රැග් එක දෙන හරි විදිය
පොර ටෝක්ස් නෙවේ, සිරාවට කියන්නේ. කැම්පස් යන දුවේ, පුතේ. තොපිට ඇත්තටම රැග් කරන්න ඕනේ නම්, අලුතෙන් එන එවුන්ව අරගෙන උන්ව රැග් කරහල්ලා..
එහෙම රැග් කරන කොට උන්ට කියා දියවු, ටයි එකක් දාන්නේ කොහොමද කියලා. මොකද බැජ් ෆොටෝ එක ගන්න දාට බාගෙට බාගයක් ටයි එකක් දාන්න දන්නේ නැහැ. උන්ට කියා දියහල්ල, හැඳි ගෑරුප්පුවල්නි කන්නේ කොහොම ද කියලා. මොකද උපාධියක් අරන් එළියට ගියත් මධ්යමපාන්තිකයන් සහ ඉහළ පාන්තිකයන් සමග සමාජ සම්බන්ධතා පවත්වාගෙන යන්න උන්ට බැහැ.
ඉංග්රීසි කතා කරන්න බැරි හැම එකෙක්ටම ඉංග්රීසියෙන් කතා කරන්න කියා දියං. ජීන්ස් අඳින එවුන්ට චීත්ත ගවුම් අන්දන්න එපා. චීත්ත ගවුම් අඳින එවුන්ට ජීන්ස් අඳින්න කියලා දියහල්ලා. මොකද ඔය කැම්පස් එකේ තොපි ඉන්නේ අවුරුදු 3ක් 4ක් විතරයි. ඕකෙන් එළියට ඇවිත් මුළු ජීවිත කාලයක් ජීවත් වෙන්න ඕනේ. අන්න එදාට චීත්ත ගවුම්වලට තැනක් නැහැ.
සෙරප්පු දාන එකාට සපත්තු දාන්න කියා දිහං. නැත්තං ඌට ඉන්ෂුරස් සෙලස්පර්සන් කෙනෙක් විදිහටවත් ජොබ් එකකට යන්න බැරි වෙනවා. බර්සරි ඉල්ලන්නයි මහපොළ ඉල්ලන්නයි සෙට් වෙන්නේ නැතිව, පුළුවන්නං දා ගනිල්ලා කැම්පස් එක ඇතුළේ ජොබ් ෂොප් එකක්.
ලංකාවේ තියෙන හැම පෞද්ගලික ආයතනයක්ම සෙට් කර ගෙන කැම්පස් එකේ ඉන්න කොල්ලන්ගේ කෙල්ලන්ගේ ඩීටේල්ස් ඒ ආයතනවලට දීලා කැම්පස් එකේ ඉන්න ගමන් පාර්ට් ටයිම් කරන්නයි, කැම්පස් එකෙන් එළියට ගියාම ජොබ් එක කරන්නයි පුළුවන් විදිහට උන්ට කන්ටැක්ස් හදලා දීහල්ල.
උඹලට පුළුවන් නම් සීනියර්ස්ලා විදිහට ජූනියර්ස්ලට මේ ටික කරලා දෙන්න, ආයේ කතා දෙකක් නැහැ, ජූනියර්ස්ලා උඹලගේ පස්සත් හොදයි. මොකද උන් දන්නවා, සීනියර්ස්ලා නිසා උන්ගේ ජීවිතේ ගොඩ ගියා කියලා.