අතරමැද අවස්ථා කතාව හේතුඵලවාදයේ පදනමේ තියෙන තවත් අවුලක්. ඒක අමතක වෙලා තිබ්බෙ. අනිවාර්යයෙන් a නිසා b වුනා නං b වෙන්නෙ a ට පස්සෙ. එහෙම වෙන ඕනෙම අවස්ථාවක a සහ b අතරමැද අවස්ථාවක් අරං පෙන්නුවෑකි. ඒ අතරමැද අවස්ථාව x නං a නිසා x වෙනවනං ax අතරත් තවත් අතරමැද අවස්ථාවක් අරං පෙන්නුවෑකි. ඒක අතරෙ තවත් අතරමැද අවස්ථාවක්. ඔහොම ඔහොම කෙලවරක් නෑ. එතකොට හේතුඵලවාදය තවත් පඹගාලක පැටලෙනව.
p නිසා q වෙනව කියන්න බෑ p නිසා වෙලා තියෙන්නෙ වෙන r කියල එකක් r නිසා තමා q වෙලා තියෙන්නෙ. ඔහොම දෙක අතරමැද කාලය පොඩි කරගෙන කරගෙන ගියාම අන්තිමට නතර වෙන්නෙ p ටම ඇවිල්ල. එතකොට p නිසා වෙන දේ p ත් එක්කම වෙන්න ඕනෙද ? p වෙනකොටම නං m වුනේ p නිසා m වුනාද/m නිසා p වුනාද කියල තීරණය කරන්නෙ කොහොමද ? p ට පස්සෙ නං m වුනේ ආයෙත් මුල ප්‍රශ්නෙමයි.
හේතුඵල වාදය අත්දැකීම් පැහැදිලි කරන්න මිනිසා නිර්මාණය කරගත්තු තවත් එක සංකල්පයක් විතරයි කියල අරගෙන ඇරෙන්න මේ පඹගාලෙන් බේරෙන්න ක්‍රමයක් මට නං පේන්නෑ
එහෙම ගත්තු ගමං ඒ සංකල්පය යථාර්තයයි කියල සහතික වෙන්න බෑ කියල පිළිගන්න වෙනව. ඒකෙං ගම්‍ය වෙන්නෙ භෞතික ලෝකය ගැන හේතුඵලවාදය පදනම් කරගෙන නිර්මාණය කරන සියලුම දැනුම අසම්පූර්ණයි කියල පිළිගන්න වෙනව
කොහෙං ගියත් ගැලවීමක් නෑමේ වගේ දේවල් ගැන හිතන්න ගිහිං පිස්සු හැදෙන එක තමා වෙන්නෙ. Godel වගේ විද්‍යාඥයො සෑහෙන පිරිසකට ජීවිතේ අන්තිම කාලෙ පිස්සු හැදුනලු
![]()
![]()

කෙටියෙන් ගත්තොත් determinism (නියතිවාදයෙන්) කියන්නෙ ඕක තමා. සේරම reset කලොත් මේ වුන දේවල් ටික කිසි වෙනසක් නැතුව එහෙම්පිටිංම ආයෙ දිගෑරෙන්න ගනියි. අපි මේ වෙනකං හිතල ගත්තු තීරණ සේරම කිසි වෙනසක් නැතුව ඒ විදිහටම හිතල ආයෙම ගනියි කියල.


consciously aware වෙන අවස්ථාව තීරණය කරන්නෙ කොහොමද ? තමන් තීරණයක් ගත්ත කියල හිතුන වෙලාවෙ button එකක් ඔබන්න කියලනෙ. වෙන ක්‍රමයක් නෑනෙ. එතකොට consciously aware වෙලත් consciously aware වෙලාද කියල දැනගන්න self reflection පාරක් දාන්න ඕනෙ. ඒකට වෙලාවක් යනව. ඒ දාල මම දැන් තීරණය ගැන consciously aware කියල දැනගෙන button එක ඔබන්න තීරණය කරල ඔබන්නත් වෙලාවක් යනව.
කෙටියෙන්, freely තීරණයක් අරගෙන ඉවරයි කියල දැනගන්නත් තවත් mental process එකක් කරල දැනගන්න එපායැ.
ඔතන තියෙන්නේ zeno ගේ paradox එකනේ..
එකට විසදුම විදියට ගන්නේ plank දුර නේ...
කොහොම උනත් quantum level එකේ අංගු හැසිරීම තාම තෙරුම ගන්න බැරි නිසා ඔතන ප්‍රශ්නයක් තියනවා තමයි... ලප්ලාස් හිතුවට වඩා විශ්වය ගොඩක් සංකීර්ණයි...


zeno ගෙ paradox එකේ තියෙන්නෙ පද අනන්තෙයක් තියෙන ශ්‍රේණියක් අභිසාරී වෙන්න බෑ කියන උපකල්පනය. (infinite series cannot converge) පද අනන්තෙක ශ්‍රේණියක් අනන්තෙට යන්නැතුව පරිමිත අගේකට යනව කියල අපි හොඳටම දන්නවනෙ. 1/2 + 1/2^2 + 1/2^3 + 1/2^4 + . . . = 1යි. ඉතිං අචිලීස්ට ඉතුරු බාගෙ දුවන්න යන කාලෙ හැමතිස්සෙම බාගයක් වෙනව. ඒ සියලුම කාලයන් එකතු කල්ල ගත්තාම පරිමිත සංඛ්‍යාවක් එනව. අනන්තයක් කල් යන්නෙ නෑ
zeno ගෙ paradox එක දැන්නං paradox එකක් විදිහට සලකන්නෙත් නෑ
අවකාශය කෙලවරක් නැතුව බෙදන්න පුලුවන් වුනත් අචිලිස්ට පරිමිත කාලයක් ඇතුලත ඒ දුර දුවාගන්න පුලුවන්.
මාත් හිතන්නෙ එහෙමයි..
මිනිස්සු හැමෝම එකම දේ ඒ විශ්වයෙත් කරයි![]()

එතකොට මිනිස්සු කරන හැමදේම විශ්වය නිර්මාණය වෙද්දි තීරණය වෙලා ඉවර නං වැරදි කරන අයව දෙවියන් වහන්සෙ ඇයි අපායට යවන්නෙ ? ඒක ඒ මිනිස්සුන්ගෙ වැරැද්දද ? හොඳ කරන අය හොඳ කලෙත් මුල ඉඳන්ම තීරණය වෙලා තිබ්බ නිසානෙ ? ඒගොල්ලන්ව ස්වර්ගෙට ගන්නව. එහෙම වුනාම හරිද ?![]()

හැම දේකටම හේතුවක් තියෙනවඔව් එහෙම තමයි
සියලුම ආගම් බිඳ වැටෙනව..
සියලුම නඩු තීන්දුත් වැරිදි වෙනව
මට දැනෙනව මම හිතල තීරණ ගන්නව වගේ. ඒක විතරයි 
![]()
![]()
කොහෙත්ම නෑ
zeno ගෙ paradox එක විසඳන්න අවකාශය බෙදන්න බැරි කුඩා කොටස් වලිං හැදිල තියෙනව කියල ගන්න ඕනෙ නෑzeno ගෙ paradox එකේ තියෙන්නෙ පද අනන්තෙයක් තියෙන ශ්‍රේණියක් අභිසාරී වෙන්න බෑ කියන උපකල්පනය. (infinite series cannot converge) පද අනන්තෙක ශ්‍රේණියක් අනන්තෙට යන්නැතුව පරිමිත අගේකට යනව කියල අපි හොඳටම දන්නවනෙ. 1/2 + 1/2^2 + 1/2^3 + 1/2^4 + . . . = 1යි. ඉතිං අචිලීස්ට ඉතුරු බාගෙ දුවන්න යන කාලෙ හැමතිස්සෙම බාගයක් වෙනව. ඒ සියලුම කාලයන් එකතු කල්ල ගත්තාම පරිමිත සංඛ්‍යාවක් එනව. අනන්තයක් කල් යන්නෙ නෑ
zeno ගෙ paradox එක දැන්නං paradox එකක් විදිහට සලකන්නෙත් නෑ
අවකාශය කෙලවරක් නැතුව බෙදන්න පුලුවන් වුනත් අචිලිස්ට පරිමිත කාලයක් ඇතුලත ඒ දුර දුවාගන්න පුලුවන්.

පුදුමයි. මං හිතුව උඹ එහෙනං සියල්ල නියතිවාදී වෙන්න බෑ කියයි කියල![]()
ඇත්තටම බැලුවොත් free will එක defend කරන්න මටත් ආගමික හේතුවක් ඇරෙන්න වෙන කිසිම සාක්ශියක් නෑ නේමට දැනෙනව මම හිතල තීරණ ගන්නව වගේ. ඒක විතරයි
![]()
එතකොට මිනිස්සු කරන හැමදේම විශ්වය නිර්මාණය වෙද්දි තීරණය වෙලා ඉවර නං වැරදි කරන අයව දෙවියන් වහන්සෙ ඇයි අපායට යවන්නෙ ? ඒක ඒ මිනිස්සුන්ගෙ වැරැද්දද ? හොඳ කරන අය හොඳ කලෙත් මුල ඉඳන්ම තීරණය වෙලා තිබ්බ නිසානෙ ? ඒගොල්ලන්ව ස්වර්ගෙට ගන්නව. එහෙම වුනාම හරිද ?![]()

අවස්ථාවක් ලැබුණොත් ඒක හොඳට මතක තියා ගන්ඩ
යහපත් කෙනෙක් විදියටම දිගටම ඉන්නව කියල හිතන්ඩ..
අපි මෙතනට ආවෙත් අහම්බෙන් අපේ වාසනාවට ඒක අත හරින්ඩ එපා..


mama hithanne normal kenekta yamak hithuwa kiyala danenne yamak hithila sahena welawak gihin,mkad hitha kiyane wegayak nisa,hitha pawathinne na,hariyata nikam program ekaka eka cycle ekak wage,aththama speed ekata lan wenna nam api godak ape hitha focus karanna one,,,api karan kiyana hama deyakma kalin kiyanna puluwan eka aththa but eka sobawadarmeta therenne nane,sobawadarmeta therenne shakthi wenas weem witharai
උබ libets expriment එක ගැන බැලුවද...
එකෙන් පුළුවන් මම pizza කෑල්ල විසි කරනවද නැද්ද කියන එක කලින් තීරණය කරන්න..
මම pizza කනවද කියන එකට සාදක ගොඩක් බලපානවා, ජාන , රුචිකත්වය , ඒ වේලාවට තියන බඩගින්න ..etc .. අන්තිම decision එක ගොඩනැගෙන්නේ ඔය සාදක කීපයම පාදක කරගෙන...
