පද පේළී - EK LYRICS THREAD PART 2

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
මා ඔබත් එක්ක සුහද කතාවක්
ඔබේ ඇසුත් එක්ක ප්‍රේම කතාවක් //

තොරතුරු විමසනවා
ආගිය තැන් පවසනවා //
ඇවිදින්නට තනිවෙන්නට යමුද අහනවා
යමුද අහනවා...

මා ඔබත් එක්ක දිගට කතාවක්
ඔබේ ඇසුත් එක්ක ප්‍රේම කතාවක්

රස රහස් කියනවා විටකදී ඉඟිත් කරනවා //
සංසාරේ හුරු පුරුදුයි කියලා කියනවා
කියලා කියනවා....

සඳ හිරුත් එක්ක හොරෙන් කතාවක්
තරු මාත් එක්ක ප්‍රේම කතාවක්

වරදක් නැහැ කියනා
කවුරුත් නොම එයි සිතෙනා //
සිපගන්නට ලංවෙන්නට එන්න අහනවා
එන්න අහනවා ....

මා ඔබත් එක්ක ...

Singer : Karunarathna Divulgane
Lyrics : Lalith De Silva
Music : Rohana Weerasingha
 

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
රෑ සිහිනෙන් ඔබ ළඟ මා සැනසෙනවා
මා සැබෑවෙන් ඔබ ගැන සිත ලතවෙනවා //

මේ බැඳුනු සෙනේ කෙදිනද මා පවසන්නේ
ආදරිය කියා කෙලෙසද මා අමතන්නේ
අපේ ලොවේ කෙදිනද අප තනිවන්නේ

රෑ සිහිනෙන් ...
රෑ සිහිනෙන් ඔබ ළඟ මා සැනසෙනවා

ඈ සනසවමින් මේ ගී වැල් ගයමි මෙමා
මේ මිහිරි ලොවේ සැනසුම මා ලැබ ගන්නම්
කුමරියනේ කිමද මා ගැන නොසිතන්නේ

රෑ සිහිනෙන් ...

ශිහාන් මිහිරංග
 

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
මත් මල් සේනා පාවේ පාවේ - දෑසේ දැවටේ මා
සිත්තම් වීලා මා නෙත් මානේ - සෙනෙහේ සුවසේමා
ලා...ඉරේ රන් ගැවිලා - සදා ස්නේහයේ මල් වැහි වෑහුනා

පිපි හාදු සුළගේ - මුව ගාව ගැවසේ
දෙතොලේ ලැගුම් සොය සොයා...
සඳ රේනු යායේ මුදු සීත පෙනුනේ
ලං වෙන්න මයි නෙත් පියා...

උදා වේ...මා...සැදෑවේ...මුදා..
නෙක ස්වර්ණ රැස් රඟනා වැහිතීරේ...

ඕ...ඔබ ගාව සිහිනේ - හිත හීන නෙළුවේ
රෑ තුන් යමේ හිත් පුරා...
නොදොඩාම දෑසේ - කවි ගීත මැවුනේ
දෙතොලේ සුසුම් උතුරලා...

උදා වේ...මා...සැදෑවේ...මුදා..
නෙක ස්වර්ණ රැස් රඟනා වැහිතීරේ...


ගායනය : කසුන් කල්හාර
පද රචනය : අචල සොලමන්ස්
සංගීතය : කසුන් කල්හාර
 
  • Like
Reactions: DAMER

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
සැදී රන් අභරණින් - රිදී සළු පිලි දරා
නැගී රිය පෙරහරින් - පැතූ පෙම් ලොව දවා
මනාලිය වී ලදේ - ගියත් ඔබ ඔහු කරා
මගේ හදවත ඔබේ - මගේ දිවි ඇති තුරා

අදින් පසු සිත ඔබේ - අහිමි වන බව දනිම්..
යලිදු අප දිවි තුරා - නොයෙන බව යලි දනිම්..
නොයෙන බව යලි දනිම්...

සැදී රන් අභරණින්...

ඔබෙන් ලද සෙනෙහසේ - සුවය නිති විදින්නම්..
සසර මතු භවෙක හෝ - සුරත ඔබෙ පතන්නම්..
සුරත ඔබෙ පතන්නම්..

සැදී රන් අභරණින්...

ගායනය - මිල්ටන් මල්ලවආරච්චි
සංගීතය - ක්ලැරන්ස් විජේවර්ධන
ගී පද - කුලරත්න ආරියවංශ
 

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
දිගු දෑස දුටුවාම හැඟෙනවා පෙර සේම
උන්නු හැටි මගෙ ගාව ඔය හිතට අමතකද
බිඳ දමා මගෙ සිහිනේ ඇයිද ඔබ හැංගෙන්නේ
මට දෙන්න මගෙ සිහිනේ ළඟ ඉන්න පෙර වාගේ

දිගු දෑස දුටුවාම හැඟෙනවා පෙර සේම
උන්නු හැටි මගෙ ගාව ඔය හිතට අමතකද

රෑ දිවා හිත පුරා ඇවිලිලා මේ ගින්න
තරු පවා හඬනවා ඔබට නෑ තේරෙන්නේ
හිතට හිත හිමි නැතිද අහනවා හිත මාගේ
මට දෙන්න මගෙ සිහිනේ ළඟ ඉන්න පෙර වාගේ

දිගු දෑස දුටුවාම......

පෙර එදා හමුවෙලා වෙළුනු හැටි මුදු පහසේ
පෙනෙනවා දකිනවා නිහඬ රෑ දුර අහසේ
දුරම මිස ළඟ නැතිද අහනවා නෙතු මාගේ
කවදාද ඔබ එන්නේ නැතුවාද හමුවන්නේ

දිගු දෑස දුටුවාම......

Singer : Romesh Sugathapala
Lyrics : Nandana Wickramage
Music : Romesh Sugathapala
 

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ

කොණ්ඩ කිරිල්ලියේ කවුද නුඹේ ප්‍රේමවන්තයා
කොණ්ඩෙ කපනවාද කොණ්ඩෙ බඳිනවාද
කොණ්ඩෙ කපනවාද බඳිනවාද එයා//
කොණ්ඩ කිරිල්ලියේ....

රංචු ඉලන්දාරි කල්ලි ගැහී බෝවිටියා සොයා
පුංචි කට රතු කර සිංදු එහෙම කියනවාද එයා//
රංචු ඉලන්දාරි කල්ලි ගැහී බෝවිටියා සොයා

කොණ්ඩ කිරිල්ලියේ....

ඔන්න කියන්නෙපා කිරිල්ලියේ නොකිවාය කියා
ඔය ලෙන්ගතුකම බෑ බෑ දෑවැදි ඉල්ලුවොත් එයා//
ඔන්න කියන්නෙපා කිරිල්ලියේ නොකිවාය කියා

කොණ්ඩ කිරිල්ලියේ....

Singer : Karunarathne Divulgane
Lyrics : Rathna Sri Wijesinghe
Music : Rohana Weerasingha
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හැමදා ම ඔය දෑස හමුනොවන විට
    නොසන්සුන් හිත තාම වාරු නෑ මට
    නුඹ ගැන හිත හිත මියයනවා හැර
    සොඳුරු මිනිසෙක් වෙන්න හිතක් නෑ මට

    තරුදෑස මගෙ නේද අතරමං වුණූ
    හොය හොයා මගෙ දෑස වෙහෙස වෙනව ද
    මං එක්ක යන් කිවුව ගමන එනව ද
    සොඳුරු මාවත ළඟට ඇවිත් ඉන්න ද

    අයා‍ලේ ගිය හිතට නෙතක් තරු ලකුණ වී
    හිතක් තවරා පෙමක ඔබත් නිහඬව හිඳී

    මටත් නොකියා ඔහොම ඉතින් දඟකාර වී
    හිතේ නවතින තුරුම ආදරේ නොදැණුනී

    නුඹ ගැන ..................

    මං එක්ක යන් .............

    අවාරේ හමායන සැඬසුළං වැදී වැදී
    රැකගත්තේ නුඹ තමයි පෙලා යන්නට නොදී

    මලක් වී ගසක් යට සුවඳ දී වැටී වැටී
    ඔයා හිනහී ඉන්න හඬා කඳුළක් නොවී

    නුඹ ගැන ..................

    මං එක්ක යන් .............


    ගායනය :- කේෂාන් ශෂින්ද්‍ර සහ කල්පනා කාවින්ධි
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔය මුවේ හසරැල් සොයා මේ සිත ඇදෙනවා
    ඔය සිතේ රහසක් ලියා මා ළඟ ඉන්නවා
    මං දන්නවා ළඟ ඉන්නවා
    අපි ආදරේ සුව විඳිනවා

    නීල ඔය දෑස මගෙමයි කියා
    කීව මතකයි එදා
    හීන මැවු දෑස ඔබ ළඟ තියා
    තුරුළෙ මං ඉන්නවා
    හද සාගරේ ආශා මැවූ මේ ආදරේ

    ඈත කඳුයායෙ සිසිලස සොයා
    යමු ද අපි පියඹලා
    සීත නොදැනෙන්නෙ ඔබ ළඟ නිසා
    ඉන්න තව ළංවෙලා
    හද සාගරේ ආශා මැවූ මේ ආදරේ

    ඔය මුවේ හසරැල් .................


    ගායනය :- උදය ශ්‍රී වික්‍රමසිංහ හා උමාරියා සිංහවංශ
     
    • Like
    Reactions: DAMER

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    ලියූ කවි පද දහක් අතරේ
    ලියා ගන්නට බැරිව ලතැවුන
    එකම එක දිග පුංචි කවියක්
    තවම ලියනවා මං...
    තවම ලියනවා මං...


    මත් මල් සේනා පාවේ පාවේ - දෑසේ දැවටේ මා
    සිත්තම් වීලා මා නෙත් මානේ - සෙනෙහේ සුවසේමා
    ලා...ඉරේ රන් ගැවිලා - සදා ස්නේහයේ මල් වැහි වෑහුනා


    ඔය මුවේ හසරැල් සොයා මේ සිත ඇදෙනවා
    ඔය සිතේ රහසක් ලියා මා ළඟ ඉන්නවා
    මං දන්නවා ළඟ ඉන්නවා
    අපි ආදරේ සුව විඳිනවා



    සුන්දර පදවැල්
     
    • Like
    Reactions: Sara531

    lankanatha

    Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63
    රෑ ආකාසෙට අයිතිකාර නුඹ
    ඇයි මගෙ අහසට තනියම ආවේ..
    හඬා වැටෙන මගෙ සීතල දෙනෙතට
    ආදරෙ පුරවන්නද ආවේ...

    පින්නට බය වෙන්න එපා..
    සීතලයි තමයි
    ඒත් ඒ කඳුළු නෙමෙයි..
    ඒ සීතලට, උණුසුම්ව ආදරේ කරමු..

    මම මියෙන තුරා මගෙ දිවිය පුරා..
    ඔබ යන්න එපා රෑ අහසට ආයේ...
    මිය යමු එක තැන ආදරයේ නාමෙන්
    සසර පුරුද්දට පෙර වාගේ..

    පින්න අයිති රෑටයි..
    රෑ අයිති සඳටයි..
    සඳ අයිති අපටයි... සඳ අයිති අපටයි..
     
    • Like
    Reactions: Sara531

    lankanatha

    Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63
    ආලේ කතා අතරේ පවා
    හීනේ බිඳී දුක වෑහුනා

    නුඹ ගැන සිත සිතා මම
    ලිය ලියා දුන් ආදරේ විසිරුණා
    නුඹේ රුව මව මවා මම
    ආදරෙන් මියැදුනා

    දැනුනේම නෑ හැර යයි කියා
    සිතුවේම නෑ මිහිරාවියේ මගේ
    හැර යයි කියා සිතුවේම නෑ

    නුඹ ගැන සිත සිතා
    මම ලිය ලියා දුන් ආදරේ විසිරුණා
    නුඹේ රුව මව මවා
    මම ආදරෙන් මියැදුනා

    පායා ආකාසේ හිනැහුනත් යලි ඔයා
    නෑ නෑ එලිවෙන්නේ ජීවිතේ යලි සදා
    මා අදරේ දැනුනේම නෑ සදා
    තනිවී මේසේ සැමදා හිදී අදුරේ රැදී

    නුඹ ගැන සිත සිතා
    මම ලිය ලියා දුන් ආදරේ විසිරුණා
    නුඹේ රුව මව මවා
    මම ආදරෙන් මියැදුනා
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඇසට අසුවෙන මායිමේ
    බඹර සැනකෙලි මල් විලේ
    ලසෝ ලැව් ගිනි ඇවිලුනා සිත
    ඔබ මගෙන් වෙන්වු දිනේ //

    සියපතක් මත විසුල පිණි කැට
    සැඩ සුළං වැද සර සරින් හෙට //
    මගෙන් රිදවුනු දෙවුන මොහොතක
    ඔබේ වත මට නැගෙයි සිහියට

    ඇසට අසුවෙන ....

    සතර අත පෙති විහිද විකසිත
    මලේ මල් මී මමණ යුරු දැක //
    ඔබේ ලවනත සැදුනු මිවිත
    මත් කලා මතකයි මගේ සිත

    ඇසට අසුවෙන ....

    Singer : Karunarathna Divulgane
    Lyrics : Mahinda Dissanayake
    Music : Gunadasa Kapuge
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඔබ මලක් වෙලා වන අරණේ පිපේවී
    මා සුළං රැල වෙලා ඔබ පිස හමාවී
    ඔබ සඳක් වෙලා පුර අහසේ දිලේවී
    මා ගඟක් වෙලා සඳ එළියේ ගලාවී

    සුළඟ ලෙසින් මා එන කල
    ඔබේ සුවඳ සෑහේ මට
    මල් මුවරද ඔබ සමගයි
    මලේ සුවඳ මා සමගයි

    ගඟක් වෙලා මා යන කල
    ඔබේ එළිය සෑහේ මට
    පුරසඳ නිළඹර සමගයි
    සඳේ එළිය මා සමගයි
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    හිතුවෙවත් නැති දවසක හිතන්නැතුවම ළංවුනා
    අතීතයේ දුර ඈතක ආදරේ මග වැරදුණා
    අපි අපිම අද ආයෙම හමුවුණා ඒ පාරෙම
    අපි හමුවුනා ඒ පාරේම

    මල් යාය මැලවුණා
    මල් දෙවැට හැඩිවුණා
    සමනල්ලු ඉහ හැරුණු අත ගියා
    අපි ආයේ නොයනා නිසා

    නිල් අහස කලු වුණා
    ඉකිගගහා වැලපුණා
    කදුලින්ම පිරුණු වැව බොරවුනා
    අපි නිතර ආවගිය තැන නිසා


    -Shalitha & Mahesh-

     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔබට ආදරේ කරපු තරම්
    ඔබ දන්නෙ නෑ තවමත්
    ඔබ වෙනුවෙන් මං අඬපු තරම්
    ඔබ දන්නෙ නෑ තවමත්
    ආදරේ හින්දමයි ඔබ මගේ වෙන්නමයි
    ජීවිත කාලෙම මං පැතුවේ

    සමනල පෙරහැර සිරිපා වඳින්න
    ඉ‍ගිලෙන රළ අතරේ
    සමනලියක් ලෙස ඔබ දුටුවා මම
    සීතල හිමිදිරියේ
    ආල හිතක් මට පහල කළා ඔබ
    මං දන්නෑ අරුමේ

    තනිවුණු මගෙ හිත ඔබ දුටු මුල් දින
    ඊයේ අද වාගේ
    මතකයෙ විතරක් ඔයා තියාගෙන
    ඉන්නට බෑනෙ හිතේ
    පුදුම හිතක් ඔබ අමතක වෙන්නෑ
    මං දන්නෑ අරුමේ

    ඔබට ආදරේ කරපු තරම් ..........


    ගායනය :- කිංස්ලි පීරිස්
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සුවඳ මේ ඔබෙ නම්
    සුවඳ විඳගන්නම්
    ආදරේ නැතිනම්
    මම එය දරාගන්නම්

    සිතට දැනෙනා මිහිරි සිතුවිලි
    ඔබ ගැනයි තුන් තිස් පැයේ
    ඈත සිට එන සුලඟ කීවෙත්
    ඔබ ගැනයි රහසින් වගේ
    ඔබට එය නැතිනම්
    මම එය දරාගන්නම්

    සුවඳ මේ ඔබෙ නම් ...........

    හදට හුරු නැති සො‍‍ඳුරු සිතුවම්
    ළඟ මැවෙයි නිදි නැති රැයේ
    දරන්නට බැරි දුකක් තිබුණත්
    එය ද සතුටක් ලෙස සිතේ
    ඔබට එය නැතිනම්
    මම එය දරාගන්නම්

    සුවඳ මේ ඔබෙ නම් ...........


    ගායනය :- කුමාරසිරි පතිරණ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නුඹ යන්න යාවි තව ටිකකින්
    කවදාවත් මුණනොගැහෙන්න
    මට දෙන්න තිබුණු සඳ අරගෙන
    වෙන අහසක හෙට පායන්න
    නුඹ යන්න යාවි තව ටිකකින්

    දුක දැනෙන විටක හිත හැදෙන්න
    නුඹ කියනා දේ අහගන්න
    මට හිතුනු විටක නුඹ දකින්න
    අවසර නැහැ යලි මතුදාක
    නෑ නුඹ ගැන තරහක් කිසිදාක
    දෙවියොත් සතුටුයි වෙන්වෙනවාට

    නුඹ යන්න ..................

    නුඹෙ හිතත් එක්ක ගිය ගිය තැන්
    තවමත් මගෙ හිත මුමුණනවා
    නුඹෙ ඇසුත් එක්ක දුටු දුටු තැන්
    මගෙ ඇස් තවමත් විමසනවා
    ඒ ඔක්කො ම නුඹ මිට මොලවාන
    නවතින්න ද ඔය වෙන කුළගේක

    නුඹ යන්න ..................


    ගායනය :- ලක්ෂ්මන් හේවාවිතාරණ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සඳ මඬලක් බැස ගියාට සඳ එළියට දොස් කියන්නෙ නෑ
    පිණි කඳුළක් වියෙකුණාට හිරු කැල්මට දොස් කියන්නෙ නෑ
    මල් යායක් හැර ගියාට ඹබර තුඩට දොස් කියන්නෙ නෑ
    මං හැරදා නුඹ ගියාට නුඹේ පෙමට දොස් කියන්නෙ නෑ

    මලක් නැති ගසට නුඹ තනි මලක් වුණා
    පිපාසිත සිතට නුඹ පැන් පොදක් වුණා
    අඳුර පිරි නෙතට නුඹ එළිවැටක් වුණා
    තනිව සිටි මසිත නුඹ පෙම් සිතක් කළා

    සඳ මඬලක් බැස ගියාට .................

    පිපුණු තනි මල ම අද පර මලක් වුණා
    සිහිල් පැණ් තොට ම දිය සිඳි තොටක් වුණා
    පහන් එළි වැට ම අඳුරට හාද වුණා
    මතක පෙම් සුවඳ නුඹ මට ඉතිරි කළා

    සඳ මඬලක් බැස ගියාට .................



    ගායනය :- නිශාන්ත නානයක්කාර