Another crazy Premio crash

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,357
    2
    53,821
    113
    Meke side airbags nedda

    G superior එකේ තියෙනවා මේක මේ G superior badge එක ගහපු F L එකක් නේ. තිබ්බත් වැඩක් නෑ ඉතිං සීට් බෙල්ට් නොදා එකා පිට එකා ඉන්නකොට එයා බෑග් එක වැදිලා මැරෙන්නේ
     

    Richard Hammond

    Well-known member
  • Sep 7, 2017
    1,196
    263
    83
    56
    Solihull, Warwickshire, England
    G superior එකේ තියෙනවා මේක මේ G superior badge එක ගහපු F L එකක් නේ. තිබ්බත් වැඩක් නෑ ඉතිං සීට් බෙල්ට් නොදා එකා පිට එකා ඉන්නකොට එයා බෑග් එක වැදිලා මැරෙන්නේ

    :lol:
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,582
    2
    115,421
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    කොහොමද ඕකෙ 9ක් ගියේ? :oo:
    පිටි පස්සෙ 3යි ඔඩොක්කුවෙ 3 ඔක්කොම 6යි
    ඉස්සරහ පැසෙන්ජර් සීට් එකේ එකයි ඔඩොක්කුවෙ එකයි එතකොට ඔක්කොම 8යි
    9 වෙනි එකා ඩ්‍රයිවර්! :baffled:
     

    sudui.usai

    Active member
  • Apr 25, 2015
    599
    106
    43
    ගිය වෙඩිමේ සින්දු කියන්න ඉල්ලලා.. දීලා නෑලු.. ගෙදර කට්ටිය බස්සලා ආයේ කට්ටිය එක්ක තියෙනේ හෝල් එකටලු ගහන්න.. යන ගමන් තමාලූ සීන් එක වෙලා තියෙන්නේ...කට කතාද දන්නෑ.. ඒත් සමහරු කියන්නේනම් ඔහොම
     
    Last edited:

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,700
    28,629
    113
    ගිය වෙඩිමේ සින්දු කියන්න ඉල්ලලා.. දීලා නෑලු.. ගෙදර කට්ටිය බස්සලා ආයේ කට්ටිය එක්ක තියෙනේ හෝල් එකටලු ගහන්න.. යන ගමන් තමාලූ සීන් එක වෙලා තියෙන්නේ...කට කතාද දන්නෑ.. ඒත් සමහරු කියන්නේනම් ඔහොම

    Premio eke 12 k withera inne athi neda oya kiyana widiheta
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,218
    12,458
    113
    Piliyandala

    සීට් බෙල්ට් එක දාගන්නේ නැතුව සේෆ්ටි ඔප්ෂන් කොච්චර තිබ්බත් කොච්චර පරිස්සමෙන් වාහනේ පැද්දත් වැඩක් නෑනේ

    සිරා කතාව දොරේ.... අපේ එවුන් සීට් බෙල්ට් එක දාගන්නේ පොලිසියෙන් බේරෙන්න... බයික් එකක ගියත් කොල්ලෝ හෙල්මට් එක දාගන්නේ අතුරු පාර දිගේ හෙල්මට් එක අතේ අරන් එවිල්ල මහපාරට දාද්දි ඔලුවට දාගන්නවා.... මුන්ව හදන්න බෑ දොරේ...:no::no:
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,702
    20,215
    113
    හස්තිශෛලපුර
    Lorry eke hitapu unuth marilada?
    Casualties 9k une kohomada? Dicky eketh minissu genihinda?

    Habay toyota ekata maara advertising point eka. Premio ekaka van ekakak tharam unath minissu geniyanna puluwan kiyala



    Habay toyota ekata maara advertising point eka.---


    දෙකට නැවිලා බලපන් මොලේ ගූද කියල මෝඩයා..
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,861
    4,468
    113
    මේකෙන් අපිට ඉගෙන ගන්න තියෙන එකම පාඩම තමයි, කොච්චර සේෆ්ටි ඔප්ෂන් එක්ක තියෙන වහනයක් ගත්තත් වැඩක් නෑ අපි පදින විදිහට අනුව තමයි ඔක්කොම...

    අනික් කාරනාව තමයි... පටිකට ගිහිල්ල අඩියක් ගහල තමන්ගේ වාහනේ එන්න බලාගෙන යන්න එපා...... අනිවා ඌබර් එකක් ගෙන ආවනම් වැඩේ ශේප්

    meke ewunta owa kiyala wadak na bun. Un danne na okkoma safety 64Km/h witharai kiyala
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    වෙන්නප්පුව - නයිනමඩම පාලම අසළදී පසුගිය 20 වනදා සිදුවූ මාරක රිය අනතුරකින් පුද්ගලයන් හයදෙනෙකු මියගියා.

    20 වනදා අලූයම 3.15 ට පමණ හලාවත දෙසට ධාවනය වූ මෝටර් රථයක් එම දිශාවටම ධාවනයවූ මාළු ලොරියක පිටුපස ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබුණා.මෙසේ මාරක අනතුරට මුහුණ දී තිබුනේ වයික්කාල ප්‍රදේශයේ පැවති මංගලෝත්සවයකට සහභාගී වී ආපසු නිවෙස් බලා පැමි‍ණෙමින් සිටි පිරිසක්. එම මාරක අනතුර ගැන මියගිය පුද්ගලයෙකුගේ ඥාතියකු කලේ මෙවන් ප්‍රකාශයක්.

    එදා බැන්දේ මගේ පොඩි අක්කාගේ දුව. මනමාලයා අපේ ගෙවල් පැත්තේමයි. මඟුල් උත්සවයට ගිහින් අපි වේලාසන ගෙදර ආවා. පිරිමි කට්ටිය ටික දෙනෙක් හෝටලේ අස් කරලා එන්න උත්සව ශාලාවේ හිටියා. පාන්දර දැනගත්තා එයාලා අනතුරකට පත් වෙලා කියලා යැයි වෙන්නප්පුව නයිනමඩම පාලම අසලදී සිදු වූ මාරක රිය අනතුරින් මිය ගිය පිරිසකගේ ඥාතියකු වන කොලින්ජාඩියේ ඉන්ද්‍රානි ප්‍රනාන්දු මහත්මිය පැවසුවා. ඉකුත් 20 දා අලූයම 3.15 ට පමණ සිදු වූ මෙම අනතුරින් හය දෙනකු මියගිය අතර, තිදෙනකු තුවාල ලබා රෝහල්ගත කරනු ලැබුවා. මියගිය අයගේ සිරුරු දෙකක් මීගමුව මහ රෝහලේ තිබූ අතර, සිරුරු හතරක් මාරවිල මූලික රෝහලේ තැන්පත් කර තිබුණා. මළ සිරුරු සම්බන්ධයෙන් 20 දා පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කරනු ලැබුවා.

    අනතුරින් මියගොස් ඇත්තේ වෙන්නප්පුව කොලින්ජාඩිය ඩබ්ලිව්. ලෝව් ප්‍රදීප් චන්දන (36) හෙවත් කළු මහත්තයා, ලූණුවිල පොල් පර්යේෂණාගාර පාරේ පදිංචි ආර්. සුරංග සංජීව ප්‍රනාන්දු (34) (මීගමු රෝහල) සහ එක්දරු පියෙකු වන වෙන්නප්පුවේ මනෝජ් අනුරුද්ධ (24), රන්දියගම ජනිත රුෂාන් පීරිස් (26), පේරගස් හන්දිය පාර උල්හිටියාව පදිංචි දෙදරු පියෙකු වන ටී.ජී. වික්‍රමසිංහ බණ්ඩාර (34) සහ ගාල්ල වලහන්දූව, මානවිල පදිංචි ත්‍රිකුණාමලයේ නායාරු නාවික කඳවුරේ සේවය කරන දෙදෙරු පියෙකු වන සෙබළ ඒ. බී. ජී. රෝහණ සෙනෙවිරත්න (32) යන හය දෙනාය.

    මාරවිල මූලික රෝහලේදී අනතුර සිදු වූ 20 දා පස්වරුවේ තිදෙනකුගේ මරණ පරීක්ෂණ සිදු කෙරිණි. නාවික සෙබළ රෝහණ සෙනෙවිරත්නගේ මරණ පරීක්ෂණය එදින සිදු නොවූයේ හඳුනා ගැනීමට හා භාර ගැනීමට බිරිඳ හෝ වගකිවයුතු අයෙකු පැමිණ නොසිටි හෙයින් බව එහිදී මරණ පරීක්ෂක නිහාල් ගරුසිංහ මහතා පැවසීය.

    මිය ගිය ටී. ජී. වික්‍රමසිංහ බණ්ඩාරගේ බිරිඳ වන එච්.පී. සධානි නිල්මිණී මෙසේ කීවාය. අපිට දරුවන් දෙදෙනකු සිටිනවා. සැමියා කාර්මික ශිල්පියෙක්. අපි හෝම්කමින් එකට ගියේ බෝලවත්ත ශානි උත්සව ශාලාවට. උත්සවය සරුවට තිබුණා. මම ළමයි එක්ක ? 1.00 ට විතර ගෙදර ආවා. බණ්ඩාරලා කට්ටිය පස්සේ එනවා කිව්වා. පාන්දර පණිවිඩයක් ආවා, එයාලා ඇක්සිඩන්ට් වෙලා කියලා. පස්සේ අපි එතන්ට ගියා. එතන කවුරුවත් හිටියේ නෑ. එයාලව රෝහලට අරන් ගිහින් තිබුණා.

    අනතුරින් මිය ගිය එම්. ඒ. මනෝජ් අනුරුද්ධ (24) අවිවාහකයෙකි. ඔහුගේ ඥාතියකු වන එම්. ඒ. සෙබස්තියන් ප්‍රනාන්දු (53) මෙසේ කීය. පුතා එක්ක අපේ පවුලේ ඔක්කොම මඟුල් උත්සවයට ගියා. පාටියේදී කට්ටිය මත්පැන් පාවිච්චි කළා, විනෝද වුණා. අපි ? 12.30 ට විතර ගෙදර ආවා. පුතාලා පරක්කු වෙලා එනවා කිව්වා. පාන්දර ආරංචි වුණා. එයාලා අනතුරකට පත් වුණා කියලා.

    මිය ගිය එල්. ජනිත සංජීව පීරිස් (26) ගේ සොයුරු එල්. ශිරන්ත විරාජ් පීරිස් සාක්ෂි දෙමින් මෙසේ කීය. අයියා විවාහ වෙලා නෑ. අපි ගිය විවාහ උත්සව තිබුණේ අපේ ගෙවල් කිට්ටුව. හිතවත් වගේම ඥාති යුවලකගේ. අපි ගෙදර ආවෙත් වේලාසනයි. උත්සවය ඉවර වෙලා බඩු අස්කරන් එන්න අයියත් එක්ක හිතවත් යාළුවෝ පිරිසක් නතර වුණා. අපේ කට්ටිය ගෙවල්වලට දාන්න වෑන් එක කලින් ගියා. එයාලට එන්න අපි වෑන් එක ආපසු යැව්වා. ඒත් වෑන් එක එන්න කලින් ඉතුරුව තිබුණු බියර් කේස් වගේ බඩු වගයක් කාර් එකේ ඩිකියට දාගෙන එතන හිටපු 09 දෙනාම කාර් එකෙන් ඇවිල්ලා තියෙනවා. අනතුර වෙලා තියෙන්නේ ඒ එනකොටයි.

    මාරවිල මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී කේ. ජනක එන්. කුලරත්න මහතා මළ සිරුරු කපා පරීක්ෂා කළ අතර, ජනක රුක්ෂාන් පීරිස්ගේ සුසුම්නාව සම්පූර්ණයෙන්ම බිඳී ගොස් තිබූ බව ද, මනෝජ් අනුරුද්ධ සහ වික්‍රමසිංහ බණ්ඩාරගේ සිරුරුවල බහුවිධ තුවාල සහ මධ්‍ය ස්නායු පද්ධතිය බිඳී යෑම නිසා මෙම මරණ සිදු වී ඇති බව ද අනාවරණය කළේය.

    මාරවිල හදිසි මරණ පරීක්ෂක ජී. ඞී. නිහාල් පද්මසිරි ගරුසිංහ මහතා, මෙම මරණයන් මාරක මාර්ග රිය අනතුරකින් සිදු වූ මරණයක් බවට තීරණය කළේය. වෙන්නප්පුව පොලිසියේ කොස්තාපල් (29976) ජයතිලක සහ (98945) ප්‍රියන්ත යන නිලධාරීහු සාක්ෂි මෙහෙයවූහ.

    මෙම අනතුරින් මිය ගිය 36 හැවිරිදි ඩබ්. ලෝව් ප්‍රදීප් චන්දන සහ ආර්. සුරංග සංජීව ප්‍රනාන්දු පශ්චාත් මරණ පරීක්ෂණ මීගමුව මහ රෝහලේ සිදු කිරීමට කටයුතු යොදා තිබූ අතර, නාවික සෙබළ රෝහණ සෙනෙවිරත්නගේ පරීක්ෂණය ඊයේ (21 දා) පස්වරුවේ මාරවිල මූලික රෝහලේ දී පැවැත්වීමට නියමිත විය. මෙම අනතුරින් තුවාල ලත් ලහිරු දුෂ්මන්ත (26) දැඩි කම්පනයට පත්ව සිටියේය. ඔහු මෙම මාරක අනතුරින් සුළු තුවාල ලැබීම විශ්මයට හේතුවක් විය. තුවාල ලත් සම්පත් සහ ශානක යන සෙසු දෙදෙනා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබති.

    වෙන්නප්පුව නයිනමඩම පාලම අසල 20 දා අලූයම මෙම අනතුර සිදු වූ සැණින් ඊට නුදුරින් පදිංචි පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා ද පොලිසියට දන්වා තිබිණි. අසල්වාසීන් මහත් පරිශ්‍රමයක් දරා තුවාල කරුවන් ඉවතට ගන්නා ලදී. මෝටර් රථයේ රියැදුරු අසුනේ ව්‍යාපාරිකයකු වන ලෝව් ප්‍රදීප් චන්දන සිට ඇති අතර, වම් පස අසුනේ දෙදෙනකු ද, පිටුපස හය දෙනකු ද (උකුල මත තිදෙනකු වශයෙන්) වාඩි වී පැමිණ ඇතැයි පොලිසිය කියයි. මොවුන් සියලූ දෙනාම මනා යුරෝපී ඇඳුම්වලින් සැරසී සිටි අතර, නවීන දුරකථන ඇතුළු පුද්ගල බඩු බාහිරාදිය අත දරා සිට ඇත. ඉතිරි වූ බීර පෙට්ටි දෙකක් ද එහි තිබිණි. ඉතාලියේ නිෂ්පාදිත පිස්තෝලය තිබී ඇත්තේ ද මෙම මෝටර් රථයේ රියැදුරු අසුන අසලය. මෙම මෝටර් රථය එය පැදවූ ලෝව් ප්‍රදීප් සන්තකයේ තිබෙන්නක් අතර, එය ටොයොටා ප්‍රීමියර් වර්ගයේ සුඛෝපභෝගී වාහනයක් විය. බීමත්ව සහ අධික වේගය හේතුවෙන් අධික බර දරා පැමිණි මෝටර් රථය පාලනය කර ගැනීමට නොහැකිව මෙම අනතුර සිදු වන්නට ඇතැයි පොලිසිය පවසයි.

    මෝටර් රථය ඉදිරියෙන් ගැටුනු මාළු ලොරිය ගාල්ල සිට අයිස් මාළු පෙට්ටි රැගෙන හලාවත බලා යමින් සිටි අතර, එහි හිමිකරු පදිංචිව සිටින්නේ ද මෙම අනතුරට පත් පිරිස පදිංචි වෙන්නප්පුව කොලින්ජාඩිය ප්‍රදේශයේමය. එහි රියැදුරු වන වතුගහමුල්ල පනන්ගොඩ පදිංචි ඒ. ඒ. ජයසිංහ (40) නමැත්තා මාරවිල අධිකරණය මගින් ඇප මත මුදා හරින ලදී.

    සිද්ධිය පිළිබඳව හලාවත පොලිස් අධිකාරි සුරන්ජන් කුමාරපේලි මහතා සහ වෙන්නප්පුව වැඩ බලන හලාවත සහකාර පොලිස් අධිකාරි කීර්ති බණ්ඩාර, වෙන්නප්පුව වැඩ බලන මූලස්ථාන පොලිස් පරීක්ෂක ශ්‍රීනික ජයකොඩි, හලාවත කොට්ඨාශ රථ වාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රවින්ද්‍ර අබේරත්න යන මහත්වරුන්ගේ උපදෙස් මත වෙන්නප්පුව පොලිස් රථවාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ටී. එම්. එම්. ඞී. නෙල්සන් පීරිස් කොස්තාපල් (55530) රාජපක්ෂ ඇතුළු නිලධාරීන් පිරිසක් මෙහි වැඩිදුර පරීක්ෂණ සිදු කරති.

    -නාත්තන්ඩිය - රෙක්ස් හැරිසන්-
    (දිවයින පුවත්පත)
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,861
    4,468
    113
    umba ehenan kiwwe ay seat belt daala hitiyanan berei kiyela :P

    man byte ekata ehema kiwe. ai umba dakala nadda, meke inne ewun hitan inne eheman. safety rating kiyane military grading system ekak kiyala hitan inne. safety rating adu vahana wela giyot marenawa kiyala mun kiyanne
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,700
    28,629
    113
    man byte ekata ehema kiwe. ai umba dakala nadda, meke inne ewun hitan inne eheman. safety rating kiyane military grading system ekak kiyala hitan inne. safety rating adu vahana wela giyot marenawa kiyala mun kiyanne

    Umba kiyana eka mata terenewa..namuth oya rating nathi car ekeka umba kiyapu speed eken giyath marenna tiyena chance eke sahena wedi.. othana statistics tiyenne..nathuwa hondha rating ekeka giya kiyela marenne nama kiyela kiyanna ba tamai..:D