මම පොඩි කාලයක් වැඩ කරා. මම නම් පර්මනන්ට් පොසිශන් එකකට ගියේ
පිටරට IT කම්පැනියක වැඩ අවුට්සෝස් කරලා තිවුනෙ.
ටිකක් විතර ස්ට්‍රික් ඩිරෙක්ට්ලි මෙහෙ කම්පැනියක් එක්ක වැඩ කරනවට වඩා
ගොඩක් වෙලාවට ඒ කම්පැනියෙන් අහල තමයි නිවාඩු ගන්න ඕන,සමහර වෙලාවට ලංකාවෙ නිවාඩු උන්ට අදාල නැති වෙන වෙලාවල් තියනවා
පිට රට එවුන් එක්ක නම් වැඩ කරන්න තියෙන්න, ටිකක් විතර අමාරුයි මොකද මට නම් සෙට් වෙලා ඉදපු ටීම් එකේ අනෙක් ඩිවලොපර්ස්ලා පට්ටම වැඩ කාරයො (ඒ කාලෙ මාත් එක්ක එකට වැඩ කරපු එකෙක් පස්සෙ ඇපල් එකේ වැඩට ගියා), උන්ගෙ ලෙවල් එකට වැඩ කරන්න අපි පට්ටම කට්ටක් කන්න ඕන. එහෙම නැති උනොත් අපේ පර්ෆෝමන්ස් මදි කියලා අයින් කරලා දානවා. අනික උන් පිටු 300ක විතර ඩොකියුමන්ටේශන් එහෙම පැය දෙකෙන් වගේ සම්පූර්ණයෙන්ම කියවලා ඉවර කරලා වැඩ කරනවා. ඒක නිසා අපිටත් ඒ වගේ දේකට දෙනනේ පොඩි වෙලාවයි කොහොම හරි කරන්න වෙනවා
මෙහෙ කම්පැනි වගේ නෙමෙයි කරන වැඩේ හරියට කරලා ටෙස්ට් කරලා ස්ටෑන්ඩට් එකට තියෙන්නෙ ඕන, කෝඩ් රිවීව් කරනවා, එක දිගට කෝඩ් රීවීව් 3ක් ෆේල් ඒ පාට් එක ආපහු මුල ඉදන් කරන්න ඕන ඒ වගේ 3 සැරයක් උනොත් ගෙදර
වැඩ හොදට කරොත් කිසි අවුලක් නැහැ මෙහෙට හොද රෙකමන්ඩේශන් දෙනවා එතකොට මෙහෙ කම්පැනියෙන් ඉන්ක්‍රිමන්ට් එහෙම හොදට දෙනවා
සෑහෙන්න දෙයක් ඉගෙන ගන්න පුලුවන්
ලංකාවෙ ටීම් වලට වඩා ෆන් එකේ වැඩ කරන්න පුලුවන් (මම වැඩ කරපු ටීම් එකේ රුසියන් එවුනුයි යුක්රේන් එවුනුයි හිටියා උන්ගෙ වැඩේ චැට් එකේ මරා ගන්න එක)