එළකිරි ගෝටා CLUB - Official !!!!!

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    67881557_115422329803125_781365932529287168_n.jpg


    :rofl::rofl::P:P


    රත්තරං මිනිහා... ඇයි රත්තරං විතරක්... මුතු, මැණික්, ගජමුතු, මරංචි, රන් කාසි... ඒ ඔක්කොම තියනව "නිධන්" වල...
     
    • Like
    Reactions: AshenTM

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    අපේ ගෙදර 3ක් ගෝඨට . අනිත් එක තාම වැට උඩ . හැබැයි ඒ එක සජිත්ට බූරුවට දෙන්නෙ නෑ කියල 100% ක් ශුවර්.
     

    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    අපේ ගෙදර 3ක් ගෝඨට . අනිත් එක තාම වැට උඩ . හැබැයි ඒ එක සජිත්ට බූරුවට දෙන්නෙ නෑ කියල 100% ක් ශුවර්.
    :love:

    දේශපාලනයෙන් සතපහක දෙයක් ලැබිලාත් නැහැ, හම්බවෙන්න ඔනීත් නැහැ, එ උනාට නිවටයො වගේ තමන් ඉපදුන රටේ ඉන්න වෙන එක කරුමයක් මචාන්, එක තිරණ කරන්න තියන අනිතිම අවස්ථාව මේක. :sorry::sorry:
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    අපේ ගෙදර 3ක් ගෝඨට . අනිත් එක තාම වැට උඩ . හැබැයි ඒ එක සජිත්ට බූරුවට දෙන්නෙ නෑ කියල 100% ක් ශුවර්.

    අම්මටසිරි...දැන් උඹත් එක්ක වලියක් දාගන්න වෙන්නේ නැහැනේ....මොකද උනේ ?
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,271
    8,382
    113
    රූකඩ රාජ්ජේ
    :love:

    දේශපාලනයෙන් සතපහක දෙයක් ලැබිලාත් නැහැ, හම්බවෙන්න ඔනීත් නැහැ, එ උනාට නිවටයො වගේ තමන් ඉපදුන රටේ ඉන්න වෙන එක කරුමයක් මචාන්, එක තිරණ කරන්න තියන අනිතිම අවස්ථාව මේක. :sorry::sorry:

    :yes::yes::yes::yes:

    අපිටත් එහෙමයි...මහින්දගෙන් වත් ගෝටා ගෙන් වත් ලැබුණු දෙයක් නෑ...හැබැයි රට වෙනුවෙන් කඩේ යනවා
     
    • Haha
    Reactions: AshenTM

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,271
    8,382
    113
    රූකඩ රාජ්ජේ
    අපේ ගෙදර 3ක් ගෝඨට . අනිත් එක තාම වැට උඩ . හැබැයි ඒ එක සජිත්ට බූරුවට දෙන්නෙ නෑ කියල 100% ක් ශුවර්.

    අම්මටසිරි...දැන් උඹත් එක්ක වලියක් දාගන්න වෙන්නේ නැහැනේ....මොකද උනේ ?

    :yes::yes::yes:
     
    • Like
    Reactions: hichchiputha

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,607
    13,273
    113
    අපේ ගෙදරත් 4ක් ඉන්නවා
    4 දෙනාම මේපාර ගෝටට
    තව බලලත් එක්ක 5යි උට කැමති කෙනෙකුට දෙන්න කියල කියනවා
     
    Last edited:
    • Haha
    Reactions: AshenTM

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    තවත් ඇමෙරිකානු බළල් අතක්


    හැබැයි රනිල් ලොක්කගෙන් වගේ ඇමරිකන් කාරයට "කොස් ඇට" බාවගන්න ලැබෙන එකක් නෑ ආයිබෝං...
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    පෙන්දා කීවට ඒ මනුස්සය නං තමන්ගේ දිස්ත්‍රික්කේ හරි දින්නා
    සජිත් ගොයියා දිස්ත්‍රික්කෙත් පැරදී

    අම්මටසිරි... ඔව් නේ....
    සජිත් සර් ආවත් ඩ්‍රයිවර් විදියට තමා... අනිත් සීට් එකේ ඉන්නෙ පරණ කෙනාම තමයි...
    ගමන යන්න වෙන්නෙ එයාට ඕන විදියට....
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    අම්මටසිරි...දැන් උඹත් එක්ක වලියක් දාගන්න වෙන්නේ නැහැනේ....මොකද උනේ ?


    අපි හැමදාම කරේ නිවැරදි දේ . අපි කාගෙවත් වහල්ලු නෙමෙයි . අදත් මන් කරන්නෙ මට හරියි කියල හිතෙන දේ .
     
    Last edited:
    • Like
    Reactions: AshenTM

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    අපි හැමදාම කරේ නිවැරදි දේ . අපි කාගෙවත් වහල්ලු නෙමෙයි . අදත් මන් කරන්නෙ මට හරියි කියල හිතෙන දේ .

    :rolleyes: හොඳයි හොඳයි
     

    redundent

    Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast
    අප මේ දකින්නේ කුමක්ද?තෙවන ලෝකයේ රටවල් වලට අවේනික දේශපාලන පරිනතභාවය හෝ අවබෝදයේ තරමද?දසතෙන් ඇසෙන රතින්න්ඤා ශබ්දය අපට කියන්නේ එයද?ගැලරිය සතුටුය..!!!!!.ඔවුන් ඉන්නේ ඔවුන්ගේම භාෂාවෙන් කියතොත් "පට්ට" ආතල් එකකය.

    සිදුව ඇත්තේ කුමක්ද? යන්තමින් හෝ දේශපාලන අවබෝධයක් ඇති අයෙකුට සිදුව ඇත්තේ කුමක්ද ? සිදුවීමට යන්නේ කුමක්ද යන්න උභතෝකෝටික ප්‍රශ්නයක් නොවේ.මන්ද යත් දසක ගණනාවක් ගැලරිය සතුටු කල ඔවුන්ගේ ජාතිමාමකත්වය නිර්ධය ලෙස අපයෝජනයට පත්කළ ,සහාසික ලෙස දුෂණයට පත්කළ කපටි මජර දේශපාලකයින්ගේ ඉදිරි පියවරවල් පිළිබඳව මනා අවබෝධයන් ඔවුනට ඇති බැවිනි.

    රට දිනෙන් දින වලපල්ලට යවමින් එය විනාශයේ අගාධයට යමින් සංහිදියාව මුවාවෙන් ජාතිකත්වයට සංකෘතියට කෙලවවමින් සිටින වත්මන් දේශපාලන බලකදවුර පිළිබඳව ගැලරියේ සහ සමස්ථයේ අප්‍රසාදය නැතිකිරීමට කුමන දේ සිදුකලත් ප්‍රතිපලයතක් නොමැති බව පැහැදිලිය.උගත් දේශපාලන චරිතයන් ඉල්ලන උන්ගේ කදවුර(ගැලරිය ඇතුළුව) O/level වත් පාස් නැති අපේක්ෂකයින් ඉල්ලීමද කදිම විහිලුවකි.එය දේශපාලන බංකොලොත් බවයි.

    කෙසේවෙතත් පසුගියදා සිදු වූ අතිමහත් ලෙස ගැලරිය සතුටු වූ අසනන්තම සිදුවීම නැවත සලකා බලමු.

    වර්තමානයේ කිසිදු දේශපාලන බල කදවුරකට මැතිවරණය සදහා ඉදිරිපත් කිරීමට ආකර්ශනීය චරිතයන් ඇතුලතින් නොමැති බව පැහැදිලිය.එවන් පසුබිමක සියලුදෙනා දේශපාලනික වශයෙන් උග්‍ර අභ්‍යන්තර ගැටලුවකට මුහුණ දී සිටියි.

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නීති රෙගුලාසිවලට ප්‍රකාරව සමහර දේශපානන චරිත වලට ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට නොහැකිය.තවත් සමහරෙකුට ඇමෙරිකානු පුරවැසිභාවය පිලිබඳ ගැටළු ඇත.

    එහෙත් ගැලරියේ චිත්ත ශක්තිය විනාශකර දැමීමට කිසිම දේශපාලන බලකදවුරක් කැමති නැත.එය නාමයෝජනා කැදවන තුරු රැකගත යුතුය.එය පොදු දෙයකි.නාමයෝජනා කැඳවන විට මැතිවරණයේ ප්‍රචාරණ කටයුතු 50% හෝ 60% නිමකර තැබීම ඉතා වාසි සහගතය.

    ගැලරිය තේරුම් ගත යුතු එක දෙයක් ඇත.නාමයෝජනා කැඳවන විට නෛතික තත්වයන් විමර්ශනයට ලක්කිරීම සිදුකරනු ලබයි.විරෝධතා ගොනුකිරීමට ඇති හැකියාව ඕනෑම බලකදවුරකට ඇති අවස්ථාවකි.කිසිවෙක් මෙම අවස්ථාව භාවිතා නොකර සිටී වී යැයි උපකල්පනයක සිටීම විහිළුවකි.එවැනි අවස්ථාවක වෙනත් රටක පුරවැසිභාවය මැතිවරණ කොමිසමේ අභියෝගයට ලක්වීම කිසිවෙකුට වැලැක්විය නොහැක.මෙම අවස්ථාව වනවිට මැතිවරණයේ ප්‍රචාරණය (දේශපාලන බලකඳවුරු වල) උපරිම තලයකට ගෙන එනු ඇත.

    එවන් පසුබිමක මජර දේශපාලකයින් විසින් තම දේශපාලන ජීවිතය තුල ඊට හුරුපුරුදු සටකපට තීන්දු ගනු ඇත.ගැලරිය මහත් අමන්දානන්දයෙන් සිටින පසුගියදා සිදු වූ සිදුවීම මට අනුව නංගි පෙන්වා අක්කා දීග දීමකි.එක අතකට අදාල දේශපාලන බලකදවුරට වෙනත් විකල්පයක් මේ මොහොතේ නැත.පුරවැසිභාවය වැනි නීති රෙගුලාසි හරස්වුවද ගැලරිය සතුටු කිරීම සදහා අපේක්ෂකයා නම්කර ඇතිබවක් පෙනේ.

    කිසිම දේශපාලන බලකදවුරක් මැතිවරණය ආරම්භයේදීම තම අපේක්ෂකයාට ඇති නීතිමය බාධාව හෙලිකිරිමය කැමති නොවේ.එය ගැලරියේ පසුගාමිත්වයට හේතු විය හැකි ප්‍රබල තත්වයකි.ඉදිරියේදී මේ සියල්ල සිදුවන අතරතුර අක්කා සභයට පැමිණෙනු ඇත.ඔහුට කිසිම නීතිමය බාධාවක් නොවෙනු ඇත.එතෙක් ගැලරිය ජයඝෝෂා නගමින් සිනි 250g, පාන් රාත්තල ගැනීමට ඇති මුදල් වලින් කිබුලපිටියේ රතිඤඤ පත්තුකරමින් ලෙඩට දුකට උපකාරයට සිටින අසල්වාසීන් සමග මරාගනිමින් සතුටින් සිටිය හැකිය.
     
    • Like
    Reactions: AshenTM

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    :yes::yes::yes::yes:

    අපිටත් එහෙමයි...මහින්දගෙන් වත් ගෝටා ගෙන් වත් ලැබුණු දෙයක් නෑ...හැබැයි රට වෙනුවෙන් කඩේ යනවා


    :yes::yes::yes::yes::yes: අනිවා.... අපිට අපේ දරුවන්ට රටක් ඕන, එන කෙනා නරකනම් ඊලඟට එයාව වෙනස් කරන්නත් පසුබටවෙන්නෙ නෑ..
     

    mala keliyay

    Junior member
  • Jul 2, 2013
    69
    11
    8
    දැන් සමාජයේ තියෙන ඝෝටාට සම්භන්ධ ප්‍රබල කරුණු කීපයක් ගැන මං දකින විදිය පොඩ්ඩක් පැහැදිලි කරන්නම්..
    1) මේ 225ම එපා :- මේක මං හිතන්නේ මංගල පල කරපු දෙයක්.. මොකද අපි දන්නවා රනිල්ට බෑ , මහින්ද හොරා , වගේ points සමාජයේ පතිරුවෙත් මංගල. මොකද UNP එකට ප්‍රභාකරන් ඉල්ලුවත් වැටෙන චන්ද ලක්ෂ 20,30ක් තියෙනවා.. මේ 225ම එපා seen එක නිසා හුගක් සිංහල චන්ද වැටෙන එක නවතිනවා. එතකොට මුස්ලිම් දෙමල චන්ද තව ලක්ෂ 30ක් විතර හදාගත්තම UNP දිනුම්.එක තමා මෙච්චර මිනිස්සු එපා කියද්දීත් මුස්ලිම් ඇමතිලාව ආයි පත් කලේ.සිංහල චන්ද ඕනේ නම් උන් ඔය වගේ දෙයක් කරන්නේ නෑ .

    2) ඝෝටගේ වටේ ඉන්න එවුන් හොද නෑ :- පළවෙන් කාරණය, මේක ජනාධිපතිවරණයක්, මේකෙදි එක්කෙනයි, වටේ ඉන්න අකමැති නම් ඒක පාර්ලිමේන්තු මැතිවරනේදී තීරණය කරන්න. 2015ත් මහින්දව පරාද කරනවට වඩා මිනිස්සුන්ට ඕන උනේ වටේ ඉන්න එවුන්ට return එකක් දෙන්න.එකේ ප්‍රතිපල තාම අපි දකිනවනේ.:D අනික ඔය කියන කසඩ දේශපාලකයන් හැම අපේක්ෂකයා වටේ ම ඉන්නවා.දැන් කියන්න එපා නාගා එහෙම නෑ කියලා .:D මොකද නාගට තාම දේශපාලන පක්ෂයක් නෑ .දැන් ලියාපදිංචි කරන්නත් බෑ .එහෙනම් ප්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂයක් එක්ක එකතු වෙන්න ඕනේ.එතකොට ඉතින් ආයි මේ ප්‍රශ්නෙම තමා .

    3)පවුල් පාලනය නවත්තන ඕනේ :sorry: :- ඇයි පවුල් පාලනය එපා කියන්නේ. ඇමරිකාවේ බුෂ්ලා දෙන්නෙක් පාලනය කලා . ඒ මිනිස්සු පවුල් පාලනයක් එපා කිව්වද? හිලරි ක්ලින්ටන් දේශපාලනේට ආවා . මිනිස්සු පවුල් පාලනයක් ගැන කිව්වා ද? පුද්ගලයා දක්ෂයෙක් නම්, තමන්ගේ කෙනෙක් දේශපාලනේ කරපු එක කොහොමද නුසුදුසු කමක් වෙන්නේ?

    4)ඝෝටා දරදඩු වැඩි :- මන් නම් කියන්නේ ඒක තමා ඝෝටාට තියෙන ලොකුම සුදුසුකම.රාජ්‍ය ආයතනයක finger print machine එකක් set කරන්න බෑ උද්ඝෝෂණ. දඩ ගහන්න බෑ bus strike . මේවා නවත්තන්න නම් කොන්ද පණ තියෙන එකෙක් එන්න ඕනේ. පිටකොටුවේ තියෙන අනවසර කඩ අයින් කරලා ඝෝටා පෙන්නලා තියෙනවා මිනිහා චන්ද බලන් වැඩ කරන එකෙක් නෙමේ කියලා .

    5)අපි පොදු විකල්පේ :P :- පොදු විකල්පේ කියන්නේ කවුද? නාගා,රොහාන්, JVP . මෙතනින් JVP එර අනිත් එවුන් එකෙක් ගැන වත් අපේ ගමේ එවුන් දන්නේ නෑ . මොකද උන් දේශපාලනේ කරන්නේ FB එකේ විතරක් නිසා. තාම හරි පක්ෂයක් නෑ , ගමකට ගිහිල්ලා නෑ , ඇත්තටම බැලුවම මෙයාල චන්දෙ ඉල්ලනවද කියන එකත් තාම confirm නෑ . :P:P එතකොට JVP එක. JVP එකේ අපේක්ෂකයා විදියට බොහෝදුරට එන්නේ හිටපු විගනකධිපති :D:D. මනුස්සයාගේ කියන්න තරං වැරද්දක් දැනට නෑ . හැබැයි JVP එකේ චන්ද පදනම තියෙන්නේ ලක්ෂ 6ක් වගේ.තව අලුත් චන්ද ලක්ෂ 4ක් හැදුනත් ලක්ෂ 10ට වඩා ගන්න බෑ . ඒවත් බොහෝදුරට සිංහල චන්ද. එහෙම වුනොත් ඒක බලපාන්නේ සිංහල චන්ද මත පදනම් වුනු අපේක්ෂකයාට. ඒ කියන්නේ ඝෝටාට. එහෙම උනොත් ආයි රනිල් අගමැති :P:P:P.

    මේ සේරම මං දකින විදිය.මේක වැරදි වෙන්න පුළුවන්. සංවාදයට විවුර්තයි .:D:D:D