අැත්ත.කියල ඵක පැත්තක වැරදි විතරක්.UNP උන් උපාසකයෝ කරල..

උඹත් UNP නිසා අවුලක් නැහැ ඉතිං..
Originally Posted by ROCCO-X View Post
ඔබතුමා හොඳ UNP කාරයෙක් බව නම් පේනවා.පරම්පරාවම කැපුවත් කොල වගේ...
මම පක්ෂ භේදයක් නැතිව, මම දන්නා තරමට ඇත්ත කියන්න උත්සාහ කළා මිසක් පක්ෂයක් වෙනුවෙන් පැහැදිලි කිරීමක් කලේ නැහැ. ඔබට එහෙම හිතෙන්න ඇත්තේ මගේ අත්දැකීම් ඔබට නැති නිසා විය හැකියි. මම 1962 උපන් කෙනෙක්. 70-77 යුගය කියන්නේ මගේ ළමා සහ මුලික ටීනේජ් (8-15)යුගයයි. ඒ කාලයේ කොළඹට ආසන්න මධ්‍යම පාන්තික පවුලක රජයේ සේවක දෙමවුපියන් සහිත පවුලක් වූ අපට ආහාර නැති කමක් තිබුනේ නැහැ. නමුත් මගේ දෙමව්පියන් ඔවුන් භුක්ති විඳි, නමුත් අපට නැති දේවල් ගැන බොහෝ දුක් උනා. පවුලේ වැඩිමල් පිරිමි දරුවා හැටියට සමුපකාර පෝලිමේ ලැගීම, පාන් පෝලිමේ ලැගීම, කඩේ යාම වැනි කටයුතු බාර උනේ මටයි. 70-77 යුගය ගැන මගේ අත්දැකීම් තව ගොඩක් තියනවා. ඒවා ලියනකොට මාව තව තවත් unp කාරයෙක් හැටියට හංවඩු ගැහේවි.. හේතුව ඒවායෙන් කියැවෙන්නේ ඒ යුගයේ තිබුන දුර්භාග්‍යසම්පන්න දේවල් වීම නිසයි. කොහොම උනත් කිහිපයක් පහතින් ලියන්නම්.
එකල මගුල් ගෙවල් වල ආරාධිතයින් සංඛ්‍යාව 150 කට සීමා කර තිබුනා. වරක් සෙලින්කෝ එකේ තිබුන ඥාතියෙකුගේ මගුල් උත්සවයක ආරාධිතයින් 150 ට වැඩි බව අහුවෙලා, කෑම සැපයීම තහනම් කරලා තිබුනේ උත්සවය දවසේ උදේයි. බුරිය උල්වෙන්න කන්න හිතාගෙන ගිය මට වතුරවත් නැතිව උත්සවයට සහභාගී වෙලා (කොටුවේ හෝටලයකින් කාලා )ආපසු යන්න උනා. වෙඩිං කේක් බෙදුවේ ලිෆ්ට් එකේ තියාගෙන, හරියට හොර බඩු බෙදනවා වාගේ.. මගුල් ජෝඩුවට වත් කන්න තිබුනේ නැහැ. හවස හතර වෙනතෙක් පමණ සුදානම් කල උත්සවය එකහමාර දෙක වෙනකොට අවසන් කළා.
1973 දී උපන් මගේ බාලම මල්ලිට කිරිපිටි හොයන්න තාත්තා දෙනියායට, බදුල්ලට, අකුරැස්සට (කාගෙන් හෝ ලැබෙන ඔත්තුවක් අනුව ) ගිය බව මට මතකයි. නමුත් ඊට වඩා බොහෝ තැන්වලට ගිය බව මම දන්නවා.
රතු ලූණු ප්‍රවාහනයටත් සීමා පනවා තිබුනා. අපි දුම්රියෙන් යාපනේ ගොස් රතුලූනු රාත්තල් 15-20 අරන් ආවේ ඇඳුම් බෑග් එකේ දමාගෙන හොර බඩු ගේනවා වගේ. එලිෆන්ට් පාස් වලදී හමුදාවෙන් කෝච්චිය චෙක් කරනවා. නමුත් ඉතාම සුළුතරයක් වූ සිංහල මගීන්ට ඔවුන් කරදර කලේ නැහැ.
අපිට හාල් පොල් දෙක ඕනෑ තරම් තිබුනා. නමුත් රාජගිරියේ හිටපු පුංචි අම්මාට මම හාල් අරං ගියේ ඉස්කෝලේ පොත් ගෙනියන සූට් කේස් එකේ දමාගෙන පොත් ගෙනියනවා වගේ හංගා ගෙනයි.
කවුරුන් හෝ පැමිණ අපේ අම්මාට "" අන්න සමුපකාරේ ලොකු පෝලිමක්, මොනවා හරි ඇවිල්ලා වෙන්න ඇති "" කිව්වාම මාව සමුපකාරේට අරිනවා. ආපු දේ මොකක්ද කියන එක කොහොමවත් වැදගත් නැහැ. කාඩ් එකට දෙන ප්‍රමාණය මොනවා උනත් අරන් එනවා. මොනවා උනත් කමක් නැහැ . ඒ මොකද ඕනෑම දෙයක් වටිනවා. මේ දේවල් සුඛෝපභෝගී දේවල් නොවේ. පරිප්පු, උම්බලකඩ, බොම්බයි ලුණු, කරවල එහෙම නැතිනම් කලිසම් රෙදි කෑල්ලක්, රෙදි යාරයක් දෙකක් වැනි ඉතාම සුළු දෙයක්.
1990 දී ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වූ මට ලංකාවේ චන්ද බලය නැහැ. ඒ නිසා දේශපාලන පක්ෂ වලට කඩේ ගියා කියා වැඩක් නැහැ. මෙවැනි දේවල් ලියු විට ලැබෙන ප්‍රතිචාර ගැනත් මම දන්නවා. නමුත් බොහෝ දෙනෙක් එකල තිබුන ඇත්ත තත්වය නොදන්නා නිසයි මෙය ලිව්වේ.
Edit/Delete Message Reply With Quote