මම දිඹුලාගල ගිය වෙලාවක දැක්කා අර සඳුන් ලීයෙන් කරලා තියෙන ප්‍රතිමාව ළඟ අල්මාරියක ලොකු පොතක් තිබ්බා පට්ටාන ප්‍රකරණ සන්නය කියලා. කිට්ටුවෙලා බලපුවාම ඒ පොත ලියලා තියෙන්නේ රේරුකානේ චන්දවිමල ස්ථවිරයන් වහන්සේ. ඒ පොතේ ප්‍රමාණය දැක්කාම හිතෙනවා මනුස්සයෙක් කොහොමද ඒ තරම් විශාල පොතක් ලිව්වේ කියලා. පස්සේ තමයි මම දැනගත්තේ ඒ ස්වාමින් වහන්සේ ඒවගේ ධර්ම ග්‍රන්ථ විශාල ප්‍රමාණයක් ලියලා තියෙන බව. ඒ හැම පොතක්ම ලියලා තියෙන්නේ පුංචි ලෑලි කෑල්ලක් උඩ කඩදාසිය තියාගෙන. උන්වහන්සේ වැඩසිටියේත් පුංචි කුටියක. බොහොම අල්පේච්ඡ පැවිදි ජීවිතයක් ගතකරපු උදාර යුග පුරුෂයෙක්. ඔනෑම ගැඹුරු දහම් කරුණක් පොඩි ළමයෙකුට වුණත් තේරුම්ගන්න පුළුවන් විදියට හරිම සරල බසින් නිරවුල්ව ලිවීමේ පුදුම හැකියාවක් උන්වහන්සේට තිබුණේ. පැවිදි උපසම්පදාව ලැබුවේ බුරුමයේ දී. උන්වහන්සේගේ චරිතය අධ්‍යනය කරන කෙනෙකුට නිසැකයෙන් තේරුම්යන දෙයක් තමයි උන්වහන්සේ ඒකාන්ත වශයෙන්ම මාර්ගඵල ලාභී උතුමෙක්ය යන වග. _/|\__/|\__/|\_