අභිධර්මය දේශනා කලේ වස් කාලයකදී දෙවි වරුන්ට නෙවෙයි නං, කාටද?
ඒ ගැන සඳහන් වෙන්නේ කොහෙද?
බුදු රජාණන් වහන්සේ ධර්ම චාරිකාවේ වදිද්දී අභිධර්මය දේශනා කල බවක් ත්‍රිපිටකයේ කොහේ හරි සඳහන් වෙනවද?
අනිත් ප්‍රශ්නේ අභිධර්මය නැතුව ප්‍රථම මාර්ගපල ලාභියා විදිහට කොන්ඩඤඤ රහතන් වහන්සේ ප්‍රථම ධර්ම දේශනා වෙච්චි දම්සක් පැවතුම් සුත්‍රයෙන් රහත් උනේ කොහොමද?
----------------------------------------------------------------
රහතන් වහන්සේලා රහත් වුනු දේශනා සුත්‍ර පිටකයේ තියෙද්දී,
ඒ සුත්‍ර දේශනා අවසානයේ රහත් වුනු බවට බුදු රජාණන් වහන්සේම සහතික කල බව ඒවයින් සමහර සුත්‍ර වල තියෙද්දී,
ඒ සුත්‍ර දේශනා ම, මහමෙව්නාවෙන් මිනිසුන්ගේ අතටත් දීලා තියෙද්දී,
ඔයා කියනවා නං, ඔයා හොයන එක මහමෙව්නාවේ නෑ කියලා,
වෙනත් විදිහකට කියනවා නං,
සුත්‍ර පිටකයේ බුද්ධ දේශනා මිනිස්සුන්ට දෙද්දී,
ඒවායින්, නිර්වාණය සාක්ෂාත් කරන theory එක මහමෙව්නාවෙන් දෙන එක සුත්‍ර දේශනාවක (සුත්‍ර පිටකයේ පරිවර්තන පමණක්) පවා පැහැදිලිව සඳහන් වෙද්දී, ඔයා කියනවා නං ඔයා හොයන එක මහමෙව්නාවේ නෑ කියලා,
ඔයා මොකද්ද මහමෙව්නාවේ හෙවුවේ?
මොකද සුත්‍ර පිටකයේ බුද්ධ දේශනා,
මහමෙව්නාවෙන් දුන්නත්,
නා උයනේ අරියධම්ම හාමුදුරුවෝ දුන්නත්,
රේරුකානේ චන්දවිමල හාමුදුරුවෝ දුන්නත්,
සමන්ත භද්‍ර හාමුදුරුවෝ දුන්නත්,
බොදුබලසේනාවෙන් දුන්නත්
වෙනස් වෙන්න බෑ නේ? නේ?
වෙනස ඒ ඒ හාමුදුරුවරු ඒවා පැහැදිලි කරන විදිහ විතරනේ?
පාලි පාඨයක් ගත්තොත් එකට තේරුම් ගොඩක් තියෙන්න විදිහක් නෑ නේ?
එහෙම උනා නං බුදු රජාණන් වහන්සේ දේශනා කරද්දී එක එක්කෙනාට එක එක විදිහට තේරුම් යන්න එපැයි? (ත්රුමයි අවබෝධෙයි වචන දෙකක්)
එතකොට ඔයා මහමෙව්නාවෙන් හෙවුවේ මොකද්ද?