මුලින්ම මෙහෙම හිතපන්කො, internet එකට connect වෙන්න අපි පාවිච්චි කරන හැම බඩුවකටම IP එකක් තියන්න ඕන, Phone , Computer, TAB, CCTV DVR, IPTV, NVR, IPCAM, IoT, GPS ඔය හැම එකකටම IP එකක් තියෙන්න ඕන, ඒත් එහෙම දීගෙන දීගෙන එද්දි IP ඉවර උනා, ඒ නිසා තමයි ISP ලා ඒ වගේ ලෝකෙටම unique IP දෙන්නෙ නැතුව එහෙම එක IP එකක් අරගෙන ඒක තව ගොඩක් අයට බෙදලා දෙනවා NAT එකකින්,
ඒක හරියට Router එකකින් ගොඩක් අය ෆෝන් එකෙන් නෙට් යද්දි router එකෙන් හැමොටම IP එකක් දෙනවා වගේ, අපි කොයි IP එකක් පාවිච්චි කරත් එලියට යද්දි NAT එකෙන් අර Public IP එක හරහා එලියට යවනවා,
ඒ වගේ Private IP එකක් තියගෙන එලියෙ ඉදන් එන කනෙක්ශන් එකක් අපේ ඩිවයිස් එකට ගන්න බැ, මොකද අපි ඉන්නෙ NAT එකෙන් පිටිපස්සෙ නිසා, ඒ එන කනෙක්ශන් එක NAT එකෙන් පිටිපස්සෙ ඉන්න කොයි User ටද කියලා දන්නෙ නැති නිසා ඒක රෙජෙක්ට් වෙනවා.
ඉතින් අපිට කරන්න වෙන්නෙ එක්කො Static IP එකක් ගන්න එක, එත්කොට මුලො ලෝකෙන්ම අපිට විතරයි ඒ IP එක, DDNS මොන හුට්ටපරයක් වත් ඕන නැ, ෆෝන් එකේ කෙලින්ම ඒ IP එක ගහලා කනෙක්ට් වෙන්න පුලුවන්.
දෙවනි ක්රමය Public Dynamic IP එකක් ගන්න එක, Public නිසා අපිට විතරයි ඒ IP හම්බ වෙන්නෙ, ඒත් dynamic නිසා අපේ Modem එක Restart වෙන හැම වෙලාවකම සහ Lease එක Expire වෙන හැම වෙලාවකම Ip එක Change වෙනවා, ඒ නිසා තමයි ඒ Dynamic IP එකට point කරලා අපි Dynamic Domain (DDNS) එකක් ගන්නෙ,
ඊට පස්සෙ Port ටික foward කරගන්න ඕන, HTTP / Server / RSTP / Media / Mobile ඔය පෝට් ඔක්කොම Forward කරන්න ඕන හරියටම වැඩ කරන්න, HTTP ව්තරක් කරත් Web එකේ ඈක්ටිවෙ Client එකෙන් විතරයි බලන්න පුලුවන්,