මම මගේ අදහස කියන්නම්. මේකයි බන්. මටත් ඔය දේ ගොඩක් දැනිල තියෙනවා. ඇත්තටම කිව්වොත් job කිරිල්ල එපාම වෙලා තියෙන්නේ. ඒක අපේ වැරැද්දකුත් නෙවෙයි බන්. අපිට එහෙම හිතෙන එකේ සාධාරනයකුත් තියෙනවා.
පොඩ්ඩක් හිතලා බලන්න. ඇයි අපි පොඩි කාලේ Montessori ගියේ? ඇයි අපි ඉස්කෝලේ ගියේ. ඔයා Montessori ගිය පළවෙනි දවසේ Montessori ගියේ ඇයි කියලා ඔයා දැනන් හිටියද? ඉස්කෝලේ ගිය පලවෙනි දවසේ ඉස්කෝලේ ගියේ ඇයි කියලා දැනගෙන හිටියද? කවුරු හරි කියන නිසා ගියා මිසක් ඒ ගැන අදහසක් ඇතුව ගියා නෙවෙයි නේද? පොඩි කාලේ ඉඳන් අපිට කොහෙවත් ඉන්න doctor කෙනෙක් පෙන්නලා කියනවා පුතත් ලොකු උනාම අරවගේ doctor කෙනෙක් වෙන්න ඕන කියලා. නැත්තන් engineer කෙනෙක් වෙන්න ඕනේ කියලා.
පොඩ්ඩක් හිතන්න. හිතට තට්ටු කරලා හිතෙන් අහලා බලන්න. ඉපදුන දවසේ ඉඳන් මේ දක්වා අපි කරපු දේවල් අපි අසාවෙන් කරපු දේවල්ද? නැත්නම් කවුරු හරි අපිට කියපු නිසා කරපු දේවල්ද? අපි ජීවිතේ විඳිනවද? විඳවනවද?
ඔන්න ඕකයි ප්රශ්නේ. අන්තිමට බලනකොට අපි කරලා තියෙන්නේ අපි කැමති දේවල් නෙවෙයි. දැන් ඔයා කරන ජොබ් එක එපා වෙන්න හේතුවත් එකම තමයි. අපි ඇවිල්ලා තියෙන්නේ අපි එන්න හෝ යන්න ඕන පාරේ නෙවෙයි. කවුරු හරි කියපු නිසා නේද දැන් ඔය ඇවිල්ලා තියෙන පාරේ ඇවිල්ලා තියෙන්නේ.
ඔය දේවල් තේරෙනකොට වෙන්න ඕන දේවල් ගොඩක් දේ අපේ ජීවිත වලට වෙලා ඉවරයි. හැබැයි එහෙම කියල වැටෙන්න එපා. අපිට තව ඕන තරම් කල් තියෙනවා. තාමත් පරක්කු නැහැ. ඔයාට හිතෙනවානම් මේ මම දැන් කරන දේ ඔයාට ගැලපෙන්නේ නැහැ කියලා, දැන් ඉඳන් ඔයා කැමති දේ කරන්න පටන් ගන්න. හැබැයි මොනදේ කලත් අවදානමක් ගන්න වෙනවා. අවදානමක් ගන්න අකමැති නම් ඔය යනවිදිහටම කරන් යන්න. අවදානමක් නොගෙන මේ ලෝකේ සාර්ථකත්වයට යන මිනිස්සු හොයා ගන්න සෑහෙන්න අමාරුයි.
ඒක නිසා පොඩ්ඩක් හිතලා බලන්න. නිකරුනේ internet එකේ කාලය කන වෙලාවේ පොඩ්ඩක් YouTube ගිහිල්ලා බලන්න. ඕන තරම් මිනිස්සුන්ගේ ජීවිත කතා තියෙනවා. Motivational programs තියෙනවා.
එක සැරේට අපිට ජීවිතේ ගොඩ දාගන්න බැරිවෙයි. හැබැයි අතහරින්න එපා. උත්සහ කරන්න. තමන්ට තෘප්තිය ගෙනෙන දේ තමන්ට හම්බ වෙනකන් උත්සහ කරන්න. එතකොට තේරෙයි ජීවිතේ විඳවන එකෙයි විඳින එකෙයි වෙනස.
මම මේ කියපු දේවල් ඔක්කොම කියන්නේ අත්දැකීමෙන්. හිතල බලලා ගන්න තීරණයක් ගන්න.