වෙල්ගම මහින්ද වගේ තක්කඩි දේශපාලකයින් අතර සිටියත් වෙල්ගම ගැන වචනයක් එක් කල යුතුයි කියලා සිතුන බැවින් මා මම ත්‍රෙඩ් එක මෙසේ පල කරමි. මේ දිනවල කුමාර වෙල්ගම ගැන ෆෙස්බුකියේ ෂෙයාර් වන චායරුපයක් පිළිබඳව බොහෝ දෙනා කතා කරනවා. සමහරු කියනවා මාධ්‍ය සංදර්ශන කියලා. නමුත් මේවා වෙන දේශපාලුවෝ මෙන් කරන සංදර්ශන නොවෙයි. good-man elakiri member කියනවා වගේ වෙල්ගමට මේවා අලුත් දේවල් නොවෙයි. මිනිහට ලොකු පොඩි බේදයක් නැහැ. ඕනෑම කෙනෙක්ට සුහදව කතා කරනවා. වෙල්ගම ප්‍රවාහන ඇමති වෙලා ඉන්න කාලේ සියලුම ඩිපෝ වලට ගිහියේ සරම කැහැපොට ගහගෙන. ගිහින් වල් වැදිලා තිබ්බ සියලුම බස් රථ අලුත්වැඩියා කරලා ධාවනයට එක කළා.
වෙල්ගම කියන්නේ සව්යිවර් කඩෙන් හරි කන මනුස්සයෙක්. හැබැයි කට හොඳ නැහැ . චන්ඩි පාර්ට්ස් දාගෙන වගේ හිටියට චන්ඩියෙක් නොවෙයි. කොහොම උනත් ලොකු කමක් නැති මිනිහෙක්. අපි ඉස්සර ගෙදර යන්න බස් නැතුව රෑ ටවුමේ ඉන්නකොට වෙල්ගම ඩබල් කැබ් එකෙන් ඇවිත් මිනිස්සුන්ව ගෙවල් වලට දානවා. වෙන උන් නම් මේවගේ ගෙවල් වලට ඇරලවන සංදර්ශන කරන්නේ චන්දයක් ලං උනාම විතරයි. කළුතර දිස්ත්‍රික්කයේ චන්ඩියා වගේ හිටියට කිසිම මිනිහෙක්ට එකම පාරක්වත් ගහපු නැති මනුස්සයෙක්.
අවාසනාව කියන්නේ මේ වගේ මනුස්සයෙක් මහින්දලා වගේ තක්කඩි එක්ක දේශපාලනය කිරීමයි.




