එහෙම ගිය බස් වල විස්තර කියන එකෙක් නම් දැකලා නෑ
හැබැයි ස්ටෑන්ඩ් එකේ එක එක බස් වල ටර්න් එක ආවම කොන්දා වෙනුවට කෑගහල සෙනග නග්ගල දීලා බස් එක යද්දී කොන්දගෙන් කීයක් හරි ඉල්ලගන්න උන් නම් හැම ස්ටෑන්ඩ් එකේම ඉන්නවා




තව මොරටු බස් ස්ටෑන්ඩ් එකේ එන හැම බස් එකකින්ම විස්සක් ගන්න එකෙක් දැකලා තියෙනවා. ඒක නම් කප්පම් වෙන්න ඇති.
තව නාකි පොරක් ඇවරිවත්ත කටුනායක ස්ටෑන්ඩ් එකේ හිටියා උගේ පුතත් එක්ක. උගෙ ඔරලෝසුවේ වෙලාවට තමයි බස් පිටත් වෙන්න ඕනෙ. ඌ බස් එකක් ස්ටෑන්ඩ් එකෙන් එළියෙ ගහක් යට නවත්තගෙන සෙනග පටවගන්නවට සල්ලි ගන්නවා. හැබැයි මේ ආණ්ඩුව ආවට පස්සෙ පොරට වෙච්චි දෙයක් නැති උනා.
ඒ මදිවට එයාපෝට් එකට හැරෙන තැන ත්රීවීල් පාර්ක් එකේ උන් බලෙන් ඒසී බස් නවත්තගෙන සෙනගට බහින්න කියනවා එයාපොර්ට් එයාපෝට් කියලා. බැස්සට පස්සෙ උන්ගෙ ත්රී වීල් වල දාගෙන ගිහින් ගාන කපනවා.
බස් එක පරක්කු උනාම කොන්දා බස් එක ස්ටෑන්ඩ් එකට එන්න කලින් ශෝට් කට් එකකින් ගිහින් වෙලාව දාගන්නවා.
එහෙම නැත්තං ගෑනු කේස්..



ඉස්සරහම හිටිය දවස් වලටනම් ඇහෙනවා ඌ කියන දේවල්..


