එපා උන අම්පාර ගමන..

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    එපා උන අම්පාර ගමන..

    අම්පාරේ විස්තර එක්ක ත්‍රෙඩ් එක දැම්මට පස්සේ ගොඩක් අය ඊලඟ කොටස දානකන් බලන් හිටියා වගේම කීප දෙනෙක් පී.එම් දාලත් තිබුණා ඉතුරු ටික කෝ කියලා අහලා..:love: පෞද්ගලික ප්‍රශ්නයි, ඔෆිස් එකේ කෙලවරක් නැති විකාර වැඩයි නිසා නිදහසේ කිසිම දෙයක් කරන්න ඉඩක් ලැබුණෙම නෑ පහු ගිය ටිකේ..:no: හරි එහෙනම්. ඒ කතාවලින් වැඩක් නෑ..

    කලින් ත්‍රෙඩ් දෙක නොබලපු අයට..
    ගමේ ගිය හැටි
    http://www.elakiri.com/forum/showthread.php?t=1882690

    කඩේ යාම

    http://www.elakiri.com/forum/showthread.php?t=1884034
    -
    -
    -
    -
    -
    -
    -
    -

    ආච්චිගේ මරණේ ආරංචි උන ගමන් අපිත් හදිස්සියේම අම්පාරේ යන්න තීරණය කළා.. තාත්තා ඒ වෙද්දිත් අම්පාරේ ගිහින් හිටිය නිසා ගමන යන්න උනේ තාත්තගේ අක්කටයි (ඒ කියන්නේ අපේ නැන්දා), එයාගේ පොඩි දුවටයි, මටයි.නැන්දගේ ලොකු දුවගේ මහත්තයටයි.. නැන්දගේ ලොකු දුවට පුතා හම්බ වෙන්න හිටිය නිසා එයාට යන්න පුලුවන් කමක් තිබුණේ නෑ.. ඒ නිසා එයාගේ මහත්තයා විතරක් අම්පාරේ යන්න ලෑස්ති උනා.. පොඩි අක්කගේ මහත්තයට හදිස්සියේ නිවාඩු ගන්න බැරි නිසා අපේ මාමා එක්ක ඒ අයියා ඊට පහුවෙනිදා එන්න ලෑස්ති උනා.. ඒ අතරේ අම්පාරේ ඉඳන් ඇවිත් හිටිය ලොකු නැන්දගේ පුතා ඒ වෙද්දී අපේ නැන්දලා ගෙදර නැවතිලා හිටියා.. ඒ නිසා එයා අපි එක්ක ගමනට එකතු උනා.. අපේ අම්මටත් ටිකක් ලොකු උදර සැත්කමක් කරලා තිබුණු නිසා අම්මට යන්න ක්‍රමයක් තිබුණෙත් නෑ එච්චර දුර.. තාත්තා ආච්චි නැති වෙද්දිත් ගමේ ගිහින් හිටියා ආච්චිට දිගින් දිගටම අසණීප උන නිසා.

    අපි ඔක්කොම පස් දෙනෙක් අම්පාරේ යන්න ලෑස්ති උනා.. නැන්දයි, පොඩි අක්කයි, ලොකු අක්කගේ මහත්තයයි, මමයි අම්පාරේ ලොකු අයියයි..

    තාත්තා කලින් දවසේ මට උපදෙස් දුන්නා "පුතේ ඔයා දෙතුන් සැරයක් ඇවිල්ලා තියෙන නිසා බස් නවත්තන තැන දන්නවනේ. කල්මුණේ බස් එකේම එන්න. ඒක ඉක්මනට එන නිසා ඕගොලොන්ට 4 බස් එකේම ගෙදර එන්න පුලුවන්" කියලා.:yes:

    ඔක්කොම බඩු බාහිරාදිය පැක් කරගෙන ලෑස්ති වෙන අතරේ අම්පාරේ ලොකු අයියා ඇවිත් කියපි "කල්මුණේ බස් එක කොටුවෙන් යන්නේ උදේ පහට විතර.. එච්චර උදෙන් ගිහින් කල්මුණේ බස් එකේ යන්න ඕනේ නෑ. අපි මාලබේ ඉඳලා පානදුර - මහනුවර බස් එකේ නුවරට ගිහින් නුවර ඉඳලා ඒ.සී බස් එකක අම්පාරේ යමු" කියලා..:angry:
    උදේ පාන්දර තුනට කලින් ඇහැරගෙන තුනයි හතලිස් පහට විතර ගෙදරින් පිටත් වෙලා පිටකොටුවට යනවට වැඩිය පහට මාලබේට එන නුවර බස් එකේ යන්නයි අයියගේ කල්පනාව..:confused:

    උදේම නැගිටලා පිටකොටුවට යනවට වැඩිය මාලබේටම එන නුවර බස් එකේ යන්න කට්ටියම කැමති උනා.. ඒවුනත් කල්මුණේ බස් එක අම්පාරට එන වෙලාවට කලින්නම් කීයටවත් යා ගන්න බෑ කියලා මම දැනගෙන හිටියා.. කොච්චර කිව්වත් මම ඒ කාලේ ඉස්කෝලෙ යන කොල්ලා නිසාද මන්දා කවුරුත් මම කියන දේ ඇහුවේ නෑ..:sorry: අන්තිමට නුවරට ගිහින් ආයේ අම්පාර බස් එකේ යන්න තීන්දු උනා අන්තිම මොහොතේ.. මමනම් ඒ තීරණේට වැඩි කැමත්තකින් නෙමෙයි හිටියේ.. බස් දෙකකින් මාරු වෙවී අම්පාරට එද්දී බාගෙට මැරිලා ඉන්න වෙනවා කියලා මම දැනන් හිටියා. කැත්ත උදැල්ල හුරු උන ලොකු අයියට ඒක ඒ හැටි දෙයක් නොවුනත් ලඟදී හදවත් සැත්කමක් පවා කරලා තිබුණ නැන්දටනම් ඒ ගමන සෑහෙන අමාරු වෙන බව මම දැනන් හිටියා..

    තාත්තත් මගින් මගටම කෝල් කර කර කියන්න ගත්තා "ටිකක් උදේ නැගිටින්න උනත් කමක් නෑ කල්මුණේ යන තනි බස් එකේම එන්න බලන්න, අම්පාරට එහා යන බස් එකක් නිසා ඒක කොහොම හරි කලින් එනවා" කියලා.. එක සැරයක් නිට්ටඹුව හරියේ අනතුරක් වෙලා නවත්තන් හිටිය ලොරි දෙකක් කල්මුණේ බස් එකේ රියදුරු මහත්තයා බස් එකෙන් බැහැලා ගිහින් අයින් කරවලා දුන්නා ඒ අයත් එක්ක කතා බහ කරලා.. "මහත්තයෝ මම මේ මිනිස්සු එක්ක කිලෝ මීටර් දෙසිය ගාණක් ලංකාවේ අනිත් කොනටම යන්න ඕනේ කඳු නැගගෙන ආයේ පල්ලම් බස්සගෙන.. ඔය දෙන්නා නිසා මට මෙතන දවසම ඉන්න බෑනේ.. මට මේ බස් එක දා ගන්න ඉඩක් හදල දෙන්න පින් සිද්ද වෙයි" කියලා.. එදා පැය බාගෙකට පස්සේ බස් එකේ රියදුරු මහත්තයා කියපු ඒ වචන ටිකට සෑහෙන වෙලාවක් තිස්සේ කුණුහරුප වපුරපු ලොරි රියදුරෝ දෙන්නා මෙල්ල උනා විතරක් නෙමෙයි බස් එකේ හිටිය මිනිස්සු පවා බස් රියදුරාට සෑහෙන සෑහෙන්න ප්‍රසංෂා කරපු හැටි මට හොඳට මතකයි..:yes:

    පොඩි අක්කාට දහ අට වංගුවේ යන්න බෑ, කරකැවිල්ලයි, කලන්තෙයි වමනෙයි එනවා.. ඒ නිසා නුවරට ගිහින්ම යමු කිව්වා.. මොකද කල්මුණේ බස් එක කොහොමත් යන්නේ දහ අට වංගුව පාරේ නිසා.. නැන්දත් ඉතින් "පොඩි දුවට වමනේ යන්න ගත්තාම මටත් අමාරුයි ඒ නිසා නිසා ඔන්න ඔහේ නුවර බස් එකේ ගිහින් යමු" කියලා කිව්වා.. නුවරින් අම්පාරට යන ගොඩක් බස් යන්නේ හුන්නස්ගිරිය පාරේ දහ අටවංගුව පහු කරන් උනත් ලොකු අයියා කිව්වා "රන්දෙණිගල පාරේ යන බස් ඕන තරම් තියෙනවා ඒ නිසා නුවරට ගිහින් යමු" කියලා..
    ආයෙ සැරයක් මම පරාද උනා..:(

    පහු වෙනිදා උදේ 4:45 වෙද්දී අපි මාලබේ, නුවර බස් නවත්තන හෝල්ට් එකට ආවා. අපරාදේ කියන්න බෑ අම්බානක සෙනග පිරුණු සීට් 54 ලේලන්ඩ් බස් එකක් දූවිලිත් එක්කම අවිත් හෝල්ට් එකේ නැවත්තුවා..
    lo8dC8W.jpg

    ඔන්න දැන් නැන්දා අහනවා "මේකේ සෙනගනේ, ඊලඟ එකේ ගියොත් පරක්කු වෙයිද ?" කියලා..
    "නෑ නෑ පරක්කු වෙන්නේ නෑ.. අම්පාරෙන් අඹගහවැල්ලට යන්න තියෙන අන්තිම බස් එක මිස් උනොත් මිසක්.":oo:
    හිත ඇතුළේ හීනියට තිබුණ තරහ බස් එකේ සෙනග දැකලා උත්සන්න වෙච්ච නිසාද මන්ද මම එහෙම කිව්වා...

    බස් එකේ නගිනවද නැද්ද කියලා හිත හිත හිටිය අපිව යන්නේ කොහෙද කියලවත් අහන්නේ නැතුව කොන්දා ඇවිත් බලෙන්ම බස් එකට පැටෙව්වේ ඌ හරියට අඹගහවැල්ල බස් එක මග ඇරෙන්න කලින් අපි අම්පාරට යා ගන්න ඕනේ කියලා කලින් දැනන් හිටියා වගේ..:P
    නැන්ද ගොඩ වෙනකොටම මම කොන්දස්තරගේ කණට කරලා කිව්වා "ඔපරේෂන් එකක් කරලා ඉන්න කෙනෙක් නිසා පුලුවන්නම් සීට් එකක් අරන් දෙන්න අපිටනම් නැතත් කමක් නෑ. අපි ඔක්කොම නුවරටම යනවා" කියලා..

    අම්පාරේ ලොකු අයියා මෙලෝ සිහියක් නැතුව ගිහින් පිටිපස්සේ දෝරේ එල්ලිලත් ඉවරයි..:frown: මම ලොකු බෑග් එකක් පිටේ එල්ලන් හිටිය නිසා ලොකු අක්කගේ මහත්තයාත් බස් එකට ගොඩ උනාට පස්සේ යන බස් එකේ යාන්තමට එල්ලුනා.. කඩුවෙල හරියෙදි පොඩි අක්කට සීට් එකක් හම්බ වෙලා.. බැලුම්මහරට එද්දී නැන්දත් ඉඳගෙන හිටියා.. නිට්ටඹුව හරියෙදී ලොකු අක්කගේ මහත්තයා බස් එක ඇතුළටම දැක්කුවා කොන්දා.. "මල්ලි ඔයාගේ කට්ටියට සීට් හරි ඈ.. ඔහොම ටිකක් යමන් සීට් එකක් අරන් දෙන්න බලන්නම්" කියලා කිව්වා.. පොඩියට හිටිය මම අනිත් අය ගැන ඌව දැනුවත් කරපු නිසාද මන්දා ඌ මට දොර ගාව ෆුට් බෝඩ් එකේම පොඩි ඉඩක් හදලා දුන්නා බෑග් එකත් එක්ක හිටගෙන යන්න.. (මුලින් එහෙම හිතුවත් පස්සේ තමයි දැන ගත්තේ පොඩි අක්කට ලයින් දාන්න ඌ අපිට සීට් සෙට් කරන්න ට්‍රයි කරලා කියලා..:angry: ලොකු අක්කගේ මහත්තයට ඒ ගැන ඉව වැටිලා තිබුණ නිසා එයා නැන්දවත් දැනුවත් කරලා ලඟ හිටිය කෙනෙකුට කියලා යාන්තන් අක්කවයි නැන්දාවයි එක තැන ඉන්ඳවලා තිබුණා..:rofl:)

    යක්කලට එද්දී අපි සෙට් එකෙන් 4 දෙනෙක්ම ඉඳගෙන. මම විතරක් තනියම දොරේ..:angry: ඔන්න මට ආයේ හීනියට තද උනා ඔක්කොම ඉඳගෙන ඉන්නවා දැක්කාම.. ඒත් ඒක එච්චරම අවුලක් නොවුනේ මට ඉස්සරහ පාර පෙනුන නිසා.. උදේ 5යි ගාණක් නිසා එලිය වැටිලත් නෑ.. පැයට කිලෝ මීටර් 70ක 80ක් විතර වේගෙන් හෙඩ්ලයිට් දෙකේ එලියෙන් බස් එක හැල්මේ ගමනේ.. ඔන්න එකපාරටම වංගුවකුත් එක්කම ඉස්සරහෙන් ආව ජීප් එකක් ඒකේ යට හයි කරලා තිබුණ හැලජන් ෆොග් ලයිට් හතරයි, වහලේ උඩින් හයි කරලා තිබ්බ තවත් ඇස්ගෙඩි වගේ හෙඩ් ලයිට් පහ හයකුයි ගහලා කියපි බස් එකේ හෙඩ් ලයිට් එක ඩිම් කරපිය කියලා..:baffled:
    ජීප් එකේ ලයිට් සෙට් එක එක්ක සෙල්ලම් දාන්න බැරි නිසා බස් ඩ්‍රයිවර් අයියා හෙඩ් ලයිට් ඕෆ් කලා.. අනේ කියන්න සන්තෝසයි බස් එකේ වම් පැත්තේ එකම එක ඩිම් ලයිට් එකක් විතරයි යාන්තමට පත්තු වෙන්නේ..:love: ඒකෙන් මෙලෝ මල දානයක් පේන්නේ නෑ.. ආපු වේගෙත් වැඩි නිසා ජීප් එක පහු වෙනවත් එක්කම ආයී හෙඩ් ලයිට් ඔන් කරද්දී බස් එක පාරෙන් පිට පැනලා වෙලකට යන්න ඔන්න මෙන්න.. ලයිට් එළිය නැති උන වෙලාවේ වංගුව ගන්න වෙලා මදි උන නිසා බස් එක පාරෙන් පිට ගිහින්.. හූ කියාගෙන බ්‍රේක් පාරකුත් එක්ක හෙන ගේමක් දීලා යාන්තන් ආයේ බස් එක පාරට දාගත්තු ඩ්‍රයිවර් අයියා වම් පත්තේ දොරේ හිටිය මිනිස්සු දිහා බැලුවේ "මාර කේස් එක නේද" කියන්න වගේ..:baffled:

    අම්පාරට යන්න කලින් මගේ Dead බොඩිය ආයේ මාලබේ යවන්න ඔනේ නැති නිසා ඊලඟ හෝල්ට් එකේ බස් එක නැවැත්තුව ගමන් මම බෑග් එක එන්ජිම උඩ පත බාවල පිටිපස්සට ගියා.. කඩුගන්නාව කන්ඳ නැගගෙන යද්දී බස් එකේ එන්ජින් එකේ සද්දේ වෙනස් වෙන්න ගත්තා.. ලේලන්ඩ් එන්ජිමේ සද්දේ වෙනුවට බෙල් 212 හෙලිකොප්ටරයක සද්දේ පිට වෙන්න ගත්තා.. පේරාදෙණියට එද්දී හෙලිකොප්ටර් ඇන්ජිම යමහා බෝට්ටු එන්ජිමකට මාරු උනා වගේ මෙලෝ රහක් නැති සද්දයක් එන්න ගත්තා.. අන්තිමට නියුට්‍රල් එකේ ඇවිත් බස් එක පාර අයිනේ නැවතුනා.. ඩ්‍රයිවර් අයියා "චූඌඌඌස්ස්ස්ස්ස්ස්ස්" ගලා වැකුම් පිරිච්ච හෑඩ්බ්‍රේක් එක ඇදල බස් එකේ එන්ජින් එක නවත්තනකොට අපේ පපුවත් "හෝඕඕඕඕස්" ගාලා නැවතුනා වගේ දැණුනා..:sorry:

    අයියෝ බස් එක කැඩිලා..? මොකද දන්නේ නෑ නේහ්..?? කීයට යයිද දන්නේ නෑ.??? හදා ගන්න පුලුවන්ද දන්නේ නෑ..???? වෙන බස් එකකට මාරු කරයිද දන්නෙත් නෑ..???? වගේ එක එක කතා එහෙන් මෙහෙන් ඇහෙන්න පටන් ගත්තා.. පැය බාගෙකට විතර පස්සේ උදේ සුදුවට හිටිය කොන්දොස්තර අයියා සුදට සුදේ දත් ටික විතරක් පෙන්නගෙන ග්‍රීස් යකා වගේ බස් එක යට ඉඳල බඩගාගෙන ඇවිත් ආයේ බස් එකට ගොඩ උනා.. බස් එකත් ආයේ ස්ටාට් උනා.. ග්‍රීස් යකා වගේ හිටිය කොන්දොස්තර වෙලාවේ හැටියට දෙයියෙක් උනා..පෙරාදෙණියේ ඉඳලා ගැස්සි ගැස්සි එන්ජින් එක නැවති නැවතී යාන්තං අපි ඔක්කොම යහතින් මහනුවරට සැපත් උනා.. මම විතරක් මාලබේ ඉඳල හිටගෙනම නුවරට සැපත් උනා..:frown:

    නුවරින් අම්පාරට යන බස් ඔක්කොම යන්නේ දහ අට වංගුව හරහා. පොඩි අක්කා ඕක දැන ගත්තොතින් නුවර ඉඳලම වමනේ දානවා කියලා අපි දැනන් හිටියා. ඒ නිසා බස් එක යන්නේ දහ අට වංගුව හරහා කියලා පොඩි අක්කටයි නැන්දටයි නොකියා ඉන්න අයියලා දෙන්නයි මමයි ප්ලෑන් කර ගත්තා.. ;)

    අම්පාරට යන ඒසී බස් එක පොඩි ඉසුසු ජර්නි බස් එකක්..
    bUh84ju.jpg

    සෙට් එකම එක ලඟ ඉඳ ගන්න ඕනේ නිසා අපි හැමෝම පිටිම පස්සේ සීට් එකේ ඉඳ ගත්තා.. අම්පාරේ ලොකු අයියා පිටිම පස්සේ සීට් එකට ඉස්සරහ සීට් එකේ අයිනක ඉඳ ගත්තා..

    බස් එක නුවරින් පිට වෙනකොටම ඇහුණ එන්ජිමේ සද්දේ නම් මට එච්චරම ඇල්ලුවේ නෑ.. ඉසුසු ජර්නි බස් එකෙන් TATA එන්ජිමක සද්දේ එන එක ගැන මටත් කලින්ම ලොකු අක්කගේ මහත්තයාට මීටර් උනා.. වාහන ගැන කැසිල්ලක් දෙන්නටම තිබුණ නිසා "මල්ලී මේකේ සද්දෙනම් අමුතූයි.. කලින් එක වගේම කට්ටක් සෙට් වෙන සීන් එකක් වගේ තියෙන්නේ" කියලා කිව්වා මගේ කණට කරලා..:baffled:
    "කට්ට සෙට් වෙනකන් සද්ද නැතුව යං.. නැන්දයි අක්කයි දැන ගත්තොත් හෙන කේස් එකක් වෙනවනේ.. ඔන්න ඔහේ යංකෝ" කියලා කිව්වා අයියට..:oo:

    නුවර පහු වෙලා ටික දුරක් යද්දීම ඒසී එකේ වතුර වැක්කෙරෙන්න ගත්තා ඔලුවට.. යන්නේ ආච්චිගේ මල ගෙදර කියලා දැන දැන උනත් අක්කගේ මහත්තයයි, අම්පාරේ අයියයි, මමයි ටිකක් සද්ද දදා විකාර කර කර ආවේ..:D ඒ නිසාම මම ටිකක් හයියෙන් කෑ ගහලා වගේ කිව්වා "මෙන්න පිටිපස්සට වහිනෝ.. අපි උදෙන්ම නාලා ආවේ ආයි බස් එක ඇතුළේ නාන්න බැරියෝ" කියලා..:rofl:
    බස් එකේ ඔක්කොම මිනිස්සු හිනා වෙන අතරේ බස් කොන්දොස්තර ජම්පින් සීට් වල ඉන්න උන්ව නැගිට්ටව නැගිට්ටව පිටිපස්සටම ඇවිත් උඩ ඒසී පියන ඇරලා මොකද්දෝ කරලා යන්න ගියා.. හුන්නස්ගිරියට කිට්ටු වෙනකොට ආයේ වතුර වැක්කෙරෙන්න ගත්තා.. ඩ්‍රයිවර් ඒසී එක off කරලා ඒ ප්‍රශ්නේ සරළ විදිහට විසඳලා දුන්නා..:P

    කොහොමත් ඒසි එකට වඩා ජනේලේ ඇරියාම එන හුලඟ ඈඟට අලුත් පණක් දුන්නා.. ඒ අතරේ වැලමිටි වංගුවක් බස් එකට නෙමෙයි වගේ පහු වෙලා ගියා.. අක්කා එක පාරටම අහන්න ගත්තා මෙ දහ අට වංගුවේ නේද යන්නේ කියලා...:rofl:
    දහ අට වංගුවට ටිකක් දුර තිබුණ නිසාම මම අක්කට කිව්වා
    "නෑ නෑ.. දහ අට වංගුවේ මෙහෙම කෙලින් යන්න බෑ.. වංගු ඔක්කොම තියෙන්නේ ලඟ ලඟ. මේ පාරේ ඔය වගේ වංගු දෙක තුනක් අහු වෙනවා.. ඔහොම ඉන්න අවුලක් නෑ.." කියලා..:P
    අම්පාරේ අයියා කට කොනකින් හිනා උනා.. ලොකු අක්කගේ මහත්තයා ඔහේ කැලෑව දිහා බලන් හිටියා හිනා යන එක නවත්ත ගන්න වගේ..:lol:

    දහ අට වංගුවට ලං වෙන්න වෙන්න අක්කටයි නැන්දටයි සුරංගනා කතා කියන එක වැඩි කරන්න උනා.. ලඟ ලඟ වැලමිටි වංගු දෙක තුනක් සෙට් වෙනකොටම ඒ අයට තේරෙන්න ගත්තා යන පාර මොකද්ද කියලා.. ඒවුනත් මම හෙන සීරියස් පිටම දහ අට වංගුව නෙමෙයිමයි කියපු නිසාත්, අයියලා දෙන්නා ගල් ගිල්ලා වගේ පාර දිහාම බලාගෙන යන නිසාත් අක්කයි නැන්දයි අතරමං වෙලා වගේ හිටියේ ඇත්ත බොරුව හොයා ගන්න බැරුව..:baffled:

    දහ අට වංගුවේ පළවෙනි වංගුවට කිලෝ මීටර් 2ක් විතර තියෙද්දී බස් එක පාරෙන් එළියට පැන්නා..:shocked: වම් පැත්තට තියෙන වංගුවක් දකුණු පැත්තට ගිහින් ඉඩ අරන් හරවගන්න ගිහින් අන්තිමට දකුණු අත පැත්තේ අයින දිගේම කන්ඳ පැත්තටම ඇදිලා ගිහින් එක පාරටම නැවතුනා.. මිනිස්සු ඔක්කොම "සූඌඌඌස්" ගෑවට උනේ මොකද්ද දන්නේ නෑ.. අපි ඔක්කොම අන්ඳුන් කුන්ඳුන් වෙලා ඔහේ බලන් හිටියා.. ඩ්‍රයිවර් බස් එක, එක තැන නවත්තගෙන ස්ටියරින් වීල් එක එහාට මෙහාට කරකව කරකව ඉන්නවා..:oo: උන දේ හිතා ගන්න බැරුව අපි ඕහේ බකන් නිලන් ඉන්නවා..:dull: ඉස්සරහට යන්න විදිහකුත් නෑ ජම්පින් සීට් නිසා.. විනාඩි කීපයකට පස්සේ ඉස්සරහ හිටිය කීප දෙනෙක් බස් එකෙන් බැස්සා.. අම්පාරේ ලොකු අයියා ජනේලෙන් එළියට බැස්සා.. ඒකා කරන්නේම ඔය වගේ විකාර වැඩමයි..:angry:
    මම එහෙම හිතුවත් ජම්පින් සීට් උඩින් පැන පැන දොර ගාවට යනවට වැඩිය ජනේලෙන් පනින එක ලේසි නිසා මමත් අයියව අනුගමනය කරලා බස් එකෙ ජනේලෙන් එලියට පැනලා ඉස්සරහට ගියා.. ඒ යද්දිත් කොන්දොස්තර බස් එක යට..:rolleyes: කියන්න සන්තෝසයි ඒ බස් එකේ ඉස්සරහ රෝද දෙක කැපෙන්නේ නැතුව ගිහින්.. දකුණට අයින් කරපු පාර රෝද දෙක වමට කැපිලා නෑතුව ස්ටියරින් වීල් එක ලොක් වෙලා.. ඒ නිසයි බස් එක වංගුව කපා ගන්න බැරුව කන්ඳ දිගේ නගින්න හදලා තිබුණේ.. ඔක අනිත් පැත්තට හරවද්දි උනානම් අනිවාර්යෙන් බස් එක ප්‍රපාතෙට වැටෙනවා.. සාමාන්‍යෙන් දහ අට බස්සනකොට බ්‍රේක් නැති වෙන අවධානම තියෙනවලු ගොඩක් බස් වල..:yes: ගොඩක් ඩ්‍රයිවර්ලා ඒ ගැන හිත හිතලු කන්ඳ බස්සන්නේ.. ඒ දවස්වල පාරවල් සෑහෙන පටුයි. බ්‍රේක් නැති වෙයි කියන එක ඔලුවේ තිබුණට ස්ටියරිං වීල් එක ලොක් වෙයි කියලා හීනෙන්වත් හිතන්නේ නෑනේ... ඒ කම්පණය නිසයි ඩ්‍රයිවර් බස් එක නවත්තලා ටිකක් වෙලා ඉඳලා තියෙන්නේ.. පස්සේ තමයි කොන්දොස්තරට කියලා තිබුණේ රෝද කැපෙන්නේ නෑ කියල.. දෙවනි පාරටත් ජීවිතේ බේරුණා වගේ හැඟීමක් දණුනා ඒ වෙලාවේ.. තව කිලෝ මීටර් දෙකක් ගිහින් ඕක උනානම් අනිවා දහ අට වංගුවලදි තමයි සෙට් වෙන්නේ..:shocked: එහෙම උනානම් බේරෙන්න අමාරුයි.. ඒ කාලේ පාරවල් පළල නැති නිසා වාහන දෙකක් මාරු වෙන්නෙත් එකක් රිවස් කරන් ගිහින්..ඒ මදිවට අන්තිම ගැට්ටට ගිහින් කපා ගන්න හිතාගෙන යන වෙලාවක රෝද දෙක කැපෙන්නේ නැති උනාම අනිවාර්යෙන් ඩ්‍රයිවර්ට කර කියා ගන්න දෙයක් නැති වෙනවා..මොකද්දෝ මන්ද පිනක් දෙවනි පාරටත් පළ දුන්නා.. ඒ අස්සේ කොන්දොස්තර අඩ තිය තිය ජැක් එක උඩට බස් එක නග්ගලා වැඩේ ගොඩ දා ගන්න ට්‍රයි කලා..:(


    දිග වැඩි උනා කියහංකෝ..:dull:
    මතු සම්බන්ධයි ඈ..:P
     
    Last edited:

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මොකද පරයෝ මෙච්චර දවසක් ගියේ....... :angry::angry:

    මාගලක් වගේ දිගට ලියල.:frown::frown:

    පස්සේ කියවන්නම්.:P:P

    - Reputation
    :growl::growl::growl::growl::growl:


    :love::love::love:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,509
    113
    Inside Your Laptop ;)
    කවුද යකෝ ලේලන්ඩ් එකක සද්දෙ බෙල් 212 හෙලිකොප්ටර් එකක් වගේ කිව්ව එකා......?? :angry: :angry:
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,750
    6,195
    113
    🇨🇦🍁

    මට මතකයි ඉස්සර දහඅට වන්ගුවේ යද්දී වංගුවකදී සමුපකාර ලොරියක් පාරෙන් එලියට පැනල ලොරියේ ඉස්සරහ ටයර් දෙක ප්‍රපාතේ
    පිටිපස්සේ ලෝඩ් එක වැඩි නිසා පහලට වැටිලා නෑ ලොරිය balance එකේ තිබ්බ :rofl::rofl:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    හ්ම්ම්...දැනුයි කතාව කියෙව්වේ....:P:P

    ඒ වුනාට මේ වගේ කතා බස් පිස්සන්ට එහෙම කියනවා නෙමේ හොඳේ... :baffled::baffled:

    උඹව ඇටවලු දෙකෙන් එල්ලයි... :rolleyes::rolleyes:



    තව එකක්, මේ මුළු සීරිස් එකේදිම කෙල්ලෙක් ගැන ස්ටොරියක් නම් නැති පාටයි.. :dull::dull:


    ElaKiri.com Message

    You must spread some Reputation around before giving it to richlife again.


    ඊයේ රෙප් කැපුවනේ...පස්සේ දෙන්නම් සුද්දෝ :rofl::rofl::rofl:
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,729
    21,028
    113
    adala nene
    හ්ම්ම්...දැනුයි කතාව කියෙව්වේ....:P:P

    ඒ වුනාට මේ වගේ කතා බස් පිස්සන්ට එහෙම කියනවා නෙමේ හොඳේ... :baffled::baffled:

    උඹව ඇටවලු දෙකෙන් එල්ලයි... :rolleyes::rolleyes:



    තව එකක්, මේ මුළු සීරිස් එකේදිම කෙල්ලෙක් ගැන ස්ටොරියක් නම් නැති පාටයි.. :dull::dull:


    ElaKiri.com Message

    You must spread some Reputation around before giving it to richlife again.


    ඊයේ රෙප් කැපුවනේ...පස්සේ දෙන්නම් සුද්දෝ :rofl::rofl::rofl:
    meka samanal kathawak :rofl::P