝ ඔය විදිහට කියපු එකක්.

    මම දන්නේ නෑ ඔයා ඔය මොනවද කියන්නේ කියලා. ඔයා මහමෙව්නාවට ගියා නං එක දැනගන්න තිබ්බා නේ?

    "දිව්‍යලෝකෙ යන්න යාත්‍රාවකුත් හදාගෙන. තාවතිංස යාත්‍රාවෙ සුත්‍ර පිටකය විතරක් ඇතිි කියනව නම් ඇයි දිව්‍යලෝක සවාරි යන්න"

    කුසල කර්ම, සුගතිය ...etc ඔය හැම දේම හොයාගෙන ඉගැන්නුවේ බුදු රජාණන් වහන්සේ.
    ඔය මේ පාවිච්චි කරලා තියන වචන සෙට් එකෙන්ම පේනවා ඔයා කොයි තරම් දුරට තිසරණය පිහිටපු බෞද්ධයෙක් කියන එක.
    ඔයා මේ කෙලින්ම බුදු රජාණන් වහන්සේ දේශනා කල ධර්මයට ගරහන්නේ.
    තිසරණයට පැමිනිච්ච කෙනෙක් ගේ attitude එක ඕක නෙවේ.
    සියලු බුද්ධ බුද්ධ දේශනා පිළිබඳ ගෞරවය නිකම්ම පිහිටන එකක්.

    වතාවක් මැරිච්ච මිනිහෙක් ඉපදිච්චි තැනයි එහෙම වෙන්න හේතුවයි වෙන කෙනෙක් මුගලන් මහා රහතන් වහන්සේගෙන් අහද්දී උන්වහසේ ඉපදිච්ච තැන දැක දැකත්, හේතුව දැකලත් දේශනා කලේ "කර්ම විෂය බුදු රජාණන් වහන්සේට පමණක් ගෝචර වෙන විෂයක්, ඔය ප්‍රශ්නය බුදු රජාණන් වහන්සේගෙන් ම අහලා දැන ගන්න" කියලා.

    ඇයි මුගලන් මහා රහතන් වහන්සේට කියන්න බැරුව ද?

    නැහැ, එහෙමයි තිසරණයට පැමිණි ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයෙක් හැසිරෙන්නේ.

    ඔයා කවුද මෙහෙම කතාවක් කියන්න? ඔයාගේ පුහු මාන්නයයි පණ්ඩිත කමයි නිකම්ම මැන ගන්න පුළුවන් මේකෙන්.

    කොහොමත් අපිට පිට බණ දේශණා අහන්න එපා කියලා මහමෙවුනාවෙන්ම කියනවා.

    ත්‍රිපිටකයේ සඳහන් තැනයි, බුද්ධ දේශනාවයි නැතුව ධර්ම කරුණු ගැන තමන්ට හිතෙන ඒවත් එකතු කරලා බන කියන හාමුදුරුවරුන්ගේ බන නං අහන්න එපා කියලා තියනවා.

    ඉතින් එක ඇත්ත නේ! ධර්ම කරුණු බුද්ධ දේශනාවක සන්දහ්ගන් වෙච්චි එකක් වෙන්න එපැයි?

    මතක තියාගන්න අවශ්‍ය නැහැ. ධර්මය කියන්නේ කොපි කරලා තියාගන්න දෙයක් නෙවෙයි ඉන්ස්ටෝල් කර ගන්න දෙයක්.

    install කියලා කරන්නෙත් execute කරන්න ඕන කරන location එකට files ටික කොපි කරලා run කරන්න environment එක හදලා දෙන එක තමයි.
    උදාහරණෙ වැරදියි. මතකයක් නැතිව කරන්න දෙයක් නෑ.

    මොනව කිව්වත් මහමෙවුනාවෙන් කරන දේවල් කරන්නේ කාටවත් අහිතක් වෙන්න නෙවෙයි කියලා දන්නවා? නමුත් logically දෙයක් තේරුම් ගන්න පුළුවන් ඔබ වැනි අය තවදුරටත් කෝම්පිට්ටු ගගහ ඉන්න එක ලොකු අපරාධයක් කියලා අනේක වාරයක් හිතෙන නිසයි මම මෙහෙම පෝස්ට් දාන්නෙ.

    මම හිතනේ නෑ එහෙම .

    ඔයා අපහු මගෙන් ප්‍රශ්න අහලා මිසක් ඔයා කියන එක ඔප්පු කරලා නෑ නේ?

    ඔයා සම්පුර්ණ සුත්‍ර පිටකය කියවලා තියනවද? කොටස් අඩුයි කියන්න?

    අභිධර්මය සම්පුර්ණයෙන් ම කියවලා ද ඉන්නේ?

    compare කරන්න තරං?

    මේක ලොකු චෝදනාවක් සුත්‍ර පිටකයට කරන. කරුණාකරලා පැහැදිලිව ඔප්පු කරන්න.

    මම විතරක් නෙවෙයි මේක කියවන්නේ. හැමෝටම තේරෙන්න එපැයි? මහමෙව්නාවට යන අනිත් අයටත් එක්ක?
     
    Pinkbc

    Well-known member
  • Nov 14, 2017
    1,072
    960
    113
    mata tiyena loku prashnayak. kusal akusal ati wenne kohomada?? paw pin kiyanne kusal akusal walatamada?
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    shenic_v2.0.0 උත්තරේ දැකල මේක ලියන්න හිතුන.

    මහමෙවනාව වෙන අයගේ බණ අහන්න එපා කියන එක වැරදියි. මහමෙව්නා කියන්නේ cult එකක් කියන එකට මම යම්තාක් දුරකට එකඟයි. අර සා.......දු, සා.......දු, සා.......දු..... ඇදල කියන එකත් අන්න ඒ වගේ. එයාලට ඕනේ තමන් අනිත් අයගෙන් වෙනස් කියල සමාජයට පෙන්වන්න. එහෙම ඇදල කියන්න ධර්මානුකූල හේතුවකුත් නැහැ. හැබැයි ඔය ගැන කවුරු හරි ප්‍රශ්න කලොත් එයාල අහනවා, " එහෙනං සාදු, සාදු, දුසා, දුසා, සා සා සා" කියන වේගයෙන් කියන එකද හරි කියල" ???

    මගේ අදහස නම් දෙකම වැරදියි. දෙකම අන්තගාමී. මොකද වේගයෙන් නැතුව, මහමෙව්නාව වගේ අදින්නේ නැතුව පිළිවෙලට " සාදු, සාදු, සාදු" කියල අපිට කියන්න පුළුවන්.

    හැබැයි මහමෙව්නාවේ පිළිතුර හරියට මුස්ලිම් කෙනෙක්ගෙන් බුර්කාව ප්‍රශ්න කළා වගේ. මොකද මුස්ලිම් අයගේ උත්තරෙත්, කොහේ හරි බටහිර රටක බිකිනි ඇඳන් ඉන්න කාන්තාවක් උදාහරණයට අරගෙන " එහෙනං මෙහෙමද යන්න කියන්නේ" කියල
    අහනවා .

    අවසාන වශයෙන් අද බුදු කෙනෙක් ඇවිත් බණ කිව්වත් ඒක වැටහෙන්නේ තමන්ගේ නැණ පමණට. කාටවත්, කාවවත් බලෙන් මාර්ගපල ලබාදෙන්න බැහැ වගේම බලෙන් දිවය ලෝකේ ගෙනියන්නත් බැහැ.

    ඒක නිසා මහමෙව්නා යන සියල්ලන්ගෙන් මම ඉල්ලා සිටින්නේ, මහමෙව්නා ගිහින් ඒ ඔක්කොම කරන්න, හැබැයි වෙන වෙන හාමුදුරුවරු, ගිහියන්ගේ බණත් අහන්න.

    මොකද ලිඳේ ඉන්න ගෙම්බත් හිතන් ඉන්නේ තමන්ගේ මුළු ලෝකයම ලිඳ කියලලු.
     
    Last edited:

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    mata tiyena loku prashnayak. kusal akusal ati wenne kohomada?? paw pin kiyanne kusal akusal walatamada?

    3 - 6 සභිය සූත්‍රය
    ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » ඛුද්‌දක නිකාය » සුත්ත නිපාතය » 3. මහා වර්ගය

    528. දිව්‍ය කෝෂ, මානුෂක කෝෂ, බ්‍රාහ්ම වූ සකල කර්ම කෝෂයන් (අනිත්‍යාදි විසින්) පිරිසිඳ දැන සර්‍ව කර්මකෝෂයනට මූලබන්‍ධන සඞ්ඛ්‍යාත අවිද්‍යා භව තෘෂ්ණාදියෙන් ප්‍ර‍මුක්ත වූයේ තථාත්ම තාදී පුද්ගල ‘කුසල’යි කියනු ලැබෙ යි.
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    shenic_v2.0.0 උත්තරේ දැකල මේක ලියන්න හිතුන.

    මහමෙවනාව වෙන අයගේ බණ අහන්න එපා කියන එක වැරදියි. මහමෙව්නා කියන්නේ cult එකක් කියන එකට මම යම්තාක් දුරකට එකඟයි. අර සා.......දු, සා.......දු, සා.......දු..... ඇදල කියන එකත් අන්න ඒ වගේ. එයාලට ඕනේ තමන් අනිත් අයගෙන් වෙනස් කියල සමාජයට පෙන්වන්න. එහෙම ඇදල කියන්න ධර්මානුකූල හේතුවකුත් නැහැ. හැබැයි ඔය ගැන කවුරු හරි ප්‍රශ්න කලොත් එයාල අහනවා, " එහෙනං සාදු, සාදු, දුසා, දුසා, සා සා සා" කියන වේගයෙන් කියන එකද හරි කියල" ???

    මගේ අදහස නම් දෙකම වැරදියි. දෙකම අන්තගාමී. මොකද වේගයෙන් නැතුව, මහමෙව්නාව වගේ අදින්නේ නැතුව පිළිවෙලට " සාදු, සාදු, සාදු" කියල අපිට කියන්න පුළුවන්.

    හැබැයි මහමෙව්නාවේ පිළිතුර හරියට මුස්ලිම් කෙනෙක්ගෙන් බුර්කාව ප්‍රශ්න කළා වගේ. මොකද මුස්ලිම් අයගේ උත්තරෙත්, කොහේ හරි බටහිර රටක බිකිනි ඇඳන් ඉන්න කාන්තාවක් උදාහරණයට අරගෙන " එහෙනං මෙහෙමද යන්න කියන්නේ" කියල
    අහනවා .

    අවසාන වශයෙන් අද බුදු කෙනෙක් ඇවිත් බණ කිව්වත් ඒක වැටහෙන්නේ තමන්ගේ නැණ පමණට. කාටවත්, කාවවත් බලෙන් මාර්ගපල ලබාදෙන්න බැහැ වගේම බලෙන් දිවය ලෝකේ ගෙනියන්නත් බැහැ.

    ඒක නිසා මහමෙව්නා යන සියල්ලන්ගෙන් මම ඉල්ලා සිටින්නේ, මහමෙව්නා ගිහින් ඒ ඔක්කොම කරන්න, හැබැයි වෙන වෙන හාමුදුරුවරු, ගිහියන්ගේ බණත් අහන්න.

    මොකද ලිඳේ ඉන්න ගෙම්බත් හිතන් ඉන්නේ තමන්ගේ මුළු ලෝකයම ලිඳ කියලලු.

    ඒ වගේම ගෙම්බන්ට ලිදෙන් එලියට එන්න දෙන්නෙ නැහැ. කොන්ක්‍රීට් වලින් ලස්සන ලෝකයක් හදාගෙන සා.........දු කිව්වට ඒක බුදු සරණ නෙවෙයි කියලා මේ අය දන්නෙ නැහැ. අපරාදෙ වචන. අමූලිකා ශ්‍රද්ධාවෙන් අන්ධ වෙලා. හාමුදුරැ වරු චැනල් වලට ෆන්ඩ් හොය හොය වෙහෙසෙනවා මිසක් භාවනා කරන්න වෙලාවක් නැහැ. ශ්‍රාවකයො නෙවෙයි දායකයො තමයි ඒවාට අවශ්‍ය වෙලා තියෙන්නේ.

    බුදු බන කියන්නේ ලස්සන ලස්සන ජාතක කතා කියලා හිතන් ඉන්නේ. පටිච්ච සමුප්පාදය ආශ්වාද ආදීනව නිස්සරණය අනිච්ච අනත්ත දුක්ඛ ආදිය ගැන මෙලෝ අයිඩියා එකක් නැහැ. කොදු කැඩෙන පින්කම් තමයි.