පලවෙනි කාරනාව ත්‍රෙඩ් එක දැම්මේ මම නෙමෙයි.. දෙවෙනි කාරනාව උබ කියන තර්කය මම පිලිගන්නවා. මේක බුද්ද දර්ශනය නෙමෙයි.. එක තමයි මම කිව්වේ ලංකාවේ බුද්ද දර්මය ෆේල් කන්සෙප්ට් එකක් කියලා. බුදුන් සරණ ගිය එකෙකුට පුලුවන්ද කියහන්කෝ දෙවාලකට ගිහින් ආයේ දෙයියෝන්ගෙන් බෞතික සැප සම්පත් ඉල්ලන්න. එහෙම යනවනම් ඒ කියන්නෙම ඌ දර්මවබෝදෙක නැනේ.. ලංකාවේ මිනිස්සු 99%ක් ම එහෙම නෙමෙයිද? දාලදව වැදලා දෙවාලෙටත් ගිහින් ළමයා ශිශ්ශත්වේ පාස් කරලා දෙන්න කියලා සතර දේවාලවලින් ඉල්ලපු බෞද්දයෝ ඊයෙ නුවර හිටියා බුරුතු පිටින්.. අන්න එහෙම කන්සෙප්ට් එකක් තියෙන්නේ ලංකාවේ. මේකනම් ලංකාවේ බෞද්දයගේ දර්මය, එකට ෆේල් කන්සෙප්ට් එකක් නොකියා වෙන මොකක්ද කියන්නේ කියහන්කෝ..මචන් බුදු දහම කියන්නෙ දහමක්. ඒ කියන්නෙ දේශනාවක්. ඒකෙ කියලා තියෙන්නෙ මිනිස්සුන්ට තමන්ගෙ සිත දමනය කරගෙන ඒ කියන්නෙ තමන්ගෙ සිත පාලනය කරලා කෙලෙස් දුරු කරගෙන ආයෙත් නැවත නැවත ඉපදෙන මේ සසර ගමන නතර කරගන්න මාර්ගය. ඒක කියලා ඒ කියපු බුදු රජාණන් වහන්සේ කියන මනුස්සයා පිරිනිවන් පෑවා. ඒ කියන්නෙ දැන් එහෙම කෙනෙක් ජීවතුන් අතර නෑ. අපිට උන් වහන්සේ කියලා ගියේ ඒ පෙන්නපු පාරෙ එන්න කියලා. එහෙම නැතුව මේ ඹබරු අනින එක නතර කරන්න වෙන කවුරුවත් ඔතන නෑ. එහෙම මිරකල්ස් සිද්ද වෙන්නෙ නෑ බුදු දහමෙ. එහෙම වෙනව කියල හිතන එක එහෙම වෙයි කියලා විශ්වාස කරන එක මිත්‍යා දෘශ්‍ඨික බවක්.
ඔයා මෙතන බලාපොරොත්තු වෙන්නෙ බුදු දහම ඇත්ත නම් මේ පිහිට බලාගෙන ගිය මේ ළමයින්ට ඹබරු අනින එක කවුරු හරි අමුතු බලයකින් නතර කරන්න ඕන කියලා මම හිතන්නෙ. එහෙම එකක් බුදු දහමෙ නෑ. මෙහෙම ත්‍රෙඩ් එකක් ඔයා දාන්න හිතුවෙ බුදු දහම ගැන මොනවා දැනගෙනද?




පාත්තරේ උඩුගම් ගිහින් ටිකකින් ගිලිල ගියා බන් .. උබ පාන් කෑල්ලක් එහෙම දාල බලපන්කො හුලග තියෙන්නෙ විරුද්ද අතට නම් පාන් කෑල්ල පහලට යන් නැ..මුන්ට සාමාන්‍ය දැනීම නැනෙ..
