උබ උබේ ජිවිතේ chapter1යි වෙන මිනිස්සුන්ගේ ජීවිතේ chapter 12යි එක්ක compare කරන්න යන්න එපා
අනිත් එවුන් දැන් මේ මේ තැන් වල, මම තවම මේ මේ තැන් වල කිය කිය හිතන තාක්කල් උබට ගොඩ ඒමක් නැත
ඒ නිසා ඉස්සෙල්ලම ඒ පුරුද්ද අතහැරගනින්,
ඊලගට උබ ඔය මට නෑ මට බෑ කිසිම දෙයක් හරියන්නේ නෑ වගේ negative thinkingසහමුලින්ම නවත්තගනින්, ඒක උබට විතරක් නෙමි වටේ ඉන්න එවුන්ටත් හොද නෑ ඔහොම හිතන එකෙක් ලගවත් ඉන්න හොද නෑ බන්ඒ නිසා නෑ බෑ කියල හිතන එක නවත්තල, පුළුවන්, අනිවා ගොඩ දාගන්නවා, හැමදේම හරියනවා, මට බැරි නෑ, හැමදේම හරියයි කියල හිතපන් අද ඉදන්
කිසිම කෙනෙක් උබේ ජිවිතේ ගොඩදාලා දෙන්නේ නෑ, උබම උබේ ජිවිතේ වෙනස් කරගන්න වැඩ කරන්න මහන්සි වෙයන්, එහෙම මහන්සි වුනොත් ඊයෙට වඩා හෙට දවස හොද වෙයිඅතීතය උබට මට වෙනස් කරන්න බෑ මල්ලි, ඒ නිසා අතීතේ ගැන හිතලා වර්තමානේ කෙලවගත්තොත් අනිවා උබේ අනාගතේ කෙලවෙනවා
ඒ නිසා අතීතේ දේවල් එහෙමම අතහැරලා දාලා අනාගතේ වෙනුවෙන් අද මහන්සි වෙයන්
නොදැනුවත්වම හැමදේම වෙනස් වෙයි.
උබට කොච්චර කෙලවුනත් විශ්වාස කරහන් හැමදේම වෙන්නේ උබේම හොදට කියලඑකක් උබට නැති වෙද්දී අනිවා ඊට වඩා හොද දෙයක් උබට ලැබෙන්න තියෙනවා අත්දැකීමෙන් උබට මේ කියන්නේ, ඒ නිසා නැතිවෙන දේ ගැන දුක් වෙන කාලය උබේ ජිවිතේ හොද කරගන්න යොදවපන්
මේ ලෝකේ කිසිම මනුස්සයෙක් නරක නෑ, කම්මැලි නෑඉන්නේ නරක පුරුදු වලට පුරුදු වුනු මිනිස්සු , කම්මැලි පුරුදු වලට පුරුදු වුනු මිනිස්සු, ඒ වගේ කිසිම දෙයක් හරි යන්නේ නෑ අනාගතේ වෙනුවෙන් කිසි දෙයක් කරන්න බයයි කියල හිතන නරක පුරුද්දට උබත් පුරුදු වෙලා විතරයි
ඒ පුරුද්ද වෙනස් කරගනින් අනිවා උබ හොද තැනකට එනවා
මම උබට ඔය උඩ කියපු හැමදේම මගේ අත්දැකීමෙන් කියපු දේවල්මේදේවල් කියන මම A/L Art කරපු එකෙක්, maths කියන්නේ මගේ ජිවිතේ මම බයම දෙයක්, මට බැරිම දෙයක්
A/L resultsඅවුල්, අනාගතේ එවරෙටම එවරයි කියල හිත හිත හිටියනම් මම අද කෝච්චියකට පැනලා
අනාගතේ වෙනුවෙන් දේවල් කරන්න බය වෙන්න එපා, Risk එකක් ගන්නෙ නැතුව කිසිම දෙයක් ලබාගන්න බෑ පුතා, A/L කෙලවුනා මම ඒක එතැනින්ම හිතන එක නවත්තලා SLIIT ගියා, එතන ඊට හපන්, matha බැරිනම් sliit degree ගන්න බෑ අත්දැකීමෙන් කියන්නේ, සල්ලි දුන්නට උන් නිකන් degreeදෙන්නෙත් නෑ
batch එකේ maths කරපු එවුන් එක්ක මම නිකන්ම නිකන් හාල්මැස්සෙක් වගේ හිටියෙ, මම හිතල මම වෙනුවෙන් මහන්සි වුනා(මගේ කෙල්ල මට ගොඩක් උදවු කරා
), මම වැඩ කරපු තරම් අපේ batch එකේ කිසිම එකෙක් මහන්සි වුනේ නෑ, මොකද උන්ට මහන්සි වෙන්න දෙයකුත් නෑ උන් maths දන්න එවුන්, මම මුල ඉදන් maths ඉගෙනගෙන papersලිවුවේ, විශ්වාස කරහන් මුල ඉදන් එක maths subject එකක්වත් repeat වුනේ නෑ
mathsකරපු එවුනුත් සමහර maths subject repeat වෙද්දී Art කරපු මම pass වුනේ එක subjectඑකට ගණන් හදන්න ඇති කටුවැඩ bundle 2ක3ක
අන්තිමේ මම passවුනේ classඑකකුත් දාලා
අන්තිමට results එද්දී 1ට හිටියෙ maths කරපු අක්ක කෙනෙක්, 2 මම, 3,4,5 ඔක්කොම Mathsකරපු එවුන්
1st class එකට points 3යි මට මදිවුනේ
ඒ මදි වුනු points 3ට වඩා අද මම මාරම සතුටින් ඒ ගත්ත 2nd upper classඑක ගැන
(මේ කතාව ඇතුලේ Threadඑකක් ලියන්න තරම් ලොකු කතාවක් තියෙනවා, වැටුනා නැගිට්ටා ආයේ වැටුනා මගේ ජිවිතේ මම වෙනස්කරගතිපු දවස් ඒ
පස්සෙ වෙලාවක ලියන්නම් හැමදෙයක්ම) ජිවිතේ දේවල් දිනන්න අනිවාර්යෙන් riskඑකක් ගන්නම වෙනවා, මහන්සි වෙන්නම වෙනවා
අද ඒ class එක නිසා මට Msc කිසි අවුලක් නැතුව applyකරන්න පුළුවන්,ඒ කිසිම uni එකකින්එ අහන්නේ නෑ උබ A/L මොනවද කරේ මොකද වුනේ කියල
හැමෝම බලන්නේ Degree එකයි Classඑකයි විතරයි,
ඒ මම මහන්සි වෙලා මගේ ජීවිතේට addකරගතිපු දේවල්
![]()
Artකරපු මම එහෙම කරානම් Maths කරපු උබට කොහොම කරන්න බැරිද මල්ලි???
මහන්සි වෙයන් අද ඉදන්, උඩම කිවුව පුරුදු ටික වෙනස් කරගනින් ජය...!
![]()
Thank you aiye



උබ උබේ ජිවිතේ chapter1යි වෙන මිනිස්සුන්ගේ ජීවිතේ chapter 12යි එක්ක compare කරන්න යන්න එපා
අනිත් එවුන් දැන් මේ මේ තැන් වල, මම තවම මේ මේ තැන් වල කිය කිය හිතන තාක්කල් උබට ගොඩ ඒමක් නැත
ඒ නිසා නෑ බෑ කියල හිතන එක නවත්තල, පුළුවන්, අනිවා ගොඩ දාගන්නවා, හැමදේම හරියනවා, මට බැරි නෑ, හැමදේම හරියයි කියල හිතපන් අද ඉදන්
uba me deparak result adu wela nahen adnawa..

