පද පේළී - EK LYRICS THREAD PART 2

lankanatha

Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63
    සඳ එබෙන්නෙපා තරු සිදුරු වසා
    අදුරු නෙතු තාරකා හඩවා
    සත් සියක් සියපත් මතින්
    මුදු සුවද හමනා
    මතක සුව ගෙනෙනා

    ඔබ ලග නිසා පිං සිත පුරා
    මල් මාලතී පිපුනා
    සමසුන් අරා සිත් විල වසා
    කුමුදුත් කොදත් පිපුනා

    ඔබ දුර නිසා ගගනත පුරා
    අසනි වැසි වැටුනා
    සිත දුක් දරා සුසුමින් වසා
    කදුළුත් හඳත් හැඩුවා
     

    lankanatha

    Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63
    පෑදී දියේ..
    ඔබේ නිර්මල හදවත විනිවිද දකින්නම්..
    පොකුරු පොදේ ....
    හඳ පානේ නටන වීදුරු මල් නෙලන්නම්..

    පායනා තුරු ..ඔබේ නුවන් තරු..
    පෙරුම් පුරා දිනු..ඔබේ උතුම් හදේ.
    ආදර බර වස්තුව වෙන්නම්..
    සදා කල්..

    අනන්තයක් වූ..මේ පැතුම් ජලාශේ..
    නගන මියුරු හඬ හෙමිහිට අසන්නම්
    සිහිල් දියක් වූ ඔබ නමින් උපන් ගී
    නිශා ගීතයේ මුසු කර එවන්නම්..

    රිදී කඳක් සේ සඳ ගලන වෙලාවේ..
    ඔබේ සුවඳ ඇස පියාන හොයන්නම්..’
    ඉබේ නිකුත් වූ මගේ සුසුම් තාලයෙන් ..
    ඔබේ හැඟුම් ගිටාරයෙන් වයන්නම් ..

    සාගරේ සමාන වූ.. ආදරේ ලඟා කෙරූ ..
    ජීවිතේ ඔබයි මගේ .. සදා කල්...
     

    ekark27

    Member
    Mar 28, 2009
    26
    5
    3
    දුටු දා මා හදෙහි සෙනෙහේ බැඳුනේ

    [FONT=&quot]දුටු දා මා හදෙහි සෙනෙහේ බැඳුනේ [/FONT]
    [FONT=&quot]දැකලා දෑසේ රස ආ.ශාවේ[/FONT]
    [FONT=&quot]ජීවිතෙන් පූජා දෙමි මං මිහිරේ..[/FONT]
    [FONT=&quot]උතුරා ගලනා හද ආ.ශාවේ[/FONT]
    [FONT=&quot]ආදරෙයි මං ආදර සුදු කෙල්ලෙ[/FONT]

    [FONT=&quot]පුන්සඳ පාන කියා ඔය මූනට රැවටෙනවා[/FONT]
    [FONT=&quot]නෑඹුල් පෙමට ඔයා මලක් වගේ පිබිදෙනවා[/FONT]
    [FONT=&quot]මොහොතෙන් මොහොත ඔබේ [/FONT]
    [FONT=&quot]සෙවන ලබා සීලැල්ලෙ[/FONT]
    [FONT=&quot]මා ඔබෙ ලඟට අරන් පදිමි සුපෙම් ඕවිල්ලෙ[/FONT]
    [FONT=&quot]සෙනෙහෙ පුංචි රටෙන් මා ආවේ[/FONT]

    [FONT=&quot]ජීවිතේජීවිතෙන් පූජා දෙමි මං මිහිරේ..[/FONT]
    [FONT=&quot]උතුරා ගලනා හද ආ.ශාවේ[/FONT] [FONT=&quot]ආදරෙයි [/FONT]
    [FONT=&quot]මං ආදර සුදු කෙල්ලෙ[/FONT]

    [FONT=&quot]පවනේ සැලෙන ලතා ආසිරි චාමර සලනා[/FONT]
    [FONT=&quot]පායන සදු රහසේ අපදෙස එබිකම් කරනා[/FONT]
    [FONT=&quot]ගස්වැල් මල් පිපිලා දුන්සලලා සිනාසුනේ[/FONT]
    [FONT=&quot]ගස්වැල් මල් පිපිලා දුන්සලලා සිනාසුනේ[/FONT]
    [FONT=&quot]පියබා යන්න හිතයි ආ.කාසෙ[/FONT]

    [FONT=&quot]මුල්ගායනය : [/FONT]H.R. [FONT=&quot]ජෝතිපාල[/FONT]
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    පෑදී දියේ..
    ඔබේ නිර්මල හදවත විනිවිද දකින්නම්..
    පොකුරු පොදේ ....
    හඳ පානේ නටන වීදුරු මල් නෙලන්නම්..


    11.gif
     

    lankanatha

    Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63
    [FONT=&quot]පුන්සඳ පාන කියා ඔය මූනට රැවටෙනවා[/FONT]
    [FONT=&quot]නෑඹුල් පෙමට ඔයා මලක් වගේ පිබිදෙනවා[/FONT]
    [FONT=&quot]මොහොතෙන් මොහොත ඔබේ [/FONT]
    [FONT=&quot]සෙවන ලබා සීලැල්ලෙ[/FONT]
    [FONT=&quot]මා ඔබෙ ලඟට අරන් පදිමි සුපෙම් ඕවිල්ලෙ[/FONT]
    [FONT=&quot]සෙනෙහෙ පුංචි රටෙන් මා ආවේ[/FONT]


    [FONT=&quot]මුල්ගායනය : [/FONT]H.R. [FONT=&quot]ජෝතිපාල[/FONT]
    :love::love:
     
    Last edited:

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මා කෞමදී නුඹ සොඳුරු මේ රැය
    සරසනා මිහිරී
    නෙත් පුරා විඳගන්න රූ සිරි
    සිත නොයයි විසිරී
    නුඹ රූ රුරා විහිදා මගේ සිත
    මත් කළා කුමරී
    මා මුදාහල අනඟ හී සර
    නුඹටමයි සොඳුරී

    සන්ධ්‍යාසමේ පීදෙනා සඳ රාජිනී
    පෑ ‍ප්‍රේමයේ රූ රටා මනලෝලිනී
    මා කළඹා නුඹ රූ රුරා විහිදා
    මගේ සිත මත් කළා කුමරී
    මා මුදාහල අනඟ හී සර
    නුඹටමයි සොඳුරී

    මන්තෝදරී රූ ශ්‍රියා
    ප්‍රිය දේහනී මා කළඹා
    ප්‍රාසාදයේ සුපෙම් අගරාජිනී

    මා කෞමදී .................


    ගායනය :- තාරක දිල්හාන්
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    තුරුලු කරන් ඉන්නට පෙර පුරුද්දට
    පුරපු නෙතට බර නැහැ දුක් කඳුළු කැට
    යශෝදරා මං අවසර වෙන් වන්න
    ආයෙ දකින් නෑ අපි අපෙ ඇස්වලට

    කිඳුරිය වෙලා මතකයි මං පෙර භවක
    හඬා වැටුණු හැටි මගෙ හිමි ඔබ අසල
    කවදත් හඬන්නට මට තිබු ඒ කඳුළ
    නෙතු අග නිවෙන හැටි කිවුවෙත් ඔබ නොවෙ ද

    ඇත් රජු ඔබයි මගෙ රුව දැක බැඳ පෙමිනා
    කල් ගිය තරම් දැනෙනට ඔබ මගෙ නොවෙනා
    ලොව අන්සතුයි සැප තිබුණත් සැප නොවෙනා
    කුමට ද පරවු මල් පුදසුන මත ඉඳලා


    ගායනය :- උමාරියා සිංහවංශ
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    I can’t remember anything
    Can’t tell if this is true or dream
    Deep down inside I feel the scream
    This terrible silence stops me

    Now that the war is through with me
    I’m waking up, I cannot see
    That there’s not much left of me
    Nothing is real but pain now

    Back in the womb it’s much too real
    In pumps life that I must feel
    But can’t look forward to reveal
    Look to the time when I’ll live

    Fed through the tube that sticks in me
    Just like a wartime novelty
    Tied to machines that make me be
    Cut this life off from me

    Now the world is gone, I’m just one
    Oh God, help me
    Hold my breath as I wish for death
    Oh please, God, help me

    Darkness
    Imprisoning me
    All that I see
    Absolute horror
    I cannot live
    I cannot die
    Trapped in myself
    Body my holding cell

    Landmine
    Has taken my sight
    Taken my speech
    Taken my hearing
    Taken my arms
    Taken my legs
    Taken my soul
    Left me with life in hell​
     

    lankanatha

    Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63
    පූජාසනයේ ඔබ හිඳුවා
    ඔබට පුදන මේ ලෝකයමයි හෙට
    ඔබට එරෙහි වී නැගිටින්නේ
    පූජාසනයේ ඔබ හිඳුවා...

    ඉසුරින් කිත් යසසින් බබළන දා
    ඔබගේ බැණුමත් ගීයක් වේ
    ඉසුරින් කිත් යසසින් පිරිහුණු දා
    සිනාසුණත් එය වරදක් වේ...

    පූජාසනයේ...

    කිරියෙන් පැණියෙන් උතුරා යන කළ
    ලොව ඔබ පාමුල හඬා වැටේ
    අත මිට හිඟ වී බෙල සුන් වන කළ
    ලොව ඔබ හිස මත කඩා වැටේ...

    පූජාසනයේ...
     

    coolbatta

    Member
    Sep 8, 2018
    20
    0
    0
    වැහි දිය මහ බිම තෙමුවට
    බිම තෙමන්නේ වැහි විතරද
    රෑ අහසේ තරු තිබුනට
    තරු තියෙන්නෙ රෑ විතරද
    විහගුන් පෙම් ගී ගැයුවට
    ගී කියන්නේ උන් විතරද
    මට නුඹ විතරක් වුනාට
    නුඹට ඉන්නේ මං විතරද

    Yes...:yes:
    Mata inne nubha witharayi...:love:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඔබ මා හමුවේනම්..........
    එකම කතාවක් එකම වතාවක්...
    යලිත් කියන්නට........
    ඔබ මා හමුවේනම්.....

    අතීතයට පිය මනිනු බැරි.....
    එ පෙම් දැහැනෙ නටඹුන්ද නැති.......
    පිනි කදුලක් සේ මැකි ගිහින්.
    සිතෙ ඉතිරි වු එකම කතාවක්........
    යලිත් කියනට.......

    ඔබ මා හමුවෙනම්.........

    සිනා පිරුනු නෙතු දකිනු බැරි...
    ඔබ මා හමුවු මාවත වෙන්වී......
    මහ පවුරක් සේ නැගි ඇවිත්....
    මුවේ පිපේ නම් එකම සිනාවක්......
    යලිත් දකින්නට.........

    ඔබ මා හමුවේනම්................
    එකම කතාවක් එකම වතාවක්.......
    යලිත් කියන්නට...........
    ඔබ මා හමුවේනම්......
     

    lankanatha

    Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63
    නුඹේ ලෙංගතුකමට
    හිතින් මා පෙම් කල තරම්
    නොකිව්වට මම කියයි නුඹහට
    වැව රවුමෙ රොබරෝසියන් ...

    ගිහින් අහපං අහසින් සෙංකඩ
    ප්‍රේමයේ පරිමාව දැන්
    හෙලන වැහිකැට ගණිනු හැකිනම්
    ආදරෙයි එපමණකි මං ...

    අදුරු ලාගෙන වහිනකොට වැහි
    සිත් ඉමට පාලුව අරන්
    රැගෙන උණුහුම වරෙන් හනිකට
    උඩුරාවණ මොන දුරද බං ...
     

    lankanatha

    Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63
    ලියූ කවි පද දහක් අතරේ
    ලියා ගන්නට බැරිව ලතැවුන
    එකම එක දිග පුංචි කවියක්
    තවම ලියනවා මං...
    තවම ලියනවා මං...

    උණුසුමක් රැදි පළල් උරයක
    වෙලී සැතපී නිදන යුගයක
    නුඹෙ සුසුමක් සමග මියැදී
    යන්න තිබුනා නම්..
    මගෙ දෙනෙත්පෙති තෙමා රිදවන
    කදුළු නැ එහෙනම්...

    සදවතක රැදි සදළු තලයක
    තරු කැටක් වී රැදුනු දවසක
    ලතෙක් සෙනෙහස නුඹේ සිත ලඟ
    රැදී නොතිබුනි නම්..
    මගෙ දරදඩු පිරිමි සිත යට
    කඳුළු නැ එහෙනම්...
     
    Last edited:
    • Like
    Reactions: DAMER and Sara531

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මා දුර ඈතක යතැයි සිතා
    ඔබ මෙහි තනිවී ඇතැයි සිතා
    සොවින් තැවී ලතැවී හිඳිමින්
    නිල්මිණි නෙත් යුග බොඳ නොකරනු මැන

    ඔබගෙන් වෙන්වී සමුගෙන යන්නට
    මට දිරියක් නැත්තේ
    එනමුදු සොඳුරිය අප දිවි රැකුමට
    මා එහි යා යුත්තේ
    ඔබේ මියුරු බස් කළ කී දේවල්
    හද තෙරපී ඇත්තේ
    ඉඩක් ලැබුනු විටක ලියා එවන්නම්
    විස්තර ඒ පැත්තේ

    අදින් පසුව මා අඳුරු අගාධෙක
    නිරතුරු තනිවෙනවා
    ඔබේ සුවඳ මා හදවත් අරණේ
    පමණක් පවතිනවා
    ඔබ තනිකරදා වෙන්වී යන මුත්
    හදවත වැලපෙනවා
    කිසියම් දවසක මා මිනිසෙකු වී
    යළි ඔබ වෙත එනවා
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මගේ හුස්ම සිඹිනා
    මගේ ළඟ ම රැඳෙනා
    මට කරදර කරනා
    මගෙ සෙවනැල්ල ඔයා
    ජීවිතයට හමුවූ
    අරමුණ ඔබයි මගේ
    දෙවියන් මට මවපූ
    ඇස් දෙක ඔබයි මගේ

    ටජ්මහලක් හදපූ
    ආදර අපි දෙන්නා
    මියයන දා සොහොනත්
    එක ළඟ ඉදිවේවා
    සිදුහත් මම වෙන්නම්
    ඔබ මගෙ යශෝදරා

    කවියක එළිවැට වී
    පද වැල් ඔබ ගැලපූ
    ඉසුරුමුණිය ලියපූ
    පෙම් ගී අප ම වෙමූ
    සිදුහත් මම වෙන්නම්
    ඔබ මගෙ යශෝදරා

    මගේ හුස්ම ‍‍.......................


    ගායනය :- ශාහිල් හිමංස
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දෛවයේ ලියවී තිබූ සෑම දේ ලැබුණත් පැතූ
    මොහොතක් ඔබගෙ සෙනෙහේ ලබන්නට පින් මදිවුනූ
    අපට අප හිමි නැති වුණූ ලෝකයෙන් පිටවී යමූ
    නැවතත් ලබන භවයේ පෙම්වතුන් වී හමුවෙමූ
    මතු දිනෙක මම පොලොවෙ වැලලෙන තුරූ
    ඔබෙ දෑත මට අයිති නැතුඇති සුදූ

    වාවගන්න බෑනේ වේදනා පපුවට මගේ
    හීනයක් වෙලාවත් එන්නෙ නෑ ඔබ පෙර වගේ
    ලේවලින් කුරුටු ගා දිවුරලා මං කියන්නම්
    අද ළඟින් නැතිවුණත් ආදරෙයි තාම මං

    මතු දිනෙක ......................

    කාලයක් ගෙවීලා ගිය තරම් වේගෙන් අපේ
    හිතාගන්නවත් බෑ තප්පරෙන් තප්පරේ
    රංඬුවී යාලුවී සිටි අතීතේ සිහිකරන්
    හෙට ඉඳන් ඉමු දුරින් මතක අපගේ කර නිඳන්

    දෛවයේ ...................


    ගායනය :- මිලින්ද සඳරුවන්
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නීල නුවන් සනසන්නම්
    රාධාවනී මා එන්නම්
    විණා සරින් නලවන්නම්
    රාධාවනී මා එන්නම්
    මියුරු හඬින් මා වෙත ළං ළං වෙන්න
    තුරුළු වෙලා මුව සිප ගන්නම් මා
    නුරාගිනියේ නේක අන්නත වු
    ගී ස්වර ගයන්නම්

    දෙඅදර සඳකැන් දහර ඉසින්නී
    සොඳුරු සරාගී නෙත ලෙලවන්නි
    රූබර රාධා මා මනබන්ඳා
    හැරදා යනු බෑ මා ප්‍රිය රාධා

    නීල නුවන් .................


    ගායනය :- චරිත අට්ටලගේ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නාඹර වූ හිත චංචල කරවන රූ මායා
    සංඛර වූ උන්මාදි‍නි හැඟුමන් නෑ පානා
    කාගේ දෝ ඒ සේයා කවුරුන් දෝ ඒ සේයා
    මෝදු වූ පෙම් හැඟුම් කිතිකවයි හිත් අගින්
    නෑසුනානම් කියුම් ඇස් අගින් කී බවක්
    හොයමින් තැවෙන්නෙ දුටුව දා ඉඳන් ම උමතුවෙන්
    කවුරුන් ද ඔබ කොහේ ද ඉන්නෙ හැංඟිලා කියන්

    කෝමල ඔබේ නුරා හැඟුමන් වශී කළා
    වෙලෙමින් මතකෙ පුරා ඔබගෙන් යාවීලා
    පාලු කතරේ හමන සුළඟේ මිරිඟුවක් දෝ ඔබ මැවූ
    හීන අ‍තරේ මා සෙවූ ඒ අංඟනාවී ඔබ කොහේ දෝ

    කාගේ දෝ ...................

    ඇස් ඒ ඉඟි හින්දා උමතු ව දෑස පුරා
    තුරුළට ගන්න සදා හිත ඔච්චම් කෙරුවා
    සිනාපාලා කී කථාවන් හිතපුරා දැන් ඇහැරිලා
    බලා ඉන්නම් කල්පයක්වත් හමුවුණොතින් ඔබ දිහා

    කාගේ දෝ ...................


    ගායනය :- රූනි