ගෙදරින් පිට වෙන්නත් බැරි වෙලා තියෙන්නේ බන් මම විතරක් පවුලෙ නිසා. අම්ම විතරයි ඉන්නේ. ඔය සීන් එක මම මගේ පළවෙනි ත්‍රෙඩ් එකේ දාල තියෙනව. මොන මගුලකට මම වගේ උන් උපදිනවද මන්ද බන්. එපා වෙනව. මටත් බරක්, පවුලටත් බරක්, රටටත් බරක්.![]()
එහෙම කියන්ඩ එපා බං උඹ 8000ක් හරි හොයනව
මම තාම යැපෙන්නෙ ගෙදරින්
මාත් අම්මලාව බලාගෙන එයාලගෙ වැඩක් පලක් කර දීල ඉන්නව, ඒකත් සේවයක් තමා
එහෙම බලද්දි අපි නොවටිනා මිනිස්සු කියන්ඩ බෑ නේ..
පවුලෙ එක සහෝදරයෙක් ගෙදරට වෙලා අනිත් අයගෙ වැඩවලට උදව් කරගෙන ඉන්නව කියන එක එයාලට කොච්චර හයියක්ද?

උබට සහෝදරයෙක් වත් ඉන්නව හදිසියකට මට මොකෙක්වත් නෑ. ගෙදර තව කවුරු හරි හිටියනම් සමහරවිට මම වෙන රකට ඉදියි මේ වෙනකොට.
මොන වටින මිනිස්සුද බන්. අම්ම ඕන තරම් කියනව තෝ වගේ එකෙක් හදාගත්තට වඩා හොදයි @#$@#$ කියල.![]()
මට තේරෙන විදිහට මිනිහෙක්ට මොකක් හරි අංශයකින් හොද දක්ෂතාවයක් තියනවනම්,හොද කලමනාකාරන හැකියාවක් (විශේශයෙන්ම මුදල් කලමනාකාරන, ඩිග්රි ඕන් නෑ පරිස්සමින් හිතල බලලා වියදම් කරනවනම්) , තමන් ගැන හොද ආත්ම විශ්වාසයක් තියනවනම් දියුනු වෙන එක මහ ලොකු දෙයක් නෙවෙයි.... අපේ තාත්තා කෙලව ගත්තෙ ඔය කියපු කලමනාකාරනය කියන එක ඇත්තෙම නැති නිසා...... ඒ නිසාම අද අපි ඔහේ නිකන් තුන් වේල කාගෙන ඉන්න, ගමනක් යන්න ගියත්පාරවල් ගානෙ පැය ගනන් චාටර් වෙවී ඉන්න පවුලක් වෙලා... අපි පොඩි කාලෙ අපි බීපු කිරි පිටි ගමේ කවුරුත් බීල නෑලු... අම්ම කිව්වෙ.... එහෙම තත්වයක් තිබුනු අපේ තාත්තා වතුර ඇදල අපිට කන්න දෙන්න වෙන තත්වෙටත් වැටුනලු.... පස්සෙ රස්සාවක් හම්බවෙලා දැන් ඉතින් තුන්වේල කාගෙන අපිට උගන්නගෙන ඔහේ ජීවත් වෙනවා... කිසි වින්දනයක් නෑ ජීවිතේ.... තාත්තා ගන්න පන්ඩිත තීරන ගැන දැක්කම තාමත් තේරෙනව තාත්තා කලින් දේවල් වලින් කිසි පාඩමක් ඉගෙනගෙන නෑ කියලා..... ඒව ගැන හිතෙද්දිත් පුදුම තරහක් එන්නෙ මට..... ඒ ඇයි මන්දා.... තාත්තා දැනුත් ගොඩක් මහන්සි වෙනවා කියන එක මං දන්නව.... හැබැයි තාත්තට මං කලින් කිව්ව වගේ කලමනාකාරනය පැත්තෙන් තියන අවුල් දැක්කම එන්නෙ පොඩි තරහක් නෙවෙයි.... ඒ දේවල් කරන්නෙ අපේ සතුට වෙනුවෙන් කියල දන්නවා උනත් කරන වැඩ නම් මාව කලකිරවනවා..... මේ තරම් ගොනෙක්ද කියලත් හිතෙනවා.... එහෙම හිතන එක වැරදියි කියලා දැන දැන වුනත්..... හොදට දියුනු වෙන්න පුලුවන් කම තියන මනුස්සයෙක් නිසා.....
ඉතින් උබට කියන්නෙ මම මුලින්ම මොකක් හරි දක්ශතාවක් හදාගනින්.... අපේ තාත්තට නම් engineer knk නොවුනත් construction පැත්තෙන් පට්ට දැනුමක් තියනවා... experience තමයි....
හම්බෙන මුදල් පරිස්සමින් වියදම් කරපන්.... අත්‍යාවශ්‍ය දේට විතරක්.... ඒවගේම හොද ආත්ම විශ්වාසයක් ඇතුව වැඩ කරපන්.... අවධානමක් ගන්න බය වෙන්න එපා......
meka nam amuulika boruwak banzzzz
uba karana job eka mokadda?
winadi 3n naanna neme, towel eka pogawala aga pihadaganin![]()

Umbata kadda puluwan. Forum wala athal ganna puluwan. Eth hoyanne 8000 lu. Palayan bun boru nokiya. Man hithanne ad click karana unuth 5000 wage hoyagannawa athi. Mokak hari freelance site ekakata join wela wadak karapanko.
Issara thibba microworkers kiyala ekak. eken e kale math hoyala thiyenawa maseta 5000 ta wada. Man kiyanne 2010 wage.
අයියද මල්ලිද දන්නේ නැ මට තේරෙන දේ නම් උබේ මොකක් හරි අව්ලක් තියනවා. මචන් මේ රටේ හම්බ කරන්න බැරි නැ මමත් මාසෙකට 220,000.00 වගේ තමා මම හම්බ කරන්නේ නමුත් තව ඕනේ නම් පුළුවන්. මම ලොකුවට ඉගෙන ගත්තු එකෙකුත් නෙමෙ. මට තියෙන්නේ O/L විතරයි. උදේ 6.15 ට නැගිටලා 6.45 ට ගෙදරින් එනවා ගෑනිව ඔෆ්ෆිස් එකෙන් බස්සල ඔෆ්ෆීස් එකට එනකොට 8.00 වගේ වෙනවා 8.00 - 5.30 වෙනකල් වැඩ කරනවා ගෙදර යනවා සමහර දවස් තියනවා මිටින් / වැඩ සෙට් වෙන වෙලාවට පොඩ්ඩක් පරක්කු වෙනවා. මේකේ මම දැකල තියනවා තව උන් අඩනවා පඩි නැ කියල. මචන් උබලට ඔප්ෂන් ඇති කියලයි මට හිතෙන්නේ මට එහෙම තිබ්බේ නෑ. මම හිතනවා එකයි මම අද මෙතන ඉන්නේ කියල.මම දන්නවා මෙතන ඉන්නවා මිටවඩා ලොකු පඩි ගන්න උන් ඔනතරන්. පඩිය උබලට දෙන්නේ නැ මචන් උබල හම්බ කරගන්ඩ දැන ගන්ඩ ඕනේ. මම කියන්නේ ගහ මරගෙන නෙමේ.
1. රස්සාවට බැන බැන ඉන්න එපා.
2. රස්සාව හම්බ කරන්ඩ හින්දම කරන්න එපා.
3. කලස් පෙන්නපන් හැබැයි වැඩ එකක් කරලා 10 ක් කලස් නෙමෙයි 10 ක් කරලා එකක් කලස් පෙන්නපන්.
4. තමන් කරන දේ ගැන A -> Z දැන ගනින්. අනිත් උන්ට හදවතින්ම කියල දීපන්.
5. අනිත් උන්ට උදව් කරපන්. උන්ගේ සැපතට ආදරය කරපන්. අනිත් උන් කරන දේවල් උබට අදාළ නෑ. 100% ජෙනුයින් වෙයන්. ඔෆ්ෆිස් එකේ හැමෝටම ප්‍රොමෝට් වෙන්න උදව් කරපන්.
උබ කරන රස්සාව නෙමෙයි වැදගත් වෙන්නේ උබ රස්සාව කරන විදිහයි.
ඔය විදිහට 1 අව්රුද්දක් කරලා බලල ප්‍රතිපල නැත්තන් මැසේජ් එකක් දාපන් මට
