buddhism is not true

sidathsaumya

Well-known member
  • Jun 8, 2009
    1,566
    155
    113
    Seeduwa
    බුදු දහම සහ නවීන විද්‍යාව ( 1st article )

    ලෝකයේ ප්‍රධාන ආගම් හතරකි ක්‍රිස්තියානි ආගම ඉස්ලාම් ආගම හින්දු ආගම හා බෞද්ධාගම වශයෙනි මෙයින් බුදු දහම හැර අනෙකුත් ආගම් සතරම දේව වදී ආගම් වේ. මෙම දේව වදී ආගම් ගැන පමණක් හැදෑරු බටහිර විද්වතුන් ලෝකයේ සියලු ආගම් වලට නිර්දය ලෙස පහර ගැසුවේය. බර්ට්‍රන්ඩ් රසල් ( 1872-1970 ) ආගම හැදින්වුවේ මිනිසාගේ බිය මත පහල වූ ආත්ම වංචික ප්‍රථමික සංවිධානයක් ලෙසය . ආගම වූ කලි අබිං යයි කාල්මාක්ස් (1818-1883) පැවසිය මෙම ප්‍රකාශන වලට හේතු වුවේ 19 වන සියවසේ අරම්භය සමග ඇති වූ විද්‍යාවේ සීග්‍ර දිවුනුවයි විද්‍යාවේ දිවුනුවත් සමග මෙම දේව වාදී ආගම් අති විශාල තර්ජනයකට මුහුණ පෑවේය එහෙත් විද්‍යාවේ දිවුනුවත් සමග වඩ වඩාත් බුදු දහමට විද්‍යාව සමීප වීම නිසා ලෝකයේ සිටින විද්වතුන්ගේ ආකර්ෂණයට බුදු දහමට යොමුවන්නට විය.එබැවින් මෙම ලිපියේ පරමාර්ථය බුදු දහම හා නවීන විද්‍යාව අතර ඇති සම්බන්දතාවය විදහා දැක්වීමයි .
    බුදු දහම තුල දැකගත හැකි යථාර්තය නම් පරම ස්වභාවය පැහැදිලි කිරීමකි ඒ සදහා බුදුදහම බාවිතා කර ඇත්තේ අවබෝධාත්මක හා ස්වයං ප්‍රත්‍යක්ෂ ක්‍රම වේදයකි.එනම් එක් භවයක අවබෝද කරගත් ඥානය වීඤාණය මගින් ඊලග භවයකට සම්ප්‍රවෙෂණය කරමින් යථාර්තය පරම ස්වාභාවය අවබොද කරගනිමකි . විද්‍යාවෙන් උත්සහ කරන්නේ ද යථාර්ථයේ පරම ස්වාභාවය අවබෝද කරලීමට ය . එහෙත් ඒ සදහා විද්‍යාව උපයෝගී කරගන්නේ තුලනාත්මක හා සංකල්පනාත්මක ප්‍රවේශයකි. එනම් සංකල්පයක් ගොඩ නාගා එය විවිද පර්යේක්ෂණ වලට යොමු කර එම සංකල්පයේ වලංගු බව පරික්ෂා කිරීමය . එනම් බුදු දහම ආධයාත්මික ප්‍රවේශයක් තුලින් යථාර්තය පැහැදිලි කරන අතර විද්‍යාව මගින් භෞතික ප්‍රවේශයක් මගින් එය කිරීමට උස්සහ ගනී.විද්‍යාව මගින් නිගමන වලට එළබෙන්නේ යම් පරයෙක්ෂණයක් සිදු කර ඉයින් ලැබෙන නිරීක්ෂණ පදනම් කරගනිමින් එලබන නිගමන මගිනි .මෙලස සිදු කරන පර්යේක්ෂණ අසන්න වශයෙන් පෙර ප්‍රතිපලම ලැබීම නිගමන වලට එලබිමේදී විද්‍යාවේ සලකා බලෙන මුලික කරුණකි . දේව වාදී ආගම් වල එවැන්නක් නැත ඒවායේ සදහන් වන්නේ කිසිදු ප්‍රශ්න කිරීමකින් තොරව ආගමේ සදහන් කරනු භක්තියෙන් යුතුව පිලි ගත යුතු බවය .( බුදු දහමේ ඇත්තේ ශ්‍රද්ධාව පිලිබද ඉගැන් වීමකි එනම් සියලු කරුණු බල කිරීමකින් තොරව යථා අවබෝදයෙන් යුතුව පිළිගැනීමට ලබා දෙන නිදහසකි ) බුදු දහම මෙම දේව වාදී ආගම් හා විද්‍යාවට වෙනස් මගක් ගත් එකකි එනම් බුදු දහම මගින් භෞතික පර්යේක්ෂණ සීමාව ඔබ්බට අධයාත්මික අවබෝදය තුලින් ප්‍රත්‍යක්ෂ ය ලබාගැනීමට මුල් තැන ලබා දේ .
    බෞද්ධ පරයේෂන ක්‍රම
    බුදු දහමේ ඉගැන්වෙන පරයෙක්ෂණ ක්‍රම විද්‍යාවේ ඉගැන්වෙන පරයෙක්ෂණ ක්‍රම වලටත් වඩා විද්‍යාත්මක ආරක් ගත් එකකි. බෞද්ධ පරීක්ෂණ ක්‍රම වේදය පිලිබදව සුත්‍ර පිටකයට අයත් අරිය පරියේෂන , චුල්ලහත්ති පදෝපම , විමංසක හා කලාම සුත්‍ර දර්ම වල සදහන්ව ඇත .කලාම සුත්‍රය යනු ලොව කිසිදු ආගමික දර්ශනයක අඩංගු නොවන පුද්ගල නිදහස හා ප්‍රජතාන්තරවදයට මාර්ගය පහදා දුන් වැදගත් දේශනාවකි.මෙම දේශනාව තුලින් සමාජයේ ජීවත් වෙන කුමන තරාතිරමක කුමන ආගමක කුමන කුලයක සිටින අයෙකුට උවද නිවැරදි මාර්ගය අවබෝද කරලීමට අවශ්‍ය විද්‍යාත්මක ක්‍රම වේදය පැහදිලි කරන්නකි .මේ සුත්‍රය දේශනා කරන ලද්දේ පෙර කල කලාම නම් නියම් ගමට බුදු රජුන් වැඩම කල අවස්ථාවක කලාම වැසියන් තුල වූ ගැටලුවවක් වුවේ විවිද වූ ආගමිකයන් හා දාර්ශනිකයන් කලාම ගමට පැමිණ ඔවුන් විසින් තම තමන්ගේ ධර්මය නිවැරදියි ප්‍රකාශ කරන ලද අතර අනෙක් සියල්ල මුසාවන් බව පවසන ලද නිසා ගම් වැසියන්ට කුමක්ද නිවැරදි දර්ශනය යන්න තෝරා බේරා ගැනීමට නොහැකි විය එම නිසා කලාම වැසියන් බුදු රජුන් වෙත මෙම ප්‍රශ්නය ඉදිරිපත් කරන ලදී . ලොව ප්‍රථම වතාවට විද්‍යත්මක ක්‍රම වේදයක් මගින් ගැටලුවකට පිළිතුරක් සොයන මග හෙළි කල මෙම විද්‍යාත්මක දේශනාවේ කරුණු පහතවේ.
    1 මා අනුස්සවෙන ( පෙර අසා ඇති දේ අනුව එනම් ජනකතා , ඉතිහාසය මගින් දැන ඇති කරුණු මත )
    2 මා පරම්පරයා ( පරම්පරාගත සම්ප්‍රධායට අනුව )
    3 මා ඉතිකිරාය ( මෙය මෙසේ යයි කීමට අනුව )
    4 මා පිටක සම්පදනෙන ( පොත පතෙහි තිබෙන නිසා )
    5 මා තක්ක හේතු ( තර්කයට ගැලපෙන නිසා )
    6 මා නය හේතු ( නියට ගැලපෙන නිසා )
    7 මා අකාර පරවිතක්කෙන ( විචාරයට ලක් වෙන නිසා )
    8 මා දිට්ටි නිජ්ජනක්කන්තිය ( තම දුෂ්ටියට අදාලවන නිසා )
    9 මා බබරුපාතය ( කෙනෙකුගේ දක්ෂතාව නිසා )
    10 මා සමණෝ ගරුහි ( තම ගුරුවරයා දෙමාපියෝ පවසන නිසා )
    ආදී වූ කරුණු මත කිසිදු නිගමනයකට එලබීම සුදුසු නොවන බව පෙන්වා දේ.තමා විසින්ම සොයා බලා සත්‍ය අවබෝදය යහපත් බව පේන්වා දේ .
    මෙම කරුණු නිවැරදි ලෙස අනුගමනය තුලින් දකින අසන දෙයට ඔබ්බෙන් පවතින සැබෑම විද්‍යාත්මක සත්‍ය කුමක්ද යන්න තෝරා ගැනීමට විද්‍යාත්මක ප්‍රවේශයක් ලබා දේ .ලොව බොහෝ විද්වතුන්ගේ අවදානය බුදු දහම කරෙහි යොමු වීමට ප්‍රදාන වශයෙන්ම හේතු වුවේ මෙම බුදු දහමේ පවතින විද්‍යාත්මක පදනමයි .බුදු දහම හා විද්‍යාවේ සමීප සම්බන්දතා දුටු ඇල්බරට් අයින්ස්ටයින් බුදු දහම හා විද්‍යාව එකම මුහුදක් කරා ගලා බසින ගංගා දෙකක් ලෙස හැදින්වුවේය . එමෙනම් සර් ආතර් සි ක්ලාක් මහතා විසින් ප්‍රකාශ කලේ 2050 වන විට සියලු දේව වාදී ආගම් බල රහිත වන බවය ( https://web.facebook.com/…/a.938575516251…/938581749583866/… ) එම නිසාම බට හිර ආගම් දේව වදී ආගම් අත හැර බුදු දහම වටා ඒකරාශී වෙමින් පවතී ( නමුත් ලංකාවේ බුදු දහමේ පවතින නිර්මල සත්‍ය කුමක්ද යන්න අවබෝද කරගැනීමට නොහැකිව නුගත් කමට වඩා අනවබෝදය නිසා අනාගමිකර්ණය හා මුදලට ආගම් වලට හැරවීම ආදිය සමග මනුෂ්‍යත්වයට නිගා දෙන ඉගැන්වීම් අඩංගු ආගම් කෙරෙහි අනවබෝදයෙන් යුතුව බිල්ලට අසුවෙමින් සිටින්නෙමු ) බුදු දහම් යනු විද්‍යාව අබිබවා විශ්වයම සැලකිල්ට ගත් විද්‍යාවෙන් කිසි දිනක හෙළි නොකළ හැකි දැනුම් සම්බාරයක් අඩංගු උතුම් දර්ශනයකි .
    පරිණාම වාදය හා අග්ගඤ්ඤ සුත්‍රය
    සුත්‍ර පිටකයට අයත් අග්ගඤ්ඤ සුත්‍රය ජීවයේ සම්බවය ගැන මනා විවරණයක් කර ඇත. දේව වාදී ආගම් සියලටම මාරු පහරක් එල්ල වුවේ චාර්ල්ස් ඩාවින්ගේ පරිණාම වාදය ඉදිරිපත් වීමත් සමගය ඔහු විසින් පවසන ලද්දේ කිසිදු දෙවියකු හෝ නොපෙන බලව්ගයකින් මිනිසා මවූ බව නොවේ . එනම් පෘථිවිය මත පළමුව ඉතා සරල ජීවින් ඇතිවී ( එනම් එක සෛලික ජීවින් ) එම සතුන් වෙනස් වීම් සමග පරිණාමය වී මිනිසා බිහි උන බවය . එම ජීවින් බිහි වුවේ රසායනික ද්‍රව්‍ය ඇති ජලයයේ ( ප්‍රථමික සුපය ) බව ඩාවින් විසින් ඉදරිපත් කරන ලදී ( the Origin ) විද්ඥයගේ මතය නම් පෘතුවිය ඉතා ඈත අතීතයේ අදුරින් වැසි තිබුන බවත් එහි ජලය තිබුන බවත් එම ජලය විවිද ද්‍රව්‍ය එකතුවී සුපයක් නිර්මාණය උනබවත්ය . අග්ගඤ්ඤ සුත්‍රයමගින්ද මෙම කරුණම පැහැදිලි කරනු ලබයි එහි සදහන්ව ඇති ආකාරයට එකම දිය කඩක්ව පවතී ඒ සමයෙහි අදුරක්ම මහා අන්ධ කාරයම විය හිරු සදු නොපෙනේ දහවලක් නැත රාත්‍රීයක් නැත වර්ෂා හෝ ඉර්තු නැත . එලෙස දිගු කලක් ඇවෑමෙන් උණු කිරිමත්තේ යොදය මිදෙන්නේ යම් සේද එලස දිය මත්තේ රස පෘතුවිය ( රසායන ද්‍රවය ) පහල විය. විද්‍යාවට අනුව මෙසේ හටගත් රස සුපයේ ඇති වූ වෙනස් කම් මගින් ජිවය හටගත් බව පැවසේ . නමුත් බුදු දහමට අනුව පෘතුවිය මත ජිවය හටගැනීම පෘතුවියේ ක්‍රියාවලියක් නොව විශ්වයේ ක්‍රියාවලියක් බව දක්වයි . මෙය අග්ගඤ්ඤ සුත්‍රයේ මෙසේ දක්වයි එනම් ලෝකය වීවෘත වන විට ආභස්සර නම් බබ ලොවින් චුතව මෙහි පැමිනෙන ජීවින් බොහෝ කල් ගත කොට රස ආශාව ඉපදීමෙන් රස පොලව අනුබව කොට ශරීර ගනව ජීවයේ හට ගැනීම පෘථිවි තලය තුල සිදු උන බවය , විද්‍යාඥන්ද මුලික වශයෙන් පෘතුවිය තුල ජිවය බිහි උනබව පිලිබදව මත දෙකක සිටි එනම් පෘතුවියෙන් පිට ලොවක සිට මෙහි ජිවය පැමිණි බව හා පෘතුවිය තුලම ජිවය හටගත් බවය මෙයින් වෙනත් ග්‍රහලොවකින් මෙහි ජිවය පමණි බව පහත කරුණු අනුව පිළිගැනීමට සිදුව ඇත “ඩාවින්ගේ පරිණාම වදයට අනුව සතුන් පරිණාමය වන්නේ ඉතාම සෙමිනි ඔහුට අනුව පෘතුවි පළමු ජීවියාගේ සිට අද දක්වා ජීවින් බිහි වීම දක්වා පරිණාමයට විශාල කාලයක් ගත වීම අවශ්‍ය එත් විද්ඥයන්ගේ ගණනය කිරීම් වලට අනුව එලස පරිණාමයක් සිදු වීමට පෘතුවිය ආරම්භ උන කාල සීමාව ප්‍රමාණවත් නොමැත එලසම එවැනි පරිණාමයක් සිදු වේනම් අතර මැදි පුරුක් තිබිය යුතු වේ එලස මිහිමට පරිනාමයේ අතුරු පුරුක් නොමැත ( උදාහරණයක් ලෙස මස්‍යගේන් පරිණාමය වූ වදුරා අතර මැද ජීවියකු දක්නට නොමැත එලසම වදුරගෙන් පරිණාමය වූ මිනිසා හා වදුරා අතර මැද පරිණාමය වෙමින් පවතින ජිවයකු දක්නට නොමැත ) .මෙම හේතු කරනා නිසා ඩාවින්ගේ පරිණාම වාදය අඩු පාඩු සහිත සංකල්පයක් පමණක් බව තහුරුවේ එම නිසා පෘතුවියට ජිවය පැමිණියේ වෙනත් සංකීර්ණ ගහලොවකින් බව විද්වතුන්ට පිළිගැනීමට සිදුව ඇත .ඩාවින්ගේ පරිණාම වාදය මගින් ලොව බොහෝ විද්වතුනේගේ අවදානයට විද්‍යත්මක අර්ථ කතනයක් සැපවූ වා මෙන්ම ලෝකයේ පවතින දේව වාදී ආගම් වලට විද්‍යාත්මක මුෂ්ටි පහරක් එල්ල කළා උවද , එමගින් බුදු දහමට කිසිදු බලපෑමක් නොවින බුදු දහම මගින් හෙළි කරන පරිණාම වාදය එයට වඩා පුළුල් හා විද්‍යාත්මක වූ එකකි .
    විශ්වය පිළිබද බෞද්ධ මතය හා කොපර්නික්ස් ගේ මතය
    බයිබලේ සදහන් වෙන්නේ පෘතුවිය විශ්වයේ මැද තිබෙන අතර පෘතුවිය නිශ්ශලව තිබෙන අතර හිරු ගමන් කරන බවකි බටහිර විද්‍යා ප්‍රබෝදයේ පළමුව ආරම්භය සටහන් කරමින් බයිබලයේ සටහන් මෙම මතයට පහර දුන්නේ කොර්පනික්ස් ය ( 1473 – 1543 ) කොර්පනික්ස් විසින් පෘතුවිය හා සෞර ග්‍රහ මණ්ඩයේ සබැ සොවාභාවය ගණිත ක්‍රමයක් මගින් පැහැදිලි කර දෙන ලදී ඔහු විසින් ඉදිරිපත් කල මතය එවකට කතෝලික පුජකයන්ට නොත්රින එම නිසා ඔහුගේ දිවි රකින .පසුව ( 1564 – 1642 ) ගැලිලියෝ ඔහු විසින් නිපද වූ දුර දකනයක් මගින් නිරීක්ෂණය කර කොර්පනික්ස්ගේ මතය සත්‍ය බව පවසන ලදී එවකට පවතී ආගමික නිකාය මගින් ආගමට විරුද්ද මතයක් ඉදිරිපත් කල නිසා ගැලීලියෝ ජීවිතාන්තය දක්වාම සිර ගත කොට තබන්ට නියම කෙරින .නමුත් සැබැව නම් කොර්පනික්ස් සහ ගැලීලියෝ ට ප්‍රථමව බුදු රජුන් විසින් විශ්වය පිලිබදව වඩාත් විද්‍යාත්මක ප්‍රකාශයක් සංයුක්ත නිකායේ අරුනවති සුත්‍රයේ මෙලස සදහන් කොට ඇත හිරු සදු ආලෝකය විහිදුවමින් ගමන් කරන්නේද එලස ගමන්කරන ප්‍රදේශය සහසි ලෝක ධාතුව ලෙස නම් කොට ඇත එය අද නවීන විද්‍යාවේ චක්‍රාවාටය ( Galaxy ) ලෙස හදුනා ගෙන ඇත මේ අනුව නවීන විද්‍යාත්මක මතය හා බුදු දහම සමගාමී බව පැහදිලි වේ
    බෞද්ධ සංකල්පය හා අයිස්ටයින්ගේ සාපේක්ෂතා වාදය
    ඩොල්ටන්ගේ පරිණාම වාදය අනුව ද්‍රව්‍යන්ගේ කුඩාම අංශුව පරමානුව ලෙස හැදින් වේ නමුත් පරමාණුව අන්තර්ගත වෙන්නේ ඉතා සියුම් ඉලෙක්ස්ට්‍රොන නියුක්ට්‍රොන හා ප්‍රෝටෝන වලින් බව අද සොයාගෙන ඇත මෙම විද්‍යුත් අංශු ද්‍රව්‍යමය නොවේ ඒවා එක්තරා ආකාරයක ශක්ති ධාරාවන් වේ මේ අනුව යම් ස්කන්ද්යක් ශක්තියක් බවට හා ශක්තියක් නැවත ස්කදයක් බවට පත් පත් විය හැකි බව සනාථ වේ . අයිස්ටයින්ගේ පරිණාම වදය මගින්ද සිදු කරනු ලබන්නේ මෙම කරුණ පැහැදිලි කරලිමකි . යම් ස්කනද්යක් ශක්තියක් උත්පාදනය කල හැකි බව නුතන ලෝකය ඔප්පු කර හමාරය එයට උදා හරණ පරමාණු බෝම්බ හා නියෂ්ටික බලාගාර මගින් විදුලිය උත්පාදනය මේවාට උදාහරණ සපයයි . අයිස්ටයින්ගේ සාපේක්ෂතා වාදය පහත සමීකරණය මගින් දැක්විය හැක.
    E = MC(2 )
    E = Enargy ශක්තිය
    M = mass ස්කන්දය
    c = ආලෝකයේ ප්‍රවේගය
    ඉහත සමීකරණය අනුව යම් ද්‍රවයක් හෝ පුද්ගලයෙකු ආලෝකය වේගයෙන් ගමන් කරන විට එහි බර හෙවත් ස්කන්දය බින්දුව වේ .එනම් එම පුද්ගලයා හෝ වස්තුව ශක්ති දරාවක් හෙවත් බරක් නැති කිරණක් බවට පත්වේ එලස එම පුද්ගලයාගේ ගමන නතර කල විට නැවත පෙර ලෙසම ස්කනද්යක් බවට පත් වේ .එය නිවැරදි නම් බුදු දහමේ සදහන් ඉර්ධි බලය හා වෙනත් ග්‍රහලෝකයන්ට ගමන් කල අවස්ථා සත්‍ය විය යුතුය එලස මානසික ශක්තිය දිවුණු කෙනෙකුට තම ශරීරය ශක්ති දරාවක් කරගෙන ආලෝක වර්ෂ දාස් ගණනක් උවද ෂණයකින් ගමන් කල හැකි බව පිළිගත යුතුවේ . අනෙක් අතට මෙම සිද්දාන්තය බුදු දහමේ දක්වන්න අනිත්‍ය සිද්ධාතයට ගැලපේ එනම් එනම් සාපේක්ෂ තා වදයට අනුව ලොව කිසිදු දෙයක් නිත්‍ය හෝ නිරපේක්ෂ නැත සැම දෙයක්ම හුදෙක් එකිනෙකට සමාන වේ ..උදාහරණයක් ලෙස අප නිවසින් බැහැරව ගොස් 24 පසු නැවත නිවස කරා පැමිණෙන විට නිවස පෙර තිබුන තැන නොමැත මෙය ඔබ විශ්වාස කරයිද පෘතුවිය සිය කක්ෂය වටා ගමන් කරන බව අපි දනිමු එලෙස එක් වරක් තම කක්ෂය වටා ගමන් කිරීමට පැය 24 ගත වේ සමක රේකාව ආසනයේ පෘතුවියේ පරිදිය 40000 කි.මි ඒම නිසා සමකයට අසන්න අපේ රටද පැය 24කදි 40000 කි.මී ගමන් කරයි එනම් අපි ගමන ගොස් නැවත එන විට නිවස 40000 කි ම් ගමන් කර ඇත. එමෙන්ම පෘතුවිය තමා වටා කැරකෙන අතර හිරු වටාද කැරකෙ පෘතුවිය හිරුට K.m මිලියන 150 දුරින් පිහිටා ඇති නිසා හිරු වටා දිනකට 2.6 k.m ද ගමන් කරයි . එලස බුදු දහමින් පවසන මෙලොව කිසිවක් නිත්‍ය නොවන අනිත්‍ය බව විද්‍යාවෙන්ද තහවුරු කොට ඇත. අයිස්ටයින්ගේ සාපේක්ෂතාවාදයට අනුව කිසිම වස්තුවකට ආලෝකයේ වේගය වන තප්පරයට සැතපුම් 186000ට වඩා වේගයකින් ගමන් කල නොහැක. තප්පරයට සැතපුම් 150000 ක වේගයකින් ප්‍රතිවිරුද්ද දිශාවන්ට ගමන් කරන යානා දෙකක පුද්ගලයන් දෙදෙනෙකු සිටි නම්.ප්‍රතිවිරුද්ද දිශාවට ගමන් ගන්නා එහෙයින් ඔවුන් දුරස් වන වේගය තත්පරයට සැතපුම් 300000 කි නමුත් අයින්ස්ටයින්ට අනුව මෙම වේගය තත්පරයට 186000 ඉකමවිය නොහැකිය එම නිසා මෙම ගමන කාලයට එරෙහිව යන්නකි මෙම කාරණය බැලුබැල්මට තේරුම් ගැනීමට අපහසු සංකීරණ ගැටලුවක් උවත් මේ විද්‍යාවේ සංකීර්ණ ගණිත ක්‍රම යොදා ගෙන ඔප්පු කර හමාරය.මෙම සිද්ධාන්තය කාල ප්‍රරමාදක පලය ලෙස හදුන්වනු ලබයි .අයිස්ටයින්ගේ මතය අනුව පෘතුවියේ සිට ආලෝක වර්ෂ 33ක් දුරින් පිහිටි අර්ක්ටුරස් නම් තාරකාවට ගොස් නැවත පැමිණීමට වර්ෂ 66ක් ගත වේ . ආලෝක වේගයෙන් ගමන කරන නිසා එම යානයේ ගමන් කරන පුද්ගලයට තම ඔරලෝසුවේ පරිදි දැනේන්නේ එක් දවසක ලෙසය ඒ අනුව ඔහු වයස් ගත වන්නේ එක් දිනයකිනි ඔහු පෘතුවියෙන් නික්මෙන විට ඔහුගේ වයස අවුරුදු 30 ක් වුවේ නම් ඔහුට එදින උපන් දරුවකු සිටි නම් ඔහු එම තාරකාවට ගොස් නැවත පෘතුවියට පැමිණෙන විට එම දරුවාගේ වයස අවුරුදු 66ක් හා ඔහුට වයස අවුරුදු 30 හා දවසකි. මේ අනුව එක් එක් ග්‍රහ ලොවට අනුව කාලය ගෙවී යාම වෙනස් වන බව විද්‍යාත්මක සත්‍යකි මේ අනුව බුදු දහමේ එන . දිව්‍ය ලෝක වල ආයුෂ ප්‍රමණය පිලිබදව ඇති කරුණු සත්‍ය වන බව පැහැදිලි වේ ( මේ පිලිබදව ඔබට වඩා හොද අවබෝදයක් ලබා ගැනීමට මෙම සිද්ධාන්තය යොදාගෙන නිර්මාණය වූ විද්‍යාත්මක චිත්‍ර පටයක වන ඉන්ටර්ස්ටේලර් - https://en.wikipedia.org/wiki/Interstellar_(film) චිත්‍ර පටය නරබන්න )
    බෞද්ධ පුනර්බවය හා විද්‍යාව,
    බෞද්ධ මතය අනුව සත්වයා හා ශාක වෙනස් වන්නේ ප්‍රදාන වශයෙන් සත්වයාට ආත්මයක් ඇති බැවිනි. මේය බටහිර විද්‍යාව අස්ට්‍රල් බෝඩ් ( astral body ) ලෙස හදුන්වනු ලබයි මෙය මනෝකාය ලෙස හැදින්වෙ.( මෙය නවීන විද්‍යාත්මක කැමරාවක් වන කිර්ලියන් කැමරා මගින් චායාරුප ගත කිරීමට විද්යාඥයන් සමත් වී ඇත ) මෙම අධ්යාත්මික ශක්තිය ශරීරයකට ඇතුළු වීමෙන් සත්වයා නිර්මාණය වේ. එමෙන් ම මෙම මනෝකාය ඉවත් වීම මගින් සත්වයා මිය යාමට පත්වේ . මේ අනුව පෙනී යන්නේ පුද්ගලයෙකුගේ තාවකාලික නිවහනක් ලෙස ශරීරය යොදා ගන්නා බවය . මෙම කරුණ පිලිබදව පරයෙක්ෂන සිදු කල පරීක්ෂකයින් විසින් සොයාගෙන ඇත්තේ මනස භාවනාව වැනි ක්‍රම මගින් දියුණු කරගත් පුද්ගලයට තම මනෝකාය ශරීරයෙන් පිටතට ගෙන යා හැකි බවය මේය astral projection ලෙස හදුන්වනු ලැබේ ( ආනන්ද මෛත්‍රී හාමුදුරුවන් විසින් මෙය සිදු කල බවට මතයක් ඇත ) එමෙන්ම ප්‍රබල ගුප්ත ශක්තිනට මෙම මනොකායට බලපෑම් කිරීමට හැකි බවද සොයාගෙන ඇත. මේ හා බැදුණු සිදු විම් අන්තර්ජාලයේ බොහොමයක් දක්නට ඇත ඒවානම් මරණාසන්න අද්දැකීම් ( near death experience ) හා ශරීරයෙන් පිටත අද්දැකීම් ( out of body experience ) ලෙස දැකගත හැකිය .ලොව ප්‍රකට පරිෂණයක් නම් ජිනා සර්මිනා නම් මනෝවිද්‍යාවරිය විසින් එඩ්ගා කේසි නම් අධිමනෝ ලාබියා යොදාගෙන සිදු කරන ලදී . එමගින් පුනර්භවය හා මනෝකාය පිලිබදව තහුරු කල හැකි තොරතුරු රැසක් අනාවරණය විය .එමෙන්ම වෝල්ටර් බෝඩිමර් විසින් රචිත ග්‍රන්ථයක සදහන් වන්නේ පුද්ගලයකුගේ චරිත ලක්ෂණ වලින් 48% පෙර භවයේ මනෝකාය මගින් ඇතුල් වන බවත් 49% ජාන වලින් ඇතුල් වන බවත් ඉතිරි 3% පරිසරයෙන් උකහා ගන්නා බවත් සදහන් කරින . මේ අනුව පෙනී යන්නේ විද්‍යාව මගින් පුනර්බවය පිලිබදව ඇති බෞද්ධ මතය තහවුරු කරන බවය අද වන විට මෙම ලෝක සත්‍ය දහම වූ බුදු දහමේ ඉගැන්වීම යටපත් කරමින් සත්‍ය මුදලට යටපත් කරන්නට විද්‍යාවෙන් බැට කන ආගම් බොහොමයක් නොපෙනන ලෙස ක්‍රියාත්මක වෙමින් පවතී එබැවින් ලෝකය පිලිබදව කරුණු සොයා බලා සත්‍ය යනු කුමක්ද යන්න සොයා බලා අවබෝධයෙන් නිවැරදි මග අනුගමනයට වෙහෙසිය යුතුය ...... සියල්ලෝ සත්‍ය දැන සම්‍යක් දුෂ්ටිය ඇතිකරගනිත්වා .......................................සියලු දෙනාට බුදු සරණයි .......

    Source: https://www.facebook.com/Invisible.World.lk/posts/බුදු-දහම-සහ-නවීන-විද්යාව/1119774134752151/


    And more on: http://thebuddhismforscience.blogspot.com
     
    Last edited:

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,199
    2,099
    113
    දෙයියෙක් නිසා ගැබ් ගත්ත නම් ඒක වැදගත්නෙ බන්. හැමදාම නෑ හැමතැනම නෑ.

    ඔයවගෙ නොවැදගත් දේවල් උගන්නන නිසා තමයි ලංකාවෙ උන් මන්දබුද්දික වෙලා ඉන්නෙ

    හැමෝම උබේ මිම්මෙන් මනින්න එපා. ලිදේ ඉන්න එකාට ලිද විතරයි පේන්නේ. ලෝකය දැකපන් ගුලෙන් එලියට ඇවිත්. එතකොට පෙනෙයි,ලන්කාවේ ඉගනගත්ත මිනිස්සු, ගෝල්ඩ් මෙඩල් ගත්ත මිනිස්සු, ඉන්වෙන්ශන් කරපු මිනිස්සු, නාසා එකේ වැඩකරන මිනිස්සු, කන්දක නායයාමට සමීකරක හදපු මිනිස්සු, කොතල හිබුටු ශාකයෙන් දියවැඩියාව මර්ධනයට අවශ්‍ය ජානය නිස්සාරනය කරපු මිනිස්සු,එයා බෑග් සෙන්සරේ හදපු මිනිස්සු.තව තව බොහෝ දේ.බුදුදහම එක්ක තරහට ලන්කාවේ උන් මෝඩයෝ කියලා උබලා බ්‍රේන් වොශ් වෙලා හිටියට ඇත්ත ඒක නෙවෙයි.
     
    • Like
    Reactions: sidathsaumya

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හැමෝම උබේ මිම්මෙන් මනින්න එපා. ලිදේ ඉන්න එකාට ලිද විතරයි පේන්නේ. ලෝකය දැකපන් ගුලෙන් එලියට ඇවිත්. එතකොට පෙනෙයි,ලන්කාවේ ඉගනගත්ත මිනිස්සු, ගෝල්ඩ් මෙඩල් ගත්ත මිනිස්සු, ඉන්වෙන්ශන් කරපු මිනිස්සු, නාසා එකේ වැඩකරන මිනිස්සු, කන්දක නායයාමට සමීකරක හදපු මිනිස්සු, කොතල හිබුටු ශාකයෙන් දියවැඩියාව මර්ධනයට අවශ්‍ය ජානය නිස්සාරනය කරපු මිනිස්සු,එයා බෑග් සෙන්සරේ හදපු මිනිස්සු.තව තව බොහෝ දේ.බුදුදහම එක්ක තරහට ලන්කාවේ උන් මෝඩයෝ කියලා උබලා බ්‍රේන් වොශ් වෙලා හිටියට ඇත්ත ඒක නෙවෙයි.

    :yes::yes::yes: ඔකුන්ට තියෙන්නෙ කුහකකම විතරයි..කරන්ඩ පුලුවන් දෙයක් හෝ දන්නා ඉටිගෙඩියක් නැ..
     
    Jul 24, 2018
    284
    20
    0
    :yes::yes::yes: ඔකුන්ට තියෙන්නෙ කුහකකම විතරයි..කරන්ඩ පුලුවන් දෙයක් හෝ දන්නා ඉටිගෙඩියක් නැ..
    ඒ උනාට බටහිර ක්‍රිස්තියන්කාරයෝ 2015 ලංකාවේ ජනාදිපති පත් කලානේ. එහෙම එකේ කරන්න පුළුවන් ඉටිගෙඩියක් නැ කියලා ක්රිස්තියන්කාරයන්ට කියන එක පොඩ්ඩක් අවුල් නැද්ද?
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    ඒ උනාට බටහිර ක්‍රිස්තියන්කාරයෝ 2015 ලංකාවේ ජනාදිපති පත් කලානේ. එහෙම එකේ කරන්න පුළුවන් ඉටිගෙඩියක් නැ කියලා ක්රිස්තියන්කාරයන්ට කියන එක පොඩ්ඩක් අවුල් නැද්ද?

    :lol: :lol: හුත්තෝ!!!
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒ උනාට බටහිර ක්‍රිස්තියන්කාරයෝ 2015 ලංකාවේ ජනාදිපති පත් කලානේ. එහෙම එකේ කරන්න පුළුවන් ඉටිගෙඩියක් නැ කියලා ක්රිස්තියන්කාරයන්ට කියන එක පොඩ්ඩක් අවුල් නැද්ද?

    2015 චන්දෙ දුන්නෙ බටහිරින් ආපු ක්‍රිස්තියානිකාරයොද???? හා...

    :lol: :lol: හුත්තෝ!!!

    :lol::lol: ෆේක් වලින් එන වෙලාවෙ කෙලින් ආවනම් ඉවරනෙ බන්
     
    Last edited:
    Jul 24, 2018
    284
    20
    0
    2015 චන්දෙ දුන්නෙ බටහිරින් ආපු ක්‍රිස්තියානිකාරයොද???? හා...



    :lol::lol:
    අඃ උන් නෙමෙයිද? ඒ කාලේ නම් කිව්වේ විජාතික කුමන්ත්‍රණයකින් මහින්ද හාමුව බලෙන් නෙරපෙව්වා කියලා. ලංකාවේ ජනතාව කැමති මහින්දටලු.. එහෙම නෙමෙයිද එතකොට උනේ? එහෙනම් ලංකාවේ මිනිස්සු තමා මේ ජනදිපතිව පත්කරලා තියෙන්නේ. උබ එක පිළිගත්තා එක ලොකු දෙයක් අවුරුදු 3කට පස්සෙවත්.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අඃ උන් නෙමෙයිද? ඒ කාලේ නම් කිව්වේ විජාතික කුමන්ත්‍රණයකින් මහින්ද හාමුව බලෙන් නෙරපෙව්වා කියලා. ලංකාවේ ජනතාව කැමති මහින්දටලු.. එහෙම නෙමෙයිද එතකොට උනේ? එහෙනම් ලංකාවේ මිනිස්සු තමා මේ ජනදිපතිව පත්කරලා තියෙන්නේ. උබ එක පිළිගත්තා එක ලොකු දෙයක් අවුරුදු 3කට පස්සෙවත්.

    ෆේක් බස්සගෙන ඔහේ කියෝනව...මීහරක්ට තප්පුලන්ඩ ෆේක් ශෝක්.. :yes:
     
    Jul 24, 2018
    284
    20
    0
    ෆේක් බස්සගෙන ඔහේ කියෝනව...මීහරක්ට තප්පුලන්ඩ ෆේක් ශෝක්.. :yes:
    ඔයා මාව කෝට් කරන්නේ නැ කියා කියා කෝට් කරනවා නේ... නරක සමනලයෙක් ඔයා..
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    42,930
    1
    56,955
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    හැමෝම උබේ මිම්මෙන් මනින්න එපා. ලිදේ ඉන්න එකාට ලිද විතරයි පේන්නේ. ලෝකය දැකපන් ගුලෙන් එලියට ඇවිත්. එතකොට පෙනෙයි,ලන්කාවේ ඉගනගත්ත මිනිස්සු, ගෝල්ඩ් මෙඩල් ගත්ත මිනිස්සු, ඉන්වෙන්ශන් කරපු මිනිස්සු, නාසා එකේ වැඩකරන මිනිස්සු, කන්දක නායයාමට සමීකරක හදපු මිනිස්සු, කොතල හිබුටු ශාකයෙන් දියවැඩියාව මර්ධනයට අවශ්‍ය ජානය නිස්සාරනය කරපු මිනිස්සු,එයා බෑග් සෙන්සරේ හදපු මිනිස්සු.තව තව බොහෝ දේ.බුදුදහම එක්ක තරහට ලන්කාවේ උන් මෝඩයෝ කියලා උබලා බ්‍රේන් වොශ් වෙලා හිටියට ඇත්ත ඒක නෙවෙයි.

    අනේ මචන් උඹල ගුලෙන් එලියෙ නේද ඉන්නෙ? මාවත් එලියට ගනින්කො.:sorry:
     
    Jul 24, 2018
    284
    20
    0
    අනේ මචන් උඹල ගුලෙන් එලියෙ නේද ඉන්නෙ? මාවත් එලියට ගනින්කො.:sorry:
    :lol::lol::lol::lol::lol:




    ගුලෙන් එලියට යන්න එපා බන්. එළියේ හරිම සීතලයි.. ඌට දැන් ඔය හයිපොක්සියා
     
    • Like
    Reactions: topkollek

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,199
    2,099
    113
    :yes::yes::yes: ඔකුන්ට තියෙන්නෙ කුහකකම විතරයි..කරන්ඩ පුලුවන් දෙයක් හෝ දන්නා ඉටිගෙඩියක් නැ..
    :yes::yes:
    උට අනුව ලන්කාවේ බුද්ධිමත්තු උගත්තු නෑ. මන්දබුද්ධිකයෝ සේරම.
     

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,199
    2,099
    113
    ඉස්සෙල්ලම උබ මට කියනවා වගේ. උබත් කියවපන් මගේ කමෙන්ට් එක. මම කිව්වේ ලංකාවේ බුදාගම ෆේල් කන්සෙප්ට් එකක් කියලා මිසක ථෙරවාදී හෝ මහායාන හෝ හොදයි නකරයි ෆේල් කියලා නෙමෙයි.. එක කතා කරනවානම් වෙනම කතා කරමු. මිට කලින් ඔප්පු කරලා තියනවා සාක්කි එක්ක තේරවාදී කන්සෙප්ට් එක මිහිදු හාමුදුරුවෝ කොහොමද ලංකාවේ මිනිස්සුන්ගේ මොළ කුරුවල් කලේ කියලා. මෙතන මම කියන්නේ දර්මය ඕක නම් එක ෆේල් කියන එක. උබයි කියන්නේ ඕක දර්මය නෙමෙයි කියලා. මම අහන්නේ එක දර්මය නෙමෙයි නම් මොකක්ද ලංකාවේ උන්ගේ බෞද්දකම කියන්නේ.. බුද්ද දර්ශනය කියන්නේ මැටි පිඩක් නෙමෙයි එක ඕනා ඕනා ක්‍රමේට හැඩ ගස්සවාගන්න.. තියරිය කොතන කොයි රටේ කොයි විදියට ගත්තත් එකයි. ලංකාවේ බුදුසමයේ මෙහෙමයි තායිලන්තේ මෙහෙමයි කියලා කියන එකෙන්ම පේනවා ලංකාවේ උන් බුදු දහම දන්නේ නැ කියන එක.

    ත්‍රිවිධ පුන්‍යක්‍රියා දාන සීල භාවනා වශයෙන් හදුන්වනවා.
    ඒකෙන් දානය හා විවිද පූජාවන් ආමිස පූජා ගනයටත්
    සීල(පන්ච සීල, ආජීව අශ්ඨමක සීල, නවාන්ග උපෝසත සීල, සාමනේර දසසීලය ) හා භාවනා ගැනෙනවා ප්‍රතිපත්ති ගනයටත් වැටෙනවා.
    ආමිසය මිනිස්සු විවිධාකාරයෙන් කරනවා,කෙනෙක් බනිස් ගෙඩියක් දෙද්දී තව කෙනෙක් තමුන්ගේ ඇස් දන්න් දෙනවා.කෙනෙක් පහනක් පත්තු කරද්දී තව කෙනෙක් විශාල පිරිසක් එකතු කරගන පහන් අසුහාරදාහක් පත්තු කරනවා.දානයේ සීමාවක් නෑ.
    නමුත් ප්‍රතිපත්ති කියනදේ නිශ්චිතයි ගිහිවත පන්සිල්.ඒක කොතනත් එකයි.භාවනාව සතර සතිපට්ඨානය ඒකත් නිශ්චිතයි.

    උබලා ඔය අල්ලගන දගලන්නේ , මුලින් කිව්ව ආමිසය.ඒක තමයි පිටට හොදට පේන්නේ.කෙනෙක් ඒක උබලට නොගැලපෙන විදියට කලොත් මෙන්න බුදුදහම කියලා කියනවා.
    ප්‍රතිපත්ති කොටස පිටට පේන්නෑ,ප්‍රතිපත්ති රැකීම අප්‍රසිද්ධියේ වෙනවා ඔනේතරම්.විශේශයෙන් ආරන්‍ය, ගිහියන් සදහා පහසුකම් සාදා ඇති උදා: මීතිරිගල, නාඋයනවගේ හා තවත් විශාල ප්‍රමානයක.ඒ තැන්වල ශීලය වඩන ,සමාදිය දිවුනුකරන ධ්‍යාන වඩන, ඊටපස්සේ විපස්සනා වඩන මිනිස්සු ලන්කාවේ ඉන්නවා.ඒක උබල දැකල නැතුව ඇති.ඒනිසා දැකපුදේ මතපදනම්ව ලන්කාවේ බෞද්ධයෝ නෑ කියනවා.
    ලන්කාවේ තෙරවාද බුදුදහම තියන නිසා තමයි පිටරට මිනිස්සු ඇවිත් , සතිපට්ඨාන භාවනා පුරුදුකරන්නේ.උන් ඉල්ලන්නේ බුදිස්ට් මෙඩිටේශන් ඉගනගන්න ඔනේ කියලා.මේවා අහලා දැකලා විතරක් නෙවෙයි මේවාට සම්භන්දවෙලා හිටපුනිසයි මේක කියන්නේ.

    උබේ සතුට මෙහෙ බෞද්ධයෝ නෑ කියලා හිතන එකනම් දිගටම කරගන පලයන්.සීමිත මිනිස්සු කොටසක් දිහා බලලා මුලුරටේම බවුද්ධයෝ ගැන නිගමනයකට එනවානම් ඉතින් අනුකම්පා කරනු හැර වෙනත් යමක්නැත.



    උබව වෙනස් කිරීමට උබට මේවා ඔප්පු කිරීමට මම මේ පිලිතුරෙන් අන්ශුමාත්‍රයක්වත් බලාපොරොත්තු නොවන අතර රිප්ලයි එකක් දෙන්න ඔනේ නිසා උබව කෝට් කරමි. මද්‍යස්ථවබලන මනුස්සයෙක් මේකෙන් අදහසක් ගත්තානම් එය සතුටවේ.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ත්‍රිවිධ පුන්‍යක්‍රියා දාන සීල භාවනා වශයෙන් හදුන්වනවා.
    ඒකෙන් දානය හා විවිද පූජාවන් ආමිස පූජා ගනයටත්
    සීල(පන්ච සීල, ආජීව අශ්ඨමක සීල, නවාන්ග උපෝසත සීල, සාමනේර දසසීලය ) හා භාවනා ගැනෙනවා ප්‍රතිපත්ති ගනයටත් වැටෙනවා.
    ආමිසය මිනිස්සු විවිධාකාරයෙන් කරනවා,කෙනෙක් බනිස් ගෙඩියක් දෙද්දී තව කෙනෙක් තමුන්ගේ ඇස් දන්න් දෙනවා.කෙනෙක් පහනක් පත්තු කරද්දී තව කෙනෙක් විශාල පිරිසක් එකතු කරගන පහන් අසුහාරදාහක් පත්තු කරනවා.දානයේ සීමාවක් නෑ.
    නමුත් ප්‍රතිපත්ති කියනදේ නිශ්චිතයි ගිහිවත පන්සිල්.ඒක කොතනත් එකයි.භාවනාව සතර සතිපට්ඨානය ඒකත් නිශ්චිතයි.

    උබලා ඔය අල්ලගන දගලන්නේ , මුලින් කිව්ව ආමිසය.ඒක තමයි පිටට හොදට පේන්නේ.කෙනෙක් ඒක උබලට නොගැලපෙන විදියට කලොත් මෙන්න බුදුදහම කියලා කියනවා.
    ප්‍රතිපත්ති කොටස පිටට පේන්නෑ,ප්‍රතිපත්ති රැකීම අප්‍රසිද්ධියේ වෙනවා ඔනේතරම්.විශේශයෙන් ආරන්‍ය, ගිහියන් සදහා පහසුකම් සාදා ඇති උදා: මීතිරිගල, නාඋයනවගේ හා තවත් විශාල ප්‍රමානයක.ඒ තැන්වල ශීලය වඩන ,සමාදිය දිවුනුකරන ධ්‍යාන වඩන, ඊටපස්සේ විපස්සනා වඩන මිනිස්සු ලන්කාවේ ඉන්නවා.ඒක උබල දැකල නැතුව ඇති.ඒනිසා දැකපුදේ මතපදනම්ව ලන්කාවේ බෞද්ධයෝ නෑ කියනවා.
    ලන්කාවේ තෙරවාද බුදුදහම තියන නිසා තමයි පිටරට මිනිස්සු ඇවිත් , සතිපට්ඨාන භාවනා පුරුදුකරන්නේ.උන් ඉල්ලන්නේ බුදිස්ට් මෙඩිටේශන් ඉගනගන්න ඔනේ කියලා.මේවා අහලා දැකලා විතරක් නෙවෙයි මේවාට සම්භන්දවෙලා හිටපුනිසයි මේක කියන්නේ.

    උබේ සතුට මෙහෙ බෞද්ධයෝ නෑ කියලා හිතන එකනම් දිගටම කරගන පලයන්.සීමිත මිනිස්සු කොටසක් දිහා බලලා මුලුරටේම බවුද්ධයෝ ගැන නිගමනයකට එනවානම් ඉතින් අනුකම්පා කරනු හැර වෙනත් යමක්නැත.



    උබව වෙනස් කිරීමට උබට මේවා ඔප්පු කිරීමට මම මේ පිලිතුරෙන් අන්ශුමාත්‍රයක්වත් බලාපොරොත්තු නොවන අතර රිප්ලයි එකක් දෙන්න ඔනේ නිසා උබව කෝට් කරමි. මද්‍යස්ථවබලන මනුස්සයෙක් මේකෙන් අදහසක් ගත්තානම් එය සතුටවේ.

    :yes::yes:
     

    awantha1993

    Well-known member
  • Jan 12, 2015
    685
    139
    63
    Budun wadinna mathak wenne exam ekak or ledak dukak awama bahutarayata. Eta passe palathe yannaha. Anika eka a lamayinge karmaya. Ehema karadarayak wela taman mahandi una d apathe yanawa. Eka monawama hari karmayaka wipakayakmai.