ඒක තමයි මමත් කියන්නේ..... සරලව කෙටියෙන් කියනවා නම් ලංකාවේ එකිනෙක ජාතින් අතර අසමගිය වර්ධනය කරන්නේ දේශපාලකයා.... කාලයක් තිස්සේ යුද්දේ පෙන්න පෙන්න චන්දේ දිනුවා.... මම අදත් මහින්දට ගරු කරන්නේ මහින්ද ඒ ක්රමය බිද දැම්මා.... හැබැයි මහින්ද ඒක බිඳල වෙන දෙයක් පටන් ගත්තා... යුද ජයග්රහණය සිල්ලරව විකුණන්න ගත්තා... ඒ මහ ජාතියේ චන්ද ගන්න.... මහින්දට මහ ජාතියේ ගොඩ වැඩිවෙන කොට අනෙක් එවුන් තමන්ගේ ගොඩ වැඩි කරගන්න දෙමළ මිනිහව මුස්ලිම් මිනිහව සිහින ලෝකයක අතරමං කලා... අන්තිමට දෙමළ හිතනවා මේක තමිල්නාඩුව කියලා.. මුස්ලිම් එකා හිතනවා මේක අරාබිය කියල.. එතකොට සිංහලය මොන මානසිකත්වයෙන් ද හිතන්න ඕන... ?????
(100%ක් සුපිරීසිදු නායකයෙක් නොවුනත්) මේ ප්රශ්නය විසඳන්න උපරිම හැකියාව තිබුණ මනුසස්යෙක් තමයි මහින්ද කියන්නේ. කරුමෙටම වගේ ඒ මනුස්සයා වටේ හිටපු උන් කලේ යුද ජයග්රහණය කියන දේ වටිනාකම අමතක කරලා, ඒක කානිවල් එකක් ගානට පත් කරගෙන ඊළඟ ආණ්ඩුව පිහිටුවන්න ටූල් එකක් විදිහට පාවිච්චි කරපු එක විතරයි. ඒකේ උච්ච්තම අවස්තාව තමයි හිටපු ජනාධිපතිවරයාව "මහ රජ්ජුරුවෝ" විදිහට අන්දපු එක. (රටේම අවාසනාවකට එතුමත් ඒක සුපිරියටම ඇඳ ගත්තා.
) අන්තිමට රටට වැඩක් කරවගන්න හිටිය මනුස්සයෙක් අකාලෙම යන්න ගියා.
සරලවම කිව්වොත් මහින්දට අමතක වුණා තමන් මේ රටේ සියලුම ජාතින්ගේ නායකයා බව!!!
) අන්තිමට රටට වැඩක් කරවගන්න හිටිය මනුස්සයෙක් අකාලෙම යන්න ගියා. සරලවම කිව්වොත් මහින්දට අමතක වුණා තමන් මේ රටේ සියලුම ජාතින්ගේ නායකයා බව!!!





