ඔබෙ උණුහුමේ ඔය තුරුළේ සදා
සැනසෙන්න ඉඩ දෙන්න මගෙ කුමරුනේ
හැම හුස්මක් පුරා ඔබෙ නම ලියැවිලා
හැරයන්නෙපා මා මියැදෙයි අනේ
මගෙ පනටත් වඩා මම ආදරේ කලා
ඔබ දන්නවා නේද මගෙ කුමරුනේ
වැටෙන කඳුලක් පවා හද ගිනි අවුලුවා
රිදවන්න හිත දුන්නේ කොහොමද අනේ
ඔබ ඉන්නෙපා දුර ඈතට වෙලා
ඔබ නොදැක මට ඉන්න බැහැ කුමරුනේ
හැර යන්නෙපා මා තනිකර දමා
ඔබ නැතිව මගේ හුස්ම නවතියි අනේ
[email protected]






