1995 කාලයේ මම මගේ මිතුරෙකුගේ ගෙදර ( මතුගම ඕමත්ත ප්‍රදේශයේ ) යන්න ගිහින් රාත්‍රී 9.10 ට පමණ හිටිය මතුගම නගරයේ. බස් නෑ කියහන්කෝ පුතා . පයින් අදින්න වෙනවා මතුගම ඉඳලම.
අපි දෙන්න පයින් එනකොට 2 X 4 පොරක් ඉන්නවා පාරේ අයිනේ . අපි ඇහුවා අය්යේ ඔමත්තට යන්න විදියක් නැද්ද කියලා . මේකා අපි උම්බ්ලා කොහේ ඉඳලද කියලා , මම කොට්ටාවෙන් කිව්වා මගේ යහලුවා මීගමුවෙන් . මෑන් එක අහලා අත්පුඩියක ගහලා කතා කරා එකෙකුට . මෙන් මුන් දෙන්නව ඔමත්තට දාල වරෙන් කියලා කිව්වා, එතකොට කොළඹ මතුගම බස් එකක් ඇවිත් අපිව ඔමත්තට ගිහින් දැම්මා . ඒ බස් එකේ රියදුරා තමා කිව්වේ ඒ කුමාර වෙල්ගම කියලා . එතකොට අපි ඒ නමවත් අහලා නෑ .