බස්

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,822
    113
    එහෙම ගිය බස් වල විස්තර කියන එකෙක් නම් දැකලා නෑ
    හැබැයි ස්ටෑන්ඩ් එකේ එක එක බස් වල ටර්න් එක ආවම කොන්දා වෙනුවට කෑගහල සෙනග නග්ගල දීලා බස් එක යද්දී කොන්දගෙන් කීයක් හරි ඉල්ලගන්න උන් නම් හැම ස්ටෑන්ඩ් එකේම ඉන්නවා

    :yes::yes::yes::yes:

    තව මොරටු බස් ස්ටෑන්ඩ් එකේ එන හැම බස් එකකින්ම විස්සක් ගන්න එකෙක් දැකලා තියෙනවා. ඒක නම් කප්පම් වෙන්න ඇති.

    තව නාකි පොරක් ඇවරිවත්ත කටුනායක ස්ටෑන්ඩ් එකේ හිටියා උගේ පුතත් එක්ක. උගෙ ඔරලෝසුවේ වෙලාවට තමයි බස් පිටත් වෙන්න ඕනෙ. ඌ බස් එකක් ස්ටෑන්ඩ් එකෙන් එළියෙ ගහක් යට නවත්තගෙන සෙනග පටවගන්නවට සල්ලි ගන්නවා. හැබැයි මේ ආණ්ඩුව ආවට පස්සෙ පොරට වෙච්චි දෙයක් නැති උනා.

    ඒ මදිවට එයාපෝට් එකට හැරෙන තැන ත්‍රීවීල් පාර්ක් එකේ උන් බලෙන් ඒසී බස් නවත්තගෙන සෙනගට බහින්න කියනවා එයාපොර්ට් එයාපෝට් කියලා. බැස්සට පස්සෙ උන්ගෙ ත්‍රී වීල් වල දාගෙන ගිහින් ගාන කපනවා.

    බස් එක පරක්කු උනාම කොන්දා බස් එක ස්ටෑන්ඩ් එකට එන්න කලින් ශෝට් කට් එකකින් ගිහින් වෙලාව දාගන්නවා.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    ඔය කප්පම්කාරයො. කප්පම් ගෙවන්නෙ නැත්නම් බස් එක ඒ රූට් එකේ දුවන්න දෙන්නෙ නෑ.
     

    rusaku

    Well-known member
  • Nov 9, 2007
    3,682
    765
    113
    උදාහරණයක් විදියට පරනපාර ඇබිලිපිටිය කොලබ බස් එකක් ගත්තොත්
    # වැල්ලම්පිටිය පාලම උඩ
    #කඩුවෙල
    #කලුඅග්ගල
    #අවිස්සාවේල්ල
    #ඇහැලියගොඩ
    #පැල්මඩුල්ල.
    මේ හැම තැනම එකා ගානේ ඉන්නවා, උන් ගේ ෆෝන් නොම්මරේ හැම බස් කොන්දා ගේම ලග තියෙනවා. උන් කෝල් කරලා අහ ගන්නවා පිටි පස්සෙන් එන බස් වල සහ ඉස්සරහින් යන බස් වල විස්තර, ඒකට ගෙවීමක් විදියට දවසට එක බස් එකකින් 100 වගේ දෙනවා. සමහරු 20 සහ 50 ත් දෙනවා. වැඩියෙන් දෙන එකාට වැඩියෙන් ඉන්ෆෝ දෙනවා.
    නිකමට හිතපන් 100 ගානේ බස් 20ක් දුන්නොත් දවසට 2000/- මාසෙට 2000 X 30 = 60000/-. ඔය ටයි කෝට් දාගෙන 8-5 ජොබ් කරන එකෙක්ට වත් හම්බ වෙන්නේ නෑ . අපි හිතන්නේ අපි තමයි වැඩ්ඩෝ කියලා. පොඩි වෙලාවක් වැඩ කරලා ලොකු ගණන් හොයන උන් ඕන තරම් ඉන්නවා.
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    ඔය කප්පම්කාරයො. කප්පම් ගෙවන්නෙ නැත්නම් බස් එක ඒ රූට් එකේ දුවන්න දෙන්නෙ නෑ.

    :yes: hama turn ekenma gannawa. apita issara bus ekak thibba, ekenuth gatta.
     

    C_A_S_P_E_R

    Well-known member
  • Apr 4, 2016
    1,280
    361
    83
    උදාහරණයක් විදියට පරනපාර ඇබිලිපිටිය කොලබ බස් එකක් ගත්තොත්
    # වැල්ලම්පිටිය පාලම උඩ
    #කඩුවෙල
    #කලුඅග්ගල
    #අවිස්සාවේල්ල
    #ඇහැලියගොඩ
    #පැල්මඩුල්ල.
    මේ හැම තැනම එකා ගානේ ඉන්නවා, උන් ගේ ෆෝන් නොම්මරේ හැම බස් කොන්දා ගේම ලග තියෙනවා. උන් කෝල් කරලා අහ ගන්නවා පිටි පස්සෙන් එන බස් වල සහ ඉස්සරහින් යන බස් වල විස්තර, ඒකට ගෙවීමක් විදියට දවසට එක බස් එකකින් 100 වගේ දෙනවා. සමහරු 20 සහ 50 ත් දෙනවා. වැඩියෙන් දෙන එකාට වැඩියෙන් ඉන්ෆෝ දෙනවා.
    නිකමට හිතපන් 100 ගානේ බස් 20ක් දුන්නොත් දවසට 2000/- මාසෙට 2000 X 30 = 60000/-. ඔය ටයි කෝට් දාගෙන 8-5 ජොබ් කරන එකෙක්ට වත් හම්බ වෙන්නේ නෑ . අපි හිතන්නේ අපි තමයි වැඩ්ඩෝ කියලා. පොඩි වෙලාවක් වැඩ කරලා ලොකු ගණන් හොයන උන් ඕන තරම් ඉන්නවා.

    True... But un earn karana dewal invest karanne na godak aya...Kabasiniya karala danawa..eda dawasa gewanawa a salli walin..
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    True... But un earn karana dewal invest karanne na godak aya...Kabasiniya karala danawa..eda dawasa gewanawa a salli walin..

    ගොඩක් උන් අම්බානක සිගරට් බොනවා.. එහෙම නැත්තං හවස් වෙද්දී මද පමණට අනුමත කර ගන්නවා..:dull: එහෙම නැත්තං ගෑනු කේස්..:baffled:
    වාහන දුම, දූවිල්ල, ගිණි අව්ව වගේ සීන් නිසා උන්ගේ ඔලු කුරුවල් වෙලා තියෙන්නේ.. කුණුහරුපයක් දෙකක් කියාගෙන, කාට හරි සද්දයක් දාගෙන හෙන ගැම්මෙන් ලොකු එකෙන් ඉන්න අමුතු ජීවිත බං ඒවා..:oo:

    මගී ප්‍රවාහන සේවවක් කියන්නේ ඔය වගේ අතරින් පතර සෙට් වෙන පාවෙන චරිත වලින් තොරව නියම ගමානාන්තෙට නිසි වගකීමක් ඇතුව මගීන් ප්‍රවාහනය කෙරෙන්න ඕන දෙයක්.. ඒකට දැන් බස් එකේ කොන්ඳට අමතරව පාරේ යන අනිත් වාහන කාණු වලට තල්ලු කරලා දාන්න අත පය එලියේ දාගෙන යන මැරයෝ සෙට් එකකුත් ඉන්නවා ඉස්සරහ දොරේ..:dull:

    කප්පං ගන්න උන් ලොකු ලයින් වලින් බස් වලට පාට් දානවා, බස් සෙවකයො ඊට වැඩිය ලොකු ලයින් එකෙන් මිනිස්සුන්ට පාට් දානවා.. ඔය ඔක්කොම අන්තිමට මගීන්ගේ පිටින් තමයි යන්නේ..:no:

     

    hansitha0381

    Active member
  • Nov 6, 2011
    380
    218
    43
    කොළඹ නුවරපාරේ යද්දී කිරිබත්ගොඩ කිට්ටුවත් බුවෙක් ඉන්නවා.. ඌත් බස් එකේ ඉස්සරහ දොරෙන් ගොඩ වෙලා කොන්දට හරි, ඩ්‍රයිවර්ට හරි රහසක් කියලා බහිනවා..:rofl:
    දුර ගමන් සේවා හැම ප්‍රයිවට් බස් එකකටම පිස්සෙක් වගේ දුව දුව එල්ලෙනවා..:baffled: වැස්සෙත් ඌ වැඩ..:confused: ඉස්සරහම හිටිය දවස් වලටනම් ඇහෙනවා ඌ කියන දේවල්..:yes:

    "අරූ ගිහින් විනාඩි දෙකක් ගියේ නෑ.. ඇදලා ගියොත් කඩවතදී අල්ල ගතහැකි.."

    "සී.ටී .බී එක ඔක්කොම අරගෙන ගියා. කොටල වැඩක් නෑ. බැලුම්මහරට යනකන් එලෙව්වොතින් අල්ලගතහැකි." වගේ දේවල්..

    ඌ ඔය ටික කිව්වාම ඩ්‍රයිවර් කාරයට ඌව බස්සන්නවත් සිහියක් නෑ.. කඩි කාලා වගේ පාගනවා ඉතින්..:oo: අරුත් ඉතින් 40ට විතර යන බස් එකෙන් පනිනවා වෙලාවකට දබග් ගාලා මහ පාර මැද්දටම..:eek:

    සමහර වෙලාවල්වල

    "අන්න අරූ ගියා ගියා විනාඩි පහකට කලින්.. සී.ටී.බී එකත් එක්කමයි ගියේ.. දැන්නම් රේස් යනවා ඇති."
    වෙලාවකට ඔහොම කිව්වාම දුර යන උනුත් කොටන්න ගන්නවා නිකන් ලොවෙත් නැති වෙන්න..:angry:

    හැබැයි ඌ සල්ලි ගන්නවවත්, ඌට සල්ලි දෙනවවත් දැකලා නෑ.. සමහරවිට සතියකට සැරයක් එක පාර ගෙවනවද දන්නෙත් නෑ..:baffled:

    අනේ මන්දා බං.. ලංකාවේ පොදු ප්‍රවාහන සේවාවනම් මෙලෝ රහක් නැති, කිසිම ගුණාතමකභාවයක් නැති, මගින්ට කිසිම විදිහක ආරක්ෂාවක් නැති හෙනම කාලකණ්ණි විදිහට දුවනවා වගේ පේන්නේ..:sorry:






    usa kettu ekada ban ??


    uoota 50k denwa ban hamadama..