මචන්ලා මම Ella යන්න හිතාගෙන ඉන්නේ. Ella rock, Little adam's peak, 9 arch bridge මේ 3න් යන්න හොදම ව්දිහ/පිලිවෙල මොකක්ද? මන් දවස් දෙකක් ඉන්නවා. 9 arch bridge යනකොට යන්න ඕන වෙලාවකුත් තියෙනවද?
පුංචි සිරීපාදෙ පටන් ගන්න තැනින් පහළ තමයි ආරුක්කු නවය පාලම තියෙන්නෙ..
කෝච්චියක් එන වෙලාවක් බලල යන එක තමයි ලස්සනම.. කෝච්චිය පාලම උඩින් යද්දි (දොළහයි ගානකට තියෙනවා. ආයිත් තුනයි ගානකට තියෙනවා.. ෂූවර් නැහැ හැබැයි මගේ වෙලාවල්)
පුංචි සිරීපාදෙ ගිහින් එන්න සාමාන්‍යෙයන් පැයක් දෙකක් වගේ යනවා. එතනින් පහළට ආරුක්කු 9 ට ගිහින් එන්න පැයක් විතර යනවා. ඒ දෙක එක පාර කරගන්න පුලුවන්.
පුලුවන්නන් ඒ එක්කම ටිකක් එහාට ගිහින් දෙමෝදර පාලම බලල එන්න. ඒකෙ ස්ටේෂන් එක හරහා කෝච්චිය දෙපාරක් යනව උඩින් සහ යටින් (ඔලුවෙ බදින ජටාවක් විදිහට හදල තියෙන්නෙ)
ඊට පස්සෙ රාවණා ඇල්ල, ඇල්ල රොක් යන්න..
දවස් දෙකක් තියෙන නිසා ඇල්ල වල ඇල්ල සහ දියලුම ඇල්ල බලන්න යන්න පුලුවන් වෙයි..