අරක්කු_බියර්

anton_malli

Member
Sep 16, 2018
2,685
281
0
බොන එවුන් වරෙල්ලා.

yimg-r-Z80gq-320x480.jpg


yimg-FMV2o4-320x480.jpg


මේ මගේ විස්තරේ. උබලා ගැනත් දාපල්ලා.


මං ඉස්සර නං බිව්වේ අරක්කු විතරයි. ඉස්කෝලේ යන කාලේ ඉදන්ම අරක්කු සිගරට් බොන එක නං කරා. සිගරට් බොන්න පටන් ගත්තේ ඉස්කෝලේ 8-9 වසර වල ඉන්න කොට. ඊට කලින් 5 වසරේ වගේ ඉන්නකොටම බීඩී බිලා තිබුනා.

හැබැයි 8 වසරේදී පටන් ගත්තු සිගරට් බීම නං ඉස්කෝලේ 11-12 වසර එනකොටම මට එපා වෙලා නවත්තලා දැම්මා. දැන් ඉස්කෝලේ අයින් වෙලා දශකටත් වඩා වැඩියි. සිගරට් වලින් මට ටේස්ට් එකක් නෑ. ඒක නැවැත්තුව.

හැබැයි අරක්කු බොන එක නං නැගලම ගියා. මම පුරුද්දක් විදියට අරක්කු බොනවා නං බොන්නේ ගල් අරක්කු, ඕල්ඩ් ඇරැක් වගේ ජාතියක් විතරයි. ඒ ඇරෙන්න ඔය ඇපල්, මැන්ගෝ වගේ ෆ්ලෙවර් අරක්කු වර්ග තියෙන්නේ ඒවා නං බොන්නේ නෑ. මම හිතන්නේ අරක්කු බොනවා නං නියම අරක්කු බොනවා මිසක් අනං මනං රසකරපු එව්වා බිලා වැඩක් නෑ.

අරක්කු බොද්දීත් මං නං බොන්නේ සෝඩා හරි අයිස් කැටයක් දාලා හරි විතරයි. නැත්තං ඉතින් ඒවාත් දාන්නේ නැතුව නිකන්ම අරක්කු විතරක් බොනවා. කෝලා වර්ග නං දාන්නේ නෑ. බොද්දීත් මං මොකුත් කන්නෙත් නෑ. බිලා ඉවර උනාම තමයි කන්නේ. බයිට් උනත් කන්නේ නෑ. අරක්කු ටික බිලා ඉවර උනාම කන දේවල් කනවා.

බියර් ගැන කියනවා නං මං මුලින්ම ලයන් ස්ට්‍රොන්ග් තමයි බිව්වේ. ඊට පස්සේ ලයන් ලාගර් වලට පුරුදු උනා. කොහොම හරි බියර් බිලා බිලා අන්තිමේදී මං පුරුදු උනා දවසක බියර් ලීටර දෙකක් වත් බොන්න අඩුම ගානේ. ඒකත් ස්ට්‍රෝන්ග් කියන 8.8 % සැර තියෙන එක. අන්තිමේදී මගේ බඩ තඩි උනා බියර් වලටම.

ඒ නිසා ඒකත් නැවැත්තුවා.

ඔය විදියට බිලා බිලා මට මට හරියන විදිය සෙට් උනා. දැන් නං අරක්කු.බියර් බොන්නේ මෙහෙම. සාමානයෙන් දවල් කෑමට කලින් ෂොට් ග්ලාස් එකෙන් ෂොට් තුනක් වගේ දාගන්නවා,අයිස්,සෝඩා මික්ස් කරලා. එහෙම නැත්තං ස්පෙෂල් වගේ බියර් එකක් බොනවා. හැබැයි මෙව්වා බොද්දි කිසි දෙයක් කන්නේ නෑ. බිල ඉවර වෙලා හොදට බත් කනවා.

රෑට කෑමට කලින් බොනවා නං ගල් අරක්කු කාලක් බොනවා අයිස්, සෝඩා එක්ක. එහෙම නැතිව බියර් බොනවා නං හයි කුල් කරපු ස්පෙෂල් බ්‍රේව් බියර් බෝතලයක්, දෙකක් බිලා බත් කනවා.

අනික තමයි හිතුනොත් එහෙම කොච්චර බොන්න තියෙන, බොන එවුන් කොච්චර ඉන්න පාටි එකක උනත් බියර් පොදක් හරි කටේ තියන්නේ නැතුව ඉන්නත් පුළුවන්.

බොනවා නං බොන්න ඕනි ජොලියට. ඒක තමයි මගේ තියරිය. ඒත් දිනපතා නොවෙයි.

බියර් අරක්කු ගැන කතා කරන්න බැරියයි දවසක් උනත් එක දිගට.
 

Max_Knight

Well-known member
  • Sep 13, 2018
    2,097
    538
    113
    Will See
    මාත් කාලයක් පිස්සෙක් වගේ එක දිගට බොන්න පුරුදු වෙලා ඉදියා බං. ඊට පස්සෙ මටම තේරිලා බොන එක ලිමිට් කර ගත්තා :yes:
     

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    මාත් කාලයක් පිස්සෙක් වගේ එක දිගට බොන්න පුරුදු වෙලා ඉදියා බං. ඊට පස්සෙ මටම තේරිලා බොන එක ලිමිට් කර ගත්තා :yes:

    ඒක හොදයි. කට්ටිය එක්ක සෙට් වෙලා බොන එක හොදයි, තනියෙම බොනවට වඩා. එහෙම උනාම බොන්න හම්බෙන අවස්ථා ගනන අඩුයි