මෙයා ගැන දැනගෙන හිටියද?

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    මෙයා ගැන දැනගෙන හිටියද?

    1973 වසරේ ඔක්තෝබර් මාසෙ 17 වෙනිදා දොස්තරලගෙ පැය 73 ක මහන්සියෙක්, ඒ කියන්නෙ දවස් 2කට වඩා වෙලාවක් ගිහින් ලමයෙක් මෙලොව එලිය දකිනවා.. ඉපදෙනකොට අම්මාට වයස අවුරුදු 17යි..
    ලමයගෙ නම Marshall Bruce mathers..
    ලමයාට අකමැත්තෙන් තාත්තා අම්මව දාලා යනවා....
    අද වෙනතුරු ඔහුට ඔහුගේ තාත්තව හමුවී නෑ..
    අම්මා මත්ද්‍රව්‍ය ඇබ්බැහිය සහ සූදු කෙලීම නිසා අම්මගෙ ආදරේ ලැබෙන්නෙත් නෑ..
    ඉගෙනීමට අසමත්කම නිසා 9 ශ්‍රේණියේ වසර 3 ක් එකදිගට ඉන්නවා..
    සුදු ජාතිකයෙක් නිසාත් පවුල් පසුබිම නිසාත් පාසලේදි කොන්වෙනවා..
    පාසල් කාලයේදි ආරම්භ කරපු ආදරය සමග විවාහ වෙනවා..
    1995/12/25 දින දී දෙදෙනාට දියණියක් ලැබෙනවා.. (Hailie Jade Mathers)
    දවසක් මාශල් දකිනවා එයාගෙ බිරිද සමාජශාලාවක් ඉදිරිපස වෙනත් පුද්ගලයෙක් එක්ක ඉන්නවා..
    කේන්තියත් එක්ක මාශල් ඒ පුද්ගලයට තුවක්කුව දිගු කරනවා.. ඒත් වෙඩිතියන්නෙ නෑ..
    නමුත් තමුන්ගෙ බිරිද විසින්ම එයාට නඩුවක් වැටෙනවා..
    මිනීමැරුම් තැත්කිරීමේ චෝදනාවකට..
    නඩුවෙන් පරාදවෙනවා..
    හිරේ යනවා ..
    නිවාස අඩස්සියට ලක්වෙනවා..
    වන්දියක් ගෙවන්න වෙනවා..
    බිරිද එයාව දික්කසාද කරනවා..
    තමන්ගෙ දුව හමුවෙන එක මාශල්ට අධිකරණයෙන් තහනම් කරනවා..
    මානසික ආතතියට පත්වෙනවා..
    හිපොප් ක්ශේත්‍රයේ ඔහුගේ ඇල්බම් ගොඩක් හොදින් අලෙවි වෙනවා.. ඔහුගේ හැගීම්, සිතුවිලි සියල්ල ඔහු ගීත බවට පත්කරනවා..
    නමුත් බිරිදගේ වෙන්වීම, තමන්ගෙ දුවව තමන්ගෙන් වෙන්වීම ගොඩක් හිතට වදදෙනවා..
    මත්ද්‍රව්‍ය සහ මත් පෙති වලට ඇබ්බැහි වෙනවා..
    මත්පෙත් අධිමාත්‍රාවෙන් භාවිතා කිරීම නිසාත්, සතියක් එකදිගට නිදි නැතුව අවදිව සිටීම නිසාත් මොහු දවසක් යාලුවන්ට මොහුගේ කාමරදේ වැටීසිටීමෙන් පසුව හමුවනවා..
    රෝහල් ගතවන විට මාශල් අසාද්‍ය තත්වයේ..
    පැය 9ක දොස්තරලගෙ කැපවීමෙන් මාශල්ට ජීවිතය ලැබෙනවා..
    දොස්තරලා කියනවා.. තව පැය දෙකක් පරක්කු උනානම් සමහරවිට ජීවිතය නැතිවෙනවා කියලා..
    ඔහු අවදිවනවිට ඔහුගෙ කකුල් දෙකට පණ නෑ..
    මාසයක ප්‍රතිකාර වලින් පසු ඔහුට සුවවෙනවා..
    ඔහු කියනවා.. තමන් මත්ද්‍රව්‍ය භාවිතා කලත් තමන්ට සියදිවිනසාගන්න උවමනාවක් තිබුනෙ නෑ කියලා...
    ඔහු සතියක් එකදිගට නිදාගන්නැතුව මත්පෙති භාවිතා කරමින් කරලා තිබුණේ සින්දු ලියපු එක..
    සුවවුනාට පස්සෙ ඔහු ඒ ලියපු සින්දු ඔක්කොම වලින් ඇල්බම් එකක් නිකුත් කරනවා...
    ලෝකය පුරා වාර්තා තබමින් ඉතාමත් වේගයෙන් ඇල්බමය අලෙවි වනවා.. ( ලෝකයේ වේගයෙන්ම අලෙවි වූ හිපොප් ඇල්බමය )
    සුවවුනාට පස්සෙ ඔහු නැවතත් දික්කසාද කල පැරණි බිරිදව නැවතත් විවාහ කරගන්නවා.. එවිට ඇයට වෙනත් දියණියක් සිටිනවා.. දියණියන් දෙදෙනාම සමග ඔහු කල්ගෙව්වත් බිරිද ඔහුව නැවතත් දික්කසාද කරනවා..
    නැවතත් මොහු තනිවෙනවා..
    නමුත් මෙවර ඔහු මත්පෙති වලට යොමුවන්නේ නෑ..
    තමන් හිපොප් වලට එන්න මගපෙන්වපු හොදම යාලුවා අවාසනාවන්ත විදිහට මියයනවා.. මොහුට සිටින හොදම යාලුවත් නැතිවෙනවා.. (Proof)
    මොහුගේ ඇල්බම් වල පොඩිකාලෙදි මවගෙන් වුණ හිරිහැර ගැන ගීත තියෙනවා.. ලමයෙකුට පොඩිකාලෙ වෙන්න පුලුවන් කරදර ගැන ගීත තියෙනවා.. , ඔහුගේ මව මොහුට විරුද්ධව ඒ සම්බන්ධයෙන් නඩුවක් දමනවා..
    නඩුව මොහු පරදිනවා..
    ඩොලර් 1000කට අධික මුදලක් මොහුට වන්දි වශයෙන් ගෙවන්න සිදුවෙනවා..
    තාත්තත් නැතිව, අම්මාත් නැතිව, බිරිදත් නැතිව, දුවත් නැතිව, තමන්ගෙ හොදම යාලුවත් නැතිව ජීවත්වුණත් මොහු ඒත් නැවත මත්ද්‍රව්‍ය වලට යොමුවෙන්නෙ නෑ.. මොහු සංගීත ක්ෂේත්‍රයට සමුදෙනවා.. ජනප්‍රියත්වයේ උඩටම ගිහින් ඉන්න වෙලාවක, ලෝකෙම ප්‍රසාදය දිනාගත්ත වෙලාවක.. මොහු අතුරුදහන් වෙනවා.. ලෝකෙ පුරා සංගීත සංචාර තියන්න පුලුවන්කම තියෙද්දි වසර 4ක් හොයාගන්න බැරිවෙන්නම මොහු නිශ්ශබ්ද වෙනවා.. වසර 4කට පසු නැවතත් මොහු ඇල්බම් එකක් නිකුත් කරනවා..
    නැවතත් වාර්තා තබමින් ඇල්බමය ලොව පුරා සීග්‍රයෙන් අලෙවි වෙනවා..
    එදා සිට අද වෙනතුරු මොහු මත්ද්‍රව්‍ය වලට පෙලබෙන්නෙ නෑ..
    අද වනතුරු ඔහුට බිරිදක් නෑ..
    ඔහුගේ මව ඔහුට හමුවන්නේ නෑ..
    ඔහුගේ පියා ඔහු තවමත් දැකලා නෑ..
    ඔහුට හොදම යහලුවෙක් නෑ..
    ඔහුගේ දියණිය ඔහු ලග නෑ..
    ඔහු තනියෙන්..
    නමුත් ඔහු..
    සියදිවි නසාගත්තෙ නෑ..
    අදවෙනකොට..
    ඔහු සම්මාන 570ක හිමිකරුවෙක්... ඔස්කා සම්මානයක හිමිකරුවෙක්.. ඇල්බම් 19ක නිෂ්පාදකයෙක්.. 90 දශකයේ සිට අදවෙනතුරු හිපොප් කලාවේ විශේෂ පුද්ගලයෙක්.. ලොව පුරා සංගීත ප්‍රසංග පවත්වනවා.. ලෝකයේ සිටින වඩාත් සාර්ථකම හිපොප් රැප් ගායකයා..
    #Eminem

    ඉතින් මට අහන්න තියෙන්නෙ?
    ඔයාට ඔයාගෙ ජීවිතේ දෙයක් කරන්න බෑ කියලා ඔයා හිතනවනම්?
    ඔයාට දැනෙන දුක කාටවත් තේරෙන්නෑ කියලා හිතනවනම්?
    ඔයාට වෙච්ච දේ කාටවත් වෙලා නෑ කියලා දුක් වෙනවනම්?
    ඒ නිසා ඔයාට සියදිවිනසාගන්න හිතුනොත්?
    ඒ නිසා ඔයාට මැරෙන්න හිතුනොත්?
    එහෙම කරගන්න කලින් හිතන්න...
    ඔයාට මීට වඩා දේවල් වෙලා තියෙනවද?

    KwRzSXc.jpg

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,478
    3,473
    113
    සිංහලේ
    :cool:
    Mamath skuul yana dawas wala aasama karapu artist kenek
    Habai dan nam meyaage sindu enawa adui ne :(
    Eh dawas wala mocking bird, toy soldiers ehema kata paadam
     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,600
    66,874
    113
    Unge culture ekai religious background ekai ekka oya wage ewa wida daraganna lesiy.lankawe ekekta owalin bagayak unath depression hedila marenawa culture eka sensitive wedi hinda.
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    :cool:
    Mamath skuul yana dawas wala aasama karapu artist kenek
    Habai dan nam meyaage sindu enawa adui ne :(
    Eh dawas wala mocking bird, toy soldiers ehema kata paadam

    ඒවා අදටත් අහනවා බන් ..
    දැන් නම් පොරගේ කාලේ ඉවරයි කියලයි මට නම් හිතෙන්නේ..දැන් වොයිස් අවුට්..
    හැබැයි කවදත් මට නම් නම්බර් 1 රැපර් මූ තමයි :cool:
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    Shasha Grey කියන Pornstar 2011 දො රිලීස් වෙච්ච space bound කියන වීඩියෝ එකේ ඉන්නවා.ඒ වීඩියෝ එකෙන් තමයි මගේ ජීවිතේ වෙනස් උනේ කියලා ශශා ග්‍රේ කිහිප තැනකම කියලා තියෙනවා සහ porn වලින් ඈත් වෙන්න එමිනම් ගොඩක් උදව් කලා කියලත් තියෙනවා.

    ඔය වගේම so many failures වලින් ජීවිතේ ජයගත්තු කෙනෙක් තමයි Sia Kate Issabella Furler කියන්නෙත්
    ලෝකෙ ඉන්න හොදම female පොප් ආටිස් කෙනෙක් එයත්.

    ජීවිතේ වැඩියෙන්ම ෆේල් වෙද්දිත් අලු ගසලා නැගිටින්න පුලුවන් නම් ඒ අය තමයි ජීවිතේ ඉහලින්ම ජය ගන්නෙ කියන්න වෙනත් උදාහරණ ඕනෙ නෑ.

    අදටත් ලෝකෙ හොදම motivational song එක කියලා සලකනෙ Eminem ගේ Lose yourself කියන ගීතයයි.
     
    Last edited:
    • Like
    Reactions: DJU9

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    Shasha Grey කියන Pornstar 2011 දො රිලීස් වෙච්ච space bound කියන වීඩියෝ එකේ ඉන්නවා.ඒ වීඩියෝ එකෙන් තමයි මගේ ජීවිතේ වෙනස් උනේ කියලා ශශා ග්‍රේ කිහිප තැනකම කියලා තියෙනවා සහ porn වලින් ඈත් වෙන්න එමිනම් ගොඩක් උදව් කලා කියලත් තියෙනවා.

    ඔය වගේම so many failures වලින් ජීවිතේ ජයගත්තු කෙනෙක් තමයි Sia Kate Issabella Furler කියන්නෙත්
    ලෝකෙ ඉන්න හොදම female පොප් ආටිස් කෙනෙක් එයත්.

    ජීවිතේ වැඩියෙන්ම ෆේල් වෙද්දිත් අලු ගසලා නැගිටින්න පුලුවන් නම් ඒ අය තමයි ජීවිතේ ඉහලින්ම ජය ගන්නෙ කියන්න වෙනත් උදාහරණ ඕනෙ නෑ.

    අදටත් ලෝකෙ හොදම motivational song එක කියලා සලකනෙ Eminem ගේ Lose control කියන ගීතයයි.

    :cool:
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,478
    3,473
    113
    සිංහලේ
    ඒවා අදටත් අහනවා බන් ..
    දැන් නම් පොරගේ කාලේ ඉවරයි කියලයි මට නම් හිතෙන්නේ..දැන් වොයිස් අවුට්..
    හැබැයි කවදත් මට නම් නම්බර් 1 රැපර් මූ තමයි :cool:

    Aniwa adatath ahanawa thamai
    Mata 2pac uth hodai
    Uwa maruwata passe ne eminem nagala aawe godak ma
    Mun denna thamai rap loke kings la :yes:
     
    :yes: