අපේ පාරම්පරික දැනුම, කෙම් පහන් ක්රම විශේෂයෙන්ම ගොවිතැන සම්බන්ධයෙන් pdf නැත්ද ? තිලක් කන්දේගම, මහින්ද කුමාර දළුපොත යන මහත්වරුන්ගේ pdf තියෙනවා නම් ලොකු දෙයක්.
සහෝ, මහින්ද කුමාර දළුපොත, පියසේන කහඳගමගේ මහත්තයාගේ ඔය සම්බන්දයෙන් ලියවෙච්චි පොත් ගොඩක් තියනවා.
පියසේන කහඳගමගේ මහත්තයාගේ "සාර කෙත", "රන්වන් කරල්" පොත් දෙකේ ඔය ගැන ඉතා හොඳ විස්තරයක් තියනවා, තව පර්යේෂණ ග්රන්ථ විධියට "කෙතක මහිම" කියලා පොත් ටිකක් තියනවා ( කමත, කෙම්පහන් හා කුඹුර කියන 3න ). මොහුගේම හේනේ විත්ති, දිගාමඩුලු දනව්ව වගේ පොත්වලත් විස්තර තියනවා.
අපේ උපුල් අය්යා upload කරපු "මායා රන්ජන් මහතාගේ දිගාමඩුල්ලේ ආශ්චර්යය" පොතෙත් හොඳ විස්තරයක් තියනවා. මේ Thread එකට මම "අපේ ගමේ විත්ති" කියල පොතක් දැම්ම. එකෙත් සුළු විස්තරයක් තියනවා.
මමත් ඔය වගේ අපේ ගම්බද අතීත තොරතුරු වලට ගොඩක් කැමතියි. පුලුවන්නම් අපි ළඟ තියන පොත් මෙතන කරමු.
කෙතක මහිම කියන පොත මට upload කරන්න පුළුවන්.