"The Reader (2008)" කියවීම 18+

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඔන්න මුලින්ම කිව්වා Spoiler Alert

    The Reader (2008)

    MV5BZTc1OTBiOTgtOGJmMS00NDRjLWFhOTUtNTMzNGJjMGQ2ODFkXkEyXkFqcGdeQXVyNTc3MjUzNTI@._V1_.jpg





    IMDB අගය 7.6




    Official Trailer





    චිත්‍රපටය මෙතනින් ගන්න
    https://yts.am/movie/the-reader-2008







    ෆිල්ම් එක බලලා ඉවරවෙලා මේ ටික කියවන්න


    45351658_2203573796578043_9020779464589574144_n.jpg



    ඔන්න දවසක් එකෝමත් එක රටක,

    පහළොස් හැවිරිදි පාසැල් ශිෂ්‍යයෙක්
    පාසැල් ගොස් එන අතරමග

    ට්‍රෑම් රථයක සිටිය දී අසනීප වෙනවා....

    'ට්‍රෑම් රථ' ඔව්, ඒ වචනේ ඇහෙනකොටම
    ඔයාල හිතුව හරි....

    මේ ලංකාවේ වුණ සිදුවීමක් නෙවෙයි!

    ඉතින් අර කොල්ලා ට්‍රෑම් රියෙන් බැහැලා....

    නිවාස පේළියකට ඇතුළුවන
    දොරටුව අසළ වාඩි වෙනවා....

    දැඩි අපහසුව නිසාම,

    ඔක්කාරයට එන ඔහුට පිහිට ට එන්නේ
    ඒ වෙලාවේ එතැනින් වැඩ ඇරිල යන,

    නාඳුනන රූමත් කාන්තාවක්!

    කවුද හිතන්නෙ මේ සිදුවීම,
    ඒ මහා කතාවක ආරම්භය කියලා....

    ඔව් ඉතින් කවද්ද මේ ලොකේ
    හිතන දේවල් ම වුණේ,

    කතාවේ හැටියට ට්‍රෑම් රථයක කොන්දොස්තරවරියක ලෙස සේවය කරන ඇය,

    ජීවත් වන්නේ ඒ අසල ඇති උඩු මහල්
    නිවාසක තනිවම,

    ඇය බිම තියෙන වමනෙ හෝදල
    ඔහුට දෙහි පොවල...

    ඔහුව වත්තන් කරන් ඔහුව ඔහුගේ
    ගෙදර ගාවට ම ගිහින් ඇරලවනව.

    ඒ විදියට තම නිවසට යන පාසල් සිසුවාට,

    බරපතල උණ රෝගයක් වැළඳී ඇති බව
    නිශ්චය කරන වෛද්‍යවරයා.....

    සිසුවාට මාස තුනක් ඇඳට වී
    විවේක ගැනීමට නියම කරනවා....

    ඔන්න තෙමසකට පස්සේ,

    සම්පූර්ණයෙන් සුව වූ 'මයිකල්'
    ඒ කියන්නේ අර පාසල් සිසුවා....

    මල් කළඹක් අරගෙන තමන්ට පිහිට වූ
    අර කාන්තාවගේ නිවසට යන්නේ....

    ඇයට ස්තූතිය පළ කිරීමට!

    කොහොම හරි ඇය...

    ඔහුගේ පැමිණීම ගැන ඒ වෙලාවේ
    එතරම් තැකීමක් කරන්නේ නෑ.....

    නමුත් ඇය ඔහුට තමන් සමඟ,

    ට්‍රෑම් රථ නැවතුම්පොළට යාමට
    ඔහුට ආරාධනය කරනවා....

    එදා ඇය හැඳ පැළඳ ගන්නා තුරු එළියට වී ඉන්නා ඔහුට...

    බාගෙට විවරවූ දොරකින් ඇයගේ අඩ නිරුවත් හැඩකාර සිරුර දැක ගැනීමට ලැබෙනවා!

    ඒ දෙස වශීකෘතව නොසෙල්වී බලා සිටින
    මයිකල්ගේ දෙනෙත් වලට එක්වරම

    දොරටුව දෙස බලන ඇයගේ දෙනෙත් හමුවෙනවා!

    ඔබ හිතුවා වගේම,

    මේ සිදුවීමෙන් ලැජ්ජාවට පත්වන
    ඔහු එතනින් ඉවත් වී පලා යනවා....

    ඒත් දින කිහිපයකට පස්සේ ඇයව
    හොයාගෙන මයිකල් නැවත එන්නේ.....

    එදා වුණ දේ ගැන, සමාව ගැනීමට කියලා!

    නමුත් ජීවිතයේ අත්දැකීම් සපිරි 'ඇයට'
    ඔහුගේ සිතැඟි හඳුනා ගැනීම එතරම්

    අපහසු වුණේ නෑ....

    තමාගේ සරාගී සිරුරට වශී වී
    ඔහු ආ බව දන්නා ඇය....

    ඔහුව ගල් අඟුරු ගෙන ඒමට
    බිම් මහලට යවනවා...

    ගල් අඟුරු කුඩු සිරුර පුරා තවරාගෙන
    එන මයිකල් දෙස බලා....

    දඟකාර ලෙස සිනාවෙන ඇය,

    ඔහුව දුහුල් තිරයකින් ආවරණය කර ඇති,

    ඇගේ නාන බේසම වෙත කැඳවා ගෙන යනවා,
    බය නොවී ලැජ්ජා නොවී....

    නිරුවතින් ජලයට බසින ලෙස
    ඔහුට පවසන ඇය....

    ඔහු ඇඳම් ඉවත් කරන දෙස
    හොරැහින් බලා සිට

    මයිකල් ආපසු හැරී බලද්දී....
    එතනින් ඉවත් වෙනවා!

    නෑම අවසානයේ....

    පිටුපා හැරී සිටින ඔහුගේ පිට පෙදෙස පුරා දිවයන ආකර්ශනීය පහසක් නිසා....

    ඔහු තිගැස්සෙනවා!

    ඒ අන් කිසිවක් නොවෙයි ඇගේ
    පිරිපුන් පියවුරු යුගලේ තුඩු පහස....

    ඊළඟ නිමේෂයේ ඇයගේ දෑත්....

    ඔහුගේ නොඉඳුල් සිරුරේ රහස් සොයමින්
    දිව යාමට පටන් ගන්නවා...

    කිසිදා ගැහැණියකගේ පහස නොලත්
    'යොවුන් මයිකල්'

    ඇයගේ සරාගී ස්පර්ශය හමුවේ....
    ගල් ගැසී සිටිනා අයුරු ඔබට දකින්න පුළුවන්!

    " THE READER " චිත්‍රපටියෙන්!

    එය ස්ටීවන් ඩැල්ඩ්‍රි අධ්‍යක්ෂණය කළ
    අපූරු සිනමාපටයක්.

    ඔව්, යාළුවා.....! මම මේ කියපු සිදුවීම්
    ඔක්කොම තියෙන්නෙ එකේ!

    දෙවන ලෝක යුද සමයේ සිට දශක කිහිපයක් ඉදිරියට දිවෙන කථා පුවතක් තමයි.

    මේ චිත්‍රපටයට තේමා වෙන්නේ....

    හරි අපි ආයේ කතාවට එමු.

    ඔන්න මේ විදියට දවස් හතරක් ගත වෙනවා!

    ‘‘ අපි දැන් දවස් හතරක් එකට හිටිය....
    මම තාම ඔයාගෙ නමවත් ඔයා තාම මගේ නමවත් දන්නෙ නෑ... ‘‘

    කොහොමද ඒක.........!

    ඔවුන් අඹු-සැමි ඇසුර පවා
    පවත්වා තියෙන්නෙ.........

    එකිනෙකාගේ නම් වත් නොදැන!

    ‘‘ මට හැනා කියන්න, ඔයා ?

    ‘‘ මම මයිකල්, හැනා මේ බලන්න මට
    මේ සම්බන්ධය අත අරින්න බෑ....!

    කොටින්ම මම දැන් ඉගෙනගන්නේ පුදුම සතුටකින් අනේ ඔයා මාව අත අරින්න එපා...“

    ‘‘ හරි එ්ක සිද්ධවෙන්නෙ....
    එක පොරොන්දුවක් පිට, ඔයා මට
    ඉස්සෙල්ලම කියල දෙන්න ඕන කතාවක්!

    ඊට පස්සේ අපි sex කරමු ‘‘

    එතැන් සිට චිත්‍රපටය දිවයන්නේ....

    මෙම නව යොවුන් තරුණයාත් ට්‍රෑම් රථ කොන්දොස්තරවරියත් අතර ඇති වන...

    අතිශය සමීප ලිංගිකත්වය හා ආදරය
    කැටිවූ සම්බන්ධය විදහා දැක්වෙන...

    රූප රාමු පෙළක් දිගේ....

    ආදරය හා ලිංගිකත්වයට සීමා මායිම්
    නොමැති බව මෙම රූප රාමු පෙළ

    අපට යළි යළි පසක් කර දෙනවා....

    තමන් පාසලේ උගන්නා ලෝක ප්‍රකට සාහිත්‍ය කෘති රැගෙන ගෙන එන ඔහු,

    ඒවා ඇයට ඇසෙන්නට කියවනවා...
    ඇය ඔහුට ළංව ඒවා රස විඳිනව!

    චිත්‍රප‍ටයේ නාමය වන "ද රීඩර්" යන්න,
    ගොඩනැගෙන්නේ....

    මේ කථා කියවීම හරහා බව
    ඔබට දැන් පැහැදිලිනේ!

    ඇය තමන්ගේ කියවන කථා ඇසීමට
    ප්‍රියකරන බව දන්නා ඔහු....

    එය ඉමහත් උනන්දුවකින් කියවනවා...

    මේ අතර මයිකල්ට පාසලේ දී සම වයසේ
    රූබර තරුණියන්ගෙන් ලැබෙන

    ආදර ආරාධනා ප්‍රතික්ෂේප කරන්නේ.....

    ඔහු හැනා කෙරේ දක්වන ඇත්ත ආදරය
    අපට පෙන්වන්නට වගේ....

    කලින් කිසි පෞරුෂත්වයක් නොමැති
    ඔතෑනි යෞවනයකු වූ මයිකල්,

    මේ අසම්මත සම්බන්ධයත් සමඟ...

    හොඳ පෞරුෂත්වයක් සහිත ක්‍රියාශීලී තරුණයකු බවට පත්වෙනවා...

    යහනේ දෙව්දුවක් වන්,

    මෙම රූබර ගැහැණිය සමඟ රමණයේ
    යෙදීමට ලැබීම යන අවස්ථාව,

    "සම වයසේ අනෙක් යෞවනයන්ට"
    භුක්ති විඳීමට නොලැබීම නම්,

    ජයග්‍රහණය අත්පත් කර ගැනීමට නිසා ‍
    ඔහු තුළ ගොඩනැගෙන මානසිකත්වය තමයි,

    ඔහුව එහෙම වෙනස් කරන්නේ....

    කොහොමහරි කොල්ල
    ඉස්සෙල්ලම කියවන්නේ....

    හෝමර්ගේ ඉලියඩ් සහ ඔඩිසි , යුදධය හා සාමය, අපරාධය සහ දඩුවම වගේ පොත්

    ඔන්න ඔය විදිහට ඇය....

    ඔහු පොත් කියවනව බොහොම කෑදර කමකින් අහගෙන ඉන්නව!

    10read.1.600.jpg


    සමහර දවස් තියෙනව,
    පොතේ කතාවල දී කදුළු එන තැන්!

    ඒවට ඇය ඔහුට තුරුළු වෙලා
    ඉකිගසා හඩනවා!

    තවත් සමහරක් දවස් තියෙනව.....
    සතුටු සහගත අවසානයන් තියෙන පොත්

    එතකොට අැය ප්‍රීතියෙන් මුසපත් වෙලා....
    ඔහුව බදාගෙන සිපගන්නවා....

    කාලය මෙහෙම හෙමිහිට ගලාගෙන යනවා
    ඒත් එක්තරා සිදධියක් නිසා.....

    හදිසියේ ඇය.....

    මේ නිවෙසින් කොල්ලටත් නොකිය
    අතුරුදහන් වෙනව!

    මයිකල් සමඟ කාලය ගත කිරීමෙන්
    සතුටු වන බව හා....

    ඇය ඔහුට ආලය කිරීමට පටන් ගෙන
    ඇති බවක් අප දුටුව ද.....

    ඇගේ චරිතය පුරා දිවයන ගුප්ත බව
    අපව සසල කරවනවා!

    ඇය කිසියම් රහසක් සඟවා ගෙන සිටින ගැහැණියක් බව මෙම චරිතය රඟන,

    ශූර නිළිය.....

    තමන්ගේ විස්මිත රඟපෑම ඔස්සේ නිරන්තරයෙන් අපට පෙන්වනවා....

    ඇත්තටම ඇය එසේ සඟවාගෙන ඉන්න
    රහස කුමක් ද...?

    අර විදියට එකවරම එක දිනෙක කිසිම සළකුණක් ඉතිරි නොකර....

    ඇය තම නවාතැනෙන් සමුගත්තට පස්සේ

    කතාව එකවරම අවුරුදු අටක්
    ඉදිරියට පනිනවා!

    ඔව්.....අවුරුදු අටක්!

    දැන් මයිකල් නීති සිසුවෙක්!

    එතකොට හැනාට මොකද වුණේ....
    ආයේ මේ දෙන්නා හමුවෙන් නැද්ද....?

    ඒ ඔබට මට හිතෙන ප්‍රශ්න!

    කතාවේ විදියට නීති සිසුවෙක් වුණු
    මයිකල් යනවා දවසක්

    මාධ්‍යට තහනම් කල
    සුවිශේෂි නඩුවක් අහන්න.

    ඒ නීති සිසුවෙක් විදියට අධ්‍යයනයට,

    ඒ නඩුව පවරල තියෙන්නෙ....

    හිට්ලර්ගෙ අවුට්විට්ස් වධකාරයෙන්
    එළියට අරන් ගිය හිරකාරියො 200 ක්.....

    පල්ලියක් ඇතුලෙ හිරකරලා ගින්නෙන්
    පුච්චපු සිදධියක් සම්බන්ධව,

    ඒ වධකාගාරයේ හිටපු පාලිකාවො හයකට විරුද්ධව තමයි නඩුව අහන්නෙ,

    දන්නව ද....?

    ඒ සිද්ධියට අදාල ප්‍රධාන පාලිකාව තමයි!

    මයිකල් නොදන්නා කාරණයක් මත
    අතරමං කර ගිය ඔහුගේ ප්‍රථම ආදරය !

    ඔව්, ඒ හැනා!

    සමහරක් දවස්වල ඔහුගෙ දෙපතුලේ ඉඳන්
    සිරස දක්වා අතුල්ලල සබන් ගාල ඔහුව

    නාවපු.....

    ඔහුගේ මතක වස්තුව.....
    ආදරණිය හැනා!

    නඩුවේ දි....

    ‘‘අනිත් විත්තිකාරියො පස් දෙනාම කියනව
    හැනා තමයි මේකට අණදුන්නෙ!

    මේ තියෙන්නෙ හැනා ඔවුන්ට දුන්
    ලියවිල්ල කියලා"

    ‘‘ නැහැ....ඒක බොරුවක්, ස්වාමිණි
    ඔය මගේ අත් අකුරු නෙවෙයි "

    හැනා කියනවා....

    ‘‘ හොඳයි එහෙනම්....

    මම ඔබට දෙනව පෑනක් සහ කොළයක්
    ඔබේ අත් අකුරු පරීක්ෂාවකට ‘‘

    ඒ විනිශ්චයකරුගේ හඬ!

    හැනා විනිශ්චයකරු ඉදිරියේ මොහොතක් සසලව ඉන්නවා....

    මෙච්චර පිරිසක් ඉදිරියේ....

    තමාට කියවන්න හෝ ලියන්නට නොහැකි බව කීම ඇය ලැඡ්ඡාවට පත් කරන්නකි.

    ඊට ඇගේ අභිමානය ඇයට ඉඩ දුන්නේ නැත. මරණය වුවත් කම් නැත.

    ලැඡ්ඡාවිය නොහැක.

    ‘‘නෑ! අත් අකුරු පරීක්ෂාවන් අවශය නෑ!
    ස්වාමීනී මමයි ඔය ලියවිල්ල ලිව්වෙ‘‘

    නීතිය ඇයව ජිවිතාන්තය දක්වා
    සිර දඩුවමකට යටත් කළේය.

    මයිකල් හිස සඟවාගෙන උසාවියේ
    බංකුවක් මතට වී සිටියා මිස,

    ඔහු නැගිට එක වචනයක් කීවේ නැත.

    "ස්වාමිනී ඇයට අකුරු ලියන්නන හෝ
    කියවන්න බෑ!"

    ඔහු එසේ කිව්වා නම්,

    ඇය නිදහස් ගැහැණියකි!

    එහෙත් එයම තම දිදුලන අනාගතය
    සියතින් කුඩුපට්ටම් කර ගැනීමකට

    හේතු වේ යැයි සිතා.....

    ඔහු බිය වූවා විය යුතුය.
    එසේ නොමැති නම්,

    හැනා දිවිහිමියෙන් ආරක්ෂා කළ
    ඒ 'රහස' එනම්,

    "ඇයට කියවිය නොහැකි බව"

    ලෝකය ඉදිරියේ අනාවරණය කිරීම
    ඒ අභීත කත හැල්ලුවට ලක්කිරීමක් ලෙස

    ඔහු සිතුවාද.....?
    ඔහු ද එය රහසක් ලෙස රැක්කා ද....?

    එය දන්නේ මයිකල්ම පමණි.

    හැනා ජිවිතයේ අභ්‍යාගසම්පන්න
    ඉතිරි කාලය ගත කිරීමට,

    සිහිනයක ඇවිදින්නාක් මෙන්....

    කිසිවෙක් දෙස නොබලා
    සිර කුඩුව වෙත පිය මැන්නාය.

    හිතන්න.......

    මේ විදියට තමන්ට අදාළ නොවන
    වැරදි වලට කොයිතරම්....

    මිනිස්සු හිරේ යන් ඇද්ද....?

    ජීවිතේ හොඳම කාලේ හිරේට සින්න කරලා
    එහිම මිය දෙන්නෙත් ඇති!

    සාධාරණ නීතිය....නීතිය......කිව්වට
    එය විටෙක කෙතරම් අකාරුණික ද.....?

    හැනා සිරගත වෙද්දී......

    දෛවය මයිකල්ට ඔහු ඉල්ලා සිටි දේවල්
    කෑදර කමකින් තොරව ලබාදුන්නේය.

    ඒ නීතිඥ වෘත්තියක්,
    ඉහළ සමාඡ තත්වයක්,
    උගත් ගැහැණියක් හා විවාහයක් සහ
    ඇගෙන් ලස්සන කෙලි සිගිත්තියක්! ය.

    හිතූ මේ සියල්ල ඔහු ලැබුවේය.

    එහෙත් මුළු ඡිවිත කාලය පුරාවට,

    ඔහුගේ ආත්මය තුලින්
    යම් දොංකාරයක් ඇසිනි.

    ‘‘ඔයා.....අද මට මොකක්ද
    කියවන කතාව මගෙ කොල්ලෝ ‘‘

    අවසානයේ ඔහු, සිය හෘදය සාක්ෂිය
    ඉදිරියේ පරාජයට පත් විය.

    ඒක තමයි මිනිහෙකුගෙ අධ්‍යාත්මය....

    සිර ගෙදර වසර 20 කට පසු,

    හැනා නමට ටේප් රොකොඩරයක් සහ කැසට් පටි කිහිපයක් කිසිවෙකු විසින් එවා තිබිණි.

    සිය කුඩුවට ඒවා රැගෙන ගිය හැනා.....

    එක් කැසට් පටියක් දමා රෙකෝඩරයේ
    බොත්තම එබුවාය.

    ‘‘ ඔයාට මතක නැතුව ද දන්නෙ නෑ....
    මම ඔයාට ආයිමත් කියන්න පටන් ගන්නව හොමර්ගෙ ඉලියඩ් සහ ඔඩිසි ‘‘

    ඒක හරිම සංවේදී අවස්ථාවක් චිත්‍රපටයේ......

    ඇත්තටම අධ්‍යාපනය අහිමිවීම නිසා,
    මිනිස්සු කොයි තරම් නම්

    අසරණ වෙනව ද.....?

    ලංකාවේ නිදහස් අධ්‍යාපනය තිබුනත්.....
    අදත් සමහර වෙලාවට අපිට හමුවෙනවා

    බස් එකේ බෝඩ් එකක් කියව ගන්න බැරි,

    ඒ වගේම සරල අකෘති පත්‍රයක්වත්
    පුරව ගන්න බැරි....

    කණ අත්සන ගහන අය!

    අකුරු බැරි වීම නිසා....

    මනුස්සයෙක් මුහුණ දුන්න
    බොහොම දුක්බරම සිද්ධියක් තමයි

    “ද රීඩර්“ චිත්‍රපටයේ...
    තියෙන හැනාගේ සිරගතවීම!

    අකුරු බැරි වීම ලැජ්ජාවට කරුණක් කරගන්නා එහි කතා නායිකාව.....

    අන්තිමේදි එය සඟවාගෙන අනිත් අය
    එය දැනගනීවි කියන දුකින් ම,

    නොකල වරදක් තමන් පිට පටවා ගෙන
    හිරේ යනවා....

    මම බලපු චිත්‍රපට වලින්,
    වඩාත්ම සිත් ගත්ත වගේම ,

    හිත සලිත කරපු චිත්‍රපටියක් තමයි රීඩර්!

    එකයි මෙහෙම සටහන් කරන්න හිතුනේ....

    ආදරයට සීමා මායිම් නෑ....
    මයිකල් හැනාට ආදරය කළේ පුදුම විදියට....

    ගැටවර කොල්ලෙක් ලිංගිකව හැසිරීමට පමණක් ආශාවෙන් ගැහැණියකට ළංවුන

    අවස්තාවක් නොවේ ඒක!

    සම්මත – අසම්මත මේ මොන ආකාරයෙන්
    කවුරු මොනවා කිව්වත්,

    ආදරය කියන්නේ....

    මිනිස් ජීවිත සසල කරන කවදාවත් කාටවත් තේරුම් ගන්න බැරි,

    හැඟීමක් !!!!

    මන් හිතන විදියට "කේට් වින්සලට්"
    ලොව අග්‍රගන්‍ය නිළියක් බවට පත්කලේ.....

    ටයිටැනික්හි රෝස් නොව
    "ද රීඩර්" හි හැනා ය....

    මම හිතන්නෙ මේක
    චිත්‍රපටියක කතාවක් වුනාට,

    මෙහෙම සම්මතය විසින්
    අසම්මත කළ.....

    ඔවුන් පමණක් දන්නා එහෙත්
    මුළු ලොවම නොදන්නා....

    මේ වගේ සත්‍ය කතා දහස් ගණනක්
    අප අවටත් ඇති.

    'සෙනෙහස' 'ආදරය' 'ප්‍රේමය'
    මේ මොන වචනයෙන් කිව්වත්......

    මේ තමයි............'බැඳීම්'!



    විචාරය උපුටාගැනිමකි - @fmtvsrilanka FB පිටුව
     
    Last edited:

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මම හිතුව ඔයා තමා මේ විචාරේ ලිවුවෙ කියලා.:baffled:මැදැයි....

    මේ කතාව නම් ඇත්ත මල්ලියා.......

    ආදරය කියන්නේ....

    මිනිස් ජීවිත සසල කරන කවදාවත් කාටවත් තේරුම් ගන්න බැරි,
    හැඟීමක් !!!!:yes::yes:
     
    • Like
    Reactions: Darkline

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    The Reader (2008) චිත්‍රපටයේ කතාව පොතකින් ගත්තු එකක්

    Bernhard Schlink විසින් රචිත "Der Vorleser"

    The_Reader_cover.jpg



    මේකේ සිංහල පරිවර්තනයක් තියෙනවා. කැමති අය අරන් කියවන්න :D


    45516033_1173569626132081_6877672018897010688_n.jpg
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මම හිතුව ඔයා තමා මේ විචාරේ ලිවුවෙ කියලා.:baffled:මැදැයි....

    මේ කතාව නම් ඇත්ත මල්ලියා.......

    ආදරය කියන්නේ....

    මිනිස් ජීවිත සසල කරන කවදාවත් කාටවත් තේරුම් ගන්න බැරි,
    හැඟීමක් !!!!:yes::yes:

    :yes::yes::yes:
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    මම ඕක බැලුවේ දවස් කීපයකට උඩදී...:rolleyes:
    පට්ට කතාවක්...:yes:
    මට ඒ උනාට ඕකෙ කොල්ල අර ගෑනු කෙනාව බේර ගන්න මැලි වෙන එක මාරම අවුලක්නේ...:sorry::sorry::sorry:
    ඌ අන්තිමට හිරෙන් අර ගෑනු කෙනාව එලියට ගන්න යන්නෙත් හෙනම අකැමැත්තෙන්...ඌ ඔච්චර ආදරේ කරපු ගෑනු කෙනාට ඔහොම සලකන්නෙ ඇයි...?:angry:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මම ඕක බැලුවේ දවස් කීපයකට උඩදී...:rolleyes:
    පට්ට කතාවක්...:yes:
    මට ඒ උනාට ඕකෙ කොල්ල අර ගෑනු කෙනාව බේර ගන්න මැලි වෙන එක මාරම අවුලක්නේ...:sorry::sorry::sorry:
    ඌ අන්තිමට හිරෙන් අර ගෑනු කෙනාව එලියට ගන්න යන්නෙත් හෙනම අකැමැත්තෙන්...ඌ ඔච්චර ආදරේ කරපු ගෑනු කෙනාට ඔහොම සලකන්නෙ ඇයි...?:angry:


    හීනමානය නිසා..එයාලා අතරේ තියෙන සම්බන්දය එලි උනොත් එයාට හානීයක් වෙවි ලොකය එයාට හින වෙවි කියන හැගිම නිසා..අපිට එක පොඩි දෙයක් වගෙ පෙනුනට එහෙම නැ....අපි එක වැරදියට දකින්නෙ අපි එ අවස්තාවට මුන නොදුන්න නිසා..ජිවිතේ සමහර තැන් තියෙ නෙ අපි මොඩ වෙන...:)
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මම ඕක බැලුවේ දවස් කීපයකට උඩදී...:rolleyes:
    පට්ට කතාවක්...:yes:
    මට ඒ උනාට ඕකෙ කොල්ල අර ගෑනු කෙනාව බේර ගන්න මැලි වෙන එක මාරම අවුලක්නේ...:sorry::sorry::sorry:
    ඌ අන්තිමට හිරෙන් අර ගෑනු කෙනාව එලියට ගන්න යන්නෙත් හෙනම අකැමැත්තෙන්...ඌ ඔච්චර ආදරේ කරපු ගෑනු කෙනාට ඔහොම සලකන්නෙ ඇයි...?:angry:

    හීනමානය නිසා..එයාලා අතරේ තියෙන සම්බන්දය එලි උනොත් එයාට හානීයක් වෙවි ලොකය එයාට හින වෙවි කියන හැගිම නිසා..අපිට එක පොඩි දෙයක් වගෙ පෙනුනට එහෙම නැ....අපි එක වැරදියට දකින්නෙ අපි එ අවස්තාවට මුන නොදුන්න නිසා..ජිවිතේ සමහර තැන් තියෙ නෙ අපි මොඩ වෙන...:)

    :yes::yes::yes:
    ඔව් සමාජෙන් එන බලපෑම නිසා කියන්න පුළුවන්

    ඕකට නොයෙක් අර්ථකතන දෙන්න පුළුවන්
    ඒ මනුස්සයා කරපු දේ හරි කියන්නත් පුළුවන් වැරදියි කියන්නත් පුළුවන්

    මේකේ කතාවට අමතරව ෆිල්ම් එකේ තියෙන සිනමාත්මක දර්ශන වලටත් අවධානය දෙන්න.
    මන් පුළුවන් උනොත් ඒක ගැනත් විස්තරයක් දාන්නම්.
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    :love:;) විචාරෙනම් කියෙවුවා.. පට්ටම ලස්සන කතාවක් කියල තේරුනා :yes: Download කරන් බලන්න ඕනේ :P පට්ට..! rep++

    කතාව කියෙව්වා පට්ට :love:
    දැන් ඩව්න් කරන්න ඔනි.. :lol:

    එල එල කොහොමහරි කමක් නෑ. බලන්න වටින ෆිල්ම් එකක්
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    karima seen ekk oke tyenne

    antak gahana seen ekk ne ;)

    hariyatama oya wage sinhala film ekakut awa,, ara amarasiri pieris kiyanne sinduwa,,

    mata mage nowena magema adarayak thibuna..

    :rolleyes::rolleyes::rolleyes:

    සමනල සන්ද්වනිය