අත්හැරීම

sanjaya22

Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    දින කිහිපයකට ඉහතදී මට මා පදිංචිව සිටින නිවසින් වෙනත් නිවසකට යාමට සිදුවිය .
    සෑහෙන දිගු කලක් මා පදිංචිව සිටි මගේ නවාතැන හැර යාම මා සිතුවාට වඩා අපහසු කටයුත්තක් විය.කාලයක් තිස්සේ එකතු කරගත් බඩු භාණ්ඩ සියල්ල මා අළුත් නවාතැනට ගෙනයා යුතුය .සමහර දේ ඉවත හල යුතුය. අවශ්‍ය ප්‍රමාණයටද වඩා දේවල් ගොඩ ගසා ගෙන ඇත්තෙමි.ඉක්මනටම නොසිතු මොහොතක තවත් තැනකට යන්නට වේ යැයි මට නිකමටවත් සිතුණාද ?මගේ පරණ ලිපින වෙනස්වේ.අළුත් ලිපිනය හැම කෙනෙකුටම දන්වා යැවිය යුතුය .නවාතැන මාරු කිරීමට නිවාඩු ගත යුතුව ඇත.Moving Service එකක සේවාව ලබා ගත යුතුය .සිතට අස්වැසිල්ලක් නැත.ගතටද විඩාවක් දැනෙනු ඇත .

    මේ එක් ගෙදරකින් තවත් ගෙදරකට යාමේදී සිතුනු දේයි.ජීවිතය හැර යාමට සිදුවන බව දැනගෙන සිටීමට මට සිදුවුවහොත්?ඉඳුරාම එය කල් නොතියා සිදුවනවාට මම කැමතිය.ඒ මක් නිසාද යත් කටුක යථාර්තයට මුහුණ දීමට තරම් මා ශක්තිමත් නොවන නිසාය .

    දිනක් එක්තරා රූපවාහිනි නාළිකාවකට පැමිණි වෛද්‍ය සුමනපාල ගල්මංගොඩ ඇඳුරුතුමා පැවසුවේ කෙනෙකුට තම දෑස් වසා ගෙන තමන් සතු සියළු දේ අතහැරී යනු සිතින් දකින්නට පුළුවන් නම් ඔහු ඒ මොහොතට හෝ “නිවන” අත් දකින බවය .මාද දිනක් එසේ කිරීමට උත්සාහ කලෙමි .මා සතු දේ අපරිමාණය .ඒ තරම් දේවල් දමා මා කෙසේ සමු දෙන්නද ? මිනිසකු ලෙස අපි අපරිමාණ තරම් වූ දේ රැස් කරමු .රණ්ඩු සරුවල් කරමු .අහස උසට බලාපොරොත්තු සහගත වෙමු .බෞද්ධ දර්ශනය බාලාංශයේ පටන් උගත්තද අපි අත් හැරීම නම්වූ හරය අවබෝධකරගෙන සිටිම්ද ? එසේ නම් සමාජයක් මේ තරම් සංකීර්ණ වන්නේ කෙසේද ?

    අප ආ අයුරු අපි නොදනිමු .යන දිනද නොදනිමු .එහෙත් ජීවත් වන නොදන්නා දින කිහිපයද අතිශය මහන්සිවී මිරිඟු පසු පස දුවන්නෙමු . ලෙඩ රෝග ,ස්වභාවික විපත් ,ලාභ අලාභ ,නින්දා ,ප්‍රශංසා ,යස ,අයස ඔය හැම දේම අතරතුර අඩමින් ,සතුටු වෙමින් ඔහේ දුවන්නෙමු .සියළු දේ නැති වන බව අවබෝධ කරගෙන ජීවත් විය යුතුය .බෞද්ධ දර්ශනය එයයි .එහෙත් අවංකවම මට මරණය තව දින කිහිපයකින් බව දැනුනහොත් ඉතා අධික දුකක් හා පසු තැවීමක් හිතට එනු නොඅනුමානය.ඒ අතහැර යාමට ඇති බිය නිසාය.
    මගේ ලෙයින් ඉපදුණු දරුවන්,මා මළපසු බිරිඳ,දරුවන්,දෙමව්පියන් ජීවත් වන්නේ කෙසේද ?

    අත්හැරීම නම් වූ දෙය එතරම්ම දුෂ්කරය.අප එකිනෙකාට අත් හැරීමට අපහසුම දේ ඇසුවහොත් සිතා ගැනීමටවත් නොහැකි ලැයිස්තුවක් ඇත .සසර යනු ඉතාම භයානක දෙයක් බව මා අසා ඇත .ජීවිතය යනු ආටෝප වලින් පිරුණු ඉතාම නිස්සාර දෙයකි.අත්හැරීම ප්‍රගුණ කල තරමට සතුට මිනිසකුට උරුමය.ඔනෑම දෙයක් ඕනවට වඩා ඕනෑම නැත .දුක, සතුට ,ලාභ අලාභ ,නින්දා ,ප්‍රශංසා ,යස ,අයස ඔය හැම දෙයම එසේමය . මගේ දිනය හෙට විය හැකිය තව වසර කීපයකින් විය හැකිය .මා එතෙක් අත්හැරීම හැකි උපරිමයෙන් ප්‍රගුණ කල යුතුය .ඒ මා පොළව යට මා රැස්කළ කිසිවක්ම නැතුව යටවන දිනය මට නොදන්වා ලංව එන බැවිනි .
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    athharimata wada apita aythi nethi dewal gena igena gattanan athharima auto wenawa.ape body ekawath apita aythi ne.ewath nesena sului aye pas wenawa.athharimata wada karanna one terum ganimay.gihiyek wela athharim practise karanna be.enan monk kenek wenna one.gihiyekta karanna puluwan hodama deya terum ganima ha duk nowima.
     
    westpra

    Well-known member
  • Mar 7, 2007
    10,228
    1,371
    113
    westend
    ජීවිතය යනු ආටෝප වලින් පිරුණු ඉතාම නිස්සාර දෙයකි.අත්හැරීම ප්‍රගුණ කල තරමට සතුට මිනිසකුට උරුමය.
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    ඒ වුනාට අලුත් ගෙදරට ඉස්සරහ ගෙදර ඉන්න කෑල්ල දැක්කම ඔය ඔක්කොම හරියයි බන්...:P:P:P:P:P:P
     
    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    ඔනෑම දෙයක් ඕනවට වඩා ඕනෑම නැත

    ow kamaththen hari akamahthen hari apita awasanayedi ath harinna wenawa

    athharimata wada apita aythi nethi dewal gena igena gattanan athharima auto wenawa.ape body ekawath apita aythi ne.ewath nesena sului aye pas wenawa.athharimata wada karanna one terum ganimay.gihiyek wela athharim practise karanna be.enan monk kenek wenna one.gihiyekta karanna puluwan hodama deya terum ganima ha duk nowima.

    Good Post

    ජීවිතය යනු ආටෝප වලින් පිරුණු ඉතාම නිස්සාර දෙයකි.අත්හැරීම ප්‍රගුණ කල තරමට සතුට මිනිසකුට උරුමය.

    ස්තුතියි
     
    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    ඒ වුනාට අලුත් ගෙදරට ඉස්සරහ ගෙදර ඉන්න කෑල්ල දැක්කම ඔය ඔක්කොම හරියයි බන්...:P:P:P:P:P:P

    ඒ කෑල්ල දාල යන්න වෙන දවසට මොකෝ වෙන්නේ ? :D:D
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    "අත්හැරීම නම් වූ දෙය එතරම්ම දුෂ්කරය.අප එකිනෙකාට අත් හැරීමට අපහසුම දේ ඇසුවහොත් සිතා ගැනීමටවත් නොහැකි ලැයිස්තුවක් ඇත .සසර යනු ඉතාම භයානක දෙයක් බව මා අසා ඇත .ජීවිතය යනු ආටෝප වලින් පිරුණු ඉතාම නිස්සාර දෙයකි.අත්හැරීම ප්‍රගුණ කල තරමට සතුට මිනිසකුට උරුමය.ඔනෑම දෙයක් ඕනවට වඩා ඕනෑම නැත .දුක, සතුට ,ලාභ අලාභ ,නින්දා ,ප්‍රශංසා ,යස ,අයස ඔය හැම දෙයම එසේමය . මගේ දිනය හෙට විය හැකිය තව වසර කීපයකින් විය හැකිය .මා එතෙක් අත්හැරීම හැකි උපරිමයෙන් ප්‍රගුණ කල යුතුය .ඒ මා පොළව යට මා රැස්කළ කිසිවක්ම නැතුව යටවන දිනය මට නොදන්වා ලංව එන බැවිනි ."

    :yes::yes::yes:
    +reps
     
    පෝරිසාදයා;24836564 said:

    Bumpation :rolleyes:

    Thanks machan...

    අපි උඹලත් මේ එළකිරියම දාල යයි දවසක.සමහරවිට වෙන අය ඇවිත් මේ thread කියවයි එළකිරිය තිබුනොත්..

    රෙප් දීල තිබුණු හැමෝටම රෙප් දුන්නා...
     
    Last edited: