බලපන් ඇවිල්ලා අඩෝ..ඇවිල්ලා දෙසාපන් ගංගාරාමයේ පිං බතා - අතිගරු පූජ්‍ය දඹර අමිල හිමිපාණන් ගුගුලයි 
එජාපයේ බෞද්ධ විරෝධී ස්වරූපය පෙන්වා දුන්නාට ඔබවහන්සේට බොහෝම පිං

එජාපයේ බෞද්ධ විරෝධී ස්වරූපය පෙන්වා දුන්නාට ඔබවහන්සේට බොහෝම පිං
එක්සත් ජාතික පක්ෂය, ආණ්ඩුවට එරෙහිව ලිප්ටන් වටරවුමේ ඊයේ (15) පැවැත්වූ විරෝධතා රැලියේදී පූජ්‍ය දඹර අමිල හිමියන් භික්ෂූන් වහන්සේලා කිහිපනමක් දැඩි ලෙස දෝෂ දර්ශනයට ලක්කළා. ඒ අතර අස්ගිරි පාර්ශවයේ අනුනායක පුජ්‍ය ආණමඩුවේ දම්මදස්සි හිමියන්, කැළණිය රාජමහාවිහාරාධිපති හිමියන් හා හුණුපිටිය ගංගාරාමාධිපති හිමියන්ද වනවා. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ බුද්ධ ශාසන හා ආගමික කටයුතු ඇමති උදය ගම්මන්පිල පැවසුවේ, අද එක්සත් ජාතික පක්ෂය තමන්ගේ බෞද්ධ විරෝධී ක්‍රියා කලාපය රටට ඉතා පැහැදිළි ලෙස භික්ෂූන් වහන්සේනමක් පාචිච්චි කරමින්ම පෙන්වා දුන් බවයි.
"අස්ගිරිය පාර්ශවයේ අනුනායක හිමි, කැළණිය රාජ මහා විහාරයේ නායක හිමි, හුණුපිටිය ගංගාරාමයේ නායක හිමියන් ඇතුළු චෝදනාවට ලක්වූ ස්වාමීන් වහන්සේලා කියන්නේ මේ රටේ සංඝ පීතෘවරු. මේ කිසිදු හිමි නමක් රාජ්‍ය නොවන සංවිධානවලින් හෝ ඒවායේ මුදල්වලින් යැපෙන අය නොවෙයි. මෙම ස්වාමීන් වහන්සේලා රටට ආදරය කරන සත්‍ය වෙනුවෙන් පෙනී සිටින අය. අද එක්සත් ජාතික පක්ෂය තමන්ගේ බෞද්ධ විරෝධී ක්‍රියාකලාපය ගැන රටට පෙන්වා දුන්නා. දඹර අමිල හිමියනි ඔබ වහන්සේ එක්සත් ජාතික පක්ෂයේ සැබෑ බෞද්ධ විරෝධි ස්වරූපය අපට පෙන්වා දුන්නාට බොහෝම පිං." යැයි අමාත්‍යවරයා neth news වෙත අදහස් දක්වමින් පැවසුවා.
දඹර අමිල හිමියන් අස්ගිරි පාර්ශවයේ අනුනායක පුජ්‍ය ආණමඩුවේ දම්මදස්සි ඇතුළු භික්ෂූන්වහන්සේලා දෝෂ දර්ශනයට ලක්කළ අයුරු පහතින් අසන්න.
Last edited:
පට්ට කථාව.හොඳම වැඩේ...තද තද.
.



