2019 4K එක ගන්න
පරන එක i5 උනාට ඩුවල් කෝ නේද අලුත් එක i3 උනාට Quad Core අනෙක ජෙනරේශන් එකත් අලුත් ඒක නිසා CPU පර්ෆෝමන්ස් හොදයි
පුලුවන් නම් රැම් එක 16 කරලා ගන්න
මෙතන මේ කිවුවට ඩෙස්ක්ටොප් එකක් ගහන්න පුලුවන් කියලා ඔය ගානට, ප්රයිස් ටු ප්රයිස් බැලුවොතින් ඔයිට වඩා බොහොම පොඩ්ඩක් පර්ෆෝමන්ස් වැඩි එකක් ගහන්න පුලුවන් වෙන්නෙ
ඒකට හේතුව ඔය imac එකේ එන 21inch 4K, p3 Color තියන වගේ මොනිටරයක් ලක්ශ 1.5ක් විතර වෙනවා එතකොට මැශින් එකේ අනෙක් ඒව සේරටම ඉතුරු වෙන්නෙ කීයද. p3 color gamut නැති එන්ට්රි ලෙවල් 4k මොනිටරේකුත් ලක්ශයක් විතර වෙනවා හොද බ්රෑන්ඩ් එකකින් ගන්නවා නම්
මෙතන එන්නෙ ෆුල් මැජික් කීබෝඩ් මැජික් මවුස් සෙට් එකත් එක්ක ඒ ලෙවල් එකේ කීබෝඩ් මවුස් මොනිටර් අරගෙන ඔය ගානට ඩෙස්ක්ටොප් එකක් හදන්න බැහැ
හැකින්ටොශ් හැදුවත් එහෙම තමයි
මගේ ලග mid 2015 macbook pro එකක් තියනවා ඒක 4th Gen i7 2.6CPU, 16GB, 500GB SSD තියෙන්නෙ
හැකින්ටොශ් එකක් තියනවා 3rd gen 3770K 3.5GHz CPU, 16GB, 500GB SSD, GTX 970
ඒ උනාට මැක්බුක් එක් හැකින්ටොශ් එකට වඩා මාරම රෙස්පොන්සිව් කියලා දැනෙනවා, ඩෙස්ක්ටොප් එක ස්පීඩ් කියලා දැනනු එකම වෙලාව ටිකක් වෙලා යන රෙන්ඩරින් වගයක් කරා බ්ලෙන්ඩර් වලින් අන්න ඒක මැක්බුක් එකට වඩා පොඩ්ඩක් ස්පීඩ් ඒ ඇරෙන්න හැම වෙලාවෙම මැක්බුක් එක තමයි ස්පීඩ්
අනෙක ඔය මැක්බුක් එකේ එන තරම් ස්පීඩ් තියන SSD එකක් විතරක් 70ක් විතර වෙනවා ඔය 20ට විතර තියන සැම්සුනග් ප්රෝ මොඩල් වගේ හරියටම දෙගුනයක් විතර Read/Write Speed තියනවා මැක්බුක් SSD එකේ