Heta okkoma kiyawanewa..
Dan nida ganne yanne one..
Heta scooty eketa hulan gahanna tiyenewa![]()

gn, නංගිට gn කිව්වා කියන්න...![]()

ඔහ්...
so u dont own a scooty?![]()


ඔව් ඉතින් ඒ විදියට හිතුවම මුකුත් තරණයක් ගන්න බෑ කිසි දෙයක් ගැන..
බෞතික හිතලම නෙමෙයි , අපේ මොලේ ක්‍රියා කරන විදිය ගැන හිතුවමත් free will එකක් තියෙන්න බෑ කියල තමයි හිතෙන්නේ,,,


කිසිම දෙයක් 100%ක් තේරුම් ගන්න එකක් නෑ. දියුණු වෙයි නිරවද්‍යතාවය වැඩි වෙයි. ඒත් ප්‍රායෝගික භාවිතේකට ගන්නව ඇරෙන්න ප්‍රශ්නයක් තක්කෙටම විසඳන්න කවදාවත් දැනුම දියුණු වෙන එකක් නෑ 


මොලේ කියන්නෙත් භෞතිකදේවල් වලිංම හැදුන තවත් එක දෙයක් විතරයිනෙ. අනික් ඕනෙම ඉන්ද්‍රියක් වගේ මොලෙත් ක්‍රියාකාරීත්වය කලිං වැඩ කරපු විදි බලල පුරෝකථනය කරන්න පුලුවන් වෙයි. ඒත් free will එකක් ඇත්තෙම නෑ කියන්න මිනිස්සු ගොඩනඟල තියෙන දැනුම මදි. consciousness එක ඇති වෙන්නෙ කොහොමද කියලවත් මිනිස්සුන්ට තාම හරි හමං අවබෝධයක් නෑනෙ. consciousness එකත් එක්ක බැඳිල තියෙන free will වගේ දෙයක් ගැන කියන්න කොහොමත් බෑ. බොහෝ විට ගොඩක් ප්‍රශ්න වලට උත්තර කවමදාවත් කොච්චර කල්පනා කලත් අපිට හොයාගන්න වෙන එකක් නෑ
ඔන්න අතීතෙට ගිහිං කෙනෙක් කලිං ගත්තු තීරණේ නැතුව වෙන තීරණයක් ගන්න පුලුවන් කම තියෙනවද කියල බලන්න පුලුවන්නං free will එකක් තියෙනවද නැද්ද කියල හොයාගත්තෑකි. ඒත් අන්තිමට ගත්තාම තමන්ට තමංගෙ සිතුවිලි දැනෙනව ඇරෙන්න අනික් මනුස්සය conscious ද රොබෝ කෙනෙක්ද කියලවත් දැනගන්න ක්‍රමයක් නෑනෙ
මනුශ්‍ය දැනුම කවදාවත් complete වෙන එකක් නෑකිසිම දෙයක් 100%ක් තේරුම් ගන්න එකක් නෑ. දියුණු වෙයි නිරවද්‍යතාවය වැඩි වෙයි. ඒත් ප්‍රායෝගික භාවිතේකට ගන්නව ඇරෙන්න ප්‍රශ්නයක් තක්කෙටම විසඳන්න කවදාවත් දැනුම දියුණු වෙන එකක් නෑ
තක්කෙටම ආයෙ වෙනසක් නොවෙන්නම දෙයක හරි වැරැද්ද තීරණය කරන්න පුලුවන් දැනුම් පද්ධතියකට තියෙනව ඇත්තෙ ශුද්ධ ගණිතය විතරක් වෙන්න ඇති. තනිකරම භෞතික ලෝකෙං මිදුන නිරීක්ශණ පරීක්ශණ වලිං දූශනය නොවුන pure reason එකෙං ගොඩනඟන දැනුමක්නෙ. නිරීක්ශණය කෙරෙන භෞතික ලෝකය ගැන ඉන්ද්රිය ගෝචර වෙන දේවල් සහ ඉන්ද්රිය ගෝචර කරගන්න කවදාවත් බැරි දේවල් ගැන ගොඩනඟන ආසන්න ප්‍රතිඵල දෙන ප්‍රවාද වලිං එහාට කවදාවත් මිනිස් දැනුම දියුණු වෙන එකක් නෑ. හිත දියුණු කරල දැනුම ගත්තත් ඒකත් තවත් එක ඉන්ද්‍රියකට ගෝචර වුන දැනුමක් විතරයි.
විශ්වය නියතිවාදී වුනත් නියතිවාදයෙන්ම අනියතවාදයට තැන දෙන්න පුලුවන්. අතීතෙට මෙහෙම වෙන්න පුලුවන්නං අනාගතේට මෙහෙම වෙන්න බැරි ඇයි ?
libets experiment එකේ අලුතෙන් කරල තියන research බලපන්, test subject එක ගන්න decision එක ගැන පුරෝකථනය කරනවා තත්පර 5ක් වගේ කාලෙකට ඉස්සෙල්ල, 90% විතර නිරවද්‍යතාවයකින්.. එක මදිද free will එකක් නෑ කියල සැහෙන්න දුරකට හිතන්න...
අනික පොඩ්ඩක් හිතල බලපන්, අපේ හිතට එන සිතුවිලි එන්නේ අපේ අනුදැනුමකින් තොරව , ඒ සිතුවිලි අතරින් එකක් තෝරාගන්නේ තවත් සිතුවිල්ලකින්...
කිසිම දෙයක් ගැන absolutely නිගමනයකට එන්න බෑ තමයි.. එත් සමහර දේවල් යම්කිසි රාමුවක් ඇතුලේ හරි වෙන්න ඕනේ කියල හිතන්න පුළුවන්...
එක අතකින් බැලුවම අපිට මේ දේවල් හිතෙන්නෙත් මොලේ ඇති වෙන එක එක process වලින් නේ, ඒවා හරිද නැද්ද කියල කවුද දන්නේ. අපි නිරපේක්ෂ යථාර්තයට ගොඩක් දුරයි තමයි.. හැබැයි මෙහෙම හිතාගෙන යද්දී අපේ තියන සංකල්ප ඔක්කොම බින්දවටෙනවා..
වෙනස් කරගන්න බැරි දෙයක් පුරෝකථනය කරනව නං අන්න කිව්වෑකි free will එක නෑ කියල.
ඒක හොඳටම දැනෙන දෙයක්නෙ. free will එක තිබිලත් ගොඩක් දේවල් freely decide කරගන්න බැරි නං බහුතරයක් පරීක්ශණ වලිං free will එකක් නෑ වගේ අදහසක් එන ප්‍රතිඵල එයි තමා. causation එක ultimately මිනිසාගේ නිර්මාණයත් විතරයි කියල ගත්තත් causation එකේ ස්වභාවය ගැන හිතනවනං ලස්සන ප්‍රශ්න ටිකක් තියෙනව.
laplace ල නං කිව්වෙ විශ්වයේ සියලූම අංශු වල සියලූම ගුණයන් වල අගයන් සහ ඒව තීරණය කරන causal සමීකරණ ටික දන්න කෙනෙක්ට ඒ ඇසුරෙන් ඇති තරම් කාලෙකට විශ්වයේ අනාගතයත් අතීතයත් තක්කෙටම පුරෝකථනය කරන්න පුලුවන් කියල. වෙන විදිහකට කියනවනං laplace ල වගේ අය හේතුඵල වාදය time symmetric කියල විශ්වාස කලා. දෙයක අනාගතය තීරණය කරන සමීකරණයක් තියෙනවනං (F = ma) වගේ ඒ සමීකරණෙන්ම ඒ දෙයි අතීතයත් ගණනය කරල ලබාගත්තෑකි කියල.
ඒත් මොකක් හරි පද්ධතියක (අපේ විශ්වය වගේ) එකිනෙකට වෙනස් configurations 2ක් ඒ configuration දෙකේ ප්‍රතිඵලය විදිහට එකම configuration එකකට වැටෙනවනං, උදාහරණෙකට a b c කියන්නෙ configurations 3ක් නං, a වලට ආවොත් c වෙනව, b වලට ආවත් c වෙනව වගේ වෙන්න පුලුවන්නං අපි deterministic කියල ගන්න විශ්වය deterministic වෙන්නෙ අනාගතේ දිශාවට සැලකුවොත් විතරයි. දැන් තියෙන configuration එකෙං අතීතය තීරණය කරන්න ගියොත් c වලට ආවට පස්සෙ අපිට තීරණය කරගන්න බැරි වෙනව c ට කලිං තිබිල තියෙන්න ඇත්තෙ a වලට b වලද කියල. දෙකෙන් ඕනෙ එකක තිබුණ වෙන්න පුලුවන්. ඒ විදිහට ගත්තොත් හේතුඵලවාදය time symmetric නෑවිශ්වය නියතිවාදී වුනත් නියතිවාදයෙන්ම අනියතවාදයට තැන දෙන්න පුලුවන්. අතීතෙට මෙහෙම වෙන්න පුලුවන්නං අනාගතේට මෙහෙම වෙන්න බැරි ඇයි ?
අනාගතේට මෙහෙම වෙනවනං p වලට ආවාම q r දෙකෙන් ඕනෙම එකකට යන්න පුලුවන්නං, p වලිං යන්නෙ q ටද r ටද කියල තීරණය කරන්නෙ මොකක්ද ? ඒ තීරණය කරන දේත් හේතුඵලවාදී නං contradiction එකක්නෙ. q ද r ද කියන එක හුදෙක් අහම්බයක් වුනහැකිද ? අහම්බයක් කියන්නෙ මොකක්ද ?![]()

කවුරු හරි මගෙ මොලේ scan කල්ල කිව්වොත් මම තප්පර පහකිං අත උස්සනව කියල, මට තීරණය කරන්න පුලුවන්නෙ අත උස්සන්නැතුව ඉන්න. පුරෝකථනය කිරීමට හැකිවීම free will එක ඇත්තෙම නෑ කියන්න සාක්ශියක් වෙයි කියල මම නං හිතන්නෑවෙනස් කරගන්න බැරි දෙයක් පුරෝකථනය කරනව නං අන්න කිව්වෑකි free will එක නෑ කියල.
free will එකක් තිබ්බත් ගොඩක් දේවල් අනුදැනුමකිං තොරව හිතෙනව වෙන්න පුලුවන්. free will එක තියෙනව කියල ගත්තත් මට freely මම කැමති දේ කරන්න තීරණය කලෑකි. ඒත් මම කැමති වෙන්නෙ මොකේටද කියල ගොඩක් වෙලාවට මට තීරණය කරන්න බෑනෙ. කොච්චර උවමනාව තිබ්බත් අපිට අප්පිරිය කෑමක් ලේසියෙන් කැමති කෑමක් කරගන්න බෑනෙඒක හොඳටම දැනෙන දෙයක්නෙ. free will එක තිබිලත් ගොඩක් දේවල් freely decide කරගන්න බැරි නං බහුතරයක් පරීක්ශණ වලිං free will එකක් නෑ වගේ අදහසක් එන ප්‍රතිඵල එයි තමා.
ඕක වෙන්න බැනේ බං...
a --> c
b --> c
වෙනවා නම් ,
a -- > c වෙද්දී x වගේ අතරමැද අවස්ථාවක් තියෙන්න ඕනේ
b --> c වෙද්දී y වගේ අතරමැද අවස්ථාවක් තියෙන්න ඕනේ...
ඉතින් x හෝ y අනුව හිතන්න පුළුවන් තිබුනේ a වලද b වලද කියල...
plank නියතයේ දුරක අවස්තාවකදී විතරයි ඔතන ප්‍රශ්නයක් වෙන්නේ..


මේ වගේ දේවල් ගැන හිතන්න ගිහිං පිස්සු හැදෙන එක තමා වෙන්නෙ. Godel වගේ විද්‍යාඥයො සෑහෙන පිරිසකට ජීවිතේ අන්තිම කාලෙ පිස්සු හැදුනලු



උබේ මොලේ scan කරල outcome එක කියනවා කියන්නේ scan එකත් system එක ඇතුලේ තියනවා කියන එකනේ.. එහෙම හරියන්නේ නෑ, scanner එක තියෙන්න ඕනේ system එකෙන් එළියේ...
liberts experimant එකෙන් කරන්නේ කෙනෙක් ගන්න තීරණය ගැන consciously aware වෙන්න ඉස්සෙල්ල ගන්න තීරණේ මොකක්ද කියල guess කරන එක ...
එතකොට අපි කැමති හෝ අකමැති හෝ මොන විදියෙන් හෝ ගන්න තීරණය ගැන කලින් කියන්න පුළුවන් කියන්නේ අපිට free will එකක් නෑ කියන එක නෙමෙයිද?
ඔතන free will කියල කියන්නේ 'අපි කැමැත්තෙන් ගන්න තිරනයම' නෙමෙයි , 'කැමැත්තෙන් හෝ අකමැත්තෙන්' අවසානයේ ගන්න තීරණය
අපි හිතමු මේ මුළු විශ්වයම ආරම්භ වුණේ එක විදියකට කියල
ආයෙත් එහෙම දෙයක් වුණොත් මේ හැම කතාවක්ම ඒ විදියටම වෙයි කියල මට හිතෙනව![]()