~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

thanujaka

Well-known member
  • එක්කෙනෙක් මෙච්චර දුරට ගෙනාපු එකම ත්‍රෙඩ් එක මේක වෙන්න ඇති. තනුජක මම කියපු ඒවට සොරි. නීතිඥ ගාස්තුව තීරණය වෙන්නෙ කොහොමද ?

    ත්‍රෙඩ් එක දාන්නේ මට නෙමෙයි උඹලට.
    මට මේ ත්‍රෙඩ් එකෙන් ඇති වැඩක් නෑ.. උඹල මේකේ යකා නැටුවත් මට ප්‍රශ්නයක් නෑ..මොකද උඹලගේම සුභසිද්ධිය පිණිසයි මේ සේවය උඹලට කරන්නේ, ඒකෙ වටිනාකම ආරක්ශා කරගන්න එක උඹලට භාරයි.. වරද තේරුම්ගත්ත එකම වටිනවා..:)

    එහෙම නෑ ලෝයර්ගේ රෙපුටේශන් එක අනුව ඕනගානක් කියන්න පුළුවන්.. ඒක තීරණය කරන්නේ ඒ ලෝයර්..
     

    thanujaka

    Well-known member
  • මේ කරන සේවයට බොහොම ස්තූතියි.



    1.රන් උකස් ගන්න ආයතනයකට හොරෙක් රන් මාලයක් කඩන් ඇවිත් උකස් තියනව. උකස් ආයතනයට රන් බඩු අරන් එන අය හොරුද නැද්ද කියල 100% තහවුරු කරගන්න අමාරුයි. එහෙම වෙලාවකදි මේ හොරා ගෙනාපු රන් මාලය උකසට ගත්තොත් ඇතිවන නීතිමය ප්‍රශ්න මොනාද?

    2.හොරාව පොලිසියට මාට්ටු වෙන අවස්තාවල දෙක ඇනපුවාම හොරා කියනව අහවල් උකස් ආයතනයේ උකස් කලා කියල. එතකොට පොලිසිය ඇවිත් රන් බඩු ඉල්ලනව. රන් බඩු දෙන එක ප්‍රතික්ශේප කල හැකිද?

    3.රන් බඩු දෙන්න වෙනව නම් සිදුවෙන උකස් මුදලේ අලාභය පියවා ගන්නෙ කෙසේද?

    බොහොම කණගාටුයි ඒ වෙලාවට රත්තරං බඩු දීල නිකං ඉන්න වෙනවා..
    පොර හිරෙන් එලියට ආවට පස්සේ ඕනනං වෙනමම් නඩුවක් දාල අදාල මුදල පියවගන්න පුළුවන්..
    පොලිසියෙන් ඇවිල්ලා බඩු ඉල්ලුවොහ් දෙන්නම වෙනවා.. රජයෙන් සත 5ක් හම්බවෙන්නේ නෑ..
    උකස් බඩු කඩවලට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි ඕක..
    පස්සේ තමයි නඩු දාල හොරාගෙන් ගන්න වෙන්නේ..
    ඒක ලේසි නෑ ඉතිං ඒ වෙලාවට උන් කරන්නේ සල්ලි නොගෙවා ආපහු හිරේම යනව..
     

    knucklesbit

    Member
    Aug 10, 2018
    70
    2
    0
    Knuckles#
    ත්‍රෙඩ් එක දාන්නේ මට නෙමෙයි උඹලට.
    මට මේ ත්‍රෙඩ් එකෙන් ඇති වැඩක් නෑ.. උඹල මේකේ යකා නැටුවත් මට ප්‍රශ්නයක් නෑ..මොකද උඹලගේම සුභසිද්ධිය පිණිසයි මේ සේවය උඹලට කරන්නේ, ඒකෙ වටිනාකම ආරක්ශා කරගන්න එක උඹලට භාරයි.. වරද තේරුම්ගත්ත එකම වටිනවා..:)

    එහෙම නෑ ලෝයර්ගේ රෙපුටේශන් එක අනුව ඕනගානක් කියන්න පුළුවන්.. ඒක තීරණය කරන්නේ ඒ ලෝයර්..

    හම්මේ ඔව්,මෑත කාලයෙ එලකිරියෙ වැටුනු වටිනම නූල...:)
    පී එම් එකක් දැම්මා අයියේ..
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    42,968
    1
    56,991
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    1. හතර මං හන්දියක එහෙම දානවා මිනිස්සු ඒක අවශ්‍ය නෑ..

    2. හදිසි ලෙඩෙක් ගෙනියනවනං, ඇම්බුලන්ස් එකක් කෝල කරගන්නත් බැරි නං hazard ඔන් කරගෙන යන්න..
    එතකොට පාරේ පොඩ්ඩක් ඉඩ හම්බවෙයි.. නීතියෙන් එහෙම එක්ක් නෑ ඒ උනාට එහෙම අවස්ථාවක hazard ඔන් කරං වාහනය එලෙව්වා කියලා උසාවියෙන් කිසිසේත්ම දඩුවම් කරන්නේ නෑ..

    thanks
     

    thanujaka

    Well-known member
  • Cheque දීල තියනවා..එක දිගටම නෙවෙයි. කඩ කඩ වගේ.

    ආ එහෙනං ප්‍රශ්නයක් නෑ.. බැරිම උනොත් උසාවියට ගිහිල්ලා නෙරපාහැරීමේ නියෝගයක් ගන්න ඕනේ.
    චෙක් ලැබිලා නං ගැටළුවක් ඇත්තෙම නෑ..
     

    thanujaka

    Well-known member
  • Idamak tiyanawa ake patthe paarak tiyanawa...eka pawichi kranwata e paare kattiya kamati naa. Api e paren idamak gatthoth apita e paare aitiya ganna pluwanda anith idamaya

    පාර පුද්ගලික පාරක්ද දන්නේ නෑ..උන් උන් තමන්ගේ ඉඩම්වලින් දීල හදාගත්තු...
    ඒ පාරෙන් ඉඩමක් ගත්තොත් ඒ පරේ අයිතිය ඉල්ලන්න පුළුවන්..
    ප්‍රශ්නයක් නෑ එතකොට අනිත් ඉඩමටත් ඒක පාවිච්චි කරන්න පුළුවන්
     

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    එක නීතියක් නෙමෙයි එහෙම කියන්නේ උබලගේම ආරක්ශාවට... ඇත්තටම රෑට නං හයිවේ එකේ පාර අයේ නවත්තලා නිදාගන්න එක මමත් අනුමත කරන්නේ නෑ.. මොකද හයිවේ එක අයිනේ වැට ලගින් පටු තීරුවක් නේ තියෙන්නේ..
    නමුත් ලොකු නිදිමතක් තියෙනවනං නිදාගන්න බෑ කියල එකක් නෑ..





    හයිවේ එකේ නවත්තනවා නං hazard ඔන් කරන්න.. එතකොට දුර ඉදලා එන වාහනේකට වාහනයක් නවත්තලා තියෙනවා කියල පේනව. හදිසියේ හැප්පුනත් එතකොට උසාවියේදි කියන්න පුළුවන් මම ආරක්ශක පියවරවල් අනුගමනය කරලා තිබ්බේ අනතුරක් වලක්වාගන්න කියල..
    එහෙම උනාම වැරැද්ද පිටිපස්සෙන් හප්ප්පු එකා පිට යනවා මොකද අපරීක්ශාකාරී ධාවනය උගේ නිසා..
    hazard එක දැක්කම පොඩ්ඩක් ස්ලෝ කරන විශේෂ අවධානයකින් එන්න ඕනේ..
    hazard ඔන් කරනවා කියන්නේ බොහොම තීරණාත්මක සාධකයක් නඩුවේදි..


    මම නැවැත්තුවෙ පාරෙන් ගොඩක්ම අයින් කරලා. අර තනකොල තියන හරියෙ.



    ගරාජ් නම්බර් එක ගහගෙන වාහනෙ පදින්න බැරිද සහො...මොකද තාම අලුත් නම්බර් එක ආවෙ නැහැ.
     

    thanujaka

    Well-known member
  • මම නැවැත්තුවෙ පාරෙන් ගොඩක්ම අයින් කරලා. අර තනකොල තියන හරියෙ.



    ගරාජ් නම්බර් එක ගහගෙන වාහනෙ පදින්න බැරිද සහො...මොකද තාම අලුත් නම්බර් එක ආවෙ නැහැ.

    ගරාජ් නම්බර් එක වලංගු වෙන්නේ එක දවසයි..
    ගත්ත දවසේ ලංකාව පුරා ඕන තැනකට ගෙනියන්න පුළුවන්..
    ඊටපස්සේ වලංගු නෑ.
     

    isurusam

    Active member
  • Jul 6, 2013
    112
    104
    43
    පාර පුද්ගලික පාරක්ද දන්නේ නෑ..උන් උන් තමන්ගේ ඉඩම්වලින් දීල හදාගත්තු...
    ඒ පාරෙන් ඉඩමක් ගත්තොත් ඒ පරේ අයිතිය ඉල්ලන්න පුළුවන්..
    ප්‍රශ්නයක් නෑ එතකොට අනිත් ඉඩමටත් ඒක පාවිච්චි කරන්න පුළුවන්

    අපි මේ ගැන නිතින්යෙක්ගෙන් ඇහුවා එයා කිවුවේ පාරේ අයිතිය තියෙන්නේ ගන්න ඉඩමට විතරයි කියලා .ඉන්න කට්ටියගෙන් අවසර ඕනේ කිවුවා. අනිත් ඉඩමට පාරේ අයිතිය ගන්න ඔනෙනෙම් .පාරක් පුද්ගලික පාරක් වෙන්නේ කොහොම උනොත් ද?
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    1. කාලයක් තිස්සේම ලොකුවටම කතාවෙන රාජ්‍ය ආයතනයක් වන නීතිපති දෙපාර්තමේන්තුව ආණ්ඩු පක්ෂාග්‍රාහීව කටයුතු කිරීම, දේශපාලකයන්ගේ නඩු වලදි නඩු ඉල්ලා අස්කරගැනීම වගේ චෝදනා ලැබුවනේ. මේ සම්බන්ධයෙන් මැදිහත් වියහැකි ස්වාධීන ආයතනයක් හෝ ක්‍රියාවලියක් නැද්ද? විගණනයක් වගේ ඒකක්?

    2. නීතිඥයෙකු විසින් අපරාධ නඩුවක් පිළිබඳ ගවේෂණයේදී තම සේවා දායකයා හිතා මතා අදාල වරද සිදු කළ බවට පාපොච්චාරණය කලහොත් හෝ ඊට අදාළ සාක්ෂි ලැබුනොත් හෝ ඒ සම්බන්ධයෙන් ඔහුට ගත හැකි පියවර කවරේද? ඔහුගේ සේවා දායකයා කිසිසේත් උසාවියේදී පාපොච්චරණය කිරීමට එකඟ නොවේ.
     

    thanujaka

    Well-known member
  • අපි මේ ගැන නිතින්යෙක්ගෙන් ඇහුවා එයා කිවුවේ පාරේ අයිතිය තියෙන්නේ ගන්න ඉඩමට විතරයි කියලා .ඉන්න කට්ටියගෙන් අවසර ඕනේ කිවුවා. අනිත් ඉඩමට පාරේ අයිතිය ගන්න ඔනෙනෙම් .පාරක් පුද්ගලික පාරක් වෙන්නේ කොහොම උනොත් ද?

    ආ එහෙනං ඉඩම් දෙක පැති දෙකකින් ඇත්තේ.. උඹේ දැන් තියෙන ඉඩමේ පිඹුරේ පාරක් නැද්ද?
    ඉඩම් දෙක අඩි පාරකින් හෝ සම්බන්ධ වෙනවනං විතරයි එහෙම ගන්න පුළුවන්.. එක ඉඩමක් එක තැනක උඹ ගන්න හදන ඉඩම තව තැනක ඇත්තේ එහෙනං..
    එහෙමනං තියෙන්නේ ලෝයර් කිව්ව විදිහ හරි..

    පුද්ගලික පාරක් වෙන්නේ ප්‍රාදේශීය සභාවට අයිති නැති පාරක් නං විතරයි..
     
    • Like
    Reactions: Ithika mithika