~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

thanujaka

Well-known member
  • අපේ අවසරයක් නැතුව යූ ටියුබ් එකට අපි ඉන්න වීඩියෝ එකක් දාන්න පුලුවන්ද? (Eg:- Social experiments etc. )

    වෙන රටක කෙනෙක්ගෙන් මොනවහරි බඩුවක් හෝ සේවයක් ගන්න paypal,skrill එකකින් ගෙවලා. ඒ භාන්ඩය හෝ සේවාව ලැබුනෙ නැත්තන් එයාට විරුද්ධව ගන්න පුලුවන් ක්‍රියාමාර්ග මොනවද? :D

    ඒවගේ වෙලාවක අපි ඒකට පෙනී සිටින්නේ ස්ව කැමත්තෙන් නේ.. එහෙම අපි ඉන්න එකක් පලවෙනවට අකමැති න්ං ඒකට පෙනී නොසිටින්න ඕනේ..
    ඒවගේ දෙයක් පලකරන්න අවසර ගන්න අවශ්‍ය නෑ..


    ඒවට නං කරන්න දෙයක් නෑ.. නීතිමය පැත්තෙන් ඒ අයට විරුද්ධව ලංකාවේ උසාවියක කරන්න දෙයක් නෑ..
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    පඩියක් ගත්ත කියල එහෙම ඉල්ලන්න බෑ..
    පිරිමි එක්කෙනාට රස්සාවක් කරගන්න බැරි තත්වෙක නං ඉන්නේ, ඒ කියන්නේ පැරලයිස් වෙලා, අතක් කපලා වගේ නං ඉන්නේ
    සහ ගෑනු කෙනා බිස්නස් තියෙන හුගක් රිච් කෙනෙක් නං වන්දියක් ඉල්ලන්න පුළුවන්.. රස්සාවක් කරන්න පුළුවන් කෙනෙකුට නෝනගෙන් වන්දි ගන්න බෑ..

    අයියා pm එකක් දැම්මා..පුලුවන් වෙලාවක රිප්ලයි එකක් එවන්න හොදේ:D
     

    thanujaka

    Well-known member
  • පියා , මව , පුතා ,දියණිය සිටින පවුලක පියා මිය ගොස් ඇති නම් පියා ගේ ඉඩම් විකිණීමට කෙසේ කටයුතු කල යුතු ද?
    ස්තුතියි !

    බූදල් නඩුවක් දාල පවුලේ අය අතරේ දේපොල බෙදාගන්න ඕනේ..
    ඊට පස්සේ ඒ ඒ අයිතිකාරයට පුළුවන් ඒ ඒ කොටස් විකුණන්න
     

    thanujaka

    Well-known member
  • අයියා pm එකක් දැම්මා..පුලුවන් වෙලාවක රිප්ලයි එකක් එවන්න හොදේ:D

    [තාම එක pm එකක් වත් බැලුවේ නෑ.. ඔන්ලයින් ආපු ගමන් ත්‍රෙඩ් එකට ආවේ..
    තව පැයක් ඇතුලත බලල රිප්ලයි එකක් දාන්නං නංගා..
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    [තාම එක pm එකක් වත් බැලුවේ නෑ.. ඔන්ලයින් ආපු ගමන් ත්‍රෙඩ් එකට ආවේ..
    තව පැයක් ඇතුලත බලල රිප්ලයි එකක් දාන්නං නංගා../COLOR]


    අයියට ෆ්‍රී වෙලාවට දාන්න......කමක් නැ....:D
     

    thanujaka

    Well-known member
  • මටත් ප්‍රශ්නයක් තියනවා, ඇත්තටම ප්‍රශනයක් වෙන්න කලින් බේර ගන්නයි ඔනේ. මම Business එකක් කරන්න යනවා තව එකෙක් එක්ක. මම තමයි Capital එක දමන්නෙ, අනිත් කෙනා Operation කරනවා. කොටින්ම එක කරන්නෙත් එයගෙ ඉඩමක දැනට තියන ව්යාපාරය දියුනු කිරීමක්. එයා මට රිටන් එකක් පොරොන්දු වෙනවා (E.g. 25% in 9 months). මට දැනගන්න ඔනේ නීතිමය පැත්තෙන් මම යොදන සල්ලි protect කරගන්නෙ කොහොමද කියලා.
    1) අපි හවුල් ව්යාපාරයක් රෙගිස්ටර් කන්න ඔනෙද?
    2) හවුල් ව්යාපාරයක් නැතිව වෙනත් agreement එකක් ගහලා වැඩේ කරන්න පුලුවන්ද?
    3) වෙනත් agreement එකක් ගැහුවොත් මට ලැබෙන ලාභය එකේ දමන්න පුලුවන්ද ?
    4) Business රිස්ක් එක (වැඩේ මගදි කෙල වුනොත්) සල්ලි ආපහු ගන්න විදිය එකේ දාන්න ඔනෙද?

    බොහොම ස්තුතියි




    එයාගේ ඉඩමක එයාගෙ නමට තියෙන ව්‍යාපාරයකට ඔයා ඉන්වෙස්ට් කලාද?
    ඉඩම ප්‍රශ්නයක් නෑ බිස්න්ස් එක තියෙන්නේ එයාගෙ නමටද?
     

    thanujaka

    Well-known member
  • රජයේ අධි නීතීඥ වරයෙක් ගේ රාජකාරිය මොකද්ද ?

    රජයේ අධි නීතීඥ කියන්නේ ලොකු බලයක් තියෙන තනතුරක් ද ?

    අධිනීතිඥයකු කියන්නේ හුගක් එක්ස්පීරියන්ස් තියෙන ලෝයර්ස්ලට..
    ඒයලත් නෝර්මල් ලෝයර් කෙනෙක් වගේම තමයි විශේෂ බලයක් නෑ..
    රජයේ අධිනීතිඥ කිව්වම එයා නියෝජනය කරන්නේ නීතිපති දෙපාර්තමේන්තුව.. වෙන විශේෂයක් නෑ..
     

    thanujaka

    Well-known member
  • බල්ලගේ අයිතිකාරයට විරුද්ධව නඩු ව දාන විදිය පොඩ්ඩක් කියන්න පුලුවන්ද ?

    ඔවා ගැනනම් මුකුත් දැනුමක් නැ මට

    පොලිසියට ගිහින් එන්ට්‍රි එකක් දැම්මම පොලිසියෙන් ද නඩුව දාන්නේ

    එහෙම නැත්නම් වෙන කොහෙටද යන්න ඕනේ නඩුව දාන්න

    පොලිස් එන්ට්‍රි එකක් දැම්මම ඇති..
    නඩුව පොලිසියෙන් දානවා..
     

    Tech Bro

    Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    අධිනීතිඥයකු කියන්නේ හුගක් එක්ස්පීරියන්ස් තියෙන ලෝයර්ස්ලට..
    ඒයලත් නෝර්මල් ලෝයර් කෙනෙක් වගේම තමයි විශේෂ බලයක් නෑ..
    රජයේ අධිනීතිඥ කිව්වම එයා නියෝජනය කරන්නේ නීතිපති දෙපාර්තමේන්තුව.. වෙන විශේෂයක් නෑ..

    රජයේ අධිනීතිඥයකු ගේ නිවසට හැමදාම පොලිසියෙන් ඇවිත් පොතක අත්සන් කරන්න ඕනෙද ?
     

    thanujaka

    Well-known member
  • තවත් ප්‍රස්නයක් :D

    කසාද බැදලා නැති වයස 30 ක පිරිමියෙක්ට ළමයෙක්ව අරන් හදා ගන්න බැරිද ?

    කසාද බැදලා ඩිවෝස් වෙලා තනියම ඉන්න පිරිමියෙක්ට ළමයෙක් අරන් හදා ගන්න බැරිද ?

    පුළුවන්.. අවුරුදු 25ට වැඩි නං පුලුවන්..
    හැබැයි අරං හදාගන්න කෙනයි, ඒ ලමයයි අතර වයස පරතරය අවුරුදු 25ට වැඩි වෙන්න ඕනේ..
    30ක කෙනෙකුට අවුරුදු 5ට වැඩි ලමයෙක්ව අරං හදාගන්න බෑ..


    පුළුවන්.. හැබයි ගෑණු ලමයින්ව නිකංම අරං හදාගන්න බෑ.. ඒකට විශේෂ හේතුවක් තියන්න ඕනේ, සහ අධිකරණය ඒ හේතුව ගැන සෑහීමකට පත්වෙන්න ඕනේ.. පිරිමි ලමයෙක්ව පුළුවන්..
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    42,890
    1
    56,911
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අල්ලපු ගෙදර මිනිහ ඒ ගේ ඇතුලෙ හෙලුවෙන් ඉන්නව අනික් ගෙදර උන්ට පේනව නම් නීතියෙන් මොනවද කරන්න පුලුවන්?

    thanks for sharing
     

    Tech Bro

    Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    නෑ එහෙම එකක් නැ..

    අපේ පැත්තේ ගැනු කෙනෙක් ඉන්නවා,සෙනසුරා ,ඉරිදා නිවාඩු සතියේ දවස් 4or 5 වගේ තමයි වැඩ , ලෝයර් කියලා තමයි අහලා තියෙන්නේ හරියටම දන්නේ නැ . එත් ලෝයර් ට වඩා ලොකු තනතුරක් වෙන්න ඕනේ

    දවල්ට හැමදාම පොලිස් එක්කෙනෙක් බයික් එකෙන් ඇවිත් ගේට්ටුව ගහලා තියෙන පොතේ අත්සන් කරලා යනවා , රෑටත් පොලිස් ජීප් එක ඇවිත් අත්සන් කරලා යනවා

    මේ මොනවගේ තනතුරක් දරණ කෙනෙක් වෙන්න පුලුවන්ද ?
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    ලංකාවේ suicide කරගන්න එක නීති විරෝදීද බන් ?

    හිතපන් මම suicide කරගන්න ගිහිල්ල පොලිසියට මාට්ටු උනා.. ඊටපස්සේ මොකද වෙන්නේ ? legally and practically?
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113


    1. නෑ දේපොල හිමිකාරිත්වය අහෝසි වෙන්නේ නෑ..

    2. කාලසීමාව ප්‍රශ්නයක් නෑ.. ඔප්පු කෙටි කාලෙකට ලියන්නේ බද්දේ ගාන වැඩි කරන්න.. එතකොට දැන් දීල තියෙන මුදලට වඩා වැඩි මුදලකට ආයේ අලුත් ඔප්පුවකින් දෙන්න..

    3.නෑ එහෙම ප්‍රශ්නයක් නෑ..


    1. ගොඩක් ස්තුතියි.එකතොට පිටරටක පුරවැසි භාවය තියන කෙනෙක්ට තමන්ට අයිති දේපලක් වෙනුවෙන් ලංකාවේ ඉන්න කෙනක් එක්ක බදු ඔප්පුවක් ලියන්න ගැටලුවක් නෑනේද ඒ කියන්නේ.


    2. දිවිත්ව පුරවැසි භාවය ගන්න එකේ තියන වාසිය මොකද්ද ?