Uber හෙල්ප්

aajith123

Junior member
  • May 21, 2010
    63
    17
    8
    මචන්ලා මම වාහනේ උබර් දාන්න ඉන්නෙ, මට දැන ගන්න ඔනි එක හොදයිද කියලා?

    මට වාහනේ සෙනසුරදා ඉරිදා විතරයි දුවන්න දාන්න පුලුවන්..එහෙම පුලුවන් නේද?

    ගේවීම් කොහොමද? උබර් එකට අපි යන හයර් වලින් ගෙවන්න ඔනිද?

    හොදට හයර් සෙට් වෙනවද?

    අනිත් එක පොලිස් රිපොට් දෙන්න ඔනිද උන්ට?

    මන් මෙ දවස් වල ලොකු ආර්තික අවපාතෙක ඉන්නෙ මචන්ලා...හයර් දුවල හරි කියක් හරි හොයා ගන්න බැලුවෙ. :(
     
    • Like
    Reactions: conzy

    aajith123

    Junior member
  • May 21, 2010
    63
    17
    8
    ජින්තුවා;23225078 said:
    ටුක් ටුක් වත් යන්නෙ නැති ගනන් වලට ඕක දුවන්න උඹට පිස්සුද?

    ආ... ඒ කියන්නෙ ගෙවන්නෙ අඩුවෙන්ද?
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,648
    3,252
    113
    Hire walin 25% gannawada koheda..part time duwanna denawa..padui kiyala thama kiyanne..hire insurance Danna ona..mokkada car ela?
     
    • Like
    Reactions: ehseres

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    මට වාහනේ සෙනසුරදා ඉරිදා විතරයි දුවන්න දාන්න පුලුවන්..එහෙම පුලුවන් නේද?

    පුලුවන්

    ගේවීම් කොහොමද? උබර් එකට අපි යන හයර් වලින් ගෙවන්න ඔනිද?

    parttime දුවනවනම් ඉස්සර හොඳම එක uber හමයි.
    ඒත් දැන් තත්වේ එච්චර සතුටු නැහැ.
    ලංකාවේ 1km එකට අඩුම ගන්නෙ uber එකෙන්.එකෙනුත් 25% ගන්නවා එයාලගෙ ගාන
    incentive දෙනවා hire ගාන complete කලොත් (100 hire = Rs15000 මේක driver ගෙන් driver ට වෙනස් වෙනවා)
    එකත් මුල් මාස වල දෙන ගනන් පහු පහු වෙද්දි අඩු වෙනවා
    part time දුවලා hire ගාන complete කරන්න අමාරුයි.
    90% වැඩිය hire accept rate එක තියාගන්න ඕනේ.නැත්තම් incentive නැහැ.
    incentive,surge සෙට් වුනේ නැත්තම් වැඩේ පාඩුයි.

    හොදට හයර් සෙට් වෙනවද?

    hire නම් තියෙනවා.

    අනිත් එක පොලිස් රිපොට් දෙන්න ඔනිද උන්ට?

    නැහැ.insurance එක hire වෙන්න ඕන

    • Like
    Reactions: conzy and ehseres

    samantest12345

    Junior member
  • Aug 3, 2017
    77
    18
    8
    මචන්ලා මම වාහනේ උබර් දාන්න ඉන්නෙ, මට දැන ගන්න ඔනි එක හොදයිද කියලා?

    මට වාහනේ සෙනසුරදා ඉරිදා විතරයි දුවන්න දාන්න පුලුවන්..එහෙම පුලුවන් නේද?

    ගේවීම් කොහොමද? උබර් එකට අපි යන හයර් වලින් ගෙවන්න ඔනිද?

    හොදට හයර් සෙට් වෙනවද?

    අනිත් එක පොලිස් රිපොට් දෙන්න ඔනිද උන්ට?

    මන් මෙ දවස් වල ලොකු ආර්තික අවපාතෙක ඉන්නෙ මචන්ලා...හයර් දුවල හරි කියක් හරි හොයා ගන්න බැලුවෙ. :(

    පොලිස් රිපෝට් නම් ඕනෙ නෑ. Hiring insurance එකක් නම් ඕනෙ. මොකක්ද වාහනේ?

    wagon R, Alto වගේ එකක් නම් uber Zip තියෙන නිසා හොඳට හයර් සෙට් වෙනව. ඌබර් එකෙන් 25%ක් කපාගත්තට පස්සෙත් දවසට රු 6000/- ක වගේ ගානක් හොයත හැකි. (ඒ දවසට පැය 12ක් වගේ දිව්වොත්). ඒ රු. 6000/-න් පැට්‍රොල් වියදම, වාහනේ නඩත්තු වියදම්, Insurance, කෑම වියදම අයින් කරාම දවසට රු. 1000/-ක වගේ ලාබයක් තියෙනව.

    වාහනේ පියර්ස්, SUV වගේ එකක් නම් Uber zip අහුවෙන්නෙ නෑ. ඉතින් හයර් අඩුයි. දවසට පැය 12ක් හිටියොත් සීමිත හයර් ප්‍රමාණයක් විතරයි හම්බවෙන්නෙ. රු 3000ක වගේ ලාබයක් තමයි තියෙන්නෙ. ඉතින් අර කිව්ව වියදම් අයින් කරාම ලොකු වාහනේකින් නම් දවසට රු 500ක 1000ක වගේ පාඩුවක් මිස ලාබයක් නම් හොයන්න වෙන්නෙ බොහොම කලාතුරකින්.

    කවුරු මොනව කිව්වත්, ඕක තමයි ඌබර් වල යතාර්ථය.
     
    aajith123

    Junior member
  • May 21, 2010
    63
    17
    8
    මට වාහනේ සෙනසුරදා ඉරිදා විතරයි දුවන්න දාන්න පුලුවන්..එහෙම පුලුවන් නේද?

    පුලුවන්

    ගේවීම් කොහොමද? උබර් එකට අපි යන හයර් වලින් ගෙවන්න ඔනිද?

    parttime දුවනවනම් ඉස්සර හොඳම එක uber හමයි.
    ඒත් දැන් තත්වේ එච්චර සතුටු නැහැ.
    ලංකාවේ 1km එකට අඩුම ගන්නෙ uber එකෙන්.එකෙනුත් 25% ගන්නවා එයාලගෙ ගාන
    incentive දෙනවා hire ගාන complete කලොත් (100 hire = Rs15000 මේක driver ගෙන් driver ට වෙනස් වෙනවා)
    එකත් මුල් මාස වල දෙන ගනන් පහු පහු වෙද්දි අඩු වෙනවා
    part time දුවලා hire ගාන complete කරන්න අමාරුයි.
    90% වැඩිය hire accept rate එක තියාගන්න ඕනේ.නැත්තම් incentive නැහැ.
    incentive,surge සෙට් වුනේ නැත්තම් වැඩේ පාඩුයි.

    හොදට හයර් සෙට් වෙනවද?

    hire නම් තියෙනවා.

    අනිත් එක පොලිස් රිපොට් දෙන්න ඔනිද උන්ට?

    නැහැ.insurance එක hire වෙන්න ඕන

    තෑන්ක්ස් මචන්..
     
    aajith123

    Junior member
  • May 21, 2010
    63
    17
    8
    පොලිස් රිපෝට් නම් ඕනෙ නෑ. Hiring insurance එකක් නම් ඕනෙ. මොකක්ද වාහනේ?

    wagon R, Alto වගේ එකක් නම් uber Zip තියෙන නිසා හොඳට හයර් සෙට් වෙනව. ඌබර් එකෙන් 25%ක් කපාගත්තට පස්සෙත් දවසට රු 6000/- ක වගේ ගානක් හොයත හැකි. (ඒ දවසට පැය 12ක් වගේ දිව්වොත්). ඒ රු. 6000/-න් පැට්‍රොල් වියදම, වාහනේ නඩත්තු වියදම්, Insurance, කෑම වියදම අයින් කරාම දවසට රු. 1000/-ක වගේ ලාබයක් තියෙනව.

    වාහනේ පියර්ස්, SUV වගේ එකක් නම් Uber zip අහුවෙන්නෙ නෑ. ඉතින් හයර් අඩුයි. දවසට පැය 12ක් හිටියොත් සීමිත හයර් ප්‍රමාණයක් විතරයි හම්බවෙන්නෙ. රු 3000ක වගේ ලාබයක් තමයි තියෙන්නෙ. ඉතින් අර කිව්ව වියදම් අයින් කරාම ලොකු වාහනේකින් නම් දවසට රු 500ක 1000ක වගේ පාඩුවක් මිස ලාබයක් නම් හොයන්න වෙන්නෙ බොහොම කලාතුරකින්.

    කවුරු මොනව කිව්වත්, ඕක තමයි ඌබර් වල යතාර්ථය.

    සුසුකි ස්පේශියා එකක්.

    සෙනසුරදා ඉරිදා පුල් ටයිම් දුවන්න බැලුවෙ මචන්. වාහනේ පුල් ඉන්ශුවරන්ස් තියෙන්නෙ, ඒක හයර් ඉන්ශුවර්න් වලට මාරු කරන්න වෙයි නේද?
     
    samantest12345

    Junior member
  • Aug 3, 2017
    77
    18
    8
    සුසුකි ස්පේශියා එකක්.

    සෙනසුරදා ඉරිදා පුල් ටයිම් දුවන්න බැලුවෙ මචන්. වාහනේ පුල් ඉන්ශුවරන්ස් තියෙන්නෙ, ඒක හයර් ඉන්ශුවර්න් වලට මාරු කරන්න වෙයි නේද?

    ඔව්. හයර් ඉන්ශුවරන්ස් කියන්නෙ ෆුල් ඉන්ශුවරන්ස් එකේ ගාන වගේ දෙගුනයකට කිට්‍ටු ගානක් ගෙවන්න වෙනව. උඹට සල්ලි අමාරු කම් තියෙනව නම් වෙන සයිඩ් බිස්නස් එකක් ට්‍රයි කරපං මචං. අඩුගානෙ tourism driving වගේ වත්. සෙනසුරාද, ඉරිද ෆුල් ටයිම් ඌබර් දිව්වයි කියල නම් ගොඩයන්න අමාරුයි මචං. දවසට පැය 15ක් 18ක් කරන්නම් කියල හිතුනට කොළඹ පැය 10ක් දිව්ව හැටියෙ එපාවෙනව. කරලම බලන්න ඕනෙ තේරෙන්න. මම මගේ අත්දැකීමෙන් මේ දේවල් කිව්වෙ තව කොල්ලෙක්ට කරන උදව්වක් විදියට. නැතුව ඌබර් එක්ක මගේ පුද්ගලික අමනාපකමක් නෑ.
     
    තෑන්ක්ස් මචන්.. ලොකු උදව්වක් කරේ. බලමු තව මොනහරි විදියක් ඇතිනේ. ට්‍රයි කරල බලන්නම්.:yes:
     
    erankuma

    Junior member
  • Jan 4, 2014
    233
    23
    18
    මේකයි මචං මම 2016 අන්තිම ඉඳලා ඕක කරනවා හැබැයි මෙහෙම දෙයක් තියෙනවා නිකං තියෙන වාහන නිකන් තියෙනවට වඩා යම් දෙයක් උපයගන්න පුළුවන් සමහර දවසට හුඟාක් මහන්සි වෙන්න වෙනවා ඒ වගේම සමහර දවසට හොඳට ගාන හම්බ වෙනවා it depends
     
    dilan.k

    Junior member
  • Dec 14, 2010
    50
    6
    8
    පොලිස් රිපෝට් නම් ඕනෙ නෑ. Hiring insurance එකක් නම් ඕනෙ. මොකක්ද වාහනේ?

    wagon R, Alto වගේ එකක් නම් uber Zip තියෙන නිසා හොඳට හයර් සෙට් වෙනව. ඌබර් එකෙන් 25%ක් කපාගත්තට පස්සෙත් දවසට රු 6000/- ක වගේ ගානක් හොයත හැකි. (ඒ දවසට පැය 12ක් වගේ දිව්වොත්). ඒ රු. 6000/-න් පැට්‍රොල් වියදම, වාහනේ නඩත්තු වියදම්, Insurance, කෑම වියදම අයින් කරාම දවසට රු. 1000/-ක වගේ ලාබයක් තියෙනව.

    වාහනේ පියර්ස්, SUV වගේ එකක් නම් Uber zip අහුවෙන්නෙ නෑ. ඉතින් හයර් අඩුයි. දවසට පැය 12ක් හිටියොත් සීමිත හයර් ප්‍රමාණයක් විතරයි හම්බවෙන්නෙ. රු 3000ක වගේ ලාබයක් තමයි තියෙන්නෙ. ඉතින් අර කිව්ව වියදම් අයින් කරාම ලොකු වාහනේකින් නම් දවසට රු 500ක 1000ක වගේ පාඩුවක් මිස ලාබයක් නම් හොයන්න වෙන්නෙ බොහොම කලාතුරකින්.

    කවුරු මොනව කිව්වත්, ඕක තමයි ඌබර් වල යතාර්ථය.

    Watinawa machan
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,648
    3,252
    113
    Spacia එකක් බන්
    :D

    මේකයි මචං මම 2016 අන්තිම ඉඳලා ඕක කරනවා හැබැයි මෙහෙම දෙයක් තියෙනවා නිකං තියෙන වාහන නිකන් තියෙනවට වඩා යම් දෙයක් උපයගන්න පුළුවන් සමහර දවසට හුඟාක් මහන්සි වෙන්න වෙනවා ඒ වගේම සමහර දවසට හොඳට ගාන හම්බ වෙනවා it depends

    Dan padui kiyanwa neda? Pick me hoda nadda?
     
    samantest12345

    Junior member
  • Aug 3, 2017
    77
    18
    8
    මේකයි මචං මම 2016 අන්තිම ඉඳලා ඕක කරනවා හැබැයි මෙහෙම දෙයක් තියෙනවා නිකං තියෙන වාහන නිකන් තියෙනවට වඩා යම් දෙයක් උපයගන්න පුළුවන් සමහර දවසට හුඟාක් මහන්සි වෙන්න වෙනවා ඒ වගේම සමහර දවසට හොඳට ගාන හම්බ වෙනවා it depends

    හොඳට ගාන හම්බවෙනව වගේ පේනව. උඹ හොඳට ගාන හම්බෙනවයි කියන්නෙ ඇප් එකේ පෙන්නන ගානනෙ? ඒක තමයි මම ඉස්සෙල්ල කිව්වෙ ඌබර් එකේ 25% අඩුවෙලත් දවසට රු6000/-ට වැඩි ගානක් ඇප් එකේ පෙන්නනව. ඒත්, ඒක ශුද්ද ලාබෙ නෙවෙයි. නිකමට හිතපන්. දවස පුරා දුවපු කි.මී. ගානත් එක්ක, පෙට්‍රල් වියදම, සර්විස් කරන්න වියදම, ටයර්, running repairs, වාහනේ wastage එකත් එක්ක වටිනාකමේ පහල බැසීම වගේ වියදම් දවස පුරා දුවපු කි.මී. ගානත් එක්ක අනුපාතිකව හදල බලපං. තව Insurance, දවසේ කෑම වලට වියදම එහෙමත් අඩු කරල බලපන්. රු. 1000/-ක වගේ ශුද්ද ලාබයක් ඕනෙනම් ඉතුරු වේවි. බාස් කෙනෙක් ලඟ අත් උදව් දුන්නත් අද කාලෙ ඊට වඩා හොයන්න පුලුවන්.